IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


දෙවියන්ගේ අපූරු විභාග ප්‍රතිඵලයක්

(හොරොව්පොතාන පැතුම් දර්ශන)
විභාග ප්‍රතිඵල දැනගැනීම සඳහා දේවාලයකට ගිය පුද්ගලයෙකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳ පුවතක් හොරොව්පොතාන ප්‍රදේශයෙන් වාර්තා විය.


ඔහු රාජ්‍ය ආයතනයක සේවය කරන නිලධාරියෙකි. පහළ තැන සිට ඉහළ තැන දක්වා යන්නට මහත් වෙහෙසක් ගන්නා අයෙකි. ඒ වෙනුවෙන් ඕනෑම විභාගයක් ලියන්නට ද පසුබට වන්නේ නැත. තරමක හදිස්සි කාරයෙක් සේම නොපෙනෙන බලවේගයන්ගේ පිහිට තදින්ම විශ්වාස කරන්නෙකි. මොන දේ කලත් අඩුම තරමේ සාස්තරයක් හො බැලීම ඔහුගේ සිරිතකි.


රාජකාරි කළ ආයතනයේ ඉහළ තනතුරක් සඳහා  ඉකුත් දිනක විභාගයක් පැවැත්විණි. ඒ සඳහා සූදානම් වූයේ මාස ගණනාවක සිටය. හැකි සෑම උත්සාහයක්ම දරා විභාගය ලිවුවද ප්‍රතිඵල එනතුරු සිටීමට තරම් ඉවසිල්ලක් නොතිබිණි. පුරුද්ද අමතක කළේ නැත. දේවාරූඪයෙන් සාත්තර කියන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයකට ගොස් ඇත්තේ කලින්ම ප්‍රතිඵල දැනගැනීම සඳහාය. අය කළ ගණන රුපියල් දහසකි. එහිදී දෙවියන් සහ අප කතානායකයා අතර සිදුව ඇත්තේ මෙවැනි කතාබහකි.


කපුවා  


‘‘හොඳයි දරුව නුඹේ අරමුණු සහ අවශ්‍යතාව මට කියව”‍


ඔහු


“දෙවියන් වහන්ස මම පහුගිය දවසක උසස් තනතුරක් සඳහා විභාගයක් ලිව්වා. මට දැනගන්න ඕනේ පාස් වෙයිද නැද්ද කියලා.”‍


සියල්ල සාවධානව අසාගෙන සිටි දෙවියන් දේව භාෂාවෙන් මඳක් කතා කොට දෑස් පියාගෙන මෙසේ කීවාලු‍.


“දරුව නුඹ මහන්සිවී පාඩම් කර විභාගය ලිවුවානම් නියත වශයෙන්ම විභාගය පාස් වෙනවා. ඒ වගේම නුඹ පාඩම් නොකර මහන්සි නොවී විභාගය ලිව්වා නම් විභාගය අසමත් වෙනවා එය කාටවත් වැළැක්විය නොහැකියි”‍
“ඕක අහගන්න ද රුපියල් දාහක් දීලා මම මෙතෙන්ට ආවෙ”‍ යැයි කියමින් ඔහු ආපසු ගොස් ඇත්තෙ මග දිගට බැන වදිමින් බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

දෙවියන්ගේ අපූරු විභාග ප්‍රතිඵලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site