(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තමන්ට උවටැන් කරමින් ලෙඩ ඇඳ ළඟ සිටි තමන්ගේම මව හදිසියේ රෝගාතුරවීමෙන් පසු මව ගැන නොබලා නිවසට ගිය දියණියක් පිළිබඳව පසුගියදා ගම්පහ දිසාවේ ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය.

මෙම දියණිය තිදරු මවකි. ඇය රෝගාතුරවීමෙන් පසු රෝහල්ගත කරනු ලැබුවාය. රෝහල්ගත කෙරුණු දියණියගේ ඇප උපස්ථාන සඳහා ඇගේ සහයට නතර වූයේ ඇගේ මවය.
වයෝවෘද්ධ මව දියණියට ඇප උපස්ථාන කරමින් දින කිහිපයක් කල් ගත කරද්දී දියණිය කෙමෙන් කෙමෙන් සුවය ලැබුවාය. ඇය රෝහලෙන් පිට කිරීමට නියමිත දිනයේ දී ඇයගේ සහායට ළඟ සිටි මව හදිසියේ රෝගාතුර වූවාය. රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වූයේය. විධිමත් පරිදි මේ මව වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කෙරිණි.
පසුදා දියණියට නිවසට යාමේ වරම හිමිවිය. ඇය සැමියා පැමිණි වහාම ඔහුගේ අතේ එල්ලී නිවසට ගියේ අසල ලෙඩ ඇඳේ සිටි මවට කිසිත් නොදොඩාය. නින්දේ පසුවූ මව අවදිවීමෙන් පසු දියණිය බෑනා සමග නිවසට ගිය බව දැනගත්තාය. දුව හෙට උදේ එයිනේ ඇය බලාපොරොත්තු තබාගත්තේ දාරක ප්‍රේමය මතු කරගනිමිනි. දිනය දෙක තුන හතර විය. දියණිය මව බලන්න ආවේ නැත. මවගේ සියලු බලාපොරොත්තු විනාශ වී ගියේය. දියණිය අතහැර ගිය මවට රෝහල් කාර්ය මණ්ඩලයේ අවධානය යොමු විය. ඒ අනුව දින දෙක තුනක් යද්දී සුවය ලබන්නට මේ මව වාසනාවන්ත වූවාය.
සම්පූර්ණයෙන්ම සුවය ලැබුවත් ඇයට නිවසට යන වරම හිමි නොවුණේ දියණිය හෝ පවුලේ කිසිවකු ඇය කැඳවාගෙන යන්නට නොපැමිණි නිසාය. දන්නා අඳුනන අයකුගේ දුරකතන අංකයක් මගින් ඇය මේ බව පුත්‍රයකුට දැනුම් දුන් පසු ඔහු පසු දිනක එන බව දන්වනු ලැබීය. මේ මවගේ උවටැන් නිසාම සුවය ලද දියණිය සතියක් ගතවන තුරුවත් මව බලන්නට නොපැමිණීම රෝහල් කාර්ය මණ්ඩලයේ මෙන්ම සෙසු රෝගීන්ගේ ද දැඩි පිළිකුලට හේතුවී තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1844
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුවට ළෙන්ගතු වූ මවට දුවගෙන් අපූරු තෑග්ගක්
jagath Monday, 27 July 2020 10:25 AM
දුව මහත්තයත් එක්ක නිරෝධායනය වෙන්න ඇති ... ඉස්පිරිතාලෙම හිටපු නිසා ...
Pradeep Monday, 27 July 2020 03:17 PM
ගෙදර බුදුන්ට ඒ කරපු සැලකුමට ඇය කවදා හෝ වන්දි ගෙවනු ඇත. කාගෙන් ගැලවුණත් තමන්ගේම හෘද සාක්ෂියෙන් කිසිවෙකුට ගැලවිය නොහැකිය...