තම දියණියට නමක් තැබීමට ඇයගේ උපන් නැකතට අනුව දුන් අක්ෂර කිසිදු ගැළපීමක් නැතැයි පැවැසූ පුද්ගලයකු හොඳ හැටි පදම්වී නමට අකුරු සාදාදුන් දෛවඥයාට බැණ වදිමින් ඔහුගේ නිවෙස ඉදිරිපස යකා නැටූ බව කියවෙන පුවතක් ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු තම ජීවිතයේ බොහෝ දෑ නැකැත් ශාස්ත‍්‍ර අනුව ඉටුකරගන්නට කටයුතු කරන පුද්ගලයෙකි. පුංචි දියණියගේ උපන් නැකතට අනුව නමක් තැබීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා උපන් වේලාවද කොළයක ලියාගෙන ඔහු කෙළින්ම ගියේ ගමේ දෛවඥයා වෙතය.
දැරියගේ උපන් නැකත අනුවත් පොත පතෙහි සඳහන් සාස්තරය අනුවත් දෛවඥයාද දැරියට නම් තැබීම සඳහා අකුරු පහක් කොළයක ලියා දුන්නේ අලූත උපන් දැරියට ආශිර්වාද කරමිනි. අකුරු ලියූ කොළ කැබැල්ලත් රැුගෙන ඔහු කෙළින්ම ගියේ ඒ වනවිටත් දරු ප‍්‍රසූතිය සිදුකර රෝහලේ සිටින තම බිරිය වෙතය.
අකුරු ලියූ කොළ කැබැල්ල ඔහු ඇය වෙත පෑවේ ”ඔන්න අකුරු පහක් තියෙනව හොඳ එකකින් දුවට නමක් තියන්න” යනුවෙන් පවසමිනි.
කොළ කැබැල්ල අතට ගත් බිරියගේ මුහුණ අඳුරු විය. ඊට හේතුව විමසද්දි ඇය කීවේ ”බලන්න මේ අකුරු එකකින්වත් හොඳ නමක් හදන්න බැහැනේ” යනුවෙනි.
අකුරු ටික සඳහන් කොළ කැබැල්ල අතට ගත් ඔහුද එය කියවා බැලූවේය. කාරණාව ඇත්තය. ඔහුට යකා නැංගේය. ඔන්න ඔහේ ඔයාට කැමැති නමක් තියන්න” යැයි බිරියට කී ඔහු රෝහලින් පිටත්ව ඊළඟට ගියේ නගරයේ තැබෑරුමටය.
එතනින් හොඳහැටි පදම්වූ ඔහු දෛවඥයාගේ නිවෙස ඉදිරිපසට ගොස් දේශනාව පටන් ගත්තේ ගමටම ඇසෙන්නටය. දේශනාව පරුෂ වචනවලින්ද අඩුවක් නොවීය. බොහෝ වේලාවක් එය ඉවසමින් සිටි දෛවඥයාගේ බාල දරුවා නිවෙසින් එළියට ආවේ කඩුල්ලේ පොල්ලක්ද රැගෙනය.
ඔහුගේ අතේ රැඳි පොල්ල දකිද්දීම චණ්ඩියාගේ හඬද ටිකින් ටික බාල විය. ටික වේලාවක් එහි රැඳී සිටි ඔහු පූස් පැටියකු මෙන් පාර දිගේ යන්නට වූයේ කිසිවක් නොවූ ගානටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දරුවො දෙන්නම ඉපදුනේ පිටරටවල් වලදි. නැන්දම්ම අකුරු හොයල එවනකොට මම නම් දාල බබාලව ගෙදර එක්කගෙන ගිහිල්ලත් ඉවරයි. සාමාන්‍යයෙන් හැමදාම වගේ මගේ ඔලුවෙ ලස්සන සින්දුවක් නින්නාද වෙනව. දරුවො දෙන්න ඉපදුන දවස් දෙකේ මම හිතෙන් මුමුනපු සින්දු දෙකක වචන වලින් තමයි දරුවන්ට නම් තිබ්බෙ. (ස)
ඉල ඇට ටික පොඩ්ඩක් තද කර ගන්නකල් ඉන්න. (ස)
ලංකාවේ අතිශය සුප්‍රසිද්ධ නම් හදන කෙනෙක්ට මගේ යහළුවෙක් රුපියල් 5000 ක් දීල නමක් හදා ගත්ත. යාලුවත් මේ නම හරිම ආසාවෙන් අරන් ගියා. පුතාව ඉස්කෝලේ දාපු දවසේ ඒ නමින් පන්තියේ පමණක් 12 දෙනෙක්? (ස)
දෙන්නගෙම මොලේ පොඩ්ඩක් කචල් වගේ ''ඒකයි''(දිල්)
ඒක තමයි ශාන්ති.., නමේ මුල් අකුරු ටික ගත්තම මට හිනා අනේ .., හැබැයි ඕක සෑම් අයියටම වෙච්ච දෙයක්ද දන්නේ නැහැ නේද...? (ස)
ස්තුතියි සෑම්. මගේ සොහොයුරියක් නාඩි වාක්‍ය නමැති අනාවැකි අසන්නට කලකට පෙර තැනකට ගියා . දැන් කියනවා අනාගතය ගැන කියවුන බොහොමයක් නිවැරදි නැහැ කියලා. ඒකයි මට අනෙක් උදවියටත් එවැනි අත්දැකීම ඇතිදැයි දැන ගන්න ඕන වුනේ. (ස)
අම්මලා හුඟදෙනෙකුට අමතක වෙලා තියෙන දෙයක් තමයි තමා ආදරය කරන බබා පසුකාලෙක ලොකු බබෙක් ( තරුණ / වැඩිහිටි ) වෙනවයි කියන එක. බබා හැමදාම බබා වෙන්නේ නැහැනේ. නිකන් යෝජනා කරන්න මයිකල් කියන නම බබෙකුට දාන්ට කියල කෙලින්ම කියයි " ඊයා එ්ක ලොකු මිනිහෙකුගේ නමක්නේ බබාට ගැලපෙන්නේ නැහැ " කියල. මයිකල් ලොකු මිනිහෙක් වෙන්ට ඉස්සෙල්ල බබෙක් වෙලා හිටියයි කියල හිතන්ට තරම් බුද්ධිමත් නැහැ. නම් දාන මිනිස්සුත් මේ මෝඩ තාත්තලව/අම්මලාව ගොනාට අන්දවල සල්ලි ගරනවා. දරුවන්ව හරිමග යවන්ට පුළුවන් හොඳ බුද්ධිමත්ව කටයුතු කල හැකි දෙමවුපියන් වීමයි හුඟක්ම වැදගත් වෙන්නේ. (නදී)
හිල්මිගේ නම් ටික මරේ මරු.., හොදේ (නදී)
අනේ මට නම් පොඩ්ඩක්වත් හිනා යන්නෙ නෑ (දිල්)
මේක ඉතින් ලංකාවේ පරම්පරාගත සිරිතක්නේ! හොද වෙලාවට දරුවා ලැබුණු සතුට ඛේදවාචකයකින් අවසන් නොවී ඔහොම වුණ එක කොච්චර දෙයක්ද? (දිල්)
මේ සිද්දියෙන් පෙනෙන්නේ මෙයාගේ බුද්ධි මට්ටම පහල බවයි. මේ වගේ අයට කරුණු කාරණා කරන අය බුද්ධිමත්ව වැඩකලයුතුයි. නම් ටිකකුත් හදල දුන්නනම් සේවය උතුම්.(නදී)
අනේ හරි ලේසියෙන් ම මුල් අකුරෙන් ම නමක් හදා ගන්න පුළුවන්.
අලුතෙන් හදාපු ගෙදරට නමක් දාන්න දෛවඥ මහතෙකු හමු වූ නිවෙස් හිමියාගෙන් ඔහුගේ ළමයින්ගේ නම් ඇසුවාලු. "නයනා" 'රමණි' "කාන්ති" 'දිනේෂ්' " යමුනා" කියා උත්තර දුන්නාලු. ඔය ළමයින්ගේ නම්වල මුල් අකුරු එකතු කරලා නම හදාගන්න කීවාලු. (ස)
කාටද ප්‍රසන්න ,නෙලුම් ගේ යෙහෙළියටද?. (නදී)
පසුගිය දශක දෙකක පමණ කාලයේ දරුවන්ට නම් තැබීමේ දී ශබ්ද කිරීමට ඉතාම අපහසු, කිසිම අර්ථයක් නැති (නමුත් අර්ථයක් ඇති බව කියන ) ඒ වගේම විහිලු නම් හැදීමට අනුබල දෙන ආකාරයේ නම් විශාල ලෙස යොදා ගත්තා. උදේට ඉස්කෝලේ රෙජිස්ටරේ ලකුණු කරලා හක්කට තෙල් ටිකක් ගාගන්න වෙනවා.. භාෂාවක් දියුණු වෙන්නේ සුඛෝච්චාරණය මත මිසක්, කියවන කොට හක්ක පනින වචන වලින් නොවේ. (නදී)
මේ ළඟදී අපේ අසල වාසි මල්ලි කෙනෙක් තම පවුලට එක්වුන කුලුදුල් දරුවට නමක් දමන්න ඕන වෙලා එක්තරා ප්‍රසිද්ධ ජෝතිෂ කාර්යාලයකට ගියා. මෙම ස්ථානයට යන්න කලින් වෙලාව වෙන්කරගන්නත් ඕනේ. මෙය නියමිත වෙලාවට යන්න ඕනේ නිසා ත්‍රී වීලරයක් කුලියට අරන් (කුලිය 1500/-) උදෙන්ම එම ස්ථානයට ගියා. වෙලාව දුන්නු නිසා හරියට වෙලාවට කාර්යාලය තුලට කතා කරලා. එතැන වැඩ කරන පරිගණක ශිල්පිනිය දරුවාගේ උපන් දිනය සහ උපන් වෙලාව අහල පරිගණකයේ සටහන් කලාලු. ගාස්තුව රුපියල් 5000/- ක් ගෙවන්න කියලා. අපේ මනුස්සය එකත් ගෙවලා. ඊට පස්සේ නමට අකුරුයි, එම අකුරුවලින් තියෙන නම් 400 ක විතර ලැයිස්තුවකුයි,.දරුවාගේ අවුරුදු 10 ක අනාගතය ගැන විස්තර කියල අර කම්පුටරයෙන් මුද්‍රණය කරලා ගත්තු ඒ4 කඩදාසි 18 ක මිටියක් දීල තිබුනා. ඔක්කොම තියෙන්නේ ඉන්ග්‍රීසියෙන්. මෙයාට ඉංග්‍රීසි හොඳට තේරෙන්නේ නැහැ. පස්සේ මේ මනුස්සයා අර නම් ටික නම් අල්ලපු ගෙදර ටීචර් ගේ උදව්වෙන් කියවල බලලා. ඒවා එකක්වත් මිනිහට හරි ගිහින් නැහැ. ඒවා ඔක්කොම සාහිත්‍යමය තේරුම් ඇති වචන නිසා කියවන්න අමාරුයි. ඒක නිසා මේවා නම් වලට දැම්මොත් මිදුලට ගිය වෙලාවක හරි මේ නමක් කියල දරුවට කතාකරන්න බැහැයි කියල, අන්තිමට එම කඩදාසි ගොඩ පැත්තකට දාල අල්ලපු ගෙදර ටීචර් ගෙන් නමක් ඉල්ලගෙන ඒක එම දරුවට දැම්මා. දැන් "පබසරා නයන කාන්ති " දුවට අවුරුද්දක් වෙන්නත් ලඟයි.(නදී)
ඇත්තටම ජ්‍යෙතිෂ්‍ය ඇත්තකුත් තියෙනවා. නොපෙනෙන බලවේග විශ්වාස කළාම අවුලකුත් තියෙනවා. මම දැනුවත්ම ළමයෙක්ට නමක් තිබ්බා අවිඳු කියලා. එහි තේරුම දැඩි අන්දකාරය. ඒ වගේම තමයි හැමදේම.(නදී)
හින්දි නිළියකගේ නමට ගලපන්න බැරුව ඇති. (ස)
ප්‍රසන්න, බලන්න කියන්න ඔයා හදපු ලස්සන නම? (නි)
මමත් මගේ යාලුවෙක් කියපු කතාවක් ලියන්නම් ''පලවෙයිද නම් දන්නැහැ '' හෝමාගම පැත්තේ කොල්ලෝ ටිකක් බෝක්කුවක් ලග ඉදල. එතන අයිනේ වෙලක හිටපු හරකෙකුට පැටිය හම්බවෙලා මේ කොල්ලෝ ටික ටක් ගාල ඒ වෙලාව අරගෙන ගමේ ඉන්න හදහන් බලන කෙනෙකුට දීල කිවලු අපේ දරුවාගේ වෙලාව හදා දෙන්න කියල මේ මනුස්සය කිවලු හෙට එන්න මම හදල තියන්නම් කියල ඔන්න කොල්ලෝ ටික පහුවෙනිදා ගියාලු (මේ වැඩේ කරලා තියෙන්නේ හදහන් විශ්වාෂ නොකරන කොල්ලෙක්ගේ වුවමනාවට) දැන් මේ මනුස්සය ඇහුවලු පුතේ ඔයාල ගේනවා වෙලාව හරියටම හරිද කියල ඔව් මාමේ කිවලු '' අනේ මන්ද පුතේ මම ඊයේ ඉදන් කිහිප පාරක්ම හැදුව කොහොම හැදුවත් එන්නේ ගාත් හතරක සතෙක් මටනම් තේරෙන්නේ නැහැ දරුවෝ මේ මනුස්සයෙක්ගේ නෙවෙයි කියල '' කොල්ලෝ ටික මුහුණින් මුහුණ බලා ගත්තලු (නදී)
අනේ මේ පහන්දී කියනකොට මතක් වුනේ අපේ පැත්තේ මාතර ඔය වගේම දෙයක් වුනා. හැබැයි පොඩ්ඩක් වෙනස් එනම් ඇත්තටම ලමයක් උපන් වෙලාව දුන්නම ගුරුන්නාසේ හොඳට බලල කිව්වලු මේක නම් කකුල් හතරක සතෙකුගේ වෙලාවක් කියලා. පස්සේ ගිය අයට මාරය නැගල ගුරුන්නන්සේටත් බැනල ආවලු. එ්ත් පස්සේ කාලෙක මේ දරුවා ලොකු මහත් වෙලා දේශපාලනේ කරලා, මන්ත්‍රී කෙනෙක් වෙලා, ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉඳල දැන් ඇමති කෙනෙකුත් වෙලා යසට ඉන්නවා. බලාගෙන යනකොට ජෝතිශය බොරුම නොවෙයි.(නදී)
නමින් කපුරුහාමි වුනත් කට ගඳයි කියල අපේ මුතුන් මිත්තොත් බොහෝ කලකට පෙර කියල තියෙනවා. හිල්මි ගේ නම් ටිකත් නරකම නැහැ. මම වැඩියන්ම කැමති බෙබේ කියන එකට. එක ලොකු උනහම ගැලපෙන්නත් පුළුවන්. (නදී)
ප්‍රසන්න ප්‍රමාද වැඩියිනේ. අපරාදේ දැන් දරුවාට වෙනත් කෙනෙකුගෙන් අකුරු ඉල්ලාගෙන නමක් තියලා. (නි)
දැන් රෝහල් වලත් උප්පැන්න ලියන්න සතියකින් නැවත රෝහලට යන්න ඕනෑ නේද? අපි ඉපදුනු දවස්වල නම් එදාම උප්පැන්න ලියන බවයි මගේ මවගෙන් දැනගත්තේ.දැන් හැමදේම වෙනස් වෙලා (නි)
මෙතන පාඨකයන් කවුරුහරි ඉන්නවා නම් කරුණාකර මට කියන්න මෙසේ කියවෙන අනාවැකි වල සත්‍ය අසත්‍ය අත්දැකීම් ගැන. මේක කාරුණික ඉල්ලීමක්. (නි)
අලුත හදපු ගෙට නරකාදිය කියල දාලද ඉතින් ? අලුත ඉපදුනු බබාටත් එයාලම ලස්සන නමක් දැම්මා නම් ඔය මොකුත් නැහැ නේද ? (නදී)
ජ්‍යෝතිෂය කියලා එක නොදන්නා හොරුන් පස්සේ ගිහිල්ල මිනිස්සු හෙම්බත්වෙලා. අපේක්ෂා භංගත්වයට පත්වෙලා කියනවා ජ්‍යෝතිෂය වැරදියි බොරුවක් කියලා. විවාහ වෙනකොට කරන පොරොන්දම් පරීක්ෂවෙදී බලන පොරොන්දම් ගැලපීම ගැන ගැඹුරින් සොයා බැලුවොත් ජ්‍යෝතිෂය බොරුවක් කියලා කියන්න බැහැ කාටවත්. ජීව විද්‍යානුකූලව භෞතික ලක්ෂණ පෙන්නන භූත,ඝන,යෝනි,ලිංග,ආදී පොරොන්දම් පරීක්ෂවෙදී හරියටම ඒ පිළිබඳව කියවෙනවා, ඒ ගැලපීම් නොගැලපෙන පවුල් නොකැඩී තිබුනත් පොරොන්දම් පරීක්ෂවෙදී දැක්වෙන අවුල් එකී පවුල් තුල ඉතා පැහැදිලිව විද්‍යාමාන වෙනවා. මේක දිග කතාවක්. මේ අන්දමට විග්‍රහ කරන්න අමාරුයි නමුත් ජ්‍යෝතිෂය බොරුවක් නොවෙයි. වර්තමානයේ ඉන්න වැඩි දෙනෙක් ජ්‍යෝතිෂය සාස්ත්රඥයෝ.කරන්නේ බොරුවක්. එකෙන් සාස්ත්‍රය නිගාවට පත් වෙනවා. එකයි ඇත්ත. (දී)
පිටරට ඉන්න මගේ යෙහෙළියකට දරුවා ලැබුන පසු ලංකාවේ ඉන්න සුප්‍රසිද්ධ නම් තබනා කෙනෙකු ලවා ඉපදුන වෙලාවට අනුව අකුරු ගෙන්වා ගත්ත.ලැබුන අකුරු වලට හරියන්න කිසිම නමක් තියාගන්න බැහැ පිටරට උදවියට තබා ලංකාවේ අයටවත් උච්චාරණයට අමාරු අකුරු. එවපු නම් වලට දිව උලුක් වෙනවා. ටො ටා, ටු, බේ, බෝ ඔන්න ඔහොම අකුරු. (දී)
නෙලුම්'' මොකද අනේ නම් නැත්තේ ටො යන්නෙන් ටොගා හෝ ටෝගා ටා යන්නෙන් ටාටා හෝ ටාටා බයි බායි ,ටු යන්නෙන් ටුක් යුඋක් හෝ ටුක් ලිඋක් කුක්,බේ යන්නෙන් බේබේ හෝ බේබ්බේ,බෝ යන්නෙන් බෝවා බෝවාටා අනික මේ නම් දුවට පුතාට දෙදෙනාටම ගැලපෙනවා.(මෙහි තේරුම දැනගන්න අවශ්‍යනම් ලංකාවේ ඉන්න සුප්‍රසිද්ධ නම් තබනා පුද්ගලයා හමුවන්න) (දී)
ජයන්ත, ඕනෑම දෙයකට "සමභාවිතාව" එහෙම නැතිනම් "විය හැකියාව"(ප්‍රොබබිලිටි ) බලපානවා. ඒවාගේම කර්ම විපාක, පින් පව් හොඳ නරක (බුද්ධාගමේ උගන්වෙන හැටියට ) බලපානවා. ඔය අතරට කව්රුහරි අනාවැකි පළකරනවා. ඉහත මුලින්ම කියූ කාරනාව විද්‍යාත්මක සත්‍යයයි. ඕනෑම දෙයක් සිදුවීමේ හැකියාවක් තියනවා. පාපයක් වැරදි වැඩක් කල කිසිකෙනෙකුට තමන්ගේ හර්ද සාක්ෂියෙන් නිදහසක් ලැබෙන්නේ නැහැ. ඉතින් හැමදාම "කර්ම විපාක පඩිසන් දේවි" කියන මානසිකත්වයෙන් ඉන්නේ. (කසිප්පු පෙරන මිනිහා තැපැල් කාරයා දක්කාමත් දුවනවා කියන්නේ ඒකටයි ) ඉතින් සමහරවිට වැරදි වැඩ කල මිනිහා ඉතාම මෝඩ වැඩක් කරලා දඬුවම තමාම සලසාගන්නවා. මේ අතර අනාවැකි තදින්ම විස්වාස කරන උදවිය තමාට කියූ අනාවැකිය 10% නිවැරදි වුවත් එක විශ්වාස කරනවා. 90% වැරදි බව වටහාගන්නේ නැහැ. බටහිර රටක දශක දෙකකට වැඩිය ජීවත් වන මට මේ රටවල්වල මිනිස්සුන්ගේ සාර්ථකත්වය ගැන හොඳ අත්දැකීම් තියනවා.අවංකකම, කාර්යක්ෂමතාවය වෙලාවට වැඩ කිරීම කියන ඒවා ඔය කොයි අනාවකියකටත් වඩා විශ්වාසවන්තයි.(නදී)
දුවට නමක් ලේ අකුරින්...
නමක් එවන්න.
මේ නමේ සිංහල තේරුම කුමක්ද?
මගේ දුවට දුන්නා පට්ටම අකුරු ටිකක්... හේ, හෝ, ඩ, හු. තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ එයාගේ ගේ ඉස්සරහ යකා නටන්න...