IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුවගේ ‘පළමු පෙම්වතා’ පියාත් අමාරුවේ දාලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා) 
තම සිඟිති දියණියට ‘පළමු පෙම්වතා’ යනු කවුදැයි වැරදි ලෙස හඳුන්වා දුන් පියකු මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


වයස අවුරුදු හතරක පමණ සිඟිති දියණිය දිනක් තම මව පියා සමග නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියාය. අවට පරිසරයේ මෙන්ම රූපවාහිනියෙන් ද ඇසෙන දකින අලුත් දේවල් අලුත් වැඩ පිළිබඳව මවුපියන්ගෙන් විමසීම දරුවන්ගේ සාමාන්‍ය සිරිතය. මෙදින රූපවාහිනියේ දර්ශනය වූ ගීතයේ සඳහන් ‘පළමු  පෙම්වතා’ යනු කවුදැයි යන්න දැරියට මහත් ප්‍රශ්නයක් විය. 


පියා ළඟට ගිය දැරිය මේ පිළිබඳව විමසන්නට විය. 


තාත්තේ කවුද ‘පළමු පෙම්වතා’ කියන්නේ. දැරිය තම පියාගෙන් දිගින් දිගටම විමසන්නට වූවාය. දැරියගේ ප්‍රශ්නයට පිළිතුරක් දීමට නොහැකිව පියා ද අන්දමන්ද විය. අවසානයේ පියා දැරියගෙන් බේරීමට කුමක් හෝ පිළිතුරක් දීමට තීරණය කළේය. 


පුතා පළමු පෙම්වතා කියන්නේ ඔය අතපය නැතිව කිහිලිකරුවලින් යන අයටනේ. පියාගේ පිළිතුරින් පසු දැරිය කරබා ගත්තාය. පවු නේද අප්පච්චි. දැරිය එසේ ද කීවාය. 


දින කීපයකට පසු දැරිය පියා සමග ඔහුගේ කාර්යාලයට ගියාය. පියාගේ මිතුරන්ගේ ආදරයට සුරතලයට ලක්වෙමින් දැරිය සුරතල් බස් ද දොඩමින් දවස ගෙවමින්  සිටියාය. හදිසියේම දැරිය වීදුරු කවුළුවකින්  දුටුවේ මාර්ගයේ කිහිලිකරුවල ආධාරයෙන් ඇවිද යන ආබාධිත අයෙකි. දසුනින් සංවේදී වූ දැරිය අන්න අන්න පළමු පෙම්වතා යනවා අනේ පව් මාමේ යැයි කෑගැසුවාය. 


දැරිය තම පියා ළඟට ගොස් මුදල් ද ඉල්ලන්නට විය. පියාගේ මිතුරන් අන්දමන්ද වූයේ දැරිය පවසන දේ වටහා ගැනීමට නොහැකිවය. පසුව සිදුවී ඇති දෙය දැනගත් මිතුරන්ට සිනහව වාවා ගත නොහැකි විය. ඔවුන්  දැරියගෙන් යළි යළි ඒ පිළිබඳව විමසන්නට වූයේ පියාට ද උසුලු විසුලු කරමිනි. දැරිය තව තවත් සංවේදී වෙමින් පළමු පෙම්වතා පව් නේද මාමේ යැයි කීවේය. 


ඇති වූ තත්ත්වයෙන් මහත් ලැජ්ජාවටත් අපහසුවටත් පත්වූ පියා කෙටි නිවාඩුවක් දමා දැරිය ද සමග නිවසට ගියේය. 

 



අදහස් (2)

දුවගේ ‘පළමු පෙම්වතා’ පියාත් අමාරුවේ දාලා

sampath Monday, 11 February 2019 11:04 AM

ළමයි කාර්යාලවලට එක්කන් යනවට හොඳ වැඩේ...

:       34       78

donMonday, 11 February 2019 11:41 AM

ළමයව බලා ගැනීමට ගෙදර කිසිවෙක් නොසිටියා වීම ඊට හේතුව විය නොහැකිද?

:       1       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site