අරාබි රටට ගිය ඥාති දියණියක් එවන ලද ත්‍යාග පාර්සලය ලබාගැනීම සඳහා ලොරියක් අරගෙන කොළඹ ගිහින් බලනවිට එවා ඇත්තේ හාල්, රට ඉඳි, සුදුලූනු බව දැනගෙන මවට දෙවියන් සිහිවූ සත්‍ය සිදුවීමක් වාර්තාවෙයි.
තම දියණිය පිටරට ගොස් වසරක් ගතවී තිබිණි. ඇය නිතර මවටත්, පියාටත් දුරකතනයෙන් කථා කළාය. මෙවර නත්තල ළඟ නිසා තමා විශාල බඩු පාර්සලයක් එවූ බවත් අදාළ ස්ථානයට ගොස් ඒ ත්‍යාග බඩු ලබාගන්නා ලෙසත් දුව මවට දැනුම් දුන්නාය.
උද්දාමයට පත් මව අසල්වැසි තරුණයන් කැඳවා තමාගේ රට සිටින දියණිය එවන ලද ත්‍යාග හා බඩු ගෙන ඒමට ලොරියක් අවශ්‍ය බව පැවැසුවාය. නියමිත ලිපිය හා අවශ්‍ය ලියකියවිලි රැුගෙන පියත් මවත් අසල්වැසියනුත් සමග එම බඩු ලබාගන්නා ආයතනය වෙත ගියේ සතුටිනි.
ආයතනයෙන් ලබාදුන් බඩු කිලෝ ගණනාවක පෙට්ටි 3x4ක් දැකීමෙන් සතුටට පත් තරුණ පිරිස ”බරටම තෑගි එවලා” පවසමින් ලොරි රථයට පටවන්නට වූහ. ”මහත්තයලා දුර ඉඳලද.
බඩු පෙට්ටි දෙකක්ම නරක්වෙලා වගේ හරිම දුගඳයි” පාර්සල් භාරදුන් ආයතනයේ නිලධාරියා පැවැසීය. මවුපියන්ගේ ඉල්ලීම මත තරුණ පිරිස ද ගමන අතරමගදී පෙට්ටි දිගහැර පරීක්ෂා කළහ. නරක් වී කළු වී ගිය සුදුලූනු, රටඉඳි සහ කීරි සම්බා එහි විය. ලොරි ගාස්තුවම 10,000ක්. මවට දෙවියන් සිහි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක්නොවී තිබුණා නම් වටිනාකම කියලා නිමකරන්න බැහැ (නි)
මවුපියන් බලු කූඩු වලට දමන දරුවන් ඉන්න රටේ මේ ගුණවත් දියණියගේ තෑගි බොහෝ වටිනවා (නි)
අපිට තේරෙන්නෙ නැහැ ලංකාවේ ඉන්න අයට සල්ලි තරම් මේ දේවල් නොවටින්නේ ඇයි කියලා (නි)
රට යන හැමදෙනාම උගත් පොහොසත් අය නොවෙයිනේ (නි)
ඔව් ඉතින් ආහාර වර්ග එවන එකේ කිසි වරදක් නැහැ .මෙහෙ දැන් බඩුත් මිල වැඩියිනේ .. (නි)
ඉතින් ඔය දේවල් කවුරුත් එවනවනේ හැබැයි සුදුලුනු වගේ දේවල් නම් නැහැ මම අපේ අම්මට ගිනිපෙට්ටි,ඉටි පන්දම් වැනි දේ වගේම හාල් සිනි කඩල පරිප්පු එනසාල් තෑගිත් එක්ක යවන්නේ අම්මට හරි සතුටුයි ගිනිකුර ගහපු ගමන් පත්තු වෙනවා කියල අපිට නම් ඒ ගැන ලජ්ජා වෙන්න ඕන නැහැ මේ දියණිය ගැන සතුටු වෙන්න ඕනේ මිසක් අපහාසයට පත් කරන්න හොද නැහැ මේ මට හිතුන දේ (බ)
ගම්බද ප්‍රදේශවල ඉන්නා දෙමාපියන්ට චොකලට්, රසකැවිලි වර්ග, ස්වීට් වර්ග වැනි විච්චූර්ණ කෑම වලට වඩා ඇත්තටම වටින්නේ මේ සහෝදරිය එවපු කෑම වර්ග තමයි. නරක් නොවී තිබුනා නම් මේ තෑග්ගේ වටිනාකම ඉතාම ඉහළයි. අනික මැදපෙරදිග රටවලින් එවන කෑම වර්ග ලංකාවේ කෑම වලට වඩා ප්‍රමිතියෙන් ඉතාම ඉහළයි. එහෙම කෑම හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ සහෝදරිය තමන්ගේ දෙමාපියන්ට දුන් තෑග්ග අපි අගය කරමු. (නි)
අහිංසක ගැමි පවුලකට සිදු වූ අකරතැබ්බයක්. (නි)
මෙතන වරද කරලා තියෙන්නේ පාර්සල් ගන්න ගිය කාර්ගෝ එකේ කට්ටිය ...මමත් වැඩ කරන්නේ කාර්ගෝ එකක .....අපිටත් ඔය වගේ වැඩ ඕනෑතරම් වෙනවා .....මැදපෙරදිග ඉන්න සියලු දෙනා උගත්තු නෙවේ ....මෙහෙම දේවල් වෙනවා ...ඒවා එතරම් ගණන් ගන්න ඕන දේවල් නෙවේ (බ)
මම හිතන්නේ රට කියල ගිහින් තියෙන්නේ " රජ රට " නැත්නම් " මතුරට " වෙන්ට ඕන. (ම)
මොනවා වුණත් දිරිය දියණියක් , අම්මාගේ තාත්තගේ කුසගින්න ගැන හිතල වෙන්න ඇති කෑම ජාති එවලා තියෙන්නේ ! අනික ඉතින් අපේ රටේ ගුදම් වල මාස ගණන් ප්‍රමාද වෙනවනේ පිට රට ඉන්දල එවන බඩු, (ම)
මමත් ඉන්ද්‍රජිත් සමඟ එකඟයි (නි)
මොකක්ද ඒකේ ඇති වැරැද්ද? ලංකාවේ කඩවලට වැඩිය රට මේවා ලාබ නිසා එවන්න ඇති (නි)
විදේශගත, විශේෂයෙන්ම මැදපෙරදිග ඉන්න අය තමන්ගේ පවුල්වලට මෙවැනි දේවල් යවන එක සාමාන්‍යයි. තමන්ට ලැබෙන තත්වයෙන් උසස් දේවල් තමන්ගේ මව්පියන්ටත් දෙන එක කොතරම් හොඳද? ඒකට අපහාස කරන්න එපා. (නි)
විදේශ වල ඉන්න අපි ලංකාවට යවන පෙට්ටි වල යවන්නේ හාල්, සබන්. කිරිපිටි, සබන් කුඩු, සීනි, ආහාරයට් ගන්න තෙල් වර්ග,රට ඉඳි, වගේ දේවල් මේක විශේෂ දෙයක් නෙවෙයි.(ම)
රට ඉඳලා මුදල් ටිකක් බැංකුවට 'සුරුස්' ගාලා එව්වනම් ඉවරයිනේ. අපිට එස් එම් එස් එකකින් බැංකුවෙන් දන්වනවානේ ගෙදරටම. අවශ්‍ය බඩු ටික කඩෙන් ගන්නත් පුළුවන්නේ (නි)
දෙහි ටිකක් මිරිස් කරල් ටිකක් එවල තිබ්බ නම් ඔව්ව කියන්නේ නැහැ (බ)
රටින් එවපු බඩු වලටත් වෙලා තියෙනේ අයවැයට වුණදේමයි. (නි)