IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දූරියන් හොරා බඩුත් එක්ක අල්ලා දුන්නේ ඉත්තෑවෙක්

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)

ඉත්තෑවෙකු නිසා දුරියන් සොරකු බඩුත් එක්ක හසුවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්න ගම්මානයකින් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය සැකවින් මෙසේයි.

මේ දිනවල ප්‍රදේශයේ පවතින දුරියන් පලදාව නිසා දුරියන් ගස් හිමියන්ට බෙහෙවින් අතමිට සරුවී තිබුණද රාත්‍රියේ වැටෙන දුරියන් එළිවෙන්ට පෙර සොරුන් විසින් පැහැරගෙන යාම ඔවුනට ලොකු ගැටලුවක් වී තිබුණි. එක් රාත්‍රියක දුරියන්ගස් හිමියකු දුරියන් ගෙඩි වැටෙන ශබ්දය ඇසී විදුලිපන්දමක් ද රැගෙන ලහි ලහියේ ඒ දෙසට ගිය නමුත් ඔහු දැක ඇත්තේ ඇස් දෙක පමණක් විවෘත වන ලෙස මුළුමනින්ම මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු වැටුණු දුරියන් රැගෙන දෙවට දිගේ දිවයන අයුරුය. එසේ පලා යන පුද්ගලයා තවත් සුළු මොහොතකින් පළාතම දෙවනක් වන ලෙස කෑ ගැසීම නිසා දුරියන් ගස් හිමියා පමණක් නොව අසල්වාසීන් ද ඒ දෙසට දිව ආවේ රාත්‍රියේ ඇසුණු මේ මරලතෝනිය කුමක්දැයි බැලීමටය.

එවිට ඔවුන් දැක ඇත්තේ දුරියන් සොරාගෙන ගිය පුද්ගලයා ඉත්තෑවෙකුගේ ඇඟ මත වැටී ඉත්තෑ කුරු ඇඟ ඇනී ඒවා ගලවා ගත නොහැකිව දඟලමින් කෑ ගසන බවකි. අනතුරුව ඔහුට පිහිට වූ පිරිස දුටුවේ එම දුරියන් හොරා අසල්වැසි තරුණයෙකු බවයි. දුරියන් හිමියාද අසල තිබූ දුරියන් ටික එකතු කැරගෙන ගියේ හොරාට නියම දඬුවමක් ලැබුණා කියමිනි.



අදහස් (0)

දූරියන් හොරා බඩුත් එක්ක අල්ලා දුන්නේ ඉත්තෑවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site