IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


දුරකථන හොරා උපාය දුතියගේ පේ‍්‍රම දැලේ පැටලිලා

ස්මාර්ට් ජංගම දුරකතන තුනක් සොරාගෙන පළා ගිය තරුණයකු පොලිස් නිලධාරිණියක විසින් පෙම්බස් දොඩා භාණ්ඩත් සමඟ අත්අඩංගුවට ගනු ලැබීමේ සිද්ධියක් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධිය සැකවින් මෙසේය. 

තරුණයන් තිදෙනකු අවිස්සාවේල්ල නගරයේ නේවාසිකාගාරයක ලැගුම් ගෙන සිට ඇත. ඔවුහූ එම නගරයේ වෙළෙඳ සලක සේවකයෝ වෙති. වෙනත් වෙළෙඳ ආයතනයක සේවයකු ද තාවකාලිකව මෙම නේවාසිකාගාරයේ නතර වී ඇත. නේවාසිකව නතර වී සිටි තිදෙනා පිටතට යන අවස්ථාවක නේවාසිකව තාවකාලික ලැගුම් ගෙන සිටි තරුණයා ජංගම දුරකතන තුන සොරාගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසියේ පොලිස් පොතේ ද සටහන්ව තිබිණි. ලද දුරකතනයක් අනුව එම පොලිසියේ පොලිස් නිලධාරිණියක් සැකකරුගේ ජංගම දුරකතනයට ඇමැතීම් කීපයක් ගත්තාය. එහෙත් කිසිම ප‍්‍රතිචාරයක් එයින් නොලැබිණි. පසුව ගන්නා ලද ඇමතුමක් ඔහු හා ඈ දුරකතන සංවාදවලට සම්බන්ධ වී තිබේ. ඇයට දුරකතනය තුළින් පෙම්වතුන් බවට පත්වීමට වැඩි දින ගණනාවක් ගත වී නැත.

‘‘අනේ පෙම්වතෙක් නැතුව සිටි මට පෙම්වතෙක් ලැබුණා යැයි ඕ වරෙක පැවසූවාය.”

”අනේ ඔයා මා බලන්න කවදද එන්නේ.’’ ඇය ඔහුගෙන් වරෙක ඇසුවාය. ‘‘අනේ පැටියෝ හෙටම එනවා අවිස්සාවේල්ලට’’ ඒ ඔහුගෙන් ලද පිළිතුරයි. එම පිළිතුර දී පසුදින උදාවිය. නැවතත් ” පෙම්වතාගේ” ජංගම දුරකතනයෙන් ලැබුණේ මෙවැනි පණිවිඩයකි. මම අවිස්සාවේල්ලට ඇහැළියගොඩ බස් එකෙන් එනවා.

දැන් ගැටහැත්ත පාස් කරලා. කොහොම වුණත් පැය භාගයක් ඇතුළත අවිස්සාවේල්ල බස් නැවතුමට එනවා. මම වාඩිවෙලා ඉන්නෙ බස් එකේ පසුපස ආසනයේ බව ද කියා ඇත. පොලිස් නිලධාරිණිය නේවාසිකාගාරයේ අයකු සමඟ බසයට ගොඩ වී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ‘‘අනේ ඔයා’’ යැයි ඔහුගේ මුවින් පිට වී තිබේ.



අදහස් (0)

දුරකථන හොරා උපාය දුතියගේ පේ‍්‍රම දැලේ පැටලිලා

බුද්ධික Tuesday, 05 January 2016 03:57 PM

හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඔය වගේ කොල්ලොන්ට ඔහොම වෙලා මදි.(හේ)

:       0       0

ටී. සුනිල් Tuesday, 05 January 2016 04:55 PM

දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ දුරකථනයේ එල්ලුන ගමන්මයි. කන්න,බොන්න අඬ ගැහුවත් අතේමයි. හොඳ වැඩේ කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)

:       0       0

තරුෂි. Tuesday, 05 January 2016 11:02 AM

හොරකම එකක්, ආදරය තව එකක්. දැන් එයා මීට පස්සේ අාදරවන්තියන්ටත් බොරු කරන්න පුරුදුවේවි. (බ)

:       0       0

ඉනෝකා Tuesday, 05 January 2016 11:02 AM

මේ තුන් දෙනා පිටතට යන විට ජංගම දුරකථන දමා පිටතට ගියා කීවාම පුදුමයට පත් වුනා.මොකද මා දැක තියෙන්නේ ,අසා තිබෙන්නේ බොහෝ තරුණ පිරිස් වැසිකිලියට ගියත්, නින්දට ගියත් දුරකතනයෙන් තොර ලොවක් බහුතරයකට නොමැති නිසයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 07 January 2016 04:38 AM

හොරාටත් හොඳම වැඩේ කාන්තාවෝ විස්වාස කොලාට ! (කෞ)

:       0       0

ගයානි Wednesday, 06 January 2016 09:29 AM

අපි මේ බලන් ඉන්නේ අහිංසක පිරිමියෙකු අමාරුවේ දැම්ම කියලා මේ පොලිස් බවලතිට පිටබැද්දර ජයා ආඩපාලි කියන කන් ! (ස)

:       0       0

අබරන් Tuesday, 05 January 2016 06:53 AM

අපරාදේ මේ වගේ දේවල් පත්තරේ දමන්නේ, පොලිසිය ඉදිරියට වෙනත් ක්‍රම හොයාගන්න වේවි. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 05 January 2016 07:00 AM

අයියෝ පවු පෙම්වතා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 426 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 866 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site