IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දුරකතන පෙම්වතාට පෙම්වතියගෙන් දාර ලණුවක්

ජංගම දුරකථනය ඔස්සේ පෙම්වතියක සමග පෙමින් වෙළී සිටි රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකරු පෙම්වතෙක් ඇයගේ ආරාධනාවකට අනුව දික්වැල්ල ප්‍රදේශයේ සිට නවීන පන්නයේ යතුරුපැදියකින් පසුගියදා ගොඩකවෙල නගරයට පැමිණියේය.


එසේ පැමිණීමෙන් අනතුරුව එම තරුණයාගේ යතුරුපැදිය කිසියම් පුද්ගලයකු විසින් වංචනිකව රැගෙන පලා ගිය බවට එම තරුණයා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ගොඩකවෙල පොලිසිය කියයි. 


දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි එම තරුණයාගේ ජංගම දුරකතනයට මීට මාස තුනකට පමණ පෙර කාන්තාවක ඇමැතුමක් ලබාදී තිබේ. තරුණයා එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය හා මිත්‍ර වී ඇති බවට පැමිණිලිකරුගෙන් තොරතුරු අනාවරණය වූ බව  පොලිසිය කියයි.


 තරුණියගෙන් දිගින් දිගටම ලැබුණු ළයාන්විත දුරකතන ඇමැතුම්වලින් කියා ඇත්තේ ඇය ඉගෙනුම් කටයුතුවල නියැලෙන දහඅට හැවිරිදි තරුණියක බවකි. ඉන්පසුව තරුණයා ඇය සමග දුරකතනය ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. පසුව තරුණයා කීප අවස්ථාවකදීම ඇය මුණගැසීම සඳහා දිනයක් හා ස්ථානයක් ලබාදෙන ලෙස පෙම්වතියගෙන් ඉල්ලා ඇති බව  තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී යැයි පොලිසිය පවසයි.


එයට ප්‍රතිචාර දක්වමින් දුරකතන පෙම්වතිය තරුණයාට පවසා ඇත්තේ තමා උපකාරක පංතියකට සහභාගි වීම සඳහා ගොඩකවෙල නගරයට පැමිණෙන බවකි. 


එදිනට හමුවීමට හැකිනම් ගොඩකවෙල නගරයට එන ලෙසද එම තරුණයාට තරුණිය පවසා ඇතැයිද ඒ අනුව තරුණයා ගොඩකවෙල නගරයට පැමිණ ඇති බව පොලිසිය කියයි.


තරුණයා තම දික්වැල්ල නිවසින් පිටත්වන විටත් ඇඹිලිපිටිය නගරය පසුවෙන තුරුත් කීප අවස්ථාවකදීම ඒ බව තම පෙම්වතියට දැනුම්දීමට තරුණයා කාරුණිකවී ඇතැයිද පොලිසිය පවසයි.


ගොඩකවෙල නගරයට පැමිණ තවත් කිලෝමීටර් පහළොවක පමණ දුරක් ඇති බවත් එතෙක් එම ස්ථානයේම රැඳී සිටින ලෙස තරුණයා විසින් තරුණියට දැනුම් දී ඇති බවට කරුණු හෙළි කරමින් තරුණයා පැවැසූ බව පොලිසිය කියයි.


තරුණයා ගොඩකවෙල නගරයට ආසන්න වෙත්ම තරුණිය පවසා ඇත්තේ තමන් උපකාරක පන්තියට යන වේලාව පසුවී ඇති නිසා පන්තියට සහභාගි වන බවකි. එම නිසා කෙටි පණිවිඩ මගින් තොරතුරු හුවමාරු කරගනිමුයි ඇය තරුණයාට යෝජනා කර ඇති බවත් ඒ අනුව පැය දෙකක පමණ වේලාවක් කෙටි පණිවිඩ මගින් දෙදෙනා වචන හුවමාරු කරගෙන ඇති බවට හෙළිවූ බව පොලිසිය පවසයි.


මම මාමා ගොඩකවෙලට එවන්නම්. පන්තිය ඇරෙන වෙලාවට මාමත් එක්ක ඔයා ළඟට එන්නම්. ඔයාගේ දුරකථන අංකයත් මම මාමාට දුන්නා යැයි ඇය කෙටි පණිවිඩයක් මගින් තරුණයාට දන්වා ඇතැයි පොලිසිය කියයි.
පසුව මාමා යැයි කී පුද්ගලයාගෙන් තරුණයාට දුරකතන ඇමැතුමක් ලැබී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා ගොඩකවෙල නගරයේදී තරුණයාට මුණගැසී ඇති බව පොලිසිය කීය. පුතා ගැන දුව කියලා තිබෙනවා. තව ටිකකින් දුවට පංතිය ඇරෙනවා. මම දුව එක්කන් එන්නම්. හැබැයි පොඞ්ඩක් පරක්කු වෙයි ටික දුරක් පයින් යන්න තිබෙන නිසා යැයි හමු වූ මාමා තරුණයාට පවසා ඇති බවත් එයට ප්‍රතිචාර දක්වමින් තරුණයා තම යතුරුපැදිය එම පුද්ගලයාට ලබාදී ඇති බවත් පොලිසිය පවසයි.


යතුරුපැදිය පණ ගන්වාගත් එම පුද්ගලයා තරුණයාට ආචාර කර එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් තරුණයා එම අවස්ථාවේ අසල වෙළඳසලකට ගොඩවී තම පෙම්වතියට අවශ්‍ය කරන තෑගි භෝග රැගෙන පැයක පමණ වේලාවක් එම ස්ථානයේ රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.


පසුව තරුණයා විසින් යතුරුපැදිය රැගෙන ගිය අයට දුරකතනය ඔස්සේ ප්‍රමාදයට හේතු විමසා ඇත.  දුව යම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයිද දුව සොයාගෙන පැමිණෙන තුරු එම ස්ථානයේ රැඳී සිටින ලෙස එම පුද්ගලයා පැවැසීමෙන් අනතුරුව තරුණයා පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිසිය කීවේය. ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාර පල්ලේවෙල මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්‍ෂක නාමසිරිරත්න මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි පරීක්‍ෂණ සිදුකරති.  
(පල්ලේබැද්ද රෝහණ සමරවීර)



අදහස් (0)

දුරකතන පෙම්වතාට පෙම්වතියගෙන් දාර ලණුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1715 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site