(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
මාතර ප්‍රදේශයේ සිට රත්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයට කුරුඳු තැලීමට පැමිණි පිරිසෙන් එක් අයකුගේ ජංගම දුරකථනයක් බල්ලකු රැගෙන ගොස් එය සපා කෑමට සූදානම් වනවිටම එය නාදවීමෙන් බියට පත් සුනඛයා එය අතහැර දමා දුවයාමෙන් රුපියල් 65000කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනය බේරාගැනීමේ පුවතක් රත්ගම ප්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මාතර ප්‍රදේශයේ සිට රත්ගම ප්‍රදේශයට කුරුඳු තැලීම සඳහා කණ්ඩායමක් පැමිණි අතර ඉන් එක් අයකුගේ අත තම හිතවතකු විසින් විදේශ රටකින් එවන ලද රුපියල් හැට පන්දාහක් පමණ වටිනා ජංගම දුරකතනයක් ද විය.
මෙම පිරිස කුරුඳු තැලීමට වාඩියට පැමිණ කුරුඳු කපාගෙන විත් වැඩ ආරම්භ කළ අතර මොහු තම වටිනා ජංගම දුරකථනය තමා අසලින් තබා කුරුඳු තැලීම ආරම්භ කළේය. ටික වේලාවකින් බලන විට දුරකතනය අතුරුදන් වී ඇත. මේ ගැන සොයා බැලූ ඔහු පැමිණි අනෙක් සගයන් සමග ද දබර කරගනිමින් කෑගසන්නට වූයේ මෙම දුරකතනය ගැන ඔහු පුරාජේරු කතා කියන බැවින් සගයකු විසින් එය සොරකම් කරන්නට ඇතැයි සිතූ බැවිනි.
කෙසේ වුවද එම ස්ථානයට පැමිණි කුරුඳු ඉඩම් හිමියා පැවසුවේ සෙරෙප්පු ආදිය කන බල්ලකු සිටින බවත් ඌ මෙය ගෙන ගියා දැයි සැක සහිත බවත්ය. ඒ අනුව වෙනත් දුරකථනයකින් එම ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගත් අතර ඒ සමගම කැලේ ප්‍රදේශයේ සිටි බල්ලා බියෙන් මෙන් එම ස්ථානයට පැමිණියේය. පසුව කැලය පරීක්‍ෂා කිරීමේදී බල්ලා සැපීමට සූදානම් වූ වටිනා ජංගම දුරකථනය හමුවූ අතර එහි දත් පහරවල් කීපයක් ද වැදී තිබිණි.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුරකතන ඇමතුමකින් බල්ලාත් හොල්මන්