මාතර කොළඹ දක්වා ධවනය වන බසයකි. අහංගම දී බසයට නැග්ගේ තරුණ දියණියන් දෙදෙනකු සමග මවුපිය යුවළකි. තරුණ කොන්දොස්තර රුපියල් එකසිය හතළිස් අටක ටිකට්පත් ඔවුන්ට නිකුත් කළේය. පියා රුපියල් එකසිය පනහක් ඔහු අත තැබීය. සෙසු අයගේ ද ටිකට් කඩමින් ඉදිරියට ගිය ඔහු ආපසු විත් තරුණ දියණියන් දෙදෙනාට කොමල හිනාවක් පා ටොෆි දෙකක් දිගු කළේය. දියණියන් දෙදෙනා සිය මවුපියන් දෙස බැලූවේ ලජ්ජාවෙනි. ගන්නකෝ කොන්දොස්තර තරුණයා ඉඟිමරමින් කීවේය. ”ඇයි මේ?” දැරියගේ මව නොමනාපයෙන් ඔහු දෙස බැලීය. පියාටද දැඩි කෝපයක් වූ බවක් පෙනිණි. ඔහුද රවා බැලීය. ”මහත්තය ඉතුරු මාරු සල්ලි දෙන්න රුපියල් දෙකක් නැති නිසා මේ ටොෆි දෙක දුන්නෙ. කඩවලත් එහෙමනෙ. එපානම් කමක් නෑ” කී ඔහු ඉදිරියට ගියේ මගීන්ගේ සිනා හඬ මැදලූ.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දියණියන්ට ටොෆි දුන් කොන්දොස්තර අමාරුවේ
කරනේරිස් Saturday, 03 November 2012 10:59 PM
මෝඩයිනේ. නංගිට ටොෆි දෙද්දී නැන්දම්මාව අමතක කරලනේ. (නි)
ලාල් ගලබඩ Friday, 02 November 2012 05:33 PM
කොන්දොස්තර මොකද කෙල්ලන්ට ටොෆි දෙන්නේ? (නි)
වසන්ත Sunday, 04 November 2012 05:17 PM
තැනට සුදුසු නුවණ පාවිච්චි කළ බුද්ධිමත් කොන්දොස්තර. (නි)
ෂිෆාස් Friday, 02 November 2012 11:05 AM
නව සොයා ගැනීමක් (ස)
ලලිත් කටාර් Saturday, 03 November 2012 12:23 PM
කොන්දොස්තරත් බස් එකත් කඩයක් කරගෙනද? මාරු කාසි සාක්කුවෙ තියාගන්න බැරි කොන්දොස්තර කොහොමද ටොෆි පැකට් එකක් ළග තියාගෙන ඉන්නෙ.? කොහොමත් මේ වගේ අසීලාචාර වැඩවලට ඉඩ දෙන්න නරකයි..!(නු)
නිමල් Friday, 02 November 2012 11:32 AM
සරත් ඕයා හරියට හරි....(ස)
ඉරේෂා Friday, 02 November 2012 06:37 PM
අපරාදේ කොන්දොස්තරටම ටොෆිය කවන්න තිබුණා (ස)
වරුණ Friday, 02 November 2012 11:53 AM
ටොෆියේ ඉනාවක් තියෙන්න නැතුව ඇති ?දූලා දෙන්නා ලැජ්ජාවෙන් ඇඹරුනේ මොකෝ (ස)
එරංග Monday, 05 November 2012 11:55 AM
අනෙක් දවසෙ ටොෆි 150ක්ම ගෙනිච්චා නම් ඉවරනේ. (නි)
අබිදුල් Friday, 02 November 2012 12:17 PM
එක ටොපියද ?(ස)
ෆාරූ Friday, 02 November 2012 12:32 PM
ඒක අම්මට හරි තාත්තට හරි දෙන්න තිබුණනේ නංගියේ (ස)
ගයාන් Tuesday, 06 November 2012 12:25 PM
අපිටත් ටෝෆියක් දුන්නා වගේ (ස)
රවීන්ද්‍ර Friday, 02 November 2012 12:33 PM
කොන්දොස්තර මාරුසල්ලි වෙනුවට ටොෆීත් ගෙනියනවා ඇති (ස)
පද්මි Monday, 05 November 2012 12:14 PM
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි (නි)
බන්දුල Wednesday, 07 November 2012 03:18 PM
ප්‍රීති ඔයාට මේක සාධාරණයි කියලා දැනෙනවද ??.(ස)
ක්‍රිෂාන් Friday, 02 November 2012 01:10 PM
ටොෆි වලට හොද ඉල්ලුමක් (ස)
ඉන්දික Sunday, 04 November 2012 09:17 AM
මාරු සල්ලි තියාගන්න බෑරිනම්, ටොපි තියාගන්නෙ කොහොමද? (නි)
සතිශ් Friday, 02 November 2012 08:37 PM
ඉතුරු මුදල වෙනුවට වෙන්න ඇති. භාණ්ඩ හුවමාරුව තහනම් කල යුතුයි (ස)
අශාන් Sunday, 04 November 2012 09:19 PM
අපිත් අනිත් දවසේ බස් වලට ටොෆි වලින් ගෙවමු. (නි)
අසිරු Saturday, 03 November 2012 04:15 PM
නංගිලට ටොෆී දෙන්න හදන අය නමි ඔන තරම් ඉන්නවා.... (ස)
ශෂිනි ගම්ලත් Saturday, 03 November 2012 04:54 PM
මේාව මහා පිස්සු වැඩ නේද මෙයාලා..!(නු)
සිල්වා Friday, 02 November 2012 02:05 PM
කරන මේ සෙල්ලම්.... වේවි දවසක ලෙල්ලම් (ස)
සමන් Friday, 02 November 2012 10:38 PM
අපේ නංගිලා අහනවා බස් එකේ නොම්මරය. එයාලටත් ටොෆි කන්න හිතිලා (ස)
යොහාන් Friday, 02 November 2012 02:16 PM
අපිට කවුද ටොෆි දෙන්නේ..ඒ අය ලඟ කවදාවත් ඉතුරු සල්ලි නෑ (ස)
අසිත Sunday, 04 November 2012 11:42 AM
තේ බොන්න නවත්තපු කඩෙන් ගත්ත ටොෆි වෙන්න ඇති. (නි)
කිර්ති Monday, 05 November 2012 02:01 PM
අනවශ්‍ය වැඩ කරන්න එපා
මුතු Friday, 02 November 2012 11:27 PM
ඒ කොන්දොස්තර සිල්ලර කඩයක් කරනවා. ඒ පුරුද්දටයි ටොෆී දුන්නේ (ස)
ප්‍රීති Tuesday, 06 November 2012 02:24 PM
ඒ මනුස්සයා කරලා තියෙන්නේ සාධාරණ වැඩක්නේ. ඇයි වරදවා වටහා ගන්නේ ? (නි)
චන්ද්‍රසිරි Friday, 02 November 2012 02:19 PM
බොරු කතාවක් නේද?(ස)
රොහාන් Friday, 02 November 2012 02:35 PM
කන පලල ඇපල් හිටවන්න තිබුණේ (ස)
වජිර Monday, 05 November 2012 02:31 PM
අපිටත් ටොෆියක් වගේ (ස)
යසිත් Friday, 02 November 2012 02:50 PM
මොකද්ද මේ බස් රථයේ අංකය (ස)
සන්ජු Friday, 09 November 2012 12:57 PM
එහෙම කරපු එකත් වටිනවා . සමහරු කොන්දස්තර වරු දොස්තර වෙන්න හදනවා බස් එකේදි (ස)
රුසිරු Friday, 09 November 2012 07:41 PM
හොදයි හොදයි. මේ වැඩෙත් නරකම නැහැ. (නි)
ප්‍රදීප් Saturday, 03 November 2012 10:10 AM
තරහයන තාත්තා කෙනෙක් උනානම් මෙලහකටත් කෙන්දොස්තරට ටොෆිය හම්බවෙලා (ස)
සජිත් Saturday, 03 November 2012 09:26 PM
අයියෝ සල්ලි
කපිල Friday, 02 November 2012 04:49 PM
ඉතුරු වලට ටොෆියක්වත් දෙන එක කොච්චර හොදද (නි)
කසුන් Saturday, 03 November 2012 11:02 AM
මමත් අනිත් දවසෙ මාරු සල්ලි නැත්නම් කොන්දොස්තරට ටොෆි දෙනවා (ස)
ෂිෆා Friday, 02 November 2012 04:43 PM
බාල ටොෆිද තිබුණේ? (නි)
සජී Friday, 02 November 2012 09:32 AM
අනේ අපිටනම් ටොෆිත් නෑ...ඉතුරු සල්ලිත් නෑ (ස)
ජනිතා Monday, 05 November 2012 09:56 PM
විකාර කියන්නේ ඕවා තමයි
ජනිත Monday, 05 November 2012 10:10 PM
රුපියලට ටොෆියක් දෙනවනම් මරු නේ ..මෙයා දන්නේ නැතුව ඇති දැන් ටොෆියක මිල (ස)
ලහිරු Saturday, 03 November 2012 10:22 PM
ටොෆි වෙනුවට බබ්ල්ගම් එකක් දෙන්නයි තිබුණේ. (නි)
ජනිතා Monday, 05 November 2012 04:30 PM
අමාරුවේ නොවැටී තියෙයිද මම අහන්නේ
සරත් Friday, 02 November 2012 09:43 AM
මම හිතාගෙන ඉන්නේ මාරු කාසි ඉල්ලුවම ටොෆි වලින් දෙන්න (ස)
ටිකිරි Friday, 09 November 2012 10:12 PM
ගොඩක් බස්වල ඉන්නේ හොරු. ඉස්සර නම් දුන්නේ නැත්තේ රු.2,3. දැන් එහෙමද? රු. 10,30 ගහන්නේ. (නි)