(කලවාන උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)
ඉතා අමාරුවෙන් නගරයේ සිඟමන් යැදි පුද්ගලයකු හවස බස් රථය අල්ලන්න දිවගිය පුවතක් නගරාසන්න ප‍්‍රදේශයකින් වාර්තා වේ.
සිදුවීම මෙසේය.
ඔහු උදෑසන සිට හවස්වන තෙක් නගරයට පැමිණෙන ජනතාවගෙන් හිඟමන් යැද ඇත්තේ තම දෙපා පණ නැති බව පවසමින්ය. කිහිළිකරු දෙකකින් ඉතා අමාරුවෙන් බස්රථවලට ගොඩ වෙමින් තම දෙපා වාරු නොමැතිකම නිසා රැකියාවක් කිරීමට නොහැකි බවත් ඒ හෙයින් තමන්ට කුසට ආහාරයක් ලබා ගැනීමට මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.
අනුකම්පා සහගත ජනතාව මොහු වෙත මිල මුදල් මෙන්ම ආහාර පාන ද පරිත්‍යාග කර තිබේ. සිඟමන් යැදීම හවස්වන විට අවසන් වී ඇති අතර ඔහු යාමට නියමිත අවසන් බස් රථය ද නික්ම ගොස් තිබුණේ පොදු වැසිකිළිය පිටුපස අඩියක් ගැසීමට ගොස් සිටි අතරය. ත‍්‍රිරෝද රථයක් ගෙන බස් රථය පසුපස හඹාගිය ඔහු බස් රථයට පිටුපසින් ත‍්‍රිරෝද රිය නවතා මුදල් ගෙවා බස් රථය පිටත්වනු දුටුවනම කිහිළිකරු දෙක අතට ගෙන දිවගොස් බස් රථයේ එල්ලී තිබුණේ ත‍්‍රිරෝද රථ රියැදුරු ද අන්ද මන්ද කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න හිඟමනේ යෙදෙන හැම කෙනාම බොරුවට අන්ධ පාට හෝ මූවගේ කොරපාට් දාගෙන,ජනයා රවටල සල්ලි හම්බකොරති,මේවා කොරන්නේ ඔක්කොම සුරුට්ටු සිංහලයන් කියල කව්රුත් දනී.
අවුරුදු 14ට අඩු ලමයි සමග පාරෙ සිගමන් යෙදීම තහනම් කල යුතුයි, වෙනත් අයගෙ දරුවන් කුලියට ගෙන මත් බෙහෙත් පොවා මහ වැස්සෙයි, මහ අව්වෙයි පාර දෙපස සහ බස් වල සිගා කනව අනන්තවත් දැක ඇති. මහ සද්ද බද්ද අස්සෙ මෙ දරුවන් උරහිසෙ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්නව දැක තියෙනවද?
ඔය මනුස්සය ඉන්නේ ජා ඇල ප්‍රදේශයේ කලින් හිඟා කෑවේ මීගමුවේ ස්ථිර පදිංචිය සීදුව අම්බලම්මුල්ල ළමයින්ට හොඳටගෙවල් දොරවල් හදල දුන්නෙත් ඔය රස්සාවෙන්ම තමයි . මම දැකල තියනවා රූට් එකට පාන්දර එනවා 244 ගම්පහ බස් එකක් ස්ටෑන්ඩ් එකට එක එන්නේ කොටුගොඩ ඉඳල ඔය කියන ඇවිදින්න බැරි මිනිහා අම්බලම්මුල්ලේ ඉඳල පින් සීදුව හන්දියට ඇවිත් ඔය කියන බස් එකට එල්ලෙනවා එතන ඉඳන් ඔය කියන බස් එක හොරෙන් පාරේ ඉන්න මිනිස්සුන්ව මීගමුවට ගෙන එනවා ඔය එන අතරේ ඇවිදින්න බැරි මිනිහ තමයි කොන්දොස්තර වැඩේ කරන්නේ ඇවිත් මිගමුව බෞද්ධ මන්දිරය ඉස්සරහ ඉදගන්නවා ෂර්ට් එක ගලවලා .ඕක මීගමුවට දැන් චාටර් එ නිසා දැන් ජා ඇල kFC ඉස්සරහ දැන් ඉන්නවා දකිනවා