IMG-LOGO

දන්සලට ගෙනත් ඉතිරිවූ හාල් කිලෝ 50 අතුරුදන්


ගමේ තරුණයෝ පිරිසක් ගම්වාසීන්ගේ ආධාරයෙන් බත් දන්සලක් පැවැත්වූහ. දන්සල විවෘත කළේ පොසොන් පෝයට පසු දිනය. එය පැවැත්වුණේ අහුන්ගල්ල මිද්දරමුල්ල ග‍්‍රාමාසේවා වසමට අයත් පොදු සුසානභූමියක ඉදිරිපිට වත්තක කුඩාරමේය.
ජනතාව වැල නොකැඞී දන්සල වැඳපුදා ගත්හ. දිවා රාත‍්‍රී දෙකේදීම තරුණයෝ මහන්සිවී ආහාර සපයමින් එහි පැමිණි දහසකට ආසන්න ජනයාට සංග‍්‍රහය කළහ. රාත‍්‍රී 11.00 පමණ වනවිට දන්සලේ කටයුතු නිමාවිය.
හිතුවටත් වඩා තමන්ගේ වැඬේ සාර්ථකයැයි ගමේ තරුණ පිරිස උදම් ඇනූහ. එයට හේතුවූයේ ඔවුන්ට ලැබුණු ද්‍රව්‍ය ආධාර අතර හාල්මලූ කීපයක්ද ඉතිරිව තිබීමය. දන්සල් පැවැත්වූ ඉඩමේ දැනට වසා දමා ඇති ගෙයක කාමරයක ඔව්හු හාල්මලූ කීපය සුරක්‍ෂිතව තැන් පත්කර නින්දට ගියහ.
පසුදා අවදිවී තරුණයෝ පිරිස බඩු මුට්ටු අස්පස් කිරීමට දන්සල් භූමියට පැමිණියහ. දුටුදෙයින් ඔවුන් සියලූ දෙනාම විස්මයට පත්විය. හාල්මලූ සුරැුකිව තිබූ කාමරයේ ජනේලය කඩා කිසිවකු ඇතුළුවී ඇති බව තරුණයන්ට අවබෝධ විය.
 තවදුරටත් සොයා බැලීමේදී කාමරයේ තිබූ හාල් කිලෝ ග‍්‍රෑම් 20 මලූ දෙකකුත් කිලෝ 10 මල්ලකුත් හොරු රැුගෙන ගොස් තිබුණි. ඒ අනුව හාල් කිලෝ 50 ක් කිසිවකු හෝ රැුගෙන ගොස් ඇති බව හෙළිවිය.



අදහස් (0)

දන්සලට ගෙනත් ඉතිරිවූ හාල් කිලෝ 50 අතුරුදන්

ගාමිණී - සිරි Monday, 16 June 2014 02:57 PM

එකත් දන්සලේ දානමය කොටසක් සේ සිතා දන්දුන් බවත් ,ආධාර කල සියලුම පින්වතුන්ට ඒ පින් අනුමෝදන් වෙත්වා !.සසර වසනා තුරු මෙවැනි සොරුන්ගෙන් විපතක් නොවේවා !!.(දී)

:       0       0

ජයරත්න Monday, 16 June 2014 03:26 PM

මේ දන්සල වදින්න බලවතෙකුගේ පුතෙක් ආවද කියා සොයා බලන්න. (දිල්)

:       0       0

සමන්ත Monday, 16 June 2014 03:45 PM

අද රටේ තත්වය අනුව දන්සලේ අඩුම කුඩුම ටික උයන්නත් කලින් අතුරුදහන් නොවීම ගැන සන්තෝෂ විය යුතුය. . (දී)

:       0       0

වන්නිනායක Wednesday, 18 June 2014 09:54 AM

ඕක අරුමයක් නෙමේ. මේක අපේ.ලංකාවනේ.(නදී)

:       0       0

පියතිලක Wednesday, 18 June 2014 09:59 AM

මේ අපේ ලංකාවනේ. දරුවනේ මොකද? මොකක් උනත් හොර කමක් නිසා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (ස)

:       0       0

ශාන්ති Monday, 16 June 2014 04:12 PM

දුන්දේ සුවදයි කියා හිතේ සතුට භක්තිය ඇති කරගන්න (දිල්)

:       0       0

නිරූපා Monday, 16 June 2014 04:16 PM

දුන් දේ සුවදමයි සිතුවොත් නිවෙයි සිත. දීල නැහැනේ. අරන් ගිහින් නොකියම .කමක් නැහැ .පින් අනුමෝදන් කරගන්න (දිල්)

:       0       0

ඉසුරන්දි Monday, 16 June 2014 04:58 PM

දුන් දේ සුවඳයි නොදුන් දේ ගඳයි (අ)

:       0       0

නිරෝෂන් Tuesday, 17 June 2014 04:30 PM

මම ගමේ ඉදලත් ඔය වගක් දන්නේ නැහැනේ (දී)

:       0       0

ශාන්ති Tuesday, 17 June 2014 01:30 AM

ඒකත් පිනට දුන්නයි කියලා හිත හදාගන්න (නි)

:       0       0

පිටිගල Tuesday, 17 June 2014 12:30 PM

ඔතනම හිටපු කෙනෙක් තමා (දී)

:       0       0

මලී Monday, 16 June 2014 06:45 PM

පලාබබෙක් ගෙනියන්න ඇති (අ)

:       0       0

බිමල් Monday, 16 June 2014 07:02 PM

මට නම් මේකට සැක පස්ස දොරෙන් දන්සලට ඇවිත් පෝලිම පැනලා දන්සැල වැඳපු පලා පුත්‍රයෙක්ව (අ)

:       0       0

මාලක Monday, 16 June 2014 01:19 PM

එකත් දන් දුන්නා කියල හිතා ගන්න (දී)

:       0       0

රොෂාන් Tuesday, 17 June 2014 06:48 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 17 June 2014 07:18 PM

දන්දෙන්න කියලා සම්මාදම් කරලා එකතු කරගෙන තමන්ගේ පරිහරණයට ඉතිරි කරගන්න එකත් පාපයක් තමයි (දී)

:       0       0

ස බණ්ඩාර Monday, 16 June 2014 02:14 PM

සිත ලොබ කමින් දෙන 'දන්' වල අරුත් නැත....අතහැර සිතින් දෙන විට නිසි ඵලය ඇත....මේ බැව් දන්න කෙනෙකුන් ගති සහල් කොත...දුන් දේ සුවදමයි සිතුවොත් නිවෙයි සිත...... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site