IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දන්සල වඳින්න ගිහින් කෑම වේලත් යතුරුපැදියත් දෙකම නැතිවෙලා

(අතුල බණ්ඩාර)

දන්සල් කෑම වේලක රස බලන්නට සිතී පොසොන් දන්සලකට ගිය අයකුට දන්සලේ කෑම වේල පමණක් නොව තමන් පැමිණි යතුරුපැදියද අහිමිවීමේ සිද්ධියක් ගැන අනුරාධපුර පොලිසියෙන් අසන්නට ලැබුණි.

මේ සිද්ධියට මුහුණ පෑමට සිදුවී තිබුණේ අනුරාධපුර නගර සීමාවේම පදිංචිකරුවෙකුටය. මෙවර පොසොන් දන්සලකින් කෑම වේලක් කෑමේ ආශාව ඇතිවී මේ තැනැත්තා රුවන්වැලි මහා සෑය අසල පැවැත්වූ බත් දන්සලකට ඉකුත් 17 වැනිදා දහවල් ගොස් තිබුණේ තමන් පැමිණි යතුරුපැදිය ඒ අසල තැනක නවත්වා එහි හැඬලයද අගුලු දමමිනි. දන්සලෙන් කෑම කෑමට සිය ගණනක් පැමිණ සිටි නිසා එහි පෝලිමද මීටර් දෙතුන් සියයක් දුරට පැවැතිණි. මේ නිසා පැයකට ආසන්න කාලයක් පෝලිමේ සිටියත් ඔහුට දන්සලට ඇතුළුවෙන තැනටවත් කිට්ටු වෙන්නට නොහැකිවූ බැවින් දන්සල් වේලක රස බැලීමේ ආශාව අමතක කර යතුරුපැදිය නවත්වා තබා ගිය තැනට පැමිණ තිබුණේ ආපසු නිවස බලා යාමේ අදහසිනි.

නමුත් ඔහුට තරු පෙනුණේ හැඬලයද අගුලු දමා නවතා තබා ගිය තැන තම යතුරුපැදිය නොතිබුණු බැවිණි. ඒ අවස්ථාවේ එතැන රැඳී සිටි අයගෙන් යතුරුපැදිය ගැන විමසුවද ඒ අය යතුරුපැදිය ගැන අවධානයකින් නොසිටි නිසා එය රැගෙන ගියේ කවරෙකු දැයි ඔවුන් දැක නොතිබුණි. පසුව වහා රුවන්වැලිසෑය අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ළඟට දිවගිය ඔහු තමන්ට මුහුණ පෑමට සිදුවූ කරදරය ගැන ඔවුන්ට පැවසූ විට ලැබුණු උපදෙස් අනුව අනුරාධපුර පොලීසියට පැමිණ යතුරුපැදිය නැතිවීම ගැන පැමිණිලි කර ඉල්ලා තිබුණේ කෙසේ හෝ එය සොයා දෙන ලෙසයි. රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් තම යතුරුපැදිය නැතිවීම ගැන කනගාටුවට පත්වූ ඔහු පොලිසියේදී පවසා ඇත්තේ දන්සල් කෑම වේලක රස බලන්නට ගොස් එම කෑමවේලත් අහිමිවී සිදුවූ මේ සිද්ධිය මියයනතුරු තමන්ට අමතක නොවන බවයි.



අදහස් (1)

දන්සල වඳින්න ගිහින් කෑම වේලත් යතුරුපැදියත් දෙකම නැතිවෙලා

දිමුත් Tuesday, 25 June 2019 05:17 AM

මේ රටේ සමහරක් මිනිස්සුන්ගේ බෞද්ධකම පේනවා නේද?

:       1       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site