IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


දානයට කෙසෙල් කොළ කපන්න ගිය සැමියා පොලිස් කූඩුවේ

මියගිය මාමාගේ තුන්මාසය දානය පිළියෙළ  කිරීමට කෙසෙල් කොළ කීපයක් කපා ගැනීමට උදේම එහා වත්තට ගිය බෑනා සවස් භාගයේ පොලිස් කූඩුවෙන් සොයාගැනීමට හැකිවීමේ අපුරු පුවතක් කන්ද උඩරටින් වාර්තාවේ.

 උදේම දානමාන කටයුතු සිදුවන අතර බිරිය ඔහුට කීවේ එහා වත්තට ගොස් කෙසෙල් කොළ කීපයක් කපාගෙන එන්නටය. පිහියක් රැගෙන එහි ගිය ඔහු එනතෙක් බලා සිටි බිරිය ප‍්‍රමාදය නිසා බැණ වදිමින් දරුවකුද එහි යැව්වේ පියා ගැන සොයා බැලීමටය. දරුවා කීවේ කිසි තැනක ඔහු නැති බවය.
 දානමාන කටයුතු නිමවූ අතර සවස් බාගයේ නිවෙසට ආ අසල්වැසියකු කීවේ ඔහු පොලීසියේ සිර මැදිරියේ සිටින බවකි.
 තොරතුරු සොයා ගිය ගෙදර අයට දැනගන්නට ලැබුණේ ඔහු කෙසෙල් කොළ කැපීමට ගිය ඉඩමේ පෙරදින රෑ කෙසෙල් කැන් කීපයක් හොරෙන් කපා ඇති නිසා රැක සිටි ඉඩම් හිමියා ඔහු අල්ලා පොලීසියට බාරදී ඇති බවකි. 



අදහස් (0)

දානයට කෙසෙල් කොළ කපන්න ගිය සැමියා පොලිස් කූඩුවේ

සුනේත්‍රා Thursday, 14 February 2013 12:39 PM

හොරකම එයා කලාද කියන්න කව්ද දන්නේ එ උනාට කෙසෙල් කොලයක් කැපුවත් අහන්න තිබුණා .ඇයි හැමෝටම බැරි පැලයක් හිටවන්න.(ස)

:       0       0

අසංක Friday, 15 February 2013 12:15 AM

අනේ මන්දා (දී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 08:16 PM

අපිත් වැටවල්නම් පැනලා තියෙනවා. හැබැයි අයිතිකාරයා ගෙදර හිටියේ නැහැ. හිටියානම් කෙසෙල් කැන කරගහගෙන තමයි යන්නේ වෙන්නේ.(නදී)

:       0       0

අසෝක Tuesday, 12 February 2013 02:39 PM

එක අතකට පව් නේද (දී)

:       0       0

සරත් Monday, 11 February 2013 03:03 PM

දෙගොල්ලෝ අතර ලොකු ඇයි හොදයියක් නැතුව ඇති. (නි)

:       0       0

දනුෂ්ක Tuesday, 12 February 2013 03:15 PM

දානේ ගැන හිතලාවත් නිකන් ඉන්න තිබ්බා (දී)

:       0       0

දිනේෂ් Monday, 11 February 2013 11:22 AM

මදැයි කළා (දී)

:       0       0

චින්තන Monday, 11 February 2013 11:36 AM

කොළ කපන්න කලින් අයිතිකරුවන්ගෙන්අහන්න එපැයි. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 11 February 2013 11:49 AM

දානේ දෙන්නෙත් හොරකම් කරලාද? (නි)

:       0       0

සරත් Monday, 11 February 2013 03:45 PM

තම තමන්ගැන හරි වැටහීමක් නැති අසල්වැසියන්.(නදී)

:       0       0

හේරත් Wednesday, 13 February 2013 10:59 AM

මොනවද මේ වෙන්නේ කොස් ගෙඩියට, පොල් ගෙඩියට, කෙසෙල් කොළයට, පොලීසි යන මිනිස්සු... ආත්මාර්ථකාමීන්, තන්හාවෙන් පිරිහිලා...(ස)

:       0       0

අමිල Monday, 11 February 2013 04:23 PM

මෙයාම තමයි කෙහෙල් කන් කපන්න ඇත්තේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 12 February 2013 04:42 PM

පරණ තරහක් පිරිමහල (දී)

:       0       0

ඊ.එම් Monday, 11 February 2013 04:40 PM

මිනිහාව හවස් වෙනකම් හොයන්නේ නැතිව දානේ දෙන ගෑණු ඉන්වාද හැබෑටම. (දී)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 03:09 PM

මට කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

සේනානායක Thursday, 14 February 2013 03:07 PM

ගෙදර මිනිස්සු සෙව්වේ නැද්ද (දී)

:       0       0

ගාමිණි Monday, 11 February 2013 04:51 PM

පව් කියන්නත් බැහැ නේද (දී)

:       0       0

සෑම් Tuesday, 12 February 2013 06:25 PM

කෙසෙල් කොළේ වුනත් හොරකම් කරන්න ගියේ ඇයි? අනුන්ගේ වත්තකට ඇතුළු වෙන්න පෙර අවසර ගතයුතු බව දන්නෙ නැද්ද?(නදී)

:       0       0

වරුණ Monday, 11 February 2013 09:25 AM

පනිනකොටම කාපි යකා කියන්නේ ඕක තමයි.(නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 12 February 2013 02:34 AM

ඉස්සෙල්ලාම කොස්. දැන් පොල්. ඊළගට කෙසෙල් අයිතිකාරයෙක් ඉදිරිපත් වුණා නම් හරි. (නි)

:       0       0

ලලිත්-කටාර් Monday, 11 February 2013 09:48 AM

විකාර, ඔච්චර දන්නේ නැද්ද වෙන්නේ මොකක්ද කියලා. මෙයාලා වචනයක් කතාකරලම නැතුව කෙලින්ම පොලිසියට ගිහින්.(නදී)

:       0       0

ඩයස් Monday, 11 February 2013 09:54 AM

මට හිතෙන්නේ එක ද්වසක් කෑන් කෑපුවට අයිතිකරු රකින්නෙනෑ.සමහර විදියට සෑකේ වාසිය විත්තියට ක්ව්වෑහේ..දානෙට කෑනුත් එහෙන්,පුරුද්දට කොලත් එහෙන් ඈන්න එන්ට ගිහින් වගෙ ..කේස් එක ..ප්යිල් වෙලාතියෙන්නේ...(ස)

:       0       0

ඉසුරු Monday, 11 February 2013 09:59 AM

කෙහෙල් මුවට කලින් කැන පැනලා වගේ...(ස)

:       0       0

නාරද Monday, 11 February 2013 06:00 PM

කොච්චර දානයක් තිබුනත් කරන්න දෙයක් නැහැ, මිනිහා උදේ කරලා තියෙන්නේ වරදක් නේ (දී)

:       0       0

අමල්කා Wednesday, 13 February 2013 07:28 AM

කෙසෙල් නිසා හොදයි. (නි)

:       0       0

සිල්වා Monday, 11 February 2013 02:10 PM

එහෙම අනුන්ගේ වතු වලට පැනලා වගාවන්ට හානි කරන්න පුළුවන්ද?(නදී)

:       0       0

චින්තා Tuesday, 12 February 2013 01:56 PM

අයිතිකාරයා උදේ රැකගෙන හිටියේ මොන එහෙකටද රෑ කෙහෙල් කැන් කපපු ගස් ටික අස් කරන්න එනකම් ද? (ස)

:       0       0

දුමින්ද Tuesday, 12 February 2013 07:37 PM

හොද වැඩේ!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1172 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site