IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දානෙකට බඩු ගේන්න ඇවිත් මුදලාලි හාමිනේගේ කනෙන් රිංගලා

මහනුවර බොක්කාවල නගරයෙ වෙළෙඳ සලකට උදේ 7.00 ට පමණ පැමිණ ඇති වයස අවුරුදු 65 ක් පමණ වන පුද්ගලයකු දානයකට බව පවසමින් වෙළෙඳ සලේ හිමිකරුගේ භාර්යාවගෙන් රුපියල් 14,391කට සිල්ලර බඩු ලබාගෙන ඉතා සූක්ෂම ලෙස මුදල් නොගෙවා බඩුත් රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ. 

බොක්කාවල නගරයේ පිහිටි මෙම වෙළෙඳ සලට උදේ හතට පමණ පැමිණ ඇති මෙම පුද්ගලයා භාණ්ඩ ගත් ආකාරය සහ ඉතා සූක්ෂම ලෙස මුදල් නොගෙවා ඒවා පැහැර ගෙනගිය ආකාරය පිළිබඳව එම අවස්ථාවේ වෙළෙඳ සලේ සිටි සී.එම්.කේ. ඒකනායක මහත්මිය මෙසේ කීවාය. ‘‘වෙළෙඳ සල ඇරල ටික වේලාවක් යද්දී උදේ හතට විතර පැමිණි අවුරුදු හැටක විතර පුද්ගලයෙක් අල තිබෙනවාදැයි ඇහුවා. මම එවිට ඔව් කියල කිව්වා.

ඒ අවස්ථාවේ ඔහු තව ටිකකින් එන්නම් කියා ගොස් විනාඩි කිහිපයකින් ඇවිත් මේ බඩු දාන්න කියලා තුණ්ඩුවක් දුන්නා. ඒ අනුව මම බඩු කිරල දුන්නා. ඒ අවස්ථාවේ ඔහු බඩු තිබුණ වගේ දැනුන පොහොර මල්ලකුත් අරන් ඇවිත් තිබුණා. ඒකේ මොනවද කියල ඇහුවහම වෙන බඩු වගයක් කියල කිව්වා. මේ බඩු මොකටද කියලත් මම ඇහුවා.

පස්සේ දානයකට කියල කිව්වා. ඒ අනුව කිසිම ආකාරයකින් මම සැක හිතන්නෙ නැතිව බඩු කිරල දුන්නා. බඩු කිරල ඉවර වනවත් සමඟම ඔහු කිව්වා ගාන හදන්න කියලා. තුණ්ඩුව දිග හන්දා ගාන හදන්න ටික වේලාවක් ගියා. මම බඩු මලූවලට දාන්න හැදුවත් පොඩිවන හින්දා මම දාගන්නම් කියලා ඔහු දැම්මා. ඒ අතරතුර මම බිල හැදුවා.

ඒ අවස්ථාවේ මොහු පොහොර මලූ දෙකකට බඩු ඇසුරුවා දැක්කා. පසුව ඒ මලූත් එම ස්ථානයේම තිබුණා. මම ගණන් හදන අතරතුර ඔහු ගෙනත් තිබුණ මල්ලක් උස්සගෙන ගණන් හදනකම් තේකක් බීල එන්නම් කියා ගියා. බඩු ඇසුරූ මලූ දෙකත් එතැන තිබුණා. ඒ නිසා මම සැක හිතුවේ නෑ. දහවල් 12 වන තුරු ඔහු ආවේ නෑ. පස්සේ මහත්තයා ආවට පස්සේ තියල තිබුණ මලූ බැලූවහම තමයි ඉහමොළ රත් වුණේ. ඒ මලූවල තිබුණේ නරක් වූ එළවළු විතරයි. අනේ ඔක්කොම බඩු ටික ඔහු අරන් ගොස් තිබුණා. ඉතිරි කරල තිබුණ බඩුවල වටිනාකම රුපියල් 1000-1500 ක් විතර ඇති.

අනෙක් සේරම බඩු ඔහු අරන් ගිහින් යැයි ද ඇය කීවාය. ඔහු විසින් බඩු ලබා ගැනීම සඳහා ලබාදුන් තුණ්ඩුවේ ලැබුණු මුදල් රුපියල් 25,000 ක් ලෙස සඳහන් කර ඇති අතර එය වෙළෙඳ සල් හිමියන් නොමග යැවීම සඳහා ලියන්නට ඇති බවත් ඔවූහු විශ්වාස කරති.



අදහස් (0)

දානෙකට බඩු ගේන්න ඇවිත් මුදලාලි හාමිනේගේ කනෙන් රිංගලා

සදහම් Tuesday, 22 December 2015 08:00 PM

හොඳ-නරක, හරි-වැරදි, කර්ම-විපාක පිළිබඳ වැටහීමක් හෝ විශ්වාසයක් නැති මිනිසුන් කරන වැඩ සතුන්ටත් අන්තයි. තරහක් නැතත් මේ සිද්ධිය කළ පුද්ගලයාත් කඩහිමියාත් දෙදෙනා ගැනම කණගාටුයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 December 2015 11:02 AM

අනේ ඉතින් මෙහෙම අනුන්ට ගින්දර දිලා බඩට කෑවට වැඩක් තියෙනවද ? (ම)

:       0       0

ආලෝකා Friday, 25 December 2015 05:46 AM

මේක ඇත්ත සිද්ධියක් විය යුතුයි (අ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 02:59 PM

අපේ ලංකාවේ පුදුම දේවල්නේ සිද්ද වෙන්නේ. ගෑනු පිරිමි දෙගොල්ලොම එක වගෙය්. ඕවා බලලා තවත් අය මේවට පෙළඔබෙන්න බැරි නැහැ. දහදිය මහන්සියෙන් හම්බකරන දේවල්.ඔවා සහ ගහන දේවල්. (කෞ)

:       0       0

මෙලනි Tuesday, 22 December 2015 08:54 AM

අද කාලයේ මහජනයාට නිතරම චෝදනා නැගෙන්නේ වැඩිහිටියන්ට ළමයි වඩා ගත් කාන්තාවන්ට බස් එකේදී තැකීමක් නැහැ කියලා. දැන් බලන්න මෙතන අවුරුදු 65 කෙනා කඩේ කළමනා ටික වංචා කරලා. එහා පිටුවේ තිබෙන්නේ පොඩි ළමයා ලවා කැෂියර් ගේ ලාච්චුව සුද්ධ කල බවලතෙක් ගැන. කොහොමද ඉතින් මිනිස්සුන්ගෙන් ගරු සරුවක් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ? (ර)

:       0       0

ලතා Wednesday, 23 December 2015 06:56 AM

මේ සිද්දියේදී මේ මනුස්සය පව් දෙකක් කරගෙන තියෙනවා 01 දානෙකට බඩු කියල බොරු කීම., 02 හොරකමින් බඩු ටික අරන් යෑම., මේවට නම් පව් අහිංසකමට කියල නිදොස් කරන්න බැරි දේවල් (කෞ)

:       0       0

දිවා Tuesday, 22 December 2015 09:56 AM

මෙලනි,මේ කතාවේ බවලතෙක් නොවෙයි වංචාව කරලා තියෙන්නේ.බවලතෙක්ව වංචාකාර පිරිමියෙක් රවටලා තියෙන්නේ. (ර)

:       0       0

මෙලනි Tuesday, 22 December 2015 10:33 AM

දිවා මම ලිව්වේ කලින් පුවතක අර පොඩි දැරිය ලවා සොරකම් කල බවලතා ගැන . (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site