(දූනගහ බටේපොල විජයසිරි)
දිවුලපිටිය ප්‍රදේශයේ ජංගම ස්වීප් වෙළෙන්දකුගෙන් ලබාගත් ටිකට්පතකට රුපියල් දෙදහසක ත්‍යාගයක් ඇතැයි පවසා ටිකට්පත හිමිකාරිය ජංගම ස්වීප් වෙළෙන්දාගෙන් රුපියල් දෙදහසක මුදල ලබාගැනීමෙන් පසුව එහි ප්‍රධාන ස්වීප් අලෙවි නියෝජිතයා ඇය කැඳවා ඇයට රුපියල් ලක්‍ෂයක ත්‍යාගයක්ද හිමි බව පවසා තවත් රුපියල් අනූ අට දහසක් ගෙවීමේ පුවතක් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.

දිවුලපිටිය පින්නකැලේ වත්ත පදිංචි කාන්තාවක් පදික වේදිකාවේ ස්වීප් වෙළෙන්දකුගෙන් රුපියල් විස්සකට ලොතරැයි පතක් මිලදී ගත්තාය.
දිනුම් ඇදීමෙන් පසු ඇය රුපියල් දෙදහසක දිනුමක් හිමි බව පවසා තමා එය මිලදී ගත් වෙළෙන්දාට එම ටිකට්පත දී රුපියල් දෙදහසක් ඉල්ලා ගත්තාය.
ස්වීප් වෙළෙන්දා එම ටිකට් පත තම අලෙවි නියෝජිතයාට දී රුපියල් දෙදහසක් ඉල්ලාගෙන කාන්තාවට දුන්නේය.
එම ටිකට්පත පරීක්‍ෂා කළ අලෙවි නියෝජිත රෙමිල් තුෂාර මහතා එම ටිකට්පතට රුපියල් ලක්‍ෂයක මුදලක් හිමි බව දැන ඇය කැඳවා ඉතිරි රුපියල් අනූ අටදහසක මුදලද ඇයට පිරිනැමුවේය.
මේ අතර පදික වෙළෙන්දා අලෙවි නියෝජිතගෙන් ටිකට්පත නැවත ආපසු ඉල්ලා ඇතත් එයට කළයුතු සියල්ල සිදුකර හමාර යැයි ඔහු ස්වීප් වෙළෙන්දාට පවසා තිබේ.
රුපියල් ලක්‍ෂයේ දිනුම හිමිකර ගත් කාන්තාව සතුටු කඳුළු වගුරන්නීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙදහසේ ස්වීප් දිනුම ලක්ෂයක් වෙලා