දතක් ගැලවීමට ගොස් හිරිවැටෙන එන්නත් ලබාදීමෙන් පසු උදේ ආහාරය ගන්නට ගොස් අකරතැබ්බයකට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව වාර්තා වේ.
ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට පෙර ඔහු ගියේ නරක් වූ දත ගලවා ගැනීමටය. වෛද්‍යවරයා එන්නතක් දී විනාඩි විස්සකින් එන්නැයි ඔහුට දැන්වීය.
දත ගැලවූ පසු ආහාර ගැනීම අපහසුවන නිසා ඔහු ඉක්මනින්ම අසල හෝටලයට ගියේය. ආප්ප ඇණවුම් කළේය. එකින් එක ආප්පය බැගින් ගිල දමන්නට සූදානම් වුවත් ටිකෙන් ටික කට හිරිවැටෙන නිසා හැපීම අපහසු විය. ආප්ප කැබලි මුවෙන් බිම වැටෙනවා හෝ ඔහුට තේරුණේ නැත.
හෝටල් සේවකයා ”ඇයි මහත්තයා අසනීපයක්දැයි” විමසූවිට ”මට වතුර එකක් ගේන්නැයි” ඔහු කීය.
කට සෝදාගැනීමට ගත් උත්සාහයද සාර්ථක නොවීමෙන් පසු මුදල් ගෙවා යළි වෛද්‍යවරයා හමුවට ගියේ නිසි වේලාව එළැඹි නිසාය.
දත ගැලවීමට සූදානම්වූ වෛද්‍යවරයා ව්‍යාපාරිකයාගේ මුව විවර කළේය. ආප්ප කැබැලි කට පුරා විසිර තිබිණි. ඒ දුටු වෛද්‍යවරයා සිනහසෙන්නට පටන් ගත්තේ ”තමුසෙ උදේ පාන්දරම පුන්නක්කු කෑවාදැ”යි විමසමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ බොල ඒ ශාන්ති කුඩම්මාලු.. (ස)
දිසානායක අයියේ, රූපවති අක්කාගේ නමින් අදහස් දාන එක නවත්වන්න (නි)
මොකද පැංචි දත් කුට්ටම නැතිවෙලාද? නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්. (නි)
ඒක නම් හරි ලස්සන කතාව. ඇත්තටම ඔය වගේ දුර දිග නොබලා කරන වැඩ වලට හේතුව හදිස්සිය. දහසකුත් එකක් දේවල් කරන්න හිතේ තියාගෙන කාලය ඉතිරි කරගන්න කෙටි මං සෙවීම. ෂෝට් කට්ස් ආ ද ලෝන්ගස්ට් කට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේ නිසයි. අපේ මිනිස්සු තමන් ගැන හිතන්නේ නෑ වැඩ වැඩ විතරමයි. දවස සැලසුම් කරන්න. කන වෙලාවට කන්න නිදාගන්න වෙලාවට නිදාගන්න. වැඩ කවදාවත් ඉවර වෙන්නේ නෑ. (ස)
සමදරා නැන්දේ ඔයාගේ අදහස් කියවද්දී, ඔයාට මොන හරි අවුලක් තියෙනවා වගේ මට පෙනෙනවා.මොකද ඔයාගේ අදහස් එකින් එකට වෙනස්නේ,සමාවෙන්න මෙහෙම කියනවට නිකන් පිස්සුවෙන් වගේ සමහර දේවල් ලියල තියෙනවා.අනේ ඇයි නැන්දේ ඒ (ස)
දන්තාගාරයට ඇතුලුවූ කාන්තාව ඇදුම් උනා තැබීමට සුදානම් වුවාය. ඔබ ඇවිත් ඉන්නේ වැරදි සායනයට මම හිතන්නේ දත් දොස්තරවරයා පැවසීය. නැහැ ඔබ ගිය සතියේ මගේ මහත්තයට දත් දෙකක් දැම්ම එයින් එකක් මගේ අගේ කොහෙ හරි තියනවා, ඒක අයින් කරගන්න ආවේ කාන්තාව පැවසීය. (ස)
පිස්සු හැදෙන්නේ නැතුව තිබෙනවද සමාදී දුවේ .මේවා බලනකොට ? (නි)
රකිමි දිවිය මෙන් දුන්නොත් පොරොන්දුවක්...... පවතී ගලේ කෙටුවා මෙන් අකුරු ටිකක්.... අදින තුරා ලජ්ජාවට වස්ත්‍රයක් ........ රූපා නැහැනේ මෙහි ලිව්වේ එක අකුරක්...... (නි)
හැමදේටම පිම්බෙන්න ඉන්න කට්ටියක් ඉන්නවා කියලා පෙනෙනවා. ඕනෑ කෙනෙකුට අදහස් දාන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෑද? (නි)
චන්ද්‍ර,මෙතන එන්න එපා නීති දාන්න (නි)
චන්දි නංගි..අනේ ඔයාගේ ලිපිය කියවලා ..නෙතට පුංචි කදුලක් ආවා ඒ සංවේදී ලිපියට. ඔයා වගේ මමත් පෙරුම් පුරනවා දවසක අපි හමු වෙන්න ...? ලංකාවේ කොහේ හිටියත් කමක් නැහැ ..ඒ දවස දකිනා තුරු...ඔයා මේ තීරයට ලියන්න ඕන ..ලංකාවට ගියත් අපිව අමතක නොකරන ලෙස ..අපිව එතෙක් මතකයේ රැදී සිටින්න අපිට ලියන්න ...මමත් ඔයාට මගේම සොයුරියකට හා සමාන ආදරෙයි ..ඔයාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවායි පතනවා ..ඔයාට .සියලු දෙවිපිටයි..!!! (ස)
මේ අත්බනනය වැඩ වලට බාදා කොරනවා..ඒක නේ අර ලක්මිණි නැන්දා කිව්වේ.. (ස)
ඔබගේ දත් පරිස්සම් කරගන්න ඕනෙ නම් 1.දවසට දෙවරක් දත් මදින්න 2.හයමසකට වරක් දත් දොස්තරවරයෙකු හමුවන්න 3.අනුන්ගේ වැඩවලට හොට නොදා ඉන්න. (ස)
චන්දි නංගි,ඔයා නම් දුන්නා හොදට උත්තරය රංජනීට (නි)
සමන් මල්ලි මම තමයි ඒ ලියල තිබුන " ඉරණම පාරේදී විසදෙනවා " කියලා ..මොකද මගේ නමින් අදහස් දමන්නේ ඇයි.. වෙන කෙක් ..? ඉදිරියට ඇවිත් කම්බුට ගැහුවත් හැංගිලා ගල් ගහන මිනිසුන්ට උත්තරය විය යුත්තේ ඒ විදියටයි ..? (ස)
හන්දියේ බෝල සෙල්ලම් කරද්දී ගමේ කොලුවෙක් අතින් අසල කඩේක විදුරු ජනේලයක් බිදිලා බෝලයක් වැදිලා. අලාබය රුපියල් එකසිය පනක්ම ගෙවන්න කියලා කොලුවාගේ අම්මා කැදවලා. මේ අලකන්චිය පියාටත් ආරංචි වෙලා සවස වැඩ අවසන් කර එන ගමන් බසයෙන් බැස, කඩේට ගොඩවැදී, කොලුවාගේ පියා බව නො අගවා, කැඩුන ජනෙල් වීදුරුව රුපියල් සියක් දෙනවා නම් දාලා දෙන්නම්කො කියලා. හා හා ඕකට යන්නේ රුපියල් හතලියයි වැඩිපුර රුපියල් හැටක්ම අමතර ඉල්ලනවානේ කියද්දී, මුදලාලි මේ වීදුරුව කැඩුනේ මගේ පුතා අතින් මෙන්න රුපියල් හතළිය කියා රුපියල් පනහක්ම දී යන්නට ගියේය. (ස)
පෙත්තා ඔයා මෙතන මුදුනා වෙන්න එපා ..අපේ වැඩ අපි බලා ගන්නම්...ඔයත් නික ණයට කරන ඉලන්ධාරියෙක් කියලයි මට හිතෙන්නේ .රන් තැබිලි ඕනෙද පෙත්ත පුතේ... (ස)
සමන්, ඔයාගේ වැඩේම අරයට මෙයාට ඇගිල්ල දිගු කර කර රණ්ඩුවට යන එකමයි.., මම චන්දි නමින් හැර වෙන නම්වලින් ලියන්නේ නැහැ..!! ඔයාට මොලේ අමාරුවක්ද මන්දා ...? වෙලාවකට දිසා ලියනවලු රූපා නමින්., මොනවද අප්පා මේ කතා .., අපි මෙතන ප්‍රසිද්ධ අපි ඔයාල වගේ එක එක දවසට එක එක නම් වලින් නොලියන නිසාත් එකම නමින් අපේම නමින් ලියන නිසාත්ය.., මට ඔයා ගැන හරිම කනගාටුයි හලෝ .....!!!! (ස)
පහන්, හොඳ වෙලාවට ලොකු වෙලා ඩෙන්ටල් ක්ලිනික් එක පටන් ගත්තේ.. (ස)
රංජනී..! මේ ලංකාදීපේ අපේ තමයි ..! මේක අපි රැකගන්න ඕන. ජනසතු වස්තුවක් මේක අපි අපේ නොකර ගෙන මේ තීරේ පිටසක්වල ජීවින් කියවයිද ඔයා හිතන්නේ ..?අපි වගේ ලස්සන හදවත් ඇති මිනිසුන් නැති තැන ..මේවා මිය යනවා ..අපි ඒවාට පණ දෙනවා අපිට හැකි හැම වෙලාවකම ...ඔයා බැන්නට අපිට වදින් නැහැ ..රංජනී ..?අපේ හදවත් තව තවත් අදහස් වලින් අළු දමනවා..? ඔයාට පෙෂර් වැඩිවෙයිද මේක බලල ..අනේ එහෙම වෙන්න එපා ..? ඔයාට දෙවි පිහිටයි ..? (ස)
දැන් පැය 1.5 පත්තරේ. ගල් වලේ වැඩ පිරිලා. බොරේ දාන්න කලින් මම ගිහිල්ල එන්නම්. (ස)
අනේ මමත් හරි ආසයි චන්දී, රුපවති, පහන්ව හෙම අඳුන ගන්න. මම හැමදාම මගේ අදහස් නොදැම්මට, ඔයාලගේ කතා ආසාවෙන් බලන්නේ. (ස)
රුපවති හට ඇත දහසක් ලියන්නට ... නොලියා සිටිමි ප්‍රතිපත්තිය රකින්නට ....අන් අය නොසතුටු නම් මම මෙහි දකින්නට .....පැත්තට වී හඩමි පාළුව මකන්නට.... (ස)
මෙතන ගොඩක් අය දැන් කරන්නේ වෙන නමකින් ඇවිල්ල කාට හරි රිදෙන විදියට ලියල ගිනි අව්ලවල පැත්තකට වෙනවා .., අපි හතර රියනේ යන දවසට මේ කිසිවක් ගෙනියන්නේ නැහැ කරන පින්- පව් විතරයි දෑතට ගන්නේ ., ඒ හින්ද බොරුව, වංචාව, නැතුව කොටවන්නේ නැතුව.., මේ අපේ ලංකාදීපේ , අපේ කතෘතුමා අපට දීපු අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු ...!! නයි පොලොඟු වගේ නැතුව..!! අනුනට රිදවා සතුටක් ලබන එක සතුටක් නෙවෙයි හොදේ..! අනුන්ගේ උස් මිටි කම් නොපෙනේවා.., තම යුතුකම පමණක්ම දකිවා., මෙය බුදු සිරිතක් බව වට හේවා ., සියලු දෙනා ලොව සුවපත් වේවා .!! සාදු..සාදු ..සාදු....!!! (නදී)
මට හොඳ කොන්දක් තියෙනවා (ස)
මොකද උදේම ශාන්තිව හොයන්නේ මම මෙහේ(නදී)
දන්නේ නැති නිසා අහන්නේ ? (නදී)
මට හිතෙන්නේ මිනිස්සු ලංකාදීප පත්තරේ දාන නිවුස් ,දෙයියෝ සාක්කි වගේ දේවල් බලනවට වඩා , ඒවාට යන කොමෙන්ටු බලන්න තමා වඩා කැමති.මේක අලුත්ම ට්‍රෙන්ඩ් එකක් නේද සමන් අයියේ ...!!! (ස)
චන්දි නගෝ...අවුලනවද?..ඇවිලෙනවද? ඇයි වදේ මේ ඇවිලිලා - තියෙන කොන්ඩෙත් ගැලවෙලා. - මෙහෙම කෙරුවොත් ඩොන් වෙලා... නාකි වෙනවා පරවෙලා... (ස)
දැන්නම් මට හොදටම විශ්වාසයි මේ අපේ රෑපවති අක්ක නෙමෙයි (දිල්)
පහන්, ඔබ ආපු එක ගැන සතුටුයි සොයුර...!! අපේ ළමයි මගේ දත් ගලවන්නේ බෙහෙත් විදින්නේවත් නැතුව අනේ ...!!! (ස)
රුපක්කේ ඔයා දිගටම ලියන්ඩ අපි හැමෝම ඔයතෙක්ක ඉන්නවා කවුද අපේ අක්කට කොක්ක අදින්නේ (නදී)
ආප්ප කඩේ සල්ලි ගන්න තැන මම බලන් ඉන්නවා අස්වය නම් ඉන්නවා..ඔයා කෝ අනේ? (ස)
ඉහතින් තිබෙන මගේ නමින් දමා ඇති කොමන්ට්ස් හතර - 14:05, 51:30, 40:11, 34:04; මම ලියලා දාපුවා නෙවෙයි. කවුද මගේ නමින් දාලා. මීට පසු මම දෙයියෝ සාක්කි වලට ලියන්නේ නැත. මගේ නම සවුත්තු වෙන වැඩක් මෙය. ඔබ සැමට ජය (නදී)
චන්දි නංගි..ඔයාගේ විරිදු ටික ලස්සනයි ...?අපේ දිසා මාමගේත්..හිත හොඳටෝම රිදිලා වගෙයි ..දැන් අපිට මඩ ගහනවා නොහික්මුණු මිනිසුන් ..ඇත්තටම අපේ ජාතිය ගැන නොහික්මීම ගැන හොඳටම කල කිරිලයි ඉන්නේ දැන් ...මමත්...? (ස)
සමන් මල්ලි,එරන්දක, ස්තුතියි! මම ඔයාලත් එක්ක තරහා නැහැ.යමක් ලියන්න අපිට හිත සතුටින් හිනාවෙලා රස විදින්න (නි)
පෙත්තා, මේ අහන්නකෝ..!! ඔයාට ලියල බැනුම් අහන්න බැහැ ඔයාගේ අයිතිකාරියගෙන් .., (සමදරාගෙන්) ඒත් නොකිය හොඳ නැති නිසයි කියන්නේ ඔයා, මම, අපි හැමෝම වයසට යනවා තමයි ., ඒත් පෙත්තා පුතේ වෛරය,ක්‍රෝධය ඊර්ශියාව, නැතුව ඉන්නවනම් කොච්චර ෂෝක්ද..? නේද පෙත්තප්පු .....!! (ස)
ලංකාදීපයට ස්තුතියි.සමදරා, ඔයා හරිම හොදයි (නි)
අනේ අපිට නම් ඕනේ නැහැ ඔය කාවවත් මුණ ගැහෙන්න ..හිතා ගෙන ඇති ඩයනා කුමරිය කියලා .උදුම්බර නිකන් පන්නින්න එපා .අපි මෙහෙ ..දකුණේ දකුණේ. (ස)
රන්ජනී අක්කා හරියටම හරි . (නි)
චන්ද්‍රා අක්කියේ මොකෝ නිකන් බඩගින්නේ මගේ..දත් කුට්ටම ගිල්ල වත්ද? නගෝ අනේ නුඹ නාඩන් - නුඹට ඕවා හොද පාඩම් .. අපේ මේවා පැණි නාරන් -ඕනෑම නම් හනික වරෙන්...//(නදී)
දතේ චූටි සිදුරක් තිබිලා වැඩි හොඳට කියල පුරවගන්න ගියා. දෙතුන් පාරක් දත් දොස්තර ගාවට යන්නත් උනා. අන්තිමේදී දත ගලවලයි නැවතුනේ. දත් දොස්තර ගාවට නොගිහින් හිටියා නම් තාම මගේ දත තියෙනවා. දත් දොස්තරලගේ වැඩ ඔහොමයි. (ස)
සමාධි, මං හිතන්නේ අනුන්ට කපපු වළේ තමන්ම වැටිලා වගේ, සමදරා. (නි)
අයියෝ සමදරා..පොල් පරාලයක් වැටුනා වගේ නේ ලතෝනිය . රණවරා කෝප්පයක් උණු උණුවේ බීල එමුකො හකුරු කෑල්ලක් හප හපා මිදුලට. පාත්තියේ පිපිලා තියෙන මල් බලන්න..(නදී)
දෙයියෝ සාක්කි.. ඒ උනාට මම හිතන් හිටියේ මාත් අර කටුනායක අලුත් පාරේ යන රැලට අල්ලන් යාවි කියලයි.දැන් නම් සතුටුයි මට අයිතිකාරයෙකුත් ඉන්නවා...හා..හා.හාහ්.. - ඒ උනාට චන්දිත් මගේ අයිති කාරයෙක් නේ..තව කී දෙනක් ඉන්නවද මගේ දෙයියෝ.. ගහ ගන්නට එපා දෙන්නාටම සැමියා - එහෙනම් උඹල දෙන්නම මගේ පැටියා// මට අද කෑමත් එපා. ලංකාදීපේ තුරුළු කොරන් - බුරු ඇඳේ ඩොයියමි මන්..සුදු අසු ඔහේ ආවා දෙන්. සිහින ලොවේ තනිවෙමි මන්.. (ස)
දිසානායක අයියේ, විහිළු කළා ඇති. දැන්වත් රූපවති අක්කාගේ නමින් ලියන එක නවත්වන්න (නි)
පහන්ගේ කතා නම් නියමයි. හරිම හිනා මට. (නි)
මම චන්දි ප්‍රශ්නයක්නේ ඇහුවේ. රණ්ඩුවට ආවේ නැහැනේ. රුප අක්කනේ කිව්වේ එයා සිංහල කතා කරන්න කවුරුත් ඔෆිස් එකේ නැහැ කියල මතක නැද්ද. ඉතින් ඔයා කියන්නේ මේ ඇත්ත රුප අක්ක කියලද?? (ස)
සමන්, රුප අක්කා කිව්වේ සිංහල කතා කරන අය ඔෆිස් එකේ නැහැ කියලනේ. ලියන්න පුළුවන් අය ඇති. (ස)
උදුම්බර.., ස්තුතියි ඔබට..!! අපි ලියන්න ඕන කෙනෙකුට කියවන්න ආශා කරන දෙයක්, ආශා හිතෙන විදියට මොකද මේ අපි ලියන දේවල් මුළු ලෝකෙම ඉන්න ගොඩක් පිරිසක් බලනවා. ඉතින් අපි ලියන දෙයින් අපි නුදුටුවත් කෙනෙකුට අපි ගැන ආදරයක් ඇති වෙනවා නම්., ඒ කියන්නේ අපි ලියල තියෙන්නේ ලස්සන අදහසක්, දැන් මේ පිටුවට ලියන සම'හරක්' අය ලියන දේවල් ඇත්තටම එයාල ගැන හරි පිළිකුල් හිතෙනවා. කරන්න දෙයක් නැහැ එයාල විහින්මයි සවුත්තු වෙන්නේ , හැබැයි මම ඒ හැම දෙයක්ම කියවනවා, මට මගේ මෑණියන් කියා දිලා තියෙන්නේ කවුරුවත් හෙලා නොදැක නම්බු දීලා කතා කරන්න.අපි උගතුන් කියා සමහරු ලියන්නේ වරුසාවකට වත් පාසලකට ගොඩ නොවී වගෙයි. ඒක එයාලගේ කැමැත්ත., ඔබට තව වරක් ස්තුතියි උදුම්බර...!!! (ස)
මේ නම් නියම දෙයියෝ සාක්කියක් තමයි. පහන්ගේ කතා අහල තවත් හිනා. මේ සිනා සාගරය තව ලස්සන අදහස් වලින් ඔප වේවා!, (ස)
කට්ටියටම සයිබර් අවකාශයේ වලියක් නැතිව නින්ද යන්නේ නෑ නේ? (ස)
චන්දි නංගි උදේ පාන්දරින්ම ඔයාගේ නමිනුයි.. මගේ නමිනුයි ..? අදහස් දමාගෙන ..මානසික ලෙඩ තියන කට්ටිය ...? මම දන්නවා ඔයා ඔය වගේ අදහස් නොලියන බව ..වග කීමෙන් යමක් ලියන වග ..කමක් නැහැ ..ඔය මිනිසුන්ට ..ඕවට ලැබෙනවා..? දඩුවම් ස්වභාව ධර්මයෙන් ...!!! (ස)
ගුණරත්න මාස්ටර්.., පොඩ්ඩක් මේ අහන්නකො..!! දැන් මේ අපි ලියන දේවල් අපේ කතෘ තුමා ..!!! අනුමැතිය දෙන නිසානේ ලංකාදීපේ පලවෙන්නේ.. ඉතින් මගේ හොද මාස්ටර් වගේ ලියන ඒවා කියවල, ඔයත් ලස්සන අදහසක් දෙකක් ලියලා සතුටක් ලබමුද ....?මොකද කියන්නේ.., හාද........? බැහැද......?(නදී)
සමදරා,ඔයා මොන රටටවත් යන්න එපා.ලංකාවේ ඉදලා ලංකාදීපයට ලියන්න ලස්සන අදහස් / කවි ටිකක් ... (නි)
සම්මා සම්බුදු හිමියන් පළමු වදින්න ., ත්‍රිවිධ රත්නයේ පිහිටත් එක්කර ඔන්න. රබාන වයමින් රසකර විරිදු කියන්න ,එසැන සිටින සැමදෙන මට අවසර දෙන්න. අනේ අවසර දෙන්න,, එකක් දෙකක් තුනක් නොවේ, වැරදි කරන්නේ, මොකටද අපි මේ විදියට වෛර කරන්නේ, අපි කවුරුත් දවසක මිය පර ලොව යන්නේ, එදාට නැහැ මේ කිසිවක් අරගෙන යන්නේ., අනේ අරගෙන යන්නේ .., කවුරු කොහොම කිවත් මේ හිත රිදවාලා, අපි කවුරුත් සැනසෙනවා එසැනට ලියලා, තරහ මරහ දැන් සේරම පිට විසි කරලා, අදහස් ලියමුකො ''එසැන ''ලස්සන කරලා .., අනේ ලස්සන කරලා .., නම් වශයෙන් නොකී නමුත් විස්තර කරලා, කවුරුත් දන්නව කියන්නෙ මොකක්ද කියලා, මෙතැන් පටන් වාද බේද සැම දුරු කරලා, අදහස් ලියමුද සැමගේම සිත් තුටු කරලා ..,අනේ සිත් තුටු කරලා.., !!! (2) එක්කර දෑතම මගේ -ඉල්ලමි සැමගෙන් අනේ, මිට පස්සේ එපා අපිට-ගරහන්නට කිසි දිනේ...,දෑතට දෑතම තබා-සෙනෙහස පපුවට ඔබා, ලියමුකෝ අදහස් එසැනට, අපි සතුටින් නට නටා ...!! (රසවිදි ඔබ සැමට ස්තුතියි ) විරිදුවේ තාලය හරියට අල්ලාගත් කෙනෙකුට රසය වැඩියෙන් දැනේවි. (ස)
පෙටි, පෙත්තෝ, චමත්, ආරි, දුම්මලේ, ගජමෑන්, වන්නි, දිල්රුක්ෂි, අහිංසකා, ඕගොල්ලෝ මගේ මෙතන යාලුවෝ ටික දෙනෙක්. මං ඕගොල්ලෝ ඔක්කොල්ලමගෙන් සමු ගන්නවා. ඕගොල්ල ඉන්න රටවල හොඳට වැජබෙන්න. අපිට පුරුදු ලංකාවේ අපි ඉන්නම්. සිංහල ජාතියක් හැටියට අපි ලජ්ජා විය යුතයි මේ කරපු මේ වැඩේට. මේ වැඩේට දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන් මට ස්ථිර නැහැ. රූපා, ඉන්දු, දිසා ඕගොල්ලන්ට නැවත මෙතන රජ කර තැකි. නැවතත් - සැමට ආයුබෝවන්! ආදර සමදරා නැන්දා (ස)
පෙරලෙන ගලේ පාසි නොබැඳේ. කලකින් ගල රවුන්වී හොදින් පෙරලේ. ඒක නිසා ඔහොම යමු.... (ස)
උදේ පාන්දරම තමුසේ පුන්නක්කු කෑවද...ඒකට නම් මට හිනා ගිය ඇත්තටම .....අර මානසික ලෙඩ්ඩු ටික නැවත අදහස් දන්නා පටන් අරන් මම හිතන්නේ. මම නම් විස්වාස කරන්නේ ..මේ සමහර නුගත් ..චාරයක් නැති දෙමුපියන්ගේ දරුවෝ වැඩිවියට පත් වෙලා යම් යම් තැන වලට අවහම සමාජයට ලොකු පිළිලයක් වෙනවා....දෙමුපියන් පාසල් වලට දරුවන් ඇතුලත් කල පමණින් ඔවුන් සමාජයට වැඩදායක ලෙස බිහිවන්නේ නැහැ ගුණ ධර්මත් දරුවන් සමගම වැඩිය යුතුයි .තව කරුණක් තමයි දරුවන්ට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමට ඉගැන්විය යුතුයි .එවිට හොඳ පෞර්ෂත්වයෙන් යුතු දරුවන් සමාජයට දායාද කල හැකි ....දැන් තේරෙනවද එතකොට මේ කොන්දක් නැති කෙලින් කතා කරන්න බැරි ටික දෙනා කවුද කියලා. (ස)
චන්දි / සමදරා,මම මෙහෙම කියනවට ඔයාලගේ හිත රිදුනොත් මට සමාවෙන්න.පත්තරේ දාලා තියෙන මාතෘකාවට ගැළපෙන අදහස් විතරක් දාන්න.ඔයාලට කව්රු මොනවා කිව්වත් ඒවාට පිළිතුරු දෙන්න යන්න එපා.පත්තරේ බලන මධ්‍යස්ථ අයට බලන්න වෙන්නේ දැන් දැන් මාතෘකාවෙන් පිට අදහස් තමයි. (නි)
ඇයි ඉතින් ලංකාවේ වැඩ කරපු තැන අය අක්කත් එක්ක තරහා...? (නි)
සමන් මල්ලි ..එරන්දන ..?ඔයාල තමයි අපේ නම් වලින් කෙමෙන්ට් දමල කොටවන්නේ ..අපි දිසානායක කියන්නේ කව්ද කියල හොදට දන්නවා මල්ලි ...ඔයාගේ වැඩක් බලාගෙන අපිට හිනාවෙන්න කෙමෙන්ට් එකක් දාන්නකෝ ..අනික දිසාට කාගෙවත් නම් වලින් ලියන්න ඕන නැහැ ..දෙමාපියෝ දීපු නමින්ම තමයි..? අපි එක එක දවසට අලුත් නම් වලින් එන කට්ටිය නෙමේ ...?(නදී)
අනේ රූපවති අක්කේ, විහිලුවයි මෙහෙම ඔයත් එක්ක හැප්පුනේ. වැරැද්දක් වුණා නම් සමාවෙන්න. ඔයාව ඉක්මනින් සුව වේවායි පතමි (නි)
මගේ විරිදුව පල කර දුන් කතෘතුමා ඇතුළු සැමදෙනාටම බොහෝ පින් අත්පත් ''වේවා '' ස්තුතියි....!!! (නදී)
රංජනී නමින් කෙමෙන්ට් දමපු "ඔෆිස් එකේ "කෙනාව මම අදුන ගත්තා ...මට දැනුයි වැටහුනේ ..අපේ..තාක්ෂණයේ දියුනුවක තරම ..?මට රංජනී නමින් ලියුව කෙනා ගැන තරහවක් නැහැ ..සැටලයිට් ..සහ චන්ද්‍රිකා තාක්ෂණය ගැන ගොඩාක් ආඩම්බර හිතුණා...? (නදී)
රැකුමට යමක් ඇතිවිට එය රැක ගනිමු ..... හොද හොද පැතුම් ඇති අය ඉහලට යවමු........ කිව්වත් "යවමු" කියලා, වෙන්නේ එය ඉබේමලු....... එහෙනම් ඉතින් අප යායුතු මග සොයගමු..... (නදී)
තාලය නම් අල්ලා ගත්තා ...රබාන නම් පැලුනා..නෙල්ලි ගෝනියක් එවනවද රසේ විඳින්න..අරලුත් බුලුත් අමතක කොරන්න එපා හොඳේ.. (නදී)
ඔන්න් බලල මල්ලෙන් එලියට පැනල නියම රුපවති අක්ක රත්නයක් නේ හොර රුපවති පෙරේරා.අනික කට්ටිය රුප අක්කට බැන්නේ නයා දානවා කියලනේත ඔය පහනුත් ඇගට පතට නොදැනේන්න ලොකු නායක ඇරලා තියන්නේ. (ස)
අනේ සමන්, තව කීප සැරයක් හැපෙන්නකෝ.. (නි)
රූපවති අක්කේ ,විහිළු කළාට සමාවෙන්න. ඉක්මනින් සුව වේවායි පතමි (නි)
"අනුන්ට කපපු වළේ තමන්ම වැටිලා වගේ" අලි වටේම ඉන්නවා හොඩවැල කරකවා කරකවා. (නි)
ඔන්න පළපුරුදු ගල් කතාවක් කරලියට...පෙරලෙමුකෝ... (ස)
මෙන්න තව මයිනෙක් මොනවද කියනවා.හැබෑ තමයි.ආත්මාර්තකාමිත්වයෙන් තොර පරාර්ථකාමිත්වයක් නැත. (නි)
අද උදේම මම දැක්ක කටත් ඇරගෙනම කෙලත් පෙරාගෙන ආප්ප මේසයක් ගාව ඉන්නවා ඒ ඔයාද අයියෝ පව් (නදී)
සමන් මල්ලි ඔෆිස් එක කීවේ මෙහෙනම් නෙවේ ..? ලංකාවේ . මෙහෙ ඉන්නේ ලංකාවේ කෙනෙක්ට මා පමණි ..!එත් මල්ලියෝ ,.දිනය (2013 -9-29;21;18;19) (2013-9-30;08;04;48) (04;25;55) (18;19;20) රුපවතී කුමාරි හාමි...සහ රුපවතී . නමින් ද්දමා ඇති ඒ කිසිම කෙමෙන්ට් එකක් මට අයිති නැහැ කවි ලෙවීම මා සම පුර්නයෙන් නැවත දැම්මේ මගේ නමින් තවෙකෙක් කවියක් ලියා පල කරනා නිසා .. ඇත්තට මම මෙහි ලියන්නේ මට මගේ භාෂාව කතා කිරීමට කෙනෙක් නැති කමට වගේම ..!( මම දීප්‍රේෂන් රෝගියෙක් මගේ දරුවා ලැබී මෙන් පසුව මම ඒ තත්වයට පත් උනේ ..හොර්මොන් ක්‍රියා වෙනස් වීමකින් බව වයිද්‍ය වරු නිගමනයකට ඒමෙන් ) මගේ එකාකාරී ජීවිතය ටිකක් බලපාපු නිසා විය හැකියි ..! ඇත්තටම මට මුලදී ඔයාල සමග එසැනින් ..කතා කරද්දී ..පුදුමම සැහැල්ලුවක් දැනුන ..දැන් මට එක ඇත්තටම මිනිසුන් එලව එලවා පහර දීමක් බවට පත් කරගෙන ..ඒ අපේ රටේ හැටි කියලයි මට පෙනෙන්නේ ..දෙමාපියෝ දරුවන් හොදින් හදන්න ඕන ..උන්ව ඉස්කෝලේ ඇරියටම මදි ..උන්ට ආදරේ ,කරුණාව ..අවංක කම .ගුණ සිරිත් ..වලින් උන්ව පෝෂණය කරන්න ඕන ..බඩට රුවන් වැලි මහාසෑය වගේ බත් පිගානකින් පිරෙව්වට ම මදි ..උන්ගේ ඔලු ගෙඩි මිනිස් ගුණ වලින් පෝෂණ උනේ නැත්තම් අද අපේ රටේ දකින්න ඉන්නේ බොහොමයක් .. රුවන් වැලි මහා සෑය මෙන් බත් පිගානෙන් පමණක් කර උස මහත් උන, පොත පතට පමණක් බුද්දිය වෙන්කළ පර පුරක් වීම නිසා ..බොහොමයක් මෙවැනි දේවලින් උන් මිනිසුන්ව සමච්චලයට පත් කරන්න පුරුදු වෙලා ..?ඒ ප්‍රතිපල අපිට එසැනින් දකින්න ලැබෙනවා මේ අකාරයෙන් .???අපි යම් තැනක මිනිසුන් සේ හැසිරෙනවිට අපේ දරුවනුත් ..දෙමාපිය අභාෂයෙන් උස් මහත් වෙන්නේ ..දෙමාපිය අඩි පාරේ පිය මනිමින් බව අපි හැමෝම මතකේ තබාගත යුතුයි...? (නදී)
මෙතන දැන් කෝපි කඩේ වෙලා. එතන ඉන්න චරිත මෙතනත් ඉන්නවා. මම අදහස් නොදැම්මට හැමදාම අදහස් කියවනවා .රූපවතී දෙයියෝ සාක්කි තමන්ගේ කරගන්න ගිහිල්ල වෙච්ච දේ කාටත් පාඩමක් .මේකේ අයිතිකාරයෝ වෙන්න හදන හැමෝටම ඒක හොඳ පාඩමක්. (ස)
ගැහැනියක් ගෑවුණ තැන ඉවරයි. දැන් ඉන්න පිරිමිත් ඒකට දෙවෙනි නැහැ. එල්ලෙන්නමයි බලාගෙන ඉන්නේ. අනේ මන්දා (නි)
හැම පෝයට සිල් ගන්න සමදරා, කාටත් උදවු කරන සමදරා, වට්ටි අම්මලා වගයකට අහු වුණ සමදරා, සෙව්වේ රැකවරණය අහිංසකයින්ගෙන් සමදරා (නි)
"ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත" - දොස්තරලත් ඇහැ..කන..පපුව හැටියට වෙනස් වෙනවා.මහාචාර්යයවරුත් එහෙමයි. වදුරන්ට දැලි පිහි දෙන්නේ නැහැ. (නි)
මමත් ගම්පහ තැනකට ගියා දතක් ගළවාගන්න. බොහෝ වෙලාවකට පස්සේ හිරිවැටෙන්න එන්නතක් විද්දා.එතන වැඩකළ හෙදිය එයා හදුනන රෝගීන් වරින්වර ඇතුළට ගත්තා.මමත් පැයක් පමණ වාඩිවෙලා හිටියා. දැන් මගේ කටේ හිරිය නැතිවෙලා ගිහින්.මේ ගැන හෙදියට කිවුවම තවත් එන්නතක් විදිමු කිවුවා.හෙදිය ඇතුළට යනකන් ඉදලා මම ගෙදර ආවා. ඒ දත තවම තිබෙනවා. (නි)
මම නැවත කියන්නේ කල්ලි හදාගෙන මෙතන නැලවෙන්න එන්න එපා.මිනිසුන්ට දැනෙන දෙයක් ලියන්න. කවි , කථා , විහිලු කථා, ලියන්න පෙත්ත, කටා මාමා,පහන්, තිලක් සහ කවි ලියන අය සහ සරත් වගේ මධ්‍යස්ථ මතධාරීන් මම ගොඩක් අගේ කොට සලකනවා. (ස)
මගේ පැටවුනේ, බය නැතුව ලියපල්ලා. මෙතන එක් කෙනෙකුට දෙන්නෙකුට කියලා අයිති නැහැ.ඔක්කොමලා හොඳට අත දිග හැරලා ලියන්න. (නි)
අහිංසා දුවේ, ඔබ අහිංසකාවියක්ම වේවා! බය වෙන්න එපා මගෙ දුවේ, දැන් ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. බය නැතිව ලියන්න දුවේ. මෙතන ඔක්කොම එකයි. මොනව හරි වුණොත් මං ඉන්නවා උඹලට (නි)
මම එහා පැත්තේ ගරාජ් එකේ ටයර් මාරු කරනවනේ. තාම කට ඇරිල නේද?? (ස)
පුතේ චමත්, වීසා හදලා එවන්න මම එන්නම්. ටිකට් එක මගෙන් (නි)
සමන් හිත රිදව ගන්න එපා හොඳේ..!! දැන් මටත් මෙහෙ ලංකාවේ අය ඉන්නවා. ඒත් කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. නිවාඩුවක් ලැබුනම එසැනට ලියන විට ගත සිත දෙකම හරිම ප්‍රබෝදමත් වෙනවා. රුප අක්කත් එහෙම ඇති, හැමදේකින්ම පැන පැන පහර ගහන්න එපා සමන්.., අපි කවුරුත් සමගියෙන් ඉදිමු. මේක අපි කාටත් අයිති තැනක් අපි කවුරුත් ලියමු (බතල අරන් යමු- ඉඩමේ හතරේ මායිම් වැඩක් නැහැ අපිට ) (ස)
අත්හදා බලන්න.(නදී)
මේ අදහස් දාන අය දැන් යන්නේ වෙන පාරක වගේ.මාතෘකාවට අදාල දේවල් නෙමෙයි ලියන්නේ. (නි)
පහන්ගේ කතා විල නම් හිදෙන්නේ නැහැ.ඇත්තටම ළමයෝ ඔයා ඉන්නේ කොහෙද ? (නි)
සමදරා නැන්දේ ඔයාගේ නමිනුත් කවුරු හරි අදහස් දානවද ?මොකද ඔයා චන්ඩියෙක් වගේ කතා කරලා තියෙනවා.අම්මෝ නැන්දේ දැන්නම් එසැනට එන්නත් බයයි. (ස)
ඇත්තටම මෙහෙම අදහස් දාන්න පුළුවන් බොලොග් අඩවි ගොඩක් තියෙනවා, වෙනින් භාෂා මාධ්‍ය වලිනුත්. කලකට ඉස්සර එවැනි තැනක ඒ රටේ භාෂාවෙන් අදහසක් දැම්මා මෙහෙම, මුහුදු මට්ටමින් අඩි තිස් තුන්දාසක උඩින් ඇති සුවපහසු අසුනක වාඩිවී පැය ගණනක් තිස්සේ ගමන් ගන්නා අහස යානයක සිටිනා මොහොතක අසුනින් නැගිට සුළුදිය දැමීමට එතෙක් තිබු පෝලිමට එකතුවෙන්නට කැබින් අංගනය අසලට ආවෙමි, ඒ අසල ගුවන් සේවිකාවන් මුකුළු කරමින් බර කතාවක එකියක් තම පෙම්වතා සමග එළබෙන නිවාඩුවට අලුතින් ගත් මල් ලියකම් වැඩ දාපු ලා නිල් ගවුම ඇදන් සවාරියක් යන්න සුදානම ගැන දොඩවයි, අනෙකා තම සිත් ගත් කරාබු යුගල පෙන්නමින් සිනා මුසු ආඩම්බර කාර වදන් මුමුණයි. ටොයිලට් පෝලිම තව දිගයි ඇතුලට යන්න මගේ වාරට, නොදැනිම සතුටු සිනා පිරි උකුළු මුකුළු මාසිත් පිනා ගියේය. විඩාබරව මොහොතක එවැනි කතා බහා විඩාව සන්සිදුවන්නට ඔසුවක් වැනිය , ගත සිත සනහාලයි, එකටත් එක්ක අපේ රටේ ගුවන් යානයක දවසක් ලංකාවට යද්දී සමාන අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුනා. අහන් ඉන්න එපා වෙනවා ඔක්කොම කතා බහා දුක්මුසු පරාජිත වචන වැල්ය. මේ අදහස් තීරුවත් ඒ තත්වයට පත් වී ආඩපාලි කුඩුකේඩු පල් හෑලි පිරි ඇත.(නදී)
මං ඉපදුනේ ලංකාවේ දකුණු පළාතේ.., දීග ගිහින් ඉන්නෙත් දැන් දකුණු පළාතේ.., ගෙවල් සදා පදිංචියත් දකුණු පළාතේ.., ඒ වුනාට නපුරු කමක් නැහැනේ මගේ සිතේ...!!!!! (ස)
පන්චිගේ පැණි නාරන් කාපු උදවිය පැන්චිත් එපා නාරනුත් එපා කියලා යන්න යනවා. පෙන්නේ නැද්ද. (ස)
චමත් පුතේ විසා අනුග්‍රහයට ඔයාගේ නෝනා/පෙම්වතියත් අත්සන් කරන්න ඕනේ හොඳේ (නදී)
රන්ජනී ගේ කතාව හරි (නි)
කව්ද මේ අපේ රුපවති අක්කව අඩවන්නේ. දිසා චන්දි ඉන්දු වරෙල්ල පටි තද කර ගනිල්ලා. (නදී)
මගේ නම බාවිතා කරමින් දිගින් දිගටම දෙපිරිසක් විසින් අදහස් දැක්වීම ගැන මගේ තරහක් නැත. නමුත් මේ බොරුව දිගටම කරගෙන යාමට නොහැකි බව මම දනිමි. මා මේ අයුරින් දරුණු ලෙස කාහටවත් පහර නොගහන බව මා මෙතෙක් ලියු දේ කියවූ මගේ මිතුරු මිතුරියෝ දනිති. මා ලියනා දෙය ඇතැම් අයෙකුගේ හිත රිදවීමට හේතු වන්නේ නම් මා මෙහි තව දුරටත් ලිවීමෙන් පලක් නැත. ඔබ සැමට සුබ අනාගතයක්.(නදී)
සම්පුර්ණයෙන්ම ඇත්ත කටා මාමේ.හැඳි මිටවල් හැමතැනම. (නි)
රන්ජනී සොයුරිය, කල්ලි හදා ගත්තට, අයිතිකාරයෝ වෙන්න හැදුවා කියලා චෝදනා කරන්න බැහැ නේද? මොකද අපි මොන අදහස ඉදිරිපත් කළත් ඒවා පළකිරීමේ අයිතිය තිබෙන්නේ කතුතුමා අතේ. ඉතින් මම නම් කියන්නේ ඔයාගේ වගේ ප්‍රබුද්ධ අදහස් අතරේ අනිත් නැලවිලිත් තිබුනදෙන්. ඔයා ඒවා කියවන්න එපා (නි)
කවුද මේ ශාන්ති කියන්නේ? (නි)
අනේ චමත් කොලුවෝ, මට දැන් ලියන්න තියා මේවා බලන්නවත් හිත නැහැ. පේනවනේ මගේ නමින් දමන අදහස්?මේවා අර වට්ටි අම්මලාගේ වැඩ (නි)
රුප අක්කේ, මෙහි උඩින් සදහන් (පහන් ආපු එකට සතුටු බවත් , අපේ ළමයි බෙහෙත් විදින්නේ නැතුව දත් ගලවන බවත්) ලිවේ මම තමයි.., දැන් මගේ නමින් ලියන කෙනාට වැටහිලා එයා කරන බොරුව, ඒ නිසා හුඟ දවසකින් මගේ නමින් වෙන අය ලියන එක නතරවෙලා. ඒ වගේ ටික දවසකින් ඔයාගේ නමට ලියන එකත් නවතීවි. (ස)
පේනවා නේද පැන්චිගේ තරම.දැන්මම ඇට්ටර වෙලා .තව කොහෙද තව අඩියක් දෙකක් උස ගිය නම්. ඊට එහා ප්‍රගීත් අහුවෙන්න එපා දෙන්නා මට. හොඳ දඬුවමක් දෙනවා, ඔලු දෙක එකට හප්පලා, කසාඳ බැඳලා දානවා. (ස)
ශිරෝමිගේ කතාව ඉවරයි.මේක තමන්ගේ කැමැත්ත. පණ්ඩිත උපදෙස් නැතුවාට කම් නැත. ස්තුතියි. (නි)
ඊළගට කියන්න හිතන් හිටි කතාව ඉක්මනින් කියලා දාන්න ඕනෑ බැනුම් අහගන්න කලින්. දවසක් සිංහල ගැහැනු කෙනෙකුයි දෙමල ගැහැනු කෙනෙකුයි හොදටම රණ්ඩු වෙනවලු, ඒවා මේවා කියමින් බැණ බැණ සිංහලෙන්, ගොඩක්ම චරිත ඝාතන. දෙමල කෙනාට සිංහල හරියට කියාගන්නත් බැහැ. ඇය බැරිම තැන සිංහල ගැහැනුකෙනා බැනලා ඉවර වෙනකම් අත් දෙක බැදන් අහගෙන ඉදලා අන්තිමට කිව්ව්වලු "ඒ ඔක්කොම උඹ"... කියලා යන්න ගියාලු.. (නි)
මෙන්න රුපියල් අසුවට සියක්..නවත්ත ගනිමුද මේ ගෑනු පයිට්. ඕනේ නම් පුන්නක්කු ගෝනියයි...විරේක පෙති ටිකකුයි...එක්ස්ප්‍රස් තැපෑලේ එවන්නම්..ඩාලින්ලට.(නදී)
චමත් පුතේ මම කවරදාවත් ප්ලේන් එකේ ගිහින් නැහැ. කනේ මොනවද ගහගන්න ඕනේ? සුදු ලුණු? (නදී)
රන්ජනී සොයුරිය, මං හුඟක් තැනදී දැක්ක ඔයා කල්ලි හදාගෙන ලියනවා කියල දොස් කියල තිබුනා. එයින් ඔයාට මුකුත් පාඩුවක් වෙනවාද කියා දැන ගැනීමට කැමතියි..? අපි ලියන දේවල් පල කිරීම හෝ නොකිරීම අපේ කතෘතුමා සතුයි ..!! නුබලා මෙහි ලියන දේ කියවා ,අදහස් ලියන්න ඔයා ලියන දේ අපිත් කියවන්නම් ., නමුත් අපි කැමතියි මේ කල්ලිය විහිළුවෙන් විනෝදෙන් ඉන්න අපේ බලාපොරොත්තුව කවදා හෝ අපේ මව් බිමේදී හමු වීමටයි. ඒ හේතුව නිසා හොඳ රන්ජනී වගේ ඔයා ඔයාගේ පාඩුවේ අදහස් ලියන්න හොඳේ අනුන්ගේ සීනි කිරන්නේ නැතිව (ස)
අනේ දිසානායක නොහොත් බොරු රූපවති ,අපි හැමදාම රූපවති අක්කා ලියන දේවල් කියවපු අය. ඔයාට පහර වදිනකොට ලියන්නේ නැහැ කියපු රූපවති අක්කා අාපහු ඇවිල්ලා. ඉතින් අපි හොදට දන්නවා බොරු රූපවති කව්ද ඇත්ත රූපවති කව්ද කියලා. මම හැමදාම මගේ අදහස් ලිව්වේ සමන් කියලා. අනික ඔයා ඇත්ත රූපවති නම් මට කවදාවත් දොස් කියන්නේ නැහැ. (නි)
කාලෙකට පස්සෙ මරු කතාවක් දාලා තියෙනවා. (ස)
අපේ රූපවති අක්කා කිව්වේ එයාට සිංහල කතා කරන්න කෙනෙක් නැති හින්දා එයා මෙතන අදහස් දමනවා කියලා. දැන් රූපවති අක්කගේ ඔෆිස් එකේ අය සිංහල ඉගෙන ගන්නවද? බළලා පැන්න මල්ලෙන් එළියට. බොරු රූපවති නොහොත් දිසානායක. අපි අහුවෙයි ඕවට (නි)
කොපි කඩේ කියන්නේ මුළු ලංකාවම ගොඩක් ආශාවෙන් නරබන කතාවක්. ඒ වගේ ගොඩක් අය අපේ අදහස් වලින් සතුටු වෙනවා. අපිට එය අපේ සතුට හා සමානයි.., (රන්ජනී හරියට කොපි කඩේ දයාවතී අක්ක වගේමයි ) (ස)
ප්‍රියාන් චන්දි එක්කෙනෙක්ද? (නි)
කැලුම් මටත් මේ විදියේ දෙයක් සිදු උනා. එකම වැඩේට දෙපාරක් එන්නේ මොකද කියල ඉවසල ඉවසලා බැරිම තැන දෙවැනි එන්නතින් පසුව වෛද්‍යවරයා ලඟට ගිහිල්ලා කිව්වා මේ වගේ කැත වැඩ තවත් වෙන්න දෙන්න එපා මට මේ හෙදියගේ දත් කුට්ටම ගලවන්න හිතෙන්න ඉස්සෙල්ල මගේ දත ගලවන්න කිව්වා. ඉතින් ඔහු සමාවෙන්න කියල හිනා වේවි දත ගල්ලෙව්වා. අපේ රටේ වැඩ කරගන්න ගියාම සමහරවිට ටිකක් වෙනස් වෙන්න සිදුවෙනවා.(නදී)
තමන්ගේම නමින් එම අදහස ලියනව නම් තමා එහි වටිනා කම,බොරු නම් ,ගම් වලින් පෙනී සිට අදහස් ලියනවට වැඩිය.(නදී)
මුදල් වියදම් කර දත් ගලවා ගැනුමට අපහසු ජනතාවට නොමිලයේ කාලයත් මුදලත් ඉතුරු කරගෙන තම දත් ගලවා ගැනීමට ආයතනයක් ඇත. මෙය රජයේ කාර්යක්ෂම තාවය මානව පිලිඹිබු කරන්නෙකි .තවද මෙම ක්‍රමය තුලින් රජයේ නිලධාරීන් සහ මහජනතාව අතර හොඳ හිත වර්ධනය වනු ඇත ..ඔබත් අත්හදා බලන්න ... ලගම ඇති පොලිස් ස්ථානයකට ගොස් එහි නිලධාරීන්ගේ මව් ගුණ සජ්ඣායන කරන්න. ඉක්මන් ප්‍රතිපල ලැබේවී. (ස)
කව්රු ගියත් මගේ නාරං මගේ වත්තේ.. (නි)
කටා මාමගේ කතාව නම් නියමයි. (නි)
කදුළු දෙන්න මට හඩන්න.... සත් සමුදුරු ගොඩ ගලන්න.... ඉඩක් දෙන්න මට ලියන්න.... මා කල පිං පිටු පිරෙන්න ... (නදී)
අපි රුපවති අක්කා ලියන දේවල් කියවන්නේ ගොඩක් කල් ඉඳලා. එයා කවදාවත් කාගේවත් ඉරණමක් පාරේ විසදෙන්න කියන කෙනෙක් නෙමෙයි. දිසානායක අයියාගේ විවේචන ටිකක් අතිශෝක්තියෙන් වගේ ලියල තියෙන්නේ. මට හිතෙන්නේ කවි ලියන්නෙ ඇත්ත රුපවති. බොරු රුපවතිට කවියෙන් උත්තර දෙන්න බැරි නිසා එයා නිකන් ඉන්නවා. දිසානායක අයියාගේ විවේචනය අතිශෝක්තියෙන් ලියල තියෙන්නේ බොරු රුපවති දිසානායක අයියවත්ද (ස)
අහිංසා ඔය පිම්බෙනවා කිවුවේ මටද ..කෙල්ලේ උබ පිම්බෙන්නේ නැතුව හිටහන්කෝ. අනුන්ගේ සීනි කරන්නේ නැතුව ....ඒ පාර චන්ද්‍රා පැනල දත ගලවගන්න පැනල ....කෝ අර වට්ටි අම්මල .. (ස)
සුදේශ්, මිනිසාගේ කුහකකම්, මෝඩකම්, ගුණමකුකම්, නපුරුකම්, සහ පහත් ගති වලට ස්ත්‍රී පුරුෂ බේද, වයස් බේද, ජාති බේද, ආගම් බේද, කුල බේද නැහැ (නි)
දත ගැලවීමට පැමිණි රෝගියාට නිර් වින්දනයෙන් පසු ඒ ගැන හරියා කාර උපදෙස් නොදීම මෙයට හේතුවයි. (නදී)
නාකි හුරතලේ කියලා නොකියන්නේ ...නයා අරින හෝටලක් නොසිතන්නේ....බොරු පොරොන්දු දී නෑ යාලුවෝ රවටන්නේ.. ගලනා කදුළු නැහැ රුපගේ නවතින්නේ... (නදී)
නැහැ නැහැ මම පහර දෙනවා නෙමෙයි .මම කොහොමත් ඕගොල්ලන්ගේ පැත්තේ . එතකොට ඔයා වැඩ කරන තැන ලංකාවේ කෙනෙක් හිටියොත් හැම වෙලේම හම්බෙනවනෙ ඉතින් කතා කරන්න පුළුවන්නේ ඇයි ඉතින් කතා නොකරන්නේ අනික රූපා අක්කත් එක්ක වැඩ කරන තැන අයත් තරහ ඇති නේද ? නැත්තන් ඔහොම ලියයි ඇ නේද? (ස)
නිකමට වගේ බැලුවා මහ පාර දිහා.....හිටියා සුනඛයෙක් එලවන්නටම තමා.....බල්ලොත් එක්ක බෑ කියලා හිතුව මෙමා.....පැනගත්තා ඇතුලට ගෙයි දොරත් වසා..... (ස)
ඇත්තටම මෙතන ඉන්න හුග දෙනෙක් හිතාගෙන ඉන්නේ පත්තරේ පල කරලා තිබෙන අදාල දේට අදහස් නොදා තම තමන්ගේ පැටිකිරියන් කියා ගැනීම අනුන්ට මඩ ගැසීම මහා ලොකු වීරකමක් කියලා. කරුණාකරලා කියන්නේ තමන්ගේ මෝඩකම් අපට දැන ගන්න අවශ්‍ය නැහැ. මේකත් තමන්ගේ බුදලයක් කරගන්න එපා. අපිට මේ අදහස් කියවන එක එපා කරවන්න එපා.අපිට දැන ගන්න ඕනෑ මිනිසුන්ගේ ඒ සිද්ධියට සම්බන්ධ අදහස් පමණයි. (නි)
චන්දි, අද හෙට දවසක් දාගෙන කට්ටියට හම්බ වෙන්න විදිහක් නැද්ද?? (ස)
ඕගොල්ලෝ මං ගැන මොකද හිතන්නේ? අනේ ඇත්තම ලියන්න. ස්තුතියි (ස)
නැහැ සමන්. මම චන්දි නෙමෙයි. මම දාපු අදහසට සමාන දෙයක් තමයි චන්දිත් කියල තියෙන්නේ. මමත් ඒක දැක්කා. මම මේ තීරුව හැමදාම කියවන නමුත් කලාතුරකින් ප්‍රතිචාර දක්වන මෙහි ලියපු සියලුම දෙනාට සිතින් ලෙන්ගතු ලංකාවෙන් ගොඩක් ඈත රටක ඉන්න කෙනෙක්. ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? (නදී)
බලාගෙන යනකොට කිහිප දෙනෙක්ම තොප්පිය දා ගෙනනේ. (නි)
මේ ලඟදි මට ඉන්දියන් කපල් එකක් හඳුනාන ගන්න ලැබුනා. හරි හොඳ එවුන් අප්පා. (ස)
දත් ගලවනකොට විදින මත්වෙන බෙහෙත නිසා පිස්සු නටන හරිම හිනායන වීඩියෝ ටිකක් තිබෙනවා යූ ටියුබ් එකේ.ටූත් එක්ස්ට්‍රක්ෂන් ෆනී කියා ටයිප් කරලා බලන්න (නි)
සමාධි,පොඩියට ඉන්න අය තමයි ලොකු ලොකු වැඩ කරන්නේ. (නි)
ප්‍රියන් දෙන්නම ලියල තියෙන්නේ එකම දේද මම ඒක දැක්කේ නැහැ (නදී)
කීයද අනේ මාතෘකාවට අදාලව කතා කරලා තියෙන්නේ. ඔයාල විභාගවලට ගියාමත් උත්තර ලියන්නේ මෙහෙමද. (නදී)
රූපා අක්කේ,, ඔයාට ඉක්මන් සුවය පතනවා..!! ඔයා හිත රිදවා ගන්න එපා, අපිට ඔයා ලියන්න අපි හරි අසාවෙන් කියවන්නේ, මම ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ මගේ පැතුම අපි මතු හමු වෙන්නයි අපි ලංකාවට ගියාම ඔයා මොන පළාතේ වුනත් මම ඔයාව බලන්න එනවා (කොහොමහරි එනවා)අක්කේ (නදී)
ගුණරත්න මහතා, ඒ ප්‍රවෘත්තියට අදාළව දාන අදහස් පලවෙනවා හොර නිසා වෙන්න ඇති. (ස)
දිසානායක මහත්තයෝ "මට හොඳ කොන්දක් තියෙනවා" හැබෑ නේන්නම් ඒක නෙව මේ කුඩ මිට ඇන..ඇන..කොයි යනවද මේ හපයකුත් දාගෙන. කපු කමකට නැහැ වගේ... (නදී)
චන්ද්‍රා අක්කේ...දැන් කටේ තව දත් කීයක් තියෙනවාද? (ස)
මෙන්න කුසුමක්කගේ වැඩ? දෙයියෝ සාක්කි.. (ස)
මමයි රූපා අක්කයි ප්‍රාර්ථනා කරනවා ලගදීම මුණ ගැහෙන්න., '' ඒත් '' රුවන් මල්ලි ඒක ඉක්මනට වෙන එකක් නැහැ ..!! නමුත් කවදා හෝ අපි හමුවෙනවාමයි .., මං ඔබටත් ආරාධනා කරනවා (දින නියමයක් නැතිව ) අප හා සතුටු වෙන්න එක්වන්න කියා.., රූපා,දිසා සරා, හේරා ඉන්දු,නිලූ,මධුක ඔයාල රෙඩි නේදෝ......? (ස)
අම්මෝ ඇයි අපේ සමදරා අක්කා මේ තරන් සැර මොකක් හරි කොක්කක්ද කියන්ඩ අක්කේ ඔය පෙත්තලා ඕනේ නැහැ ඕන දේකට අපි ඉන්නවා(නදී)
පහන් මලයා කුඩා කාලේ සිතුනයි කී කතාව මම ඉස්සර අහල තියෙනවා. ටිකක් වෙනස් විදියකට, ව්‍යාපාරික පියා එකම පුතුගෙන් අනාගත බලාපොරොත්තුව අහලා, පුතා හදවත් පිළිබද විශේෂඥ දොස්තර කෙනෙක් වෙන්න ආසයි කියද්දී, පියා ගත් කටටම, පුතේ මිනිසුන්ට හදවත් නම් එකයි තියෙන්නේ දත් නම් තිස් දෙකක්ම තියෙනවනේ දත් දොස්තර කෙනෙක් වෙයන් එතකොට වැඩ වැඩියෙන් ලැබිලා හොඳට සල්ලි හොයන්න පුළුවන් කීවාලු. ඒ පහන්ගේ පියාද නොදනිමි. (ස)
අම්මෝ! ඇයි අපේ සමදරා අක්කා මේ තරම් සැර? (නි)
මොන පාරේ ගියත් තමන් හරි පාරේ ගියා නම් ඉවරනේ ..... (නි)
සමන් මල්ලි ..මම කීවේ ..ලංකාවේ ..මෙහේ නෙවේ..? රැකියා ස්ථානේ ඉන්නේ ශ්‍රී ලංකිකයෙකුට මා පමණයි...? ලියන කියන කට්ටිය නැහැ ..ඒත් ශ්‍රී ලංකාවේ වචන සමහර වෙලාවට මගෙන් අහගෙන මෙයාල කියවන්න ගිහින් ..මමවත් දන්නැති අලුත් වචන කියනවා අපේ සිංහලෙන් ...? ඉන්ටෙර් නෙට් එකෙන් සිංහල ඩවුන්ලෝඩ් කරන්..උදේට කියවනවා මට ඇහෙන්න සමහරක් අය..එයාල සිංහල වෙන්න හදනවා ...ඒ උනාට හරිම හොඳ විදියටයි ...?අපහාස වෙන විදියට නෙවේ ..මෙයාල හැම වර්ෂයකට වරක් අපේ ලංකාවට එනවා 100, හමාර ටුවරිස් ලංකාවට ඇවිත් ගියාම ..අපේ රටට සහ මිනිසුන්ට හොද මයි කියන්නේ ...? හරිම සුහද ශීලී මිනිසුන් හා හිනාවෙන මිනිසුන් ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලයි ..මා සමඟ කියන්නේ ...? (ස)
චන්දි සහ රූපා තාපස කකුළුවා සහ මුහුදු මල වගේ (නි)
මා කුඩාකල සිතා සිටියේ හෘදය සහ මොලය පිළිබද දොස්තර වරයෙකු වනවාට වඩා දත් දොස්තර වරයෙකු වන එක ලාබදායකයි කියාය. මොකද මිනිසෙකුට දත් 32 ඇති අතර හෘදය සහ මොලය ඇත්තේ එකක් බැගින් වන නිසාය. (ස)
චන්ද්‍රා ඉස්කෝලේ හාමිනේ...මාතෘකාවට අදාලව කතා කරලා කරලා කරලා දැන් හති. මේක පන්තිය වත් විභාගයවත් නෙවෙයි නේ...ඕනේ නැති නීති දැම්මොත් ...ළඟක පොලිසියක් වත් නෑ ඉස්කෝලේ හාමිනේ බේරෙන්න. ඉල්ලන් කන්න වෙනවා අන් බානකට. (ස)
පිම්බෙනවා කිවුවේ මටද...මොකද අහිංසගේ ඇඟට පනින්නේ...ඔය කී වෙනි බබාද? (ස)
පෙත්තෝ පොඩි හිටියෙක් වගේ. ඉන්න ලොකු කතා කියන්න එපා.පෙත්තා තමයි හැමෝවම රණ්ඩුවට පටලවන්නේ පෙනේද පොඩිවට හිටියට කරන වැඩ. (ස)
දත් ගලවා ගන්න මෙන්න නියම තැන. බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නියෝජිත තැන හමුවන්න. හිරිවැටෙන එන්නත් දත ගැළවුනාට පසුව... (නි)
අය්යෝ ඉක්මනට වෙන්නේ නැද්ද. අක්කේ ස්කයිප් වල පුළුවන් ඔක්කොමලා එකතු කරගෙන එක පාර චැට් කරන්න. හරියට නිකන් හම්බ උනා වගේ තමා. අනේ තරහ වෙන්න එපා මට නම් එන්න වෙන එකක් නැහැ. (ස)