පොලිස් අණ නොතකා යතුරුපැදියෙන් ගොස් පොලිසියෙන් බේරීමට රාළහාමි කෙනකුගේ නිවසට යතුරුපැදිය දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මෙම සිදුවීමට අදාළ තරුණයා මෙම සිද්ධිය වූ ගමේ පුද්ගලයකු නොවේ.
ඔහුට යතුරුපැදි ධාවනයට බලපත‍්‍ර නොමැති වූ අතර අදාළ ගමේ මළගෙදරකට සහභාගි වී යන අතරේ පොලිසියෙන් යතුරුපැදිය නැවැත්වීමට උත්සාහ කර ඇත. මෙම තරුණයා විසින් යතුරුපැදිය නොනවත්වා ගමන් කර ඇති අතර, පොලිස් යතුරුපැදිය ද මොහු හඹා ගොස් තිබේ.
පොලිසිය තමා හඹා එන අයුරු දුටු තරුණයා බේරීම සඳහා වංගුවක් ඉස්සර කර පොලිසියට නොපෙනෙන්න නිවෙසක් තුළට දමා තිබේ. පසුපසින් පැමිණි පොලිස් නිලධාරීන් අදාළ බයිසිකලය හා තරුණයා අතුරුදන් වීම සම්බන්ධයෙන් අසල ඇති කඩයකින් විමසා ඇත.
එවිට කඬේ සිටි පිරිස පැවසුවේ, රාළහාමිලාගේ නිවෙසට යතුරුපැදියක් වේගයෙන් ගිය බවය. පොලිස් නිලධාරීන් නිවසට ගිය පසු දුටුවේ බයිසිකලයෙන් බැස නිවැසියන් සමඟ කතා කරමින් සිටින තරුණයාය. ”අනේ අම්මේ මාව බේරගන්න මට ලයිසන් නෑ” යයි තරුණයා පොලිස් නිලධාරියාගේ මවගෙන් ඉල්ලා සිටි අතර, ”අනේ ළමයෝ ඒ මගේ පුතානේ.
පොලිසියේ වැඩ කරන්නේ” යැයි කාන්තාව පැවසූ අතර, තරුණයාට දෙවියන් සිහිවී ඇත්තේ නිවෙස දෙසට පැමිණෙන පොලිස් යතුරුපැදිය දුටු නිසාය. කෙසේ වෙතත් අදාළ නිලධාරීන් දෙදෙනා අකුරට සිය රාජකාරිය කළාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්ර තිබිලාත් සමහරු වාහන එළවන්නේ රියදුරු පුහුණුවක් නැතිගානට. අපේ රටේ බලපත්‍ර වල හොඳකම කොච්චරද කිව්වොත් ඕස්ට්‍රේලියාවේ ඉන්න හිතවතියක් කිව්වේ ලංකාවේ උදවියට එහෙ අමතර විගණන පරීක්ෂණයක් පවත්වනවාලු එහෙ රියදුරු බලපත්‍ර ගන්න. හේතුව අපේ බලපත්‍ර නිකුත් කරන පටිපාටියේ ගුණාත්මකභාවය එහෙට ආරංචි වෙලාලු. (නි)
චන්දී,ඔබ පුංචී මිනිපිරියක් ඉන්න ආච්චි අම්මා කෙනෙක්ද...?අහන්නත් සන්තෝසයි.ඔය වයසේත් වැලිකතරකට වෙලා සේවය කරන්නේ අපේ නැති බැරි කමටනේ.පුංචි මිනිපිරීට දුක හිතෙනවා ඇති ආච්චිගෙන් වෙන් වෙලා ඉන්න.පව්..! (රේ)
මාවත් අද පොලීසියෙන් නවත්තලා ලියන්න හදනකොට මම කිව්ව දෙයියෝ සාක්කි එකේ රූපවති ගැන ලියන ජයනාත් මම කියලා. යන්තම් බේරුනා (නි)
අපේ පොලිසිය ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔය වගේ අහිංසක අසරණ මිනිසුන්ට තමයි (බ)
පවු අහිංසක කොල්ලා! (නි)
ඔය බයිසිකල් කටුව නෙවේ ..? අන්න සිරියාවෙන් නැවක් ආව අපේ කෑම්ප් එකට දැන් හොදයිනේ .ඇමරිකාවයි බ්‍රිතාන්‍යයි එකතුවෙලා බලා ගනියි...? (අ)
හිතා ගන්න අමාරුයි ඔය වගේ දෙයක් වෙයි කියලා.(හේ)
අනේ ..මේ තියෙන රැකියාව හොදයි ...දේශපාලකයෝ කියන්නේ අඩු පන්තියේ කොටසක්..මමයි චන්දි අක්කයි පෞද්ගලිකව දැන හදින ගත්තේ මේ පාටක තීරෙන්..ඒ අක්ක හොද කාන්තාවක්.. අපි එකිනෙකාව හදුනාගත්ත..! (බ)
පිටබැද්දර ජයා නිකන් නොදන්නා තාලෙට අහනවා. දැන් කවුද ඔය දුල්මි කියන කෙනාට උපදෙස් දෙන්නයි, කාන්තිගෙන් ලියපු දේ සහ ශෛලිය ගැන හරස් ප්‍රශ්න අහන්නයි ගියේ? අපිද ඔබද? දැන් බොරුවට කියනවා තමන්ගේ නමින් ප්‍රතිචාර ලියලාලු. මොන විහිලුවක්ද මේ? (නි)
මටත් හිතෙන්නේ චන්දී නිකන් මෙතැන පන්තියේ මොනිටර් වෙන්න දඟලනවා කියලා. අනෙකුත් පාඨක බවලතුන්ගේ අදහස් වලින් අපිට එහෙම දේවල් හැඟෙන්නේ නැහැ. ඔවැනි දේවල් තමන්ම තේරුම් ගත්තොත් වඩාත් හොඳයි. (නි)
කාන්තාවන් පමණට වැඩිය හැමතැනම කැපී පෙනෙන්න උත්සාහ කරනවිට නැති ප්‍රශ්න ඇති වෙනවා. හරියට මේ පුවතේ ලයිසන් නැතුව මෝටර් සයිකලයේ නැගලා පොලිසියට වෙට්ටු දාන්න ගිය ඉලන්දාරියාට සිදුවුණ දේ වගේ. (නි)
පවු ඉතින්. අපිට තමයි නීතිය අකුරටම (නි)
අපේ ජයනාත්ටත් වෙන්නේ පුදුම දේවල්නේ.., ඒ නම කියපු නිසාමයිද ඔයා බේරුනේ ..(රේ)
කාන්ති මොකද දෙයියනේ මේ වහෙන් ඔරෝ භාශාවෙන් ලියල..?(රේ)
මෙතන මේ ඇතිවෙලා තියෙන්නේ දුප්පත් පොහොසත්, මෙරට පිටරට හෝ මැදපෙරදිග බටහිර ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපේ පාඨක සභාවේ ලොකු පුටුව පිළිබඳ ප්‍රශ්නයක් කියලායි මට හිතෙන්නේ. (නි)
ජයනාත් මල්ලි පිටබද්දර රාජා මල්ලි ඉස්සරවෙයි කියලා බයවෙලා බයික් එකෙන් හයියෙන් ගිහින් පොලිසියට අහු වුණා, හිමින් පදින්න මල්ලි, මම ඔය දෙන්නටම කැමතියි (අ)
ඉස්සර මේ තීරුවේ ලස්සන කතා කියලා අපි දැනුවත් කළ පීටර් අයියාට මොකද වුණේ? (නි)
චන්ඩි අක්කේ ඔයා කොහොමද දුප්පත් කියන්නේ ..;ඔයා ගොඩාක් පොහොසත්.. ඒ ඇයි දන්නවද..? 1980 ගණන්වල මගේ කිරි අම්ම මට කීව දෙයක් අදටත් වලංගුයි ..?( නිදි වස්ත්‍රයෙන් උපදින අපි ..බුදලෙන් ,වත්තේ හතරකොන දිග බලලා කවදාවත් ඒකා පොහොසතෙක් කියල වත් දුප්පතෙක් කියලවත් මනින්න එපා.) මනින්න ඕනේ එකාගේ( කල්කිරියාවෙන් මනුස්සගුනයෙන් )ඒ ටික මම අදටත් විශ්වාශ කරනවා..මගේ කිරිඅම්මා මැරෙන තුරාවටම ඇගිලි අත්සන තිබ්බේ ..කවදාවත් ඉස්කෝලේ ගිහින් තිබුනේ නැහැ ..ඒ ත් සමාජ අද්යයනය හොදට තිබුනා ..අපිටත් වඩා බුද්ධිමත් (රේ)
අපොයි ඔව්. මේ බවලතුන් කියන ජාතියට දෙයක් වටහාදෙන්න බොහොම අපහසුයි. මෙතන තමන් අදහස් ලියන අනෙකුත් පාඨකයන් භාවිතා කරන පිළිවෙලේ අඩුපාඩුවක් තිබෙන බව පෙන්වා දුන්නාම ඒ දේ තමන් ඉන්න රටට ආදේශ කරගන්නවා. (නි)
ඒ වුණාට අර ලයිසන් නැතිව රිය පදවා කහ ඉරේදී මරණයක් සිදු කළ තරුණ දේශපාලන පුතා අත් අඩංගුවට ගැනිමක්වත් නැතිව පොඩි වන්දියක් ගෙවා නිදහස් වුණේ. මේ සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන්නේ වෙනත් නීතියක් වෙන්න ඇති. (ම)
හරියට හරි රමණි, එක්කෙනෙක් ට්‍රැෆික් පොලිස් නිලධාරිනියක් වගේ තමයි ලියන මිනිසුන්ව හසුරුවන්න හදන්නේ. (නි)
මේ වගේ සාමාන්‍ය මිනිස්සු අල්ලා ගෙන තමයි පොලිසියත් මේ රටේ නීතියක් තිබෙනවා කියලා පෙන්වන්න යන්නේ. කට සැර දේශපාලක හාමිනේ කෙනෙක් නීතියක් කඩලා අහු වුනා නම් බලන්න ඕන. (බ)
2015-10-22 09:53:48 කරුණාවෙන් කියන්නේ මේ ප්‍රතිචාරය මා විසින් ලියුවක් නොවන වග වගකීමෙන් මගේ පාඨකයින්ට කියන්නේ, ඒ වැනි දෙයක් මා මෙහි නොලීවෙමි! කව්දෝ මගේ නමින් ලියා ඇත. (බ)
දැන් ඔය නම, කෝකටත් තෙල වගේ වෙලා..ළගදිම දියවන්නාව පැත්තෙනුත් ඇහුනෙ නැත්නම් තමයි පුදුමේ..(බ)
රූපවතී ගැන හිත හිත මෝටර් සයිකලේ පැද්දේ අර පිට බැද්දරයා මට ඉස්සර වෙයිද කියාලා, කිසි අනුකම්පාවක් නැති රාලහාමි (බ)
දැන් ඉතින් ඔයගොල්ල කියන්නේ මෙයා කරපු වැඩේ හරි කියලාද..? දියුණු රටවල නම් දඬුවම ඉතා දැඩියි. (ර)
චමරි ,පීටර් අයියලා ලියන දවස්වල මෙතන බදු අරගෙන කට්ටියක් හිටියා.ඒ අයට එපාවෙලා ලිවිම අතහැරියා.ඒකෙන් වුණේ වටිනා අදහස් ලියන කෙනෙක් ඔක්කොටම අහිමිවුණ එක. (නි)
කිත්සිරි,බල්ලෝ ටිකක් හඳට බුරති. (බ)
මේ අදහස මගේ නෙවෙයි..මම අහින්සක විහිලුවක් කරනව මිසක්..මේ වගෙ දේවල් කියන්නෙ නැහැ..මින්පසු මගේ කොමෙන්ටු වල මේ වගේ අසාමන්‍ය බවක් දිස් වේ නම්..ඒ මගෙ අදහස් නොවෙයි (රේ)
ඇත්තටම පාර්ලිමේන්තුවට හරියටම ගැලපෙනවා රුපවති සහ චන්දි වැනි එඩිතර කාන්තාවෝ , පැත්ත ගියත් ඇත්ත කතා කරානවා (බ)
කාටවත් මේ තීරය බදුගන්න ලැබුන එක අහන්නත් පුදුමයි. මම නම් කවදත් ලියන්නේ ස්වාධීන අදහස් මගේ පාඩුවේ. ඒවා සියල්ලම වගේ පළවුණේ කිසිම අවහිරයක් නැතුව. (නි)
මේ පොලිසිය අදාල ගමේ කියලා හරියන්නේ නැහැ . අපිට දැන ගන්න ඕන මේ අර ලඟදි ලෝක ප්‍රසිද්ධ වෙච්චි පොලිසියද කියලා. ඒ ගොල්ලන්ට තරුණයන් පෙන්නන්න බැහැනේ . (අ)
අර ඉස්සර වගේ. මටත් පෙන විදියට චන්දි තමා මෙතන කලබල ඇතිකරන්නේ. (අ)
කවදද සිත් පහන්වුණු මිනිසුන් ඇති පැලකින් තේ කෝප්පයක් බොන්නේ ...? (ර)
අජිත් සොයුර, කරුණාකර මට නිවරැද්දේ දොස් කියන්න එපා මගේ නමින් කවුරු හෝ කොමෙන්ට් කරලා ඔයාලට මාව එපා කරනවා ඉස්සරත් උනා දැනුත් වෙනවා මම ඉතින් මොනවා කරන්නද.? (ර)
නීතිය ලොකු පොඩි කාටත් එක වගේ ක්‍රියාත්මක වෙනවා නම්, වැරදි කරන අයට ලොකු පොඩි කම නොබලා දඩුවම් කරනවානම් ලංකාව කොච්චර ලස්සන රටක් වෙනවද. (රේ)
රාලහාමිගේ අම්මා ළඟ පින්සෙන්ඩු වෙලා නීතියෙන් බේරෙන්න පුලුවන්ද.? (ර)
අයියෝ චන්දි, මොකද මේ අසරණවෙලා? කවුරු මොනවා කිවුවහම මොකද ඔයා කරන දේ ඔයාට හරි නම්. හඳ තියෙන කාලෙට බල්ලෝ හඳට බිරුවට හඳ පාත්වෙනවද? ඒ හින්දා වෙනදා වගේම මොනවාහරි විහිළුවක් කරලා අපිවත් හිනස්සවන්න. සතුටින් ඉන්න. ජීවිතේ බොහොම කෙටියි නංගි (නි)
අන්න හොදයි වැඩේ ..එහෙම තමා වැඩ කරන්න ඕනේ ..ලයිසන් නැතිව වාහන පදින ලංකාවේ ඉන්න මිනිසුන් නිසා තමයි අසරණ මිනිසුන්ට කහ ඉරේන් වත් පාර මාරුවෙන්න බැරි...? (ම)
ඉතා හොඳයි (ම)
අපිට වුණොත් වෙන්නේ ඔය වගේ වැඩ තමයි ඉතින් (නි)
නියම වැඩේ තමයි මේක නම් (නි)
ජනාධිපති , හිටපු ජනාධිපති මැති ඇමතිවරු ඉඳලා හැමෝටම එකම විදියට නිතිය ක්‍රියාත්මක කරනවානම් පොලිසියේ සේවය අගය කරන්න පුළුවන්. අර ඩිෆෛනඩර් එක ඉරි කපාගෙන ගිහින් බස් එකක වැදිලා චප්ප උනේ, එයාලට ඉරි කපාගෙන යන්න තරම් ශක්තියක් අවේ පොලිචියේ වැඩ නිසා තමයි. රියදුරු බලපත්‍රය නැතිව වාහන පැදවීම වරදකි(රේ)
ජයනාත්ගේ නමින් මෙම තීරුවේ ලියලා තියෙන්නේ කව්ද කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා.මෙවැනි අසහනකාරයන්ට හොඳ මඩුවලිගයක් අරගෙන පන්න,පන්නා දුන්නේ නැත්නම් ඔබේ,සහ මගේ නමින් වුණත් අදහස් දාන්න ඉඩ තියනවා. (නි)
ස්තුතියි ජයා සොයුර. මේ ටික දෙනෙක් කියන විදියට මේ එසැණ හිමි අපි වගේ දුප්පත් අයට නෙමෙයි, යුරෝපා රටවල ඉන්න ධනවතුන්ට වගේ. කෙනෙක් මට නිහඩව ඉන්නත් කියලා තව කෙනෙක් අම්මාගේ අප්පාගේ බුදල් මතක් කරලා .තවත් අය මගේ නමින් ලියනවා. මමත් මගේ වැඩපළ ඉවරවෙලා එසැණට ගොඩවෙන්නේ පුංචි හෝ සතුටක් විඳින්න.රූපත් මමත් එසැණ තීරුවේ ලියලා අපි දෙතුන් දෙනෙක් ස්කයිප් වලින් දැන හැඳින ගත්තා. ඒකයි රූපා ගැන ලිවුවේ. එයාට තරහ යන්නේ නැහැ කියලා මොනවා ලිවුවත්, ඒකත් වැරදියට අරන්. ඒකයි දුක හිතුනේ (නි)
වැලි කතරකයි මම සේවය කරන්නේ...ඉඩ ලැබුනමයි එසැණට මම ගොඩ වෙන්නේ ... කුසට අහර ගන්නත් පෙර සැම අමතන්නේ... යුරෝපයේ අය පමණක්දෝ මෙහි රජවෙන්නේ.... (නි)
ජයනාත් මලේ අනුන්ගේ ඇඳුම් හොරෙන් අඳින අය එදත් හිටිය අදත් ඉන්නවා ගණන් ගන්න එපා (අ)
චන්දී,ඔබ ඔය කියන තරම් සුද්දවන්තියක් නොවන බව ඔබේ අදහස් වලින්ම පේනවා.යුරෝපයේ ධනවත් අය ගැනම ඔබ කතා කරන්නේ එයාලාගේ හිත රිදෙන්න මොනවා හෝ කළා කියන එක නොවේද?කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඕකට තමයි.යුරෝපයේ ඉන්නෙත් අපි මෙන්ම සහෝදර සහෝදරියන් බව මතකයේ රඳවා ගන්න.මේකට ලොකු හෑල්ලක් ලියන්න එපා දැන්. (නි)
කසුන්, ඔබ සමඟ මම එකඟ වෙමි.වැරදි කරපු සමහරුන් තොප්පිය හරියටම තමන්ගේ ඔලුවලට දමාගෙන තිබේ. (අ)
අනුන්ගේ ප්‍රතිචාර වලට උත්තර නොදී තම තමන්ගේ අදහස් දාන්නකෝ අයියෝ (බ)
ඔය වැඩේ කළේ අහවල් ඇමතිගේ පුතා වුන නම් පොලිසිය පස්සෙන් යයිද?, (අ)
මට පහර දෙමින් ., මා පසු පස හබා එමින්.., කුමක්දෝ නුබලා ලබන සතුට හෝ වාසිය . මා මගේ ගමන යන්නෙමි හිමින් සැරේ නොවී කිසිවෙකුටත් කරදර හිරිහැර ..!! (රේ)
අයියෝ රාළහාමි කොහොම වෙතත් අම්මාටවත් අනුකම්පා හිතිලා නැද්ද? (නි)
දුප්පත් කන්වැදුම් ආච්චි කෙනෙකුට මේ තරම් එළව එළවා පහර දෙන්න ගුණනමකුවනි ඔබලාට දුක නැද්ද? හරි දුකයි (රේ)
චන්දී ඔබ රුපාට තරහා යන විදිහට මොකුත් නොලීවාට අනෙකුත් අයට තරහා යන විදිහට ලියන නිසානේ ඔක්කොම ප්‍රශ්නේ.මින් පසුවවත් පාඩමක් ඉගෙනගෙන වැඩ කරන්න.මම වැඩිය කොමන්ටු නොදැම්මත් ඔබ ගැන එතරම් ප්‍රසාදයක් තිබුනේ නැහැ.ඔබ කවදා හරි නැන්දම්මා වූ දවසක ලේලිට දෙයියන්ගේම පිහිටයි. (බ)
චන්දි, ඔයා මෙතන ලොකු එක්කෙනා වෙන්න ගියොත් ආයෙත් ඔන්න අවුලක් වෙන්න ඉඩ තියනවා. කාන්ති කොහොම ලිව්වත් ඔයාට මොකද? ඔයා කිසිම අදහසක් ලියන්නේ නැහැ. අනුන් ලියපු එකට හොට දම දමා උපදෙස් දෙන එක විතරනේ කරන්නේ. (නි)
රමණී , ඔයා කවුරු ගැනද කියන්නේ කියලා කරුණාකරලා කියන්න (බ)
රියදුරු බලපත්‍රය තිබිලාත් සමහරු වාහනය එළවනකොට හැසිරෙන්නේ වළං කඩේට වැදුන ගොනා වගේ. (නි)
රූපවති උදෙන්ම වැඩ අල්ලලා නේද?? අද කවුරුත් වැඩි සද්දයක් නැහැ වගේ රූපවති ගැන. මම නම් ඉතින් පුරුද්දට වගේ ඔන්න ලිවුවා රූපවති ගැනම. (නි)
සමහරු ඉන්නවානේ මෙතන ලියන අයගේ සුපවයිසර් තැනට පත්වෙලා. එයාලට ඕනෑ විදියට ලියන්නකෝ එහෙනම් (නි)
මට මතකයි ටික කලකට පෙර ඔය චන්දී මෙතන යුද පිටියක් කරපු හැටි.පින් සිද්ධවෙයි ඔයා ඉස්සර හිටියා වගේම අයින්වෙලා ඉන්න මෙතැන ආයෙත් පොර පිටියක් කරන්නේ නැතුව. (නි)
මටත් පෙනෙන්නේ සමහරු තමන්ගේ සීමාව ඉක්මවා ගිහින් මෙතන අනෙකුත් පාඨකයන්ව හසුරුවන්න උත්සාහ කරනවා වගේ. එතකොට තමයි ඔය එකිනෙකා සම්බන්ධ ප්‍රශ්න ඇතිවෙන්නේ. මෙතනට ට්‍රැෆික් පොලිස් නිලධාරිනියන් ඕනෑ නැහැ කියලා මට හිතෙනවා. (නි)
අපිට දැන් රූපවති කියන වචනය තියා 'රු' යන්නවත් මෙතන ලියන්න කලින් අවසර ගන්න වෙලානේ. මේ යතුරුපැදියේ ලයිසන් නැතුව ගිය තරුණයාටත් බලාගෙන යනකොට අපිට වැඩිය නිදහස තියනවා. (නි)
අපේ කට්ටිය මේ වගේ කතා වලට හරි ආසයි වගේ (නි)
අපෝ පොලෝසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. දුප්පත් අපට තමයි පාර්ට් දන්නේ. අර දක්ෂිණ අධිවේගේ ගිය දේසපාලුවට විරුද්දව දඩ කොලේ ලියපු රාළහාමිට මොකද වුනේ? (බ)
යසෝ ඔබ නොදන්නවා වුනාට මම දැනටත් නැන්දම්මා කෙනෙක් තමයි.., අපි දෙන්න ඉන්නේ යහළුවන් දෙන්නෙක් වගේ, මගේ පුංචි මිනිබිරියටත් වසර එකහමාරක් වුනා,විනෝදයට මිසක් පැන පැන පහර දෙන්නේ නැහැ මම කාටවත් ඔයාල තමයි අනුන්ගේ ඒවාට හොට දමන්නේ (බ)
ලයිසන් නැතුව ගිය එකත් වැරදියි තමා. ඒත් ඉතින් පොඩි මිනිසුන් වන අපිටම තමා දැඩි දඩුවම්. නැද්ද මං අහන්නේ? (නි)
දුල්මි, ඔබ ඔබේ අදහස ලියන්න. ඒවාට අවසරය ලැබෙන්න ඕනෑ අපේ කතෘතුමාගෙන් පමණයි.රූපවතී ගැන ලියන්න ඕනෑම දෙයක්. මොකද ඇය මොනවා ලිවුවත් කවදාවත් තරහාවෙන්නේ නැහැ (නි)
මේ මෝටර් සයිකලය පසුපස පොලිසිය පැන්නුවාටත් වැඩිය වේගයෙන් අර රූපවතී නම් ජනප්‍රිය පාඨක මහත්මිය පසුපස ප්‍රබුද්ධ ප්‍රතිචාර ලියන්නන්ගේ සංගමය පන්නපු බව පැහැදිලියි. (නි)
හැම නීතියක්ම පොඩි මිනිහට තමයි (නි)
දුල්මි, චන්දි, ජෙහාන් , අදහස් ටිකනම් පංකාදු පහයි සුපිරිසිදුයි (බ)
මේක නම් පුදුමාකාර දෛවයේ සරදමක් (අ)
අපි නැග්ගොත් ඒ ගහෙත් දෙබලක් (නි)
අසවල් මහත්මියත් මෝටර් සයිකල් පදින්න ගිහින් රාත්‍රියේ පාරේ වලකට සැපත් වුනා කියලා ලියපු පුවත මතක් වුනා . හැබැයි මේ යතුරු පැදියේ ලයිසන් නැතිව ගියේ ඇහැට කනට පේන තරුණියක් නම් මේ පුවත ලියවෙන්නේ මෙහෙම නෙවෙයි. (බ)
මේ උඩින් මගේ නමින් තිබෙන අදහස බලාවත් මට දොස් නැගීමෙන් වළකින ලෙස පාඨක සැමගෙන් ඉල්ලා සිටිමි (නි)
ඔව් මමත් හිතන්නේ තමන් පුවතට අදාලව අදහස් නොලියා අනෙකුත් බවලතුන්ට නැන්දම්මා වගේ උපදෙස් දෙන්න යාමෙන් වැලකී පාඨක සභාවේ සමගි සමාදානයට වැදගත්.(රේ)
ජයනාත් මලයාත් එපා කියද්දීම හෙල්මට් එකත් නොදා කොබෙයිගනේ ගියා රූපවතිලගේ ගෙදර.තාම නැහැ.එකත් එකටම මලයාගේ පස්සෙන් පැන්නුවද මන්දා පොලීසිය (නි)
ඇහුවාට කමක් නැද්ද රුපවතිගේ මාධ්‍යය සම්බන්ධිකරණ ලේකම්තුමිය චන්දිද ? නිතරම එයා කැමති අකමැති තරහා යන නොයන කාරණාා ගැන හොඳින් දන්නා වගේ කතා කරන නිසා ඇහුව.....(රේ්)
නිතිය හැමෝටම අකුරටම ක්‍රියා කරනවා නම් හොදයි. ටික කලකට කලින්. කොළඹින් පිටදී කොළඹ සිට පැමිණි වන එකක් කොළඹ දෙසට යන මං තීරුවට පැමිණ අපගේ වහනය වැදුන. අප වහනය නැවත ඔහුට ඉඩ ලබා දී අනතුරක් වලකාලීමට කටයුතු කළත්, පසුව එතනට පැමිණි පොලික් නිලදාරිය පැවසුවේ දෙදෙනාටම 2500 ක දඩයක් නියම කරන බවයි. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ රටේ අනතුරකදී නීතිමය තත්ත්වය මොකක්ද කියන්න. කොළඹින් පිට නිසා පාඩුව අපි දරාගත්ත. එත් කොපමණ නිවැරීදි වුණත් පොලිසියත් එක්ක පගාව නොදී නම් නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (අ)
පොලිසියේ මහත්තුරුත් රාජකාරිය අකුරටම කරයි ඉතින් අහිංසක මනුස්සයෙක් දැක්කම. ලොකු සල්ලිකාරයෙක් හරි දේශපාලුවෙක් හරි දැක්කා නම් දෙකට නැමිලා ටටා පාරකුත් දානවා. අනේ අපේ රටේ පොලිසිය! (නි)
දැන් රූපවතිට මන්ත්‍රීකමකුත් ලැබිලද? සම්බන්ධීකරණ ලේකම්ලත් ඉන්නෙ. (නි)