IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දුක කියන්න ගිහින් අන්තිමේ යකා නැගලා

රජයේ කාර්යාලයක දිගු කලක් සේවය කළ ඔහු විශ‍්‍රාම යෑමට ආසන්නව සිටියේය. ඔහුගේ සේවා කාලය හා වැටුප් අඩුවීමක් පිළිබඳව කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට විටින්විට දැනුම් දුන්න ද සාධාරණය ඉටු නොවීම පිළිබඳව ඔහුගේ සිතට නිතර වද දුන්නේය.

මේ ගැටලූව පිළිබඳ ඔහු මිතුරන්ට කීය. මිතුරන් පැවසුවේ අමාත්‍යාංශයට මේ පිළිබඳ දන්වන ලෙසය. ඉතා ආමරුවෙන් සොයාගත් දුරකතන අංකයට තම අසාධාරණය පිළිබඳ කියනතුරු ඔහුට ඉස්පාසුවක් නැතිවිය. පසුදා උදෑසන 9ට ඔහු මිතුරකු මාර්ගයෙන් සොයාගත් දුරකතන අංකයට ඇමතුමක් ගත්තේය. ”ආයුබෝවන් අධ්‍යක්ෂතුමනි. මට ලොකු අසාධාරණයක් වෙලා....”

ඔහු තමාට වූ අසාධාරණය පිළිබඳ සංඛ්‍යාලේඛන සහිතව විනාඩි 30කට ආසන්න කාලයක් විස්තර කළේය. ”සර් මේක ඉටුකරල දෙන්න’’ ඔහු කීය. ”මට මේකට විසඳුමක් දෙන්න අමාරුයි. මට තේරනවා ඔයාට... සිදුවෙලා තියෙන අසාධාරණය ගැන...” අමුත්තා කීවේය. සේවකයාගේ රතු ඉර පැන්නේය.

”මොකද මහත්තයෝ මේකට විසඳුමක් දෙන්න බැරි” ඔහු මහ හඬින් ඇසුවේය. ”කනගාටුයි... මම ඒ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක නෙවේ. ඔයාට අංකය වැරදිලා....” ”කලින් නොකීවේ?” ”කියන්න ඔයා ඉඩක් දුන්නේ නැති නිසා” ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ වූ නිසා ඔහු රිසිවරය හඬනගා තැබුවේය.



අදහස් (0)

දුක කියන්න ගිහින් අන්තිමේ යකා නැගලා

ඉනෝකා Tuesday, 09 February 2016 09:50 AM

ජයා,කව්රු හරි අපි මෙතන අදහස් දක්වනවාට කැමති නැහැ වාගේයි...වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න මහතාගේ කතාවකට මගේ නමින් කව්රු හරි මගේ නොවන අදහසක් පල කරලා තිබුනා.ඔවුන්ගේ යටි අරමුණ වන්නේ මේවා බලන අපේ දයාබර පාඨකයන්ගේ අප්‍රසාදයට අපව බඳුන් කිරීම බව මනාව වැටහෙයි...මෙතන ඔළුව ගහගෙන අදහස් පල කරන එකත් ලේසි පාසු වැඩක් නොවන හැඩයි....ඔන්න අපේ අයගේ හැදියාව. (අ)

:       0       0

තුෂාරී Wednesday, 10 February 2016 06:07 PM

ඉනෝකා,ජයා,ඔබලාගේ නමින් වෙන කව්රුන් හෝ අදහස් පළකරන්නේ නම් ඔවුන් ඔවුන්ගැනම ලජ්ජා වියයුතු වෙනවා.දෙය්යෝ සාක්කි තීරය බොහෝ දෙනා බලන ඉතා ජනප්‍රිය තීරුවකි. එයිනුත් ජයාගේ කොමන්ටු වලින් අප සැම ලබන්නේ හාස්‍යජනක සතුටකි. මේ සෙල්ලම මීට කලිනුත් සිදු වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 February 2016 05:48 AM

හොද වෙලාවට මෙයා කාන්තාවක් නොවුනේ.නැත්නම් පැය භාගයකට නෙවෙයි පැය ගාණකට කතාව නවත්තන්නෙ නෑ.(ම)

:       0       0

ඉන්දික Tuesday, 09 February 2016 06:10 AM

ගොඩක් මිනිස්සු සිහියෙන් නෙමෙයි ඉන්නේ, මනසින් මවන මායාවක පැටලිලා. පට්ට මෝඩ වැඩ කරලා පස්සේ සදාරණය හොයනවා. (හේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 February 2016 06:47 AM

මෙන්න කෙනෙක් මගේ නමින් අදහසක් දාල , අයියෝ ලැජ්ජයි නේද අනුන්ගේ නමින් අදහස් දාන්නේ ? (ර)

:       0       0

ඉනෝකා Tuesday, 09 February 2016 07:04 AM

හිතේ තිබුන කලබලයටත්.හදිසිසිය නිසාත් ,සමහරවිට නොම්බරය වැරදියට ඩයල් කරන්න ඇති...(ම)

:       0       0

ජනහිත Thursday, 11 February 2016 12:43 AM

ඇත්තම දේ නම් අද ඔය රාජකාරි කරන අය කවදාවත්ම විශ්‍රාම යන්නේ නැහැ කියලා හිතාගෙන වැඩකරන එකයි. ඒ අය විශ්‍රාම ගියදාට ඔය වගේ දෙයක් වුණොත් එදාට දැනේවි අනේ ඒ කාලේ මමත් ඕවා ගණන් ගත්තේ නැහැනේ කියලා (නි)

:       0       0

රවී Wednesday, 10 February 2016 01:42 AM

ඔයිට වැඩිය ලැජ්ජයි ජයා , ඔබතුමා ලියන හැම අදහසේම අහළ පහළින් යන මහිලාවනුත් අල්ලාගෙන කොකු දාගන්න යන හැටි. (නි)

:       0       0

ජයාත් Wednesday, 10 February 2016 02:09 AM

ඒකත් නියම වැඩේ තමයි (නි)

:       0       0

අජිත් Wednesday, 10 February 2016 01:35 PM

අනේ හැබැටම පිටබැද්දර ජයාට වෙච්ච වින්නැහියක තරම!!! අන්තිමට අර කාටද වෙච්ච වැඩේ වෙලා (බ)

:       0       0

ජයමිණි Wednesday, 10 February 2016 02:17 AM

නහයෙන් අඬ අඬා බවලතුන්ගේ වැරදි හොය හොයා පිටුපසින් යන එක, ඊටවැඩිය ලැජ්ජයි ජයා. (නි)

:       0       0

වික්‍රම Tuesday, 09 February 2016 08:02 AM

ජයාලා අපි ඉතාම හොදින් සේවය කරන අය. අසාදාරන උන ගොඩක් දෙනෙක්ට අපි මැදිහත් වෙලා සාදාරනය ඉටු කර දුන්නා. අවන්කව රාජකාරි කල හින්දා අපේ දරුවන්ටත් වැරදිලා නෑ. (ර)

:       0       0

ජයනාත් Tuesday, 09 February 2016 08:19 AM

""රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුසුම අයදිනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා"" (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site