IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් ලක්ෂ ගානක් පාඩුකරගෙන

(සිටිනාමළුව අනීෂා මානගේ) 
මාළු මුදලාලි කෙනෙකු තහනම් ගහේ ගෙඩි කන්නට කාමරයකට ගොස් රුපියල් ලක්ෂ ගාණක රන්මාලයයි සුරයයි  ඇඳ විට්ටමේ අමතකවී යාමේ සිද්ධියක් දකුණේ ප්‍රදේශයකින් වාර්තා විය. 


සිද්ධිය  සැකෙවින් මෙසේය. 


දකුණේ මාළුවලට ප්‍රසිද්ධ ප්‍රදේශයකි. ඔහුද මාළු වෙළෙන්දෙකි. හොර රහසින් කාන්තාවකද කැටුව හෝටල් කාමරයකට රිංගුවේය. ඔහු පැළඳ සිටි ලක්ෂ තුනහමාරක රන් මාලය සහ සුරය ගලවා ඇඳ විට්ටමට දැමුවේය. නැවත නිවෙසට ගිය ඔහුට තම රන්මාලය මතකයට නැගුණේ පැය ගණනාවකට පසුවය. 


ඔහු  වහාම දිව ගියේ රන්මාලය සොයාගෙන ඒ කාන්තාව සමග තමා ගිය හෝටල්  කාමරයටය. රන්මාලය ගැන  ඇසූ විට හෝටල් සේවකයන් කියා ඇත්තේ හාංකවිසියක් දන්නේ නැති බවය. හෝටල් සේවකයන් සමග බහින් බස් වුණත් රන් මාලය ගැන ආරංචියක් නොවීය. මාළු  මුදලාලිට දෙලෝ රත්විය. ලක්ෂ  ගණනක් වතුරේය. 


ඔහුට මේ ගැන පොලිසියට පැමිණිලි කරන්නට බැරිය. සිද්ධිය බිරියගේ කනට ගියොත් ඉඳලා හමාරය. අවසානයේදී තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් ලක්ෂ ගණනක පාඩුවක් විඳ දරා ගෙන නිහඬව සිටින්න මාළු මුදලාලිට සිදුවිය.



අදහස් (0)

තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් ලක්ෂ ගානක් පාඩුකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1813 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1476 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site