මෙම ආයතනයේ තේ පිළියෙළ කිරීම සඳහා භාවිතා කළේ දැනට රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් ආනයනික කිරිපිටි වර්ගයකි.
පසුගිය දිනෙක තේ සාදන කාන්තාව ඇමතූ එහි නිලධාරි මහතෙක්, ‘‘ඇන්ටී දැන් මේ කිරිපිටි පාවිච්චි කරන්න එපා. අපි අපේ රටේ කිරිපිටි බොන්න ගමු’’ යැයි පැවසීය. ‘‘ඔව් සර් කොටින්ම මේ පිටි කඩවල්වල විකුණන්නත් තහනම්ලූ. අහුඋණොත් හිරේ දානවා කියන්නේ.’’ කාන්තාව පිළිතුරු දුන්නාය.
පසුව නැවත පැමිණි නිලධාරියා ඇයට මුදල් දී ලංකාවේ නිෂ්පාදිත කිරිපිටි වර්ගයක නමක් කියා ඒවායින් පැකට් තුනක් රැගෙන එන ලෙසට දැන්වීය. ඒ අනුව ඇය එම වර්ගයේ කිරි පිටි පැකට් තුනක් මිලදීගෙන පැමිණි අතර, සවස තේ වේලාවේදී එම කිරිපිටි වලින් තේ පිළියෙළ කර ආයතනයේ කාර්යමණ්ඩලයට සැපයුවාය.
කිරි තේ කෝප්පයෙන් උගුරක් පානය කළ පෙරකී නිලධාරි මහතා, ‘‘ආ, මේ කිරිත් නරකම නැහැ’’ යැයි කීය. රැකියාව නිමා වී තම නිවෙස කරා යෑමට ප‍්‍රථම ඉතිරිවී තිබූ තහනමට ලක්වූ කිරිපිටි පැකට්ටුවක් අතට ගත් තේ සාදන කාන්තාව, ‘‘සර් මේක මෙහෙ තියන්න හොඳ නැහැ. ඕක කවුරුහරි දැක්කොත් එහෙම. ඒ හින්දා මේක මම ගෙදර අරන් යන්නදැ’’ යි විමසුවාය.
කාරණය වටහා ගත් නිලධාරියා, ‘‘හරි හරි ඕක ගෙදර අරන් ගිහිල්ලා බොන්න. හැබැයි මෙහෙන් දුන්නා කියලා නම් කාටවත් කියන්න එපා.’’ යැයි සිනාසෙමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හිනා යන අයට හිනා විතරද දන්නේ නැහැ යන්නේ(අ)
හිනා වෙන්න එපා, බඩගින්නට වස වුනත් කමක් නැහැ කියලා හිතනවා ඇති. දෙයියෝ සාක්කි නොවේ දෙයියෝ කියලා ඉන්නවා නම් ඒ අය බලාගන්න ඕනෑ වැඩක් මේක (නි)
මමනම් ලංකාවට ගියාම පාරේ පැයක් විතර හිටගෙන ඉදලා කිරි මාමගේ කිරි ලීටරයක් අරන් ප්‍රිජ් එකට දමාගන්නවා. අපි හැමෝම එළකිරි ටිකක් බොනවා. කිරි ගන්න බැරි වුනොත් තේ බොනවා නැත්නම් තේ අමතක කරලා උදේට මොනවද උයලා තියෙන්නේ... කෑම ටික කාලා වතුර බොන්න පුරුදුවෙලා තියනවා. අපි ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ආකාරයටයි ජීවත් වෙන්න ඕනෑ. එවිට ජීවිතේ ලෙහෙසියි. (නි)
කට හැකර චන්දි, දැන්වත් ඇති ඕක (නි)
කටා මාමා මගෙන් මුකුත් අහගන්න එපා (නි)
හරක් කිරි වල වයස අවුරුදු දෙකට අඩු ළමයින්ට දිරවන්න බැරි ප්‍රොටීන වර්ග තුනක් තියෙනවා . මව් කිරි වෙනුවට හරක් කිරි දීලා, ඒවා ඇලජික් වීම පසු කාලයේ ඇදුම හැදිමට ප්‍රධාන හේතුවක්. (ස)
මේ නිලදාරියා කිරි පිටි හදන්න ගන්න සතා වගේ කෙනෙක්. (නි)
අහිංසක මිනිස්සු ! (නි)
ආයෙත් පටන් ගත්තා පවුලේ නාලිකාව ! කිරි පිටි නානවා ජයට.(නදී)
දිසානායකලාගේ ගම පළාතේ පාරක ...වාහනයකවත් යන්න බයයි...?හපෝ ..ඔය බලන් නැහැ ,බලන් නැහැ කියා කියා ..තමයි ..වැව් ලින් , ගානේ නානලියෝදිහා හොරෙන් බලන් ඉන්නේ...? (නදී)
රූපවති අක්කේ, දිසානායකලා දෙන්නෙක් ඉන්නවා. උඩම කෙනා මම (නි)
රූපවතී, ඒකත් නරකම නැහැ. එතකොට ඔයා ඔය නාන තැන බිත්ති හතර විතරමද තියෙන්නේ, වහලයක් එහෙම නැද්ද? ලඟපාත ගස් එහෙම නැතුව ඇති නේද? (නි)
කළු දිසානායක...මාමේ ..?ඔයා වගේ 60 පැනපු වදුරෝ ගස් උඩ යනකම් ...අපි වගේ ඇහැට කනට පෙනෙන ගැහැණු ළමයිට ළිදෙන් වතුර බාගෙන වත් නාන්න ලැබෙන් නැහැ ...? (නදී)
රූපවතී අක්කේ ඔයා කාටවත් බයවෙන්නේ නෙතුව වෙනද වගේ චන්දිත් එක්කම ගිහින් වැවෙන්ම නා ගන්න! චන්දිගේ ණය ගෙවන්න මගේ බයිසිකලයකුත් විකුණුවා!(නදී)
අපි පිට රටක හිටියත් ලංකාවට නොලැබෙන නිව්ස් අපිට ලැබෙනවා දැන් කිරිපිටි සමාගම් නවසීලන්තයෙන් ගෙන්වපු කිරිපිටි වෙන නම් වලින් වෙළද පොලට නිකුත් කරන්න බව අපට දන ගන්න තියනවා ඒ වගේම හෝටල් වලට සහ බීමවර්ග නිෂ්පාදනය කරන ආයතන වලට ඉතාම අඩු මිලකට මෙම විස සහිත කිරිපිටි ලබාදී ඇති බව එම ආයතනයේ රැකියාව කරන මගේ මිතුරෙකු අද දහවල් මා සමග දුරකතනයෙන් දන්වා සිටිය .ඒ නිසා කරුණාකර පාරිබෝගික ඔබ පරිස්සන් වනමෙන් ඉතාම ආදරයෙන් ලංකාවාසී ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි මෙම ප්‍රවෘත්තිය විශේෂ නිවේදනයක් සේ සලකා පලකරන මෙන් ඉල්ලා සිටින අතර වගකීම මා විසින් බාරගනිමි. (අ)
අනේ රූපවතී අක්කේ ඔයා ඉන්නේ සිරියාව කිට්ටුවනම් ඉක්මනට නිවාඩුවක් අරගෙන ලංකාවට ගිහින් එන්න! (දී)
හැබෑටම රූපා ඔයාවගේ ඇහැට කනට පෙනෙන ලමිස්සියක් දිය රෙද්දත් ඇඳගෙන ළිදෙන් සීතල වතුර අදාල එකින් එක ඔලුවේ හලාගෙන නාන දර්ශනය කොතරම් කලාත්මක වෙන්න පුලුවනිද? මුදාහල වරලසින් බේරෙන ජාල බිදක් තරම්වත් අපේ ඇස පින් කර නැතුවා!(නදී)
හිනා යනවා..........(දී)
අයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? (දී)
මොනවද මේ හිනා යන වැඩ? (දී)
කාලකන්නි.(නදී)
සරත් මල්ලි ,ඉතාමත් සුළු කිලෝමීටර් ගානක් දුරින් අපේ කෑම්ප් එක තියෙන්නේ ,කරන්න දෙයක් නැහැ , පවුලම අපි ඉන්නේ මෙහෙ. දරුවා පාසල් යනවා ,රැකියාව, මාස3ක පොඩි එකී , ...? අනික දෛවයේ යමක් සටහන් වෙලා තිබේ නම් මොන සක්‍රයා කීවත් එය අපිට වෙනස් කරන්න බැහැ. මගේ ජීවිතේ ගැනනම් මට දුකක් නැහැ. ඒත් කිරි සප්පයෝ උන්ට මේ ලෝකේ දකින්න ඉඩ වරම් ලැබේවා!(නදී)
චන්දි නංගි,මේ දවස් වල දිසානායක මල්ලි තරහෙන් ඉන්නේ. උපන් දිනේට, නෝනා හාමි කිරිබත් ටිකක් වත් උයලා දීලා නැහැ. හිත හදාගන්න කියලා මමත් කිවුවා. මොනවා කළත් දිසානායක මල්ලි කරන හොද සත් ක්‍රියාවට, ඔය කොලුවා විතරමයි මැරෙනකොට වතුර ටිකක් දෙන්න ඉන්නේ දිසානායක මල්ලිට. ඒ පිනම ඇති නිවන් දකින්න. දිසානායක මල්ලිට බුදු සරණයි (නි)
අනේ සරත් ,සිරියාවට වෙච්ච දේනම් කිසිම රටක නොවේවා !!! අනෙක දැන් අපිට ආරක්ෂාවටයි කියල යන්න රටක් ඇත්තෙම නැහැ (දී)
දැන් චන්දි නංගි, ඔය ණය මුදල පස්සේ ගෙවන්න කිව්වට පස්සේ ණය මුදල වැඩි කරගන්න කතා කළොත් මොකද කරන්නේ? හත් දෙවියනේ....? (නි)
කළු දිසානායක .. මාමේ ..ඔයාට ඕනෑම නම් ..?ගූගල් එකෙන් (ආර්,ඒ, එෆ් ,) අකුරු 3,කැපිටල් ,(ආකෘ ටිරි )කියල එකටම ලියන්න , ඔයාට බලන්න පුළුවන් මගේ මහත්තයාගේ ටින් කිරි පැට්‍රියයි,ඇපල් වත්තයි ,මැදින් කාලතුවක්කුවක් ,මැප් එකින් පෙන්වලා තියනවා ඉන්න තැන සහ මොකක්ද (රැෆ් අක්රුටිරි ) කියන්නේ කියලා....? අර පහු ගිය දිනක යු 2 එකක් හෙම ඉහළ අහසේ වීඩියෝවකින් පෙන්වලා තිබුනේ ඒවා නගිනේ, බිමට බස්වන්නේ මෙහෙදී තමා,මේක පුංචි දුපතක් ,අධි ආරක්‍ෂිත කෑම්ප් එකක්, (ස)
දිසානායක මල්ලි, මේක බ්‍රිටිෂ් එයාර්ෆෝස් එකක් සහ යු.එන්. කොටසක් තියනවා, සයිප්‍රස් වලට අයත් නැහැ. (නි)
නැහැ රූපවති අක්කා අපි අපහස කලා නෙමෙයි ඔය විදිහට ලිවුවොත් තමා ගැණු උදවිය විස්තර වමාරන්නේ. ඔයා දැන් කලා වගේ .අපිට සතුටුයි ඔයාගේ මහත්තයා ගැන එයා මොකද කරන්නේ ඒවාට තෙල් ගහනවද නැත්තන් රෝදවලට හුලන් ගහනවද? (ස)
සිරිපාල ...මාමේ .. බිත්ති හතරකට කොටුවෙලා යන්නෙහි තේරුම, වැවකින් ඔයකින් පීනලා සිසිල් දියබිදක් නා ගන්නවා තරම් නැහැ ..කියන්නා සේම .. මම නාන්නේ බාත්රූම් එකේ...? ඇයි වහලයක් නැතිනම් නාන වෙලාව බලන් ඉදල පොල් ගහකට වත් බඩගාන්නද ඇහුවේ ...? (නදී)
ලංකාදීප පුවත්පතේ ප්‍රධාන නිලධාරියාගේ සිට අපේ හිතවත් සංස්කාරක මහත්ම මහත්මියනි පළමුවෙන්ම ඔබ සැමට මෙම පුවත පල කිරීම සම්බන්ධයෙන් ස්තුති වන අතර මෙම පුවත අපගේ රටේ ආදරණීය ජනතාවට කරපු ගෞරවක් හැටියට අප සලකන අතර, තවදුරටත් මෙම පුවත මේ විදිහටම ප්‍රදර්ශනය කරන මෙන් ඉල්ලා සිටිමි. .සරත් මහතා කියන ආකාරයේ අයිස්ක්‍රීම් ආයතන වලට මෙම කිරිපිටි විකුණන ජාවාරමක් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ලංකාදීපය පියවර ගන්නේනම් මැනවි. (ස)
අනේ සරත්!! අපරාදෙනේ ඔයාගේ අර මලකඩ කාපු පරණ බයික් එක වික්කේ .., හැබැයි !! ඒක විකුනලා නම් මගේ නය ගෙවන්න බැරි වෙයි.,හරි ,හරි ඕකට මුහුණ බේරී කරගන්න ඕන නැහැ ඉතිරි ටික පස්සේ දෙන්නකෝ.(නදී)
මෙතන කට්ටිය කියන්නේ කිරි වීදුරුවක් බොන්න සල්ලි නැ කියල දුප්පත් ය කියල. ඒත් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් (දී)
අපි වසර 12ක් වෙනවා මෙහි සේවයට ...මම දන්නා තරමින් මෙහි සේවයකරනවා...ශ්‍රී ලංකික එක් වෛද්‍යවරයෙක් ඔහු උසස් නිලධාරියෙක් එපමණයි...?(දී)
දිසානායක,ඇයි අනේ මෙච්චර තරහක් අපේ රූපවති අක්කත් එක්ක? කොහොම හරි දෙන්නට දෙන්න පැලැන්තිය කියා ගත්තා නේද ...? (නි)
සංජීව අයියේ ඔයාලගේ ෆැමිලි එකනම් එල.... අපිත් දුප්පත් කමට තාම බොන්නේ කහට කෝප්පේ තමයි. පොඩි කාලේ අපිට මස් මාළු කන්න සල්ලි තිබ්බේ නෑ. ඉතින් දැන් සල්ලි තිබ්බත් ගන්න හිතෙන්නෙත් නෑ. එක අතකට බලද්දි දුප්පත්හ් වුණේත් පෙර කරපු පිනකට, අහිංසක සතෙක්ගේ මස්, මාංශ ටික නොකා ඉන්න පිනම අපිට ඇති.(නදී)
සරත් මල්ලි ...චන්දිගේ නය ටික ගෙවන්න බැරුව විකුණුවේ ...? අර කොහිල වලේ දමල වැටි වැටී දිව්වේ, අර එදා ,,,ඒ බයිසිකලේද ...?(නදී)
එහෙනම් ඔයාගේ මහත්තය මාවත් දන්නා කෙනෙක් ඔය එයාගෙන් අහන්න සයිප්‍රස් රෝයල් එයාර් ෆොස් එකේ ඉන්න ජේ .ඉ .ලින්ටෙර් මහත්තයව දන්නවද කියල එයා එකේ ග්රූප් කැප්ටන් දන්නවා කිව්වොත් මම ගැන විස්තර කියන්නම්(දී)
දිසානායක ඔබ හරි! මගෙත් මිතුරෙක් වැඩ කරනවා ලංකාවේ ජනප්‍රිය අයිස් ක්‍රීම් ආයතනයක! ආන්දෝලනයට හේතු වූ කිරි පිටි ආයතනයෙන් වෙනද මිලටත් වඩා ඔඋන්ගේ විෂ සහිත කිරි පිටි දැන් දෙන්න කැමතිලු ! තොගය ඉවර කරගන්න! මෙම කිරිපිටි සහිත අතුරු නිෂ්පාදන ගැනත් අදාළ බලදාරින් අවදානය යොමු කිරීම වැදගත්! (අ)
නැති බැරි වුනාට කෛරාටිකකම හොඳ දෙයක් නෙවෙයි. තමුන්ට දෙයක් උවමනා නම් කෙලින්ම කියන්න පුළුවන් මිනිස්සු විහින් ජීවිත සවුත්තු කරගන්නවා. (ස)
ප්‍රදීප් ..කොලුවෝ කොහෙද අපි දුප්පත් කියලා තියෙන්නේ ...? (ස)
අනේ රූපවති,දිසානායක,ඔය රණ්ඩුව දැන් නැවැත්තුවා නම් හොඳයි.ඔය දෙන්නා මාතෘකාවෙන් පිට පැනලා නේද? (නි)
දිසානායක මල්ලි..... !ඔයා දන්නවා කීවේ දැන්. මගේ මහත්තයා ටින්කිරි ෆැක්ටරියක් කරනවා කියලා ...ඔයා දැක්කද විශාලෙට තිබුණ බිල්ඩිම ,,,එකේ තමයි අපි දෙන්නම වැඩකරන්නේ, ..ඔයා දැක්කද "රෙඩ් ඇරෝ " ටික..? ඔයා සමාජය දකින විදිය සමහර විට වෙනස් වෙන්න පුළුවන්...! ජීවිතේ පුරාවටම අපිට තියෙන්නේ ඉගන ගන්න දේවල්....? (ස)
රුපවති අපි දැන් නෙව්ස් එකෙන් පිට පැනල සමහරු බනිනවා .සංස්කාරක සහෝදර සහෝදරියෝ අපි ගැන අනුකම්පකරලා මේවා දානවා .එක නෙමෙයි බියගම ෆැක්ටරිය වහලලු ..සේවකයන්ගේ ආරක්ෂාවට කියල තමයි කියන්නේ ..ඒ කියන්නේ කිරිපිටිවල දැන් ප්‍රස්නයක් නැහැ කියන එකද ..මම අහන්නේ ඇයි සෞක්‍ය ඇමති තුමාටවත් ජනාදිපතිතුමාටවත් කෙලින් තීරණයක් ගන්න බැරි. ජනතාව පාරට බහිනකම් ඉන්න ඕනෙද රටේ නීතිය කළු කඩ මුදලාලිලාට යටත් වෙලා ඉවරයි. උතුරුමැද පළාත මේ වෙනකොට වකුගඩු රෝගයට බිලි ගෙන ඉවරයි. ඒ මිනිස්සු වෙනුවෙන් පාරට බහින්න එකෙක් නැහැ. මට දැනගන්න ලැබුන තවම තහනම් කරපු කෘමි නාශක විකුනනවා කියලා. බලදාරින් රුපියල් සතවලට යට වෙලා ඉවරයි. ඒ නිසා රටේ ජනතාවට දෙවියන්ගේ පිහිට මිසක අන් සරණක් නැති බව මම බය නැතුව කියනවා .අපි හිතුවා යුද්දේ ඉවර වෙනකොට රට හොද පැත්තකට හැරෙයි කියලා. බලනකොට අළු යට තිබුණු ගිනිපුපුරු දැන් තමයි තාම එලියට පනින්නේ.(නදී)
මම හිතන්නේ මේ අර රූපවති කියන අක්කද කොහෙද? (ස)
රූපවතී, එතකොට නාන්නේ එහෙමත් ටැප් වතුර නෙමෙයිද? නාන්නේ පීල්ලෙන්ද? (නි)
ඔව් රුපවති අක්කේ !!මමත් දැක්ක අපේ දිසානායකට කේන්ති ගිහිල්ල හොදටම .., පව් අනේ !!එයාගේ ලබන උපන් දිනේට අපි දෙන්න සරත්වත් එකතු කරන් පොඩි පාර්ටි එකක් සෙට් කරමු !!ඔය බොරු තරහක් පෙන්නුවට එයා යටි හිතින් කැමතියි !!අපි එයාව ආදරයෙන් පිලිගන්නවට .., එහෙම නේද..?දිසා මල්ලි !!!!!(අ)
මේවා හිනහ වෙන්න නෙවි අන්න ඕනේ දේවල් අහිංසක මිනිස්සු මෙහෙම හය හතර නොතේරෙන මිනිස්සුන්ට වස විස කවන හැම එකටම අපි පරිභෝගිකයෝ විදියට පාඩමක් උගන්නෙමු (අ)
රූපවතී අක්කේ අයි දැක්කේ නැද්ද දිසානායක අක්ක ානාන හැටි ගැන දාල තියෙන අදහස! ටිකක් කේන්ති ගියාට දිසානායකට හොඳ කලා කාමී හිතක් තියෙන්නේ.(නදී)
ඕක අපෙ රටේ සමහරකගේ උපන් හැටියක්, අරින්න බැරිම ගතියක්. (අ)
මටත් ආසයි දිසානායක රූප නංගි නාල යනකොට නෙරිය කොනේ මඩ ටිකක් ගාන්න ආපහු ලිදට ගිහින් නානවා බලන්න! (නදී)
ඒ ඇන්ටිට හිතෙන්න ඇති " ඊයේ වෙනකම් බොන්න හොදනම් මෙටික බිවට මොකද වෙන්නේ කියල" හිනා වුණ මහත්මයට තෙරුනනම් "එත් අම්ම කෙනෙක් කියල" අන්න නියම මහත්මයෙක්. (අ)
දිසානායක, ඔයාලා වගේ අය වැව් ළිං අයිනේ ගැහැණු ළමයි නාන දිහා එබිකම් කරනවට බයේ මමත් දැන් වැවෙන් නාන එක නවත්තලා ලිදේ වතුර ටික ටැප් කරගෙන බිත්ති හතරකට කොටුවෙලා ඇග තෙමාගන්න පුරුදුවෙලා (නි)
ඉන්දරතන හාමුදුරුවෝ කියපු දේ ඇස්පනාපිට ඔප්පු වෙනවා .ගව ඝාතනය නවතන්න කිරිවලින් ස්වයන් පෝෂිත කරන්න .මම අපේ අම්මට කිව්වහම ලංකාවේ කිරිඑක බොන්න කියල එය කියනවා ඒක කහපාටයි ලු .හරි ඉතින් මම කිව්වා ප්‍රෝටීන් කහපාට තමා කියල .දැන් ඔන්න බොනවා (අ)
අසරණ මිනිස්සු. ඕවට හිනා වෙන්න එපා.මේවා විහිලු නෙමෙයි. මේක තමයි තිත්ත ඇත්ත. ඇති නැති පරතරේ ආසියාවේ වැඩිම රට ලංකාව.... (නි)
අසරණ මිනිස්සු.... ඕවට හිනා වෙන්න එපා... මේවා විහිලු නෙමේ... මේක තමයි තිත්ත ඇත්ත... ඇති නැති පරතරේ ආසියාවේ වැඩිම රට ලංකාව....සල්ලි දීලා කිරිපිටි පැකට් එකක් ගෙදර ගෙනාවම වස කියලා ඒක විසි කරලා තව වෙන කිරි පිටි පැකට් එක්ක ගන්න බැරි අහිංසක මිනිස්සු ඕන තරම් ඉන්නවා ...... (ස)
රූපවති, ඔයා ඔය රටේ ඇපල් වත්තක නේද වැඩ කරන්නේ? මහත්තයා ටින්කරින් බාස් කෙනෙක් නේද? අපි ඔක්කොම දන්නවා (නි)
මම නම් දැන් ඇත්තටම කැමැතියි (නි)
මොනවා වෙතත් ඒ නිලධාරියා ඒක ගෙදර ගෙනියන්න දුන්න එකත් හොද වැඩක්.දුප්පත්කම හතර වටෙන්ම වෙලා ගත්ත පවුලකට ඒකත් මහමෙරෙක් වගේ දැනෙන්න ඇති. (නි)
අනේ කව්රුවත් කිරි තේ නම් කොහෙන්වත් බොන්න එපා...වසරක පමණ කාලයක් යනතුරු ...? අඩු තරමේ වතුර ටිකක් වත්, තමන් ගමනක් යන විට වේලාසනින් සුදානම් කරගන්න වතුර ටිකක්..? ෆ්ලාස්ක් එකකට තේ එකක්, මඟදී කන්න ඕන නම් ගෙදර උදේට හදපු රොටී ගමන් මල්ලේ දමාගෙන යන්න...? ටවුන් වල කෑම වතුර සම්පුර්ණ අපිරිසිදුයි....?මම නම් කිසි තැනකින් කෑම ගන්නේ නැහැ ...? අවශ්‍ය දේ මගේ පිටේ බෑගයේ ගෙනියන්න මම පාසල් යන කාලේ ඉඳන්ම හුරුවෙලා අදටත් මම ඒ ක්‍රමයට ගරුකරනවා ...? (ස)
ඔව් ඔව් ..සරත් මල්ලි,මමත් දැක්කා.දිසානායක මල්ලි රසවත් කරලා හරවත් විදියට. දිසානායක මල්ලිට තවත් කලාකාමී අදහස් පහල වේවා (නි)
රූපවති අක්කේ, මේ කියන හැමදේකටම උත්තර දෙන්න යන්න එපා.අනිත් එක පොල්ගහකට නැගලා බලන්න තරම් කෙනෙක් නෙමෙයි ඔයා. (නි)
සිරිපාල, තව ටිකක් එකතු කරන්නම්. මම පොඩි කාලේ අපේ ගෙදර නම් කිරිපිටි පැකට් එකක් තිබුණා. ඒ පිට කෙනෙක් ආවම කිරි එකක් හදලා දෙන්න ඕන නිසා. එදාට අපටත් කිරි ටිකක් බොන්න ලැබෙනවා. නැතුව හැමදාම පිටිකිරි බොන්න අපට වත්කමක් තිබුනේ නැහැ. නමුත් හැමදාම එළකිරි එකක් බොන්න ලැබුණා. ගෙදර එළ හරක් හිටපු නිසා. අද නම් එළ හරකුත් නැහැ. අප්පච්චිත් වයසයි. හැමෝම බොන්නේ පිටි කිරි. රසකුත් නැහැ.කරන්න දෙයකුත් නැහැ. ඉස්සර අපේ තිබුණු නීරෝගිකමත් නැහැ. (ස)
සරත්,ඒකටත් එක්ක දැන් ඉන්න ළමයි? උදේට කිරි තේ එක නැත්නම් මුහුණ දෙකක් වෙනවා. අනේ අපේ බාලවිය.... (නි)
" කොහෙද යන්නේ ? මල්ලේ පොල්?" (නදී)
දැක්කා නේද ලංකාවේ මිනිස්සු දුක් විදින හැටි, මන්ත්‍රීලා සැප විදිනවා අහිංසකයන්ගේ කතිරෙන්. වස වුනත් බොන්නනේ හිතෙන්නේ. නැති බැරිකමනේ මේකෙන් පෙනෙන්නේ. කවදාද හැමෝම කාලා බීල ඉන්න දවසක් එන්නේ? (නි)
උතුරුමැද පළාත මේ වෙනකොට වකුගඩු රෝගයට බිලි ගෙන ඉවරයි. ඒ කියන්නේ දිසානායක/නායිකාවනුත් දන්නවා උතුරුමැද පළාත. බලන්න ඒ පැත්තේ මිනිසුන්ට කොන්ද පන නැහැ පාරට බහින්න වැලිවේරියේ වගේ. කොන්දට කුරුසයක් වත් සවි කරන්න රාජ්ජ නොවන නඩයක් යන්නේ නැහැලු දුර වැඩි නිසා.(නදී)
කිරි පිටි ගැන කතා කරන කොට මට නම් හරි ආඩම්බරයි, මොකද මගේ ගෙදරට කිරි පිටි ගේනාව කාලයක් මතක නැහැ , දියර කිරි කවදාවත් ගෙනල්ලත් නැහැ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, නෝන නම් ඉස්සර කිරි කියුවහම හිතාගෙන හිටියේ ලෝකේ තියෙන හොදමකම කියලා, ඒත් අවුරුදු ගානක් පැහැදිලි කරලා කරලා එයත් තේරුම් ගත්ත කිරිවල ඇති දෙයක් නැහැ කියලා. මගේ පුතාලා දෙන්නා තාමත් එළ කිරි මොන රසද, පිටි කිරි මොන රසද කියලවත් දන්නේ නැතුව ඇති, ඒ තරමට අපි කිරි වලින් ඈත් වෙලා, අඩුම තරමේ ළමයි දෙන්න, මස් ,මලු, කිරි, බිත්තර කිසිම දෙයක් කන්නේ නැහැ, මම හිතන්නේ එයාලා අපිට වැඩිය වාසනාවන්තයි. කොල්ලො දෙන්න අගේට ඉන්නවා, හොදට පළා එළවලු එක්ක බත් කනවා, අඩුම තමේ ලොකු දරුවා උම්බලකඩ දලා සබෝලයක් හැදුවත් උඹලකඩ කෑලි පිඟාන වටේට එකතු කරලා තියනවා. එක දක්කහම නම් මට මගේ දරුවෝ දෙන්න ගැන හරිම ආඩම්බරයි. (ස)
මිනිස්සුන්ගෙ අසරණකමට හිනා වෙන්න එපා (නි)
මගේ නම් කිසිම ආසාවක් නෑ ඔය කිරිපිටි බොන්න. දුප්පත්කම නිසා පොඩි කාලේ අපිට ඕවා බොන්න සල්ලි තිබුනෙත් නැ..අපි බිව්වේ අපේ රටේ තේ.ඒ පුරුද්දට තාමත් අපිට කිරි බොන්න ආසාවක් නෑ. එහෙම වුන එක කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා...(ස)
අපිත් කලින් පිටි කිරි බිව්වා. එතකොට අපිට අසනීප වෙනවා. සෙම හැදෙනවා. නමුත් දැන් එහෙම නෑ.දැන් අපි කිරි බොන්නේ නෑ. (ස)
නිකම් දෙනවනම් වස උනත් බොන්න පුලුවන් මිනිස්සු ලන්කාවෙ ඉන්නෙ. ඕක නැති බැරි කම නෙවෙයි මෝඩකම. (දී)