IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තිසරපටයක් හොල්මන් කරලා

උදේ පාන්දරම තම යතුරුපැදියේ නැගී සේවා ස්ථානයට යන සැමියා ආපසු නිවෙසට පැමිණෙන්නේ රෑ බෝ වූ පසුවය. දිවා ආහාරය ඇතුළු අනෙකුත් දෑ බෑගයේ දමා ගන්නා ඔහු එය පිටේ එල්ලාගෙන රැුකියාවට පිටත් වේ. ආපසු පැමිණෙන සැමියා තම බෑගය පුටුව මත දැමීම දිනපතා සිදුවන්නකි. භාර්යාව ද තමා සෝදන රෙදි සුළං වැදීම සඳහා රාත‍්‍රියට පුටු ඇන්ද මත දැමීම සිරිතකි. 

දිනක් රාත‍්‍රියේ නිවෙසට පැමිණි සැමියා කරේ දමා තිබූ බෑගය ගලවා පුටුව මත දැමීය. පසුදා හිමිදිරියේ අවදි වූ හෙතෙම බිරිය අසනීපයෙන් පසු වූ බැවින් දිවා ආහාරය හෝටලයකින් ගැනීමේ බලාපොරොත්තුවෙන්, පුටුව මත තිබූ බෑගය පිටේ එල්ලාගෙන අඩ අඳුරේම යතුරුපැදියෙන් ගමන් ඇරඹීය. 

මාර්ගය වැටී තිබුණේ සුසාන භූමියක් ඉදිරිපිටිනි. සුසාන භූමිය පසුකරන විටම පිටට තදින් පාරක් වදිනු ඔහුට දැනුණි. ඇඟ සීතල වී හිරිගඩු පිපුනි. බිය වූ ඔහු වේගයෙන් යතුරුපැදිය පදවා අවදානම් කලාපය පසු කළේය. 

නැවතත් පිට හරහා පාරක් වැදුණි. යතුරුපැදිය නැවැත්වූ හෙතෙම වහාම පිටුපස හැරී බැලූවත් කිසිවෙකු නොවීය. බෑගය ගලවා අතට ගත් විට දක්නට ලැබුණේ බිරිඳගේ තිසරපටය බෑගයේ එල්ලී තිබෙන අයුරුය. එහි පටිය සුළඟට පිටට වැදී ඇති බව පැහැදිලි විය. තනිවම සිනාසුණු ඔහු යළි ගමන් ඇරඹීය.

 



අදහස් (0)

තිසරපටයක් හොල්මන් කරලා

විකුම් Wednesday, 30 December 2015 07:26 AM

දැන් තිසරපටය සෑහෙන ජනප්‍රියයිනේ! (නි)

:       0       0

ආනන්ද Wednesday, 30 December 2015 05:57 PM

තිසරපට මිල අඩුවෙලාද මන්දා? (නි)

:       0       0

අනු Wednesday, 30 December 2015 08:10 AM

ඔය මල්ලට නයෙක් රින්ගුවත් ඉතින් දන්නේ නෑනේ. පොඩ්ඩක් බලල ගෙනියන්න ඔනෙනි (කෞ)

:       0       0

රුවන් Friday, 01 January 2016 04:49 PM

තිසර කියලා මගේ යාලුවෙකුත් ඉන්නවා. එයාට පටි නම් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 30 December 2015 10:01 AM

රජය ළඟදීම තිසරපට පලදීම තහනම් කරයි වගේ (ම)

:       0       0

තුෂාර Thursday, 31 December 2015 08:02 PM

නියම කතාවක්! (නි)

:       0       0

රොෂාන් Thursday, 31 December 2015 06:06 AM

ඒ කියන්නේ මොකක්ද? (බ)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 30 December 2015 05:14 AM

මිනිසුන් හොල්මන් කියල බයවෙන ගොඩක් දේවල් මේ වගේ ඒවා තමයි, ඒක නොදැක්ක නම් කියන්නේ මහසෝනා ගැහුවා කියලා (බ)

:       0       0

යාපා Wednesday, 30 December 2015 05:45 AM

දැන් ඒ පාර තිසරපට හොල්මන් වෙලාත් එන්න අරගෙනද? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 30 December 2015 01:05 PM

මේ කාලේ අවතාර, හොල්මන් එහෙමත් තිසරපට අඳිනවා වගෙයි (නි)

:       0       0

රාධා Wednesday, 30 December 2015 02:00 PM

ළඟදීම තිසරපට ඇඳීම අනිවාර්ය නොකළොත් තිසරපට නිෂ්පාදකයන්ගේ උද්ඝෝෂණයක් දියවන්නාව අසළදී තිබෙන්න බැරිත් නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 December 2015 02:00 PM

අනේ මන්දා දැන් ඉන්න කාන්තාවෝ! කතාව නම් ලෝකෙටම ගහන්න. හැබැයි තමන්ගේ තිසරපටයවත් ප්‍රවේශම් කරගන්න බැහැනේ (නි)

:       0       0

ඉන්දික ගම්පහ Wednesday, 30 December 2015 06:15 AM

කතාව නම් කාලෝචිතයි. හැමෝම වගේ දැන් කතාවෙන්නේ දැන් මේ ගැන නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site