උදේ පාන්දරම තම යතුරුපැදියේ නැගී සේවා ස්ථානයට යන සැමියා ආපසු නිවෙසට පැමිණෙන්නේ රෑ බෝ වූ පසුවය. දිවා ආහාරය ඇතුළු අනෙකුත් දෑ බෑගයේ දමා ගන්නා ඔහු එය පිටේ එල්ලාගෙන රැුකියාවට පිටත් වේ. ආපසු පැමිණෙන සැමියා තම බෑගය පුටුව මත දැමීම දිනපතා සිදුවන්නකි. භාර්යාව ද තමා සෝදන රෙදි සුළං වැදීම සඳහා රාත‍්‍රියට පුටු ඇන්ද මත දැමීම සිරිතකි.
දිනක් රාත‍්‍රියේ නිවෙසට පැමිණි සැමියා කරේ දමා තිබූ බෑගය ගලවා පුටුව මත දැමීය. පසුදා හිමිදිරියේ අවදි වූ හෙතෙම බිරිය අසනීපයෙන් පසු වූ බැවින් දිවා ආහාරය හෝටලයකින් ගැනීමේ බලාපොරොත්තුවෙන්, පුටුව මත තිබූ බෑගය පිටේ එල්ලාගෙන අඩ අඳුරේම යතුරුපැදියෙන් ගමන් ඇරඹීය.
මාර්ගය වැටී තිබුණේ සුසාන භූමියක් ඉදිරිපිටිනි. සුසාන භූමිය පසුකරන විටම පිටට තදින් පාරක් වදිනු ඔහුට දැනුණි. ඇඟ සීතල වී හිරිගඩු පිපුනි. බිය වූ ඔහු වේගයෙන් යතුරුපැදිය පදවා අවදානම් කලාපය පසු කළේය.
නැවතත් පිට හරහා පාරක් වැදුණි. යතුරුපැදිය නැවැත්වූ හෙතෙම වහාම පිටුපස හැරී බැලූවත් කිසිවෙකු නොවීය. බෑගය ගලවා අතට ගත් විට දක්නට ලැබුණේ බිරිඳගේ තිසරපටය බෑගයේ එල්ලී තිබෙන අයුරුය. එහි පටිය සුළඟට පිටට වැදී ඇති බව පැහැදිලි විය. තනිවම සිනාසුණු ඔහු යළි ගමන් ඇරඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තිසරපටය සෑහෙන ජනප්‍රියයිනේ! (නි)
තිසරපට මිල අඩුවෙලාද මන්දා? (නි)
ඔය මල්ලට නයෙක් රින්ගුවත් ඉතින් දන්නේ නෑනේ. පොඩ්ඩක් බලල ගෙනියන්න ඔනෙනි (කෞ)
තිසර කියලා මගේ යාලුවෙකුත් ඉන්නවා. එයාට පටි නම් නැහැ. (නි)
රජය ළඟදීම තිසරපට පලදීම තහනම් කරයි වගේ (ම)
නියම කතාවක්! (නි)
ඒ කියන්නේ මොකක්ද? (බ)
මිනිසුන් හොල්මන් කියල බයවෙන ගොඩක් දේවල් මේ වගේ ඒවා තමයි, ඒක නොදැක්ක නම් කියන්නේ මහසෝනා ගැහුවා කියලා (බ)
දැන් ඒ පාර තිසරපට හොල්මන් වෙලාත් එන්න අරගෙනද? (නි)
මේ කාලේ අවතාර, හොල්මන් එහෙමත් තිසරපට අඳිනවා වගෙයි (නි)
ළඟදීම තිසරපට ඇඳීම අනිවාර්ය නොකළොත් තිසරපට නිෂ්පාදකයන්ගේ උද්ඝෝෂණයක් දියවන්නාව අසළදී තිබෙන්න බැරිත් නැහැ (නි)
අනේ මන්දා දැන් ඉන්න කාන්තාවෝ! කතාව නම් ලෝකෙටම ගහන්න. හැබැයි තමන්ගේ තිසරපටයවත් ප්‍රවේශම් කරගන්න බැහැනේ (නි)
කතාව නම් කාලෝචිතයි. හැමෝම වගේ දැන් කතාවෙන්නේ දැන් මේ ගැන නේ (ම)