මිතුරෙක් තෝසේ කඩයකට ගොඩවූයේ කලකින් මුණගැසුණු මිතුරකුද සමගය. ”අපට තෝසේ ගේන්න” පළමු මිතුරා වේටර්ට පැවැසීය. තෝසේ වඬේ ආදිය මේසයට සැපයිනි. දෙදෙනාම තෝසය සහ වඩය බැගින් පිඟන්වලට දමා ගත්හ. ඒවාට සම්බෝලද සාම්බාරුද (හොදි) ලැබිණි.
දෙවැන්නා අනෙකා අමතා, ”අපි ස්කෝලේ යන කාලවල කන්නෙම තෝසෙ කඩෙන්. කාලා බීලා ගෙවන්නැතිවම මාරු වෙනවා. ස්කෝලෙන් අයින් වුණාට පස්සේ තෝසෙ කඬේකට ආවාමයි. සිනහසෙමින් කීය. අසල සිටි අයෙක් තෝසේ කෑමෙන් පසු පිටව ගියෙන් එතැන තිබූ පිඟානෙන් වඩයක් සොරාගත් දෙවැනි මිතුරා එය තම පිඟානට දමා ගත්තේය. ”හොර වැඩ කරන් නැතිව උඹට ඕනේ නම් වඩයක් අරන් කාපන්” පළමු මිතුරා පැවැසීය. ඕවා අහුවෙන්නේ නැහැ මචන්. ඒ කාලේ අපි කොච්චර හොරෙන් කනවද?” දෙවැන්නා තෙපළේය.
අනුභවයෙන් පසු, ”බිල ගේන්න” යැයි පළමු මිතුරා පැවසූවිට වේටර් තැන, ”සර්ලා මොනාද කෑවේ” යනුවෙන් විමසීය. ”තෝසේ දෙකයි, වඬේ දෙකයි” දෙවැනි මිතුරාගේ පිළිතුරු විය. බිල රැුගෙන පැමිණි වේටර් තැන රුපියල් දෙසීයක බිලක් ඔවුනට ලබාදුනි. බිල බැලූ දෙවැන්නා තෝසේ එකක් කීයදැයි විමසීය. තෝසේ එකක් හතළිහයි. වඩයකුත් හතළිහයි. වේටර් පැවැසීය. ”එතකොට රුපියල් එකසිය හැටයිනේ” දෙවැනි මිතුරා ප‍්‍රශ්න කළේය. ”සර් එහා පිඟානෙන් වඩයක් ගත්තා කියලා කැෂියර් කීවා” කඬේ සී.සී.ටී.වී. හයි කරලානේ. වේටර් පැවැසීය. රුපියල් දෙසීයට අමතරව වේටර්ට රුපියල් විස්සක්ද දුන් පළමු මිතුරා දෙවැන්නා සමග එළියට පැමිණ, ”උඹලා වගේ අය හින්දා තමයි තෝසේ කඩවලත් සී.සී.ටී.වී. තියෙන්නේ” යැයි කීය. කොළඹින් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර පාසල් කාලය සිහිවුනා.මේ දෙන්නා හොඳයි.අපි කරපු ඒවා දැම්මනං දෙයියෝ සාක්කිම තමයි. අපි ඒකාලේ ඉස්කෝලෙන් දීපු දිවා ආහාර කාඩුත් තව එකෙක්ට විකුණුව. දැන්නම් වේටර්ලා වැරදිලා අඩුවෙන් ගත්තත් ආයිත් දීල එනවා. (දී)
මේක නිකන් හදපු කතාවක්. අපේ ඥාණවන්ත උදවිය වල්ගේ පාගාගෙන දඟලනවා (නදී)
තොසේ මසල වඩේ, අපිත් ඔහොමයි ඉස්සර (දී)
තාක්ෂනය දියුණු වෙලා (දී)
පැතුම් වගේ අය කට වහගෙන ඉන්නකල් අනිත් අය ඔවුන්ව මහා පඬිවරයන් සේ සලකනවා.... කට ඇරපු ගමන් ලෝකයාටම පේනවා එකා පුස් බෙරගෙඩියක් විතරයි කියල (අ)
පැතුම් තවමත් ඇස් ඇරුණේ නැති බළල් පැටියෙක් වගෙයිනෙ (නි)
ඇත්තටම ලැජ්ජයි (නදී)
මිනිසුන් අද වඩය පවා හොරෙන් කන තත්ත්වයට පත්වෙලා (නි)
රොෂාන්ට නම් එ්කත් ආණ්ඩු විරෝධයක්. මේකේ පැහැදිලිවම කියල තියෙනවා පාසල් ජීවිතය මතක් උණ බව. (නදී)
පාසල් කාලේ මතක් වෙන්නැති. (දී)
ෂුවර් එකටම බෙන්තර ගඟෙන් එහා පැත්තේ දෙන්නෙක් වෙන්න ඇති (නදී)
පුහුල් හොරා කරෙන් දැනේ .වඩේ හොරා සි.සි.ට් .වි යෙන් දැනේ . (අ)
හැමදාම තෝස කඩේට යනවනම් , වේටර් කාපු ගානට වඩා අඩුවෙන්මයි බිල ගේන්නේ. අත්දැකීමෙන් කියන්නේ. වේටර්ට රුපියල් 20ක් දෙනවනම්. වේටර් ටව රුපියල් 30ක් විතර අඩුවෙන් බිල දාල දෙන්නේ.(දී)
හොරෙන් කෑවත් බිල ගෙව්වනේ කමක් නැහැ. (නදී)
කමක් නැහැ අනේ, එක වඩයක්නේ (නි)
පැතුම්, මොකද ඔච්චරම බෙන්තර ගඟෙන් එහා අය එක්ක වෛරයක්? (නි)
ඇත්තටම ලැජ්ජයි , විශේෂයෙන් පිරිමිකමටත් එක්ක (නි)
අයියෝ! ලැජ්ජාවෙ බැහැ (නි)
පැතුම්, ඔයා මෝඩ වුණ පළියට එය ප්‍රදර්ශනය කරන්න එපා. තවත් ප්‍රමාද නැහැ උත්සාහ කර බලන්න මෝඩකමින් මිදෙන්න. (නි)
මටත් සුන්දර පාසැල් කාලය මතක් උනා. (නදී)
ඒ දවස්වල ඉස්කෝලේ යන ළමයි අපේ වයස් ගත තාත්තගේ කඩේ කෑම ඔක්කොම හොරෙන් කනවා.මාසයක් යනකොට සල්ලිත් නැහැ බඩුත් නැහැ. ඉතින් අපි ආයෙත් සල්ලි දෙනවා බඩු ගෙන්න, තාත්තගෙන් ඇහුවම කියන්නේ පොඩි එවුන් ආවම කාල මල්ලෙත් දාගෙන යනවා.එකකට සල්ලි දෙනවා. කොහොමද කටක් ඇරලා මොකුත් කියන්නේ කියලා.පොඩි එවුන් ඔහොම තමයි" කියලා. ඉස්කෝලේ යන කාලේ ළමයි එහෙම උනාට . ලොකු මිනිස්සු නම් කරන්නේ හොර කම. (ස)
මේක වෙන්න බැරි කතාවක්. මොකද තෝසේ කඩවල එහෙම වඩේ මේසේ උඩ දාලා තියන්නේ නැහැ. අල්මාරිය ඇරලා ගේන්නේ (නදී)
අනේ පවු! එක වඩේ එකක්නේ අරගෙන තියෙන්නේ (නි)
පුදුමයි ගුටි නොකා ඔයින් බේරුනා. (නදී)
කෝලිත නම් කවදාවත් තෝසේ කඩේකට ගිහින් නැහැ වගේ. පිගානට දාලා වැඩේ ගෙනත් මේසේ උඩින් තියනවා. ගිහිල්ල බලන්න. (නදී)
පහින්දී නිවාඩුවකට ලංකාවට ආවම ලංකා තිලකව අදුන ගන්න කැමතිනම් කියන්න තොසේ කඩේකට ගිහින් තොසේ එකක් කාල ප්ලේන්ටියක් බිල ටිකක් කතා කරමු.මම පෙරුම් පුරාගෙන හීන දකින්නේ මේ ලජ්ජා බයට හැදුනු බවලතියෝ ටික අදුන ගන්න.දත් කුට්ටම ගියත් කමක් නැහැ. (දී)
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි (නදී)
ඒ කාලේ තෝසේ හොරෙන් කෑ හැටි රුවන්ටත් මතක් වෙලා වගෙයි (නි)
ඉඳල හිටලා ඔහොම දෙයක් නොකලත් හරි නැහැ වගේ නේද. දැන් මේ තාක්ෂණයක් එක්ක මොනවත් කරන්න බැහැ. (අ)
අපිත් ඉස්කෝලේ යන කාලේ ගෙනත් තියන කැම වර්ගවලින් එක්වර්ගයක් පිගානේ ඉවරවෙන්නම කනවා .වේටර් බිල දාන්නේ තියෙන වර්ගවල අඩු ඊවාට පමණයි. (අ)
හරිම සුන්දර අත්දැකීමක් තමයි තෝස කෑම. රස්නෙන් කෙහෙල් කොලේට දාන සම්බාරුවට, දිය සම්බෝලේට ශත 15 ට තෝසේ කෑවා හොඳට මතකයි. (නි)
චින්තකගේ කතාව හරි. (අ)
මොකක්ද මේ බෙන්තර ගඟෙන් එහා කතාව? සමහරවිට කඩේ අයිතිකාරයා නම් බෙන්තර ගඟෙන් එහා වෙන්න පුළුවන් (නි)
කෝලිත, ඉස්සෙලම ලිපිය තව පාරක් හොඳින් කියවන්න.(දී)
කෝලිත, එතකොට මිනිස්සු ගිහිල්ල අල්මාරියෙන් කෑම අරගන්න ඕනේ ද ? ඔහොම කෑම දෙන කඩ කොහෙද තියෙන්නේ? (මුදී)