හදිසි අනතුරකට ලක්ව පාදයේ ඇඟිල්ලක් කැඞී වේදනාවට පත් වූ තරුණියක දේශීය කැඩුම් බිඳුම් වෙද මහතකු කරා කැඳවාගෙන යනු ලැබුවාය.
වෙද මහතා ඇඟිල්ල පිරික්සා බලා සුදුසු ප‍්‍රතිකාර ලබාදී නිවෙස කරා ආපසු එවීය.
ප‍්‍රතිකාර කිරීමේදී ද පීඩාවට පත් ඇය ති‍්‍රරෝද රථයෙන් බස්සවාගෙන නිවෙසට කැඳවාගෙන ගියේ ඔසවාගෙන යන පරිද්දෙනි.
ඇය නිවෙසට ගෙන ගොස් ඇඳෙහි තැබූ සැනින් නිවසේ අයකු රූපවාහිනිය කි‍්‍රයාත්මක කළේය.
එහි එක්තරා ටෙලි නාට්‍යයක් දිග හැරෙමින් තිබෙනු දුටු කාන්තාවක් හා... හා... අන්න කතාව යනවා කියමින් හරිබරි ගැහී ඇඳේ වාඩිවූවාය.
අනතුරට පත්ව සිටි තරුණිය ආයි... අම්මෝ... කියමින් එවිට කෑ ගැසුවාය. ඒ සැනින් ඇය සිහිසුන් වූයේ සියල්ලන්ම බිය වද්දමිනි.
පසුව සොයා බලද්දී පෙනී ගොස් ඇත්තේ පළමු කාන්තාව කලබලයට ටෙලිනාට්‍යය නැරඹීමට වාඩිවී ඇත්තේ අනතුරට පත් තරුණියගේ පාදයක් මතය.
පත්තු බෙහෙත් බැඳ අපහසුවෙන් නිවෙසට ආ තරුණියට වේදනාව දරාගත නොහැකිවීම නිසා සිහිසුන් වී ඇත. ඇගේ මුහුණට වතුර ඉස සුවපත් කිරීමට නිවැසියන් වෙහෙසෙද්දීත් ටෙලිනාට්‍ය බලන කාන්තාව එය දෙස රසවිඳිමින් බලා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් වෙලා තියෙන්නේ. ටෙලිනාට්‍ය බලනවිට ගෙදර ඉන්න ළමයි උස්සගෙන ගියත් දන්නේ නැහැ සමහර කාන්තාවන්. ඉන්දියානු ජරාවල් බලනවා රස කර කර. ලෝකේ පෙරලුනත් ගානක් නැහැ (නි)
රුපවතී සහෝදරී කාලෙකට පස්සේ. පසුගිය ටිකේ සද්ද බද්ද නැතුව හිටියේ මොකද බැලුවා. (නි)
ලංකාවේ මිනිසුන් අනතුරු වැඩි කරගන්නේ විහින් ...සිහිසන් නැති මිනිසුන් වගේ ටී ,වී එකක් ලග වාදී උනාම වෙන කිසිවක් කරන්න ව්රෙලාවක් නැහැ ..මමනම් ටී වී එකේ නිව්ස් හැර කිසිවක් නොබලමි ..? (අ)
අපේ ගෙදර ටී වී එක ගලවල පැත්තකටම දැම්ම ඒ තරමටම එක අප්‍රසන්න දෙයක් වුනා දැන් නිවුස් බලන්නෙත් ලැප් එකෙන් (රේ)
මේ වගේ කෙල්ලොන්ට මඩු වලිගෙන් තලන්න ඕනි.(හේ)
කෝ මේ කතාවේ අක්කා නංගී? (රේ)
ඔය කොයි කවුරු මොනවා කිව්වත් බලන්න අපේ ටෙලිනාට්‍ය ජන හදවත් තුළට කිඳා බැස ඇති අයුරු! (බ)
රුපවති අනේ හා......(බ)
රූපවති නගාට වගේ හැම කාන්තාවකටම මොළේ මහා ගොඩක් ඕනෑ නැහැ (නි)