IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තල්ලූවෙන් පණ ගැන්වුණ ති‍්‍රරෝද රිය මගියාත් අතරමග දමා ගිහින්

තානායමේ රාජකාරි සඳහා මෑතක පැමිණි සහකාර කළමනාකරුට දිනක් මහ ? ඔහුගේ නිවසින් දුරකථන ඇමතුමක් ලැබුණි. සිය බිරිඳ ඔහුට කතා කොට කියා සිටියේ කුඩා පුතුට අසනීපයි හැකි ඉක්මනින් ගෙදර එන්න කියායි. කළමනාකරු හමුවී හදිසියේම නිවාඩුවක් අනුමත කර ගත් හෙතෙම නිවස බලා යාමට ලක ලෑස්ති විය. එහෙත් මේ අවේලාවේ බස් රථයක් නම් පාරේ නොඑන බව ඔහු හොඳින්ම දනී. යායුතු දුරද කිලෝමීටර් 6කට වැඩිය. ‘‘සර් ..... හදිසියක් නම් ත‍්‍රී විල් එකක් වත් අරන් ගියොත් නරකද? සහකාර කළමනාකරු වෙත පැමිණි ආරක්ෂක නිලධාරියා විමසීය. ඒත්..... මේ මහ ? ත‍්‍රීරෝද රථයක් සොයා ගැනීමත් අසීරු නොවේ දැයි සහකර කළමනාකරු පිිළිතුරු දුන්නේය. ‘‘ඒක නම් හැබැවයි සර් අපේ හෝටලේ වැඩ කරන ළමයකුගේ ත‍්‍රී වීල් එකක් තියෙනවා. මං කථා කරලා බල්න්නං.’’ ආරක්ෂක නිලධාරියා එම වගකීමත් හිස මතට ගනිමින් කීවේය. සහකාර කළමනාකරුගේ වෙලාව හොඳය. ගාස්තුවක් පවා නැතිව ඉන්ධන වියදම පමණක් ලබාගෙන ගමන යාම සඳහා හෝටල් සේවකයා ඉදිරිපත් වුයේ තම ආයතන ප‍්‍රධානියෙකුට උදව්වක් කිරීමට ලැබුණු අවස්ථාව සළකාගෙන විය හැකිය. සර්ව බස්සලා තනියෙන් එන හින්දා මම තව යාලූවෙකුත් දා ගත්තා. ත‍්‍රීරෝද රථය පණ ගන්වන ගමන් හෝටල් සේවකයා කීය. ‘‘අනේ කොච්චර දෙයක්ද අවුල් වූ මනසින් යුතුව නමුදු මුවගට සිනහවක් නගා ගනිමින් සහකාර කළමනාකරු කිවේය. දැන් තිදෙනාම ගමන පිටත්වී මද දුරක් ගිය විට ත‍්‍රීරෝද රථයේ කාර්මික දෝෂයක් හට ගැනුණි. වාහනය නතරවිය. සර් ගියර් වැටෙන්නෙනැතුව ගියා’’ රියදුරා පැවසීය. මඳක් ඒ පිළිබඳව පිරික්සා බලා අපි ගියර් එකේ දාලා තල්ලූවක් දාලා බලමු’’ උත්සාහය හරි ගියේය. එක පිම්මේම ත‍්‍රීරෝද රථය පණ ගැන්වී ඉදිරියට ඇදුනේය. සුපුරුදු ගමනේ යෙදී පැයකටත් වැඩි කාලයක් ගත විය. දැන් සර් මේ පාරෙන් ගිහිල්ලා කොයි පැත්තටද හැරෙන්න තියෙන්නේ. අතුරු පාරකත් ගොඩක් දුර යන්න තියෙනවා කියලා කිව්වා නේද? එහෙත් පිළිතුරක් නැගුවේ නැත. රියදුරා පිටුපස හැරී බැලූවේය. පිටුපස අසුනේ දෙදෙනකු වෙනුවට සිටියේ එක් අයෙකු පමණි. ඒ තනියට කැඳවා ගෙන පැමිණි මිතුරාය. ඔහුටද නින්ද ගොස් තිබුණි. සහකාර කළමනාකරු එහි නොමැති බව දැන ගත්තේ එවිටය. කාරණය වැටහුණේ පසුව සොයා බලද්දීය. තී‍්‍රරෝද රථය කාර්මික දෝෂයක් ඇතිවී තල්ලූ කර පණ ගන්වා ගනිද්දී මහත්තයාට තී‍්‍රරෝද රථයට නැඟ ගන්නට බැරිවී තිබේ. ඒ වන විට කිලෝ මීටර් 30ක් පමණ ගෙවා අවසන්ය. මහත්තයා නිවසට දුරකථන ඇමතුමක්දී වෙනත් වාහනයක් ගෙන්වා ගෙන ගෙදර ගොස් තිබූ බව පසුව දැන ගන්නට ලැබිණි.



අදහස් (0)

තල්ලූවෙන් පණ ගැන්වුණ ති‍්‍රරෝද රිය මගියාත් අතරමග දමා ගිහින්

ෆාරු Thursday, 12 January 2012 02:41 PM

ඊයෙ කතාව වගේමයි

:       0       0

zzzzz Monday, 16 January 2012 01:04 PM

මේක නම් පල් බොරුවක්

:       0       0

dhanesh Thursday, 12 January 2012 04:10 PM

කිලෝ මීටර් 6 ගමනට කිලෝමීටර් 30ක් ගියේ කොහෝමද?

:       0       0

සේකර Thursday, 12 January 2012 04:15 PM

මේක නම් පල් බොරුවක්

:       0       0

භවන්ත ඉෂා‍න් Monday, 16 January 2012 08:13 PM

ඔහොම සහකාර කළමණාකාරවරැ ඉන්නවා ද?

:       0       0

xxx Friday, 13 January 2012 07:23 PM

පට්ට පල බොරුවක්.. කිලෝමීටර් 30 ක් යනකල් අතුරු පාරක් හම්බෙලත් නෑ..කතා කරලත් නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site