(උණවටුන ඩී. ජී සුගතපාල)
ආයතනයක නිලධාරියෙකු මරා ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් කොල්ලකෑම පිළිබඳව නඩුවක් මහාධිකරණයේ වසර 15ක් පුරා විභාගවෙමින් පසුව මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තින්දුව දෙන දිනය ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව තීන්දුව දෙන දිනය එළඹිණ. එදින උදෑසනම විත්තිකරුගේ ඥාතීන් පිරිසක් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා හමුවීමට ඔහුගේ කාර්යාලයට ගොස් සර් අද මොනවා වෙයිදැයි විමසූහ. ඔහු ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකි. “විත්තිකරු බේරාගන්න මට පුලුවන් උපරිම දේ මම කළා“ යැයි නීතිඥවරයා ඒ පිරිසට පිළිතුරු දෙමින් පැවසීය.
මේ අවස්ථාවේ ඥාතීන් කිසියම් දෙයක් කිරීමට උත්සහ කරන බවක් නීතිඥවරයාට දැණිනි. ඔවුහු එකිනෙකා ඇඹරෙන්නට වූහ. පසුව කාන්තාවක් නීතිඥවරයාගෙන් ඉල්ලීමක් කළාය.
“එයා කූඩුවට නැග්ගට පස්සේ සර්ට විතරයි ළඟට යන්න පුලුවන්. ඒ හින්දා සර් මේ තෙල් කුප්පිය එයාට දෙන්න. නළලේ ඩිංගක් ගාගෙන නඩුකාරතුමා දිහා බලාගෙන ඉන්න කියලා ගුරුන්වහන්සේ කිව්වා. එතකොට නඩුකාර උන්නාන්සේ එයාව නිදහස් කරාවි කියලා“
කාන්තාවගේ මෙම ඉල්ලීමෙන් නීතීඥවරයාගේ කෝපය ඉහවහා ගියේය.
“ගුරුන්වහන්සේලාට නඩුවලින් මිනිස්සු නිදහස් කරන්න පුලුවන්නම් පසුගිය කාලේ ඔය මැති ඇමතිවරු හිරේ යනවාද? එහෙනම් අද හිර ගෙවල් හිස් වෙන්න ඕනෑ.තමුන්ලගේ විත්තිකරු හිරේ ගියොත් මගේ වරද කියාවි. මම හරියට කරලා නෑ කියාවි. නිදහස් උනොත් ගුරුන්වහන්සේගේ තෙලේ බලේ කියාවි.
අද තීන්දුව දෙන දවස. විනිසුරුතුමා තීන්දුව ලියලා ඉවරයි. අද තියෙන්නේ තීන්දුව කියවන්න විතරයි. තමුන්ගේ තෙල් වලට නඩු තීන්දුවක් වෙනස් කරන්න පුලුවන්ද? අරගෙන යනවා ඔය තෙල් දීපු ගුරුන්වහන්සේ ළඟටම“ නීතිඥවරයා කියා සිටියේය.
මහත් ලැජ්ජාවට පත් ඥාතීහු අධිකරණ ශාලාවට ගියහ.
තීන්දුව ප්‍රකාශයට පත්විය. විත්තිකරු නිදහස් විය. විත්තිකරු පැමිණ නීතිඥවරයාට ස්තූති කළත් තෙලේ බලේ පෙන්වීමට ගාය ඥාතීහු ලැජ්ජාව නිසා නීතීඥවරයාට මුහුණ නොදී පිටව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දුකකි. මෙවැනි මිනිසුන් තවමත් ඉන්නවා.
මෙතන තෙලේ බලේ නැති නිසානේ නිදහස් වෙලා තියෙන්නේ.
මෙහෙමත් මිනිස්සු
මොවුන්ට දොස් කියන එක වැරදීයි. මම දන්නවා මෙවැනි දේ වලට විරුදධ එක් මහාචාර්ය වරයෙක් ගෙදර ලොකු තොවිලයක් කළා එයාගෙ දුවට අසනීප වෙලා අන්තිම උනාම. ඒ දැරිවි සුවය ලැබුවා. ඒ ගෞරවය යා යුත්තේ එම වෙලාවෙදි එම දැරියට වෙදකම් කළ දොස්තර වරුන්ටත් බලා ගත් හෙදියන්ටත්. නමුත් සියළු දෙනාම කතා කළේ තොවිලයේ ආනුභාවය ගැන.