අන්තවාදි ත්‍රස්ත සැකයක් නිසා අනියම් භාර්යාවන් සොයාගිය තිදෙනකු ආරක්‍ෂක අංශවලට හසුවීමේ පුවතක් වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයෙන් වාර්තා විය.

අන්තවාදී ත්‍රස්තයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කර සිටීම නිසා ඉකුත් දිනෙක රාත්‍රියේ කළු ඇඳුමින් සැරසුණු තිදෙනෙක් සිරිගම්පල ජනපදයේ ස්ථාන 3ක සැකකටයුතු අන්දමින් ගැවසෙන බව ආරක්‍ෂක අංශවලට ලැබුණු දැනුම්දීමක් මත වහා පියවර ගැනීමට කටයුතු කර තිබේ.
විශාල ජනපදයක් වූ සිරිගම්පල ප්‍රදේශයේ ස්ථාන 3ක් ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් යොදවා සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී ඔවුන් සිය අනියම් භාර්යාවන් සොයා යාමේදි මෙලෙස ආරක්‍ෂක අංශවලට අසුවූ බව හෙළිවී තිබේ.
ත්‍රස්ත ප්‍රහාරයට පෙරත් මෙම පුද්ගලයන් රාත්‍රී කාලයේ මෙලෙස අනියම් භාර්යාවන් සොයායන බවත් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජනතාව අවධානයෙන් සිටීම නිසා මෙලෙස දැක ආරක්‍ෂක අංශවලට දැනුම් දී තිබේ.
මෙවන් අවදානම් අවස්ථාවලදී හොර ගමන් නවතා නිවෙස්වලට වී සිටින ලෙස දැඩි ලෙස අවවාද කර ඔවුන් මුදාහැර ඇත.
(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
891
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රස්ත වැඩ අස්සේ හොර ගෑනුපස්සේ ගොස් මාට්ටු