(ගම්පොල - සුරංංග රාජනායක)
උපතින්ම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළුනු ඇය විවාහකය.
විමසීමකින් තොරව වැඩ කරන ඇගේ සැමියාට වගකීම් සහිත වැඩක් පැවරිය නොහැකි තරම්ය. එබැවින් පවුලේ සියලූ බර ඇය විසින්ම මනාව සැලසුම් කොට පවත්වා ගෙන යයි.
පසුගිය දිනක ඇගේ පියා මිය ගියේය. ඉතා සංවේදී ඇය ඒ පිළිබඳව දැඩි සේ දුක් වූවාය. මිය ගිය අයගේ අවසන් කටයුතු දින ඇය වඩාත් හැඬුවාය. මිය ගිය පියාගේ අවසන් කටයුතු සිදු කොට සොහොන ළඟ සිට ති‍්‍රරෝද රථයකින් ඇය හා ඇගේ සැමියා නිවෙසට එමින් සිටියහ. හඬමින් පැමිණි ඇය එක් වරම සිහිසුන් වූවාය.
ති‍්‍රරෝද රථ රියැදුරු සිහිසුන් ඇයට වතුර ටිකක් ඉසීම සඳහා ජලය රැුගෙන ඒමට අසල නිවෙසක් කරා දිව ගියේය. ඔහු නැවත ජලය රැුගෙන එන විට සිහිසුන්ව සිටි ඇය දෑතින්ම මුහුණ බදාගෙන බිම පෙරළෙමින් විලාප දෙන අයුරු දැක ඒ පිළිබඳ ඇගේ සැමියාගෙන් විමසීය.
”ත‍්‍රිරෝද රියේ තිබුණු වතුර බෝතලෙන් මම මෙයාගේ මුහුණ හේදුවා. ඊට පස්සේ තමයි මේ විදිහට කෑ ගහන්න ගත්තේ” යැයි පවසත්ම ති‍්‍රරෝද රථ හිමියාට දොලොව රත් වූයේ ති‍්‍රරෝද රථයේ තිබූ පැට‍්‍රල් බෝතලය ඇගේ මුහුණට හලා ඇති අයුරු දැකීමෙනි. වහාම ඇය රෝහලට ගෙන ගිය අතර එහි දින 3ක් නැවතී ඇයට ප‍්‍රතිකාර ගැනීමට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පරණ එකක්නේ (නදී)
මේක කලින් අපි කියවපු පුවතක්. ! (ර)