IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ත‍්‍රීරෝද රියේ ‘‘ඩෝපර්’’ බිමට බස්සවන්න උප්පරවැට්ටියක්

(වියලූව වාර්තාකරු)
පදමට වෙරි වී නගරයේ වෙළෙඳ සලක් අසළ තිබූ ත‍්‍රීරෝද රථයකට වැදී මර නින්දේ පසු වූ පුද්ගලයකු ත‍්‍රීරෝද රථයෙන් බස්සවා ගැනීම සඳහා අපූරු උපායක් යෙදූ තරුණ පිරිසක් පිළිබඳ වියලූවේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය.


පසුගිය දිනෙක ගම්බද ප‍්‍රදේශයක සිට නගරයට පැමිණි පුද්ගලයකුට නිවෙසට ඇවැසි කළමනා ද මිලදී ගෙන එම නගරයේම තිප්පොළකින් හොඳ හැටි සප්පායම් වී ඇත්තේ ඊළඟ බසයේ නැගී නිවෙසට යන්නටය.


මග යන්නට තරම්වත් පණ නැති ඔහු නංවා ගැනීම බස් රථ කීපයකින්ම ප‍්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ ඔහු වෙළෙඳ සැලක් අසල තිබූ ත‍්‍රීරෝද රථයකට ගොඩ වී නිදාගත්තේ වෙරි හිඳුනාම යෑමේ බලාපොරොත්තුව ඇතිවය.


එයින් දැඩි අපහසුතාවට පත් ත‍්‍රීරෝද රථය හිමි තරුණයා ඔහු ඉන් පිටතට ගන්නට කොතෙක් වෑයම කළ ද පලක් නොවීය.


මොහු ත‍්‍රීරෝද රථයෙන් බස්සවා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටි ඔහුට එහි සිටි මිතුරෙක් අපූරු යෝජනාවක් ගෙනාවේය.


එහි සිටි එක් තරුණයකු හිටි වනම උසස් පොලිස් නිලධාරියකු ලෙස කතා කරන්නට විය. ”ඒයි තමුසේ බීලා නේද? පී.සී. ගේනවා ජිප් එක පොලිසි ගෙනියන්න” පොලිස් වෙස් ගත් තරුණයා ත‍්‍රීරෝද රථයට මුවා වී ගුගුළේය. එතෙක් මර නින්දේ සිටි බිමත් පුද්ගලයා දෙනෙත් විවර කරමින් ආයාචනාත්මකව කියා සිටියේ ”අනේ රාලහාමි ටිකක් බිව තමා ඒත් මේකට ඉතිං පොලිසි ගෙනියන්න  ඕනෑ යැ” යනුවෙනි.


”හා... හා.... එහෙනම් ඔය බඩු ටිකත් අරං ගෙදර යනවා” යළිත් පොලිස් වෙස්ගත් තරුණයා ගෝරනාඩු කළේය.


පූස් පැටියකු සේ තම බඩු මුට්ටු ටික ද රැුගත් බීමත් පුද්ගලයා බස් නැවතුම්පොළ වෙත ගමන්කළේ තමන් බේරා දුන් එහි සිටි තරුණ පිරිස දෙස කෘතඥ පූර්වක බැල්මක් ද හෙළමින්ය.



අදහස් (0)

ත‍්‍රීරෝද රියේ ‘‘ඩෝපර්’’ බිමට බස්සවන්න උප්පරවැට්ටියක්

අබේසිංහ Monday, 22 December 2014 05:22 PM

ඔලුව කියන්නේ ඕකට තමයි (නි)

:       0       0

සරත් පර්ත් Monday, 22 December 2014 07:20 AM

දේශපාලකයින් පොලිසියට බය නැති උනාට මහජනයා ලඟ තවම බය සැක තියෙනවා. පොලිසියේ අය ඒය තේරුම්ගෙන වැඩ කළොත් හරි (නදී)

:       0       0

ලලිත් Tuesday, 23 December 2014 09:07 PM

පොලිසියට මොකටද බයවෙන්නේ තමන් වරදක් කරලා නැතිනම්? (නදී)

:       0       0

ඩබිලිව්.ජී ප්‍රේමදාස Wednesday, 24 December 2014 08:26 AM

හොඳ වැඩේ (නදී)

:       0       0

සිතුම් Monday, 22 December 2014 10:37 AM

නියම වැඩේ යාලුවනේ.(හේ)

:       0       0

අධීෂ රණසිංහ Tuesday, 23 December 2014 04:14 AM

දේශපාලකයින් පොලිසියට බය නැති උනාට මහජනයා ලඟ තවම බය සැක තියෙනවා. පොලිසියේ අය එය තේරුම්ගෙන වැඩ කළොත් හරි (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 22 December 2014 04:38 AM

ඇතුවත් බැරි නැතුවත් බැරි පොලිසිය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site