IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


තරුණයාට සම්මුඛ පරීක්‍ෂණයට යන්න අපූරු චරිත සහතිකයක්

දන්නා කියන තරුණයෙකු වෙනුවෙන් දුන් අපූරු චරිත සහතිකයක් පිළිබඳ කතාවකි මේ. ඔහු විරැකියාවෙන් පෙළුණු තරුණයින් අතර තවත් එක් අයෙකි. ඔහේ බලා නොසිට හැකි තාක් ප‍්‍රායෝගික දැනුම ලබාගැනීම සඳහා බාහිරව පාඨමාලා රැසක් හැදෑරීය. ඒ අතරම පෞද්ගලික අංශයේ ආයතන රැසකට ඉල්ලූම්පත‍්‍ර යොමු කළේය. ඒ අනුව ආයතන කිහිපයකින්ම ඔහුට සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවීම් ලැබිණි. ඔහුද ඉහේ මලක් පිපුණා සේ සතුටින් අදාළ දිනයට පෙර ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සූදානම් කෙළේය. උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික, ප‍්‍රායෝගික දැනුම් සපිරි පාඨමාලා, සහතික සහ ලියකියවිලි සම්පූර්ණ කරගත් අතර ඒ අතරට චරිත සහතිකයක් ද අවශ්‍යව තිබුණි. ඒ සඳහා අසල්වැසි නිවෙසේ සිටින සේවයෙන් විශ‍්‍රාම ගිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයකු හමුවට ගියේ ඔහුට සාම විනිසුරු පදවියක් ද ඇති නිසාය. තරුණයා ඔහුට කාරණාව සැල කළේය. අනේ පුතා මම දැන් පුංචි වැඩක. ඔයා හෙට උදේ යන ගමන් එන්න මම ලියලා තියන්නම් ඔහු කීය. වැඩිහිටි අසල්වැසියාගේ කීමට කීකරු වී තරුණයා ආපසු ගියේය. පසුදින උදැසනම කඩිමුඩියේ සූදානම් වී අසල්වැසි නිවෙසේ ඇති චරිත සහතිකයද රැගෙන මඳක් පරීක්‍ෂා කොට බලා අවශ්‍ය කටයුත්ත සඳහා පිටත්ව ගියේය. සම්මුඛ පරීක්‍ෂණයේදී තොරතුරු කතා බහ කළේය. සහතික පරීක්‍ෂාව ඒ අතරම සිදුකැරිණි. මොකටද මේ කුරුඳු වෙළෙන්දෙකුගෙන් සහතික මේවා අපට අදාළ නැහැ. තරුණයා ඇස් උඩ තබා බලා සිටියේය. මොහොතකින් සියල්ල වැටහී ගියේය. චරිත සහතිකයේ සාමදාන විනිසුරුවරයාගේ නිල මුද්‍රාව ඇති තැන තිබූයේ කුරුඳු වෙළඳාම සහ මිලදී ගැනීමේ ආයතනයක නමකි. එය තම අසල්වැසියාගේය.



අදහස් (0)

තරුණයාට සම්මුඛ පරීක්‍ෂණයට යන්න අපූරු චරිත සහතිකයක්

සෑන්ජ් Monday, 06 February 2012 02:09 PM

ඉවසීමෙන් කල් වේලා ඇතිව වැඩකරන එක හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site