IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


තරුණ පුතා වැඩ පෙන්වන්න ගිහින් අත්දෙක කඩාගෙන

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
තරුණ පුතෙකු තම මවට රණ විරු දස්කම් පෙන්වන්නට ගොස් දෙඅත්කඩාගෙන වෙදකම් කිරීමට රැගෙන යෑමේ පුවතක් ඇතුගල් පුරවරයෙන් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ මව්පියෝ කිහිප දෙනෙක් පසු ගියදා එම පංතියේ තවත් සිසුවෙකුගේ ඇතුගල් පුරවරයේ පිහිටි නිවසකට පැමිණියහ. එහිදී තම දරුවා විභාගය නිම වූ විගස හමුදා සේවයට යෑමට සූදානම්ව සිටින බව එහි පැමිණි මවක් ආ ගිය තොරතුරු විමසීමේදී පැවැසුවාය.


අනේ ඔයාගේ පුතා නම් හමුදාවට ගිහින් හරි ජීවත් වෙයි. අපේ එකාගේ තියෙන ඔතෑනිකමට ඒකටවත් යන්න බැරි වෙයි එම නිවසේ පසු වූ අම්මාද ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.


ඒ අවස්ථාවේදී පවුලේ ඥාතින් එක්ව සිටින මොහොතක එම පුතා අම්මාට මෙසේ කීවේය. 


අම්මේ ඔයා හිතුවාද මම ඔතෑනි පුතෙක් කියලා. ඔය කියන එවුන්ට එන්න කියන්නකෝ මම සමඟ සටන් කරන්නට කියා එම තරුණ පුතා අම්මා හා රැස්ව සිටි පිරිසට පෙනෙන්නට උඩ පැන වහලයේ උඩ තිබෙන බාල්කයක එල්ලී කරනම් කිහිපයක් ගසමින් ඔවුන් මවිත කළේය.


පසුව ඔහු බිමට බැස යළි උඩ පැන බාල්කය අල්ලන්න තැත් කිරීමේදී පය පැටලී ඔවුන් ඉදිරිපිටම සාලය මැද ඇද වැටුණි.


කිසිත් අදහා ගත නොහැකි පිරිස ඔහු ඔසවා පරීක්ෂා කිරීමේදී අත් දෙකම කැඩී තිබෙන බව වටහා ගැනීමෙන් පසුව වහා ත්‍රී රෝද රථයක් ගෙනැවිත් කැඩුම් බිඳුම් වෙද මහතෙක් සොයා යෑමට ඔවුන්ට සිදුවී තිබේ. 


රෝගියා පරීක්ෂා කළ වෙද මහතා වම් අත මැණික් කටුව අසළින්ද, දකුණු අත වැළමිට ප්‍රදේශයෙන්ද කැඩී ඇති බව පවසා දේශීය වෙදකමට අනුව පත්තු බැඳීමට පියවර ගත් බවත් ඔහු තවමත් ප්‍රතිකාර මත නිවසේ පසුවෙන බවත් පවුලේ උදවිය පැවැසූහ.



අදහස් (1)

තරුණ පුතා වැඩ පෙන්වන්න ගිහින් අත්දෙක කඩාගෙන

Pradeep Friday, 19 June 2020 01:42 PM

කිසි විටකත් තමන්ගේ දරුවන් ඔවුන් අභියසම අවතක්සේරු කර කතා කරන්න එපා. විශේෂයෙන්ම සම වයස් යහලුවන් හෝ ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපිට. අඩුපාඩු තිබිය හැකියි. ඒවා හදා ගැනීමට දෙමාපියන් ලෙස ඔබ ඔයිට වඩා ඥාණාන්විත විය යුතුයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site