(මොරගොල්ලාගම සිසිර කැලේගම)
තරුණ පුතෙකු තම මවට රණ විරු දස්කම් පෙන්වන්නට ගොස් දෙඅත්කඩාගෙන වෙදකම් කිරීමට රැගෙන යෑමේ පුවතක් ඇතුගල් පුරවරයෙන් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.
උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ මව්පියෝ කිහිප දෙනෙක් පසු ගියදා එම පංතියේ තවත් සිසුවෙකුගේ ඇතුගල් පුරවරයේ පිහිටි නිවසකට පැමිණියහ. එහිදී තම දරුවා විභාගය නිම වූ විගස හමුදා සේවයට යෑමට සූදානම්ව සිටින බව එහි පැමිණි මවක් ආ ගිය තොරතුරු විමසීමේදී පැවැසුවාය.
අනේ ඔයාගේ පුතා නම් හමුදාවට ගිහින් හරි ජීවත් වෙයි. අපේ එකාගේ තියෙන ඔතෑනිකමට ඒකටවත් යන්න බැරි වෙයි එම නිවසේ පසු වූ අම්මාද ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.
ඒ අවස්ථාවේදී පවුලේ ඥාතින් එක්ව සිටින මොහොතක එම පුතා අම්මාට මෙසේ කීවේය.
අම්මේ ඔයා හිතුවාද මම ඔතෑනි පුතෙක් කියලා. ඔය කියන එවුන්ට එන්න කියන්නකෝ මම සමඟ සටන් කරන්නට කියා එම තරුණ පුතා අම්මා හා රැස්ව සිටි පිරිසට පෙනෙන්නට උඩ පැන වහලයේ උඩ තිබෙන බාල්කයක එල්ලී කරනම් කිහිපයක් ගසමින් ඔවුන් මවිත කළේය.
පසුව ඔහු බිමට බැස යළි උඩ පැන බාල්කය අල්ලන්න තැත් කිරීමේදී පය පැටලී ඔවුන් ඉදිරිපිටම සාලය මැද ඇද වැටුණි.
කිසිත් අදහා ගත නොහැකි පිරිස ඔහු ඔසවා පරීක්ෂා කිරීමේදී අත් දෙකම කැඩී තිබෙන බව වටහා ගැනීමෙන් පසුව වහා ත්‍රී රෝද රථයක් ගෙනැවිත් කැඩුම් බිඳුම් වෙද මහතෙක් සොයා යෑමට ඔවුන්ට සිදුවී තිබේ.
රෝගියා පරීක්ෂා කළ වෙද මහතා වම් අත මැණික් කටුව අසළින්ද, දකුණු අත වැළමිට ප්‍රදේශයෙන්ද කැඩී ඇති බව පවසා දේශීය වෙදකමට අනුව පත්තු බැඳීමට පියවර ගත් බවත් ඔහු තවමත් ප්‍රතිකාර මත නිවසේ පසුවෙන බවත් පවුලේ උදවිය පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි විටකත් තමන්ගේ දරුවන් ඔවුන් අභියසම අවතක්සේරු කර කතා කරන්න එපා. විශේෂයෙන්ම සම වයස් යහලුවන් හෝ ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපිට. අඩුපාඩු තිබිය හැකියි. ඒවා හදා ගැනීමට දෙමාපියන් ලෙස ඔබ ඔයිට වඩා ඥාණාන්විත විය යුතුයි.