IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


තමාම සපත්තුව මසාගත් සුද්දා සපතේරුවාට 200ක් දීලා

(ක්‍රිස්ටෝපර් සීපියන්)
එදා වැසි සහිත දිනයකි. වේලාව උදේ දහයට පමණය. පාර අයිනේ සිටි සපත්තු මහන්නා අසල තුන් හතර දෙනෙකුම සිටියේ තම කාර්යයන් සපුරා ගැනීමටය. එතනටද පොද වැස්සේම පැමිණි විදේශිකයෙකි. ඔහු තම සපත්තුව ගලවා සපත්තු මහන්නාට පෙන්නා “මේක මහලා දෙන්න පුළුවන්දැයි” ඉංග්‍රීසියෙන් විමසීය.


තම සේවය ලබාගැනීමට පැමිණි අය පෙන්වූ සපත්තු මහන්නා “වන් ටූ ත්‍රී ෆෝ” යනුවෙන් පැවසුවේ හතර දෙනෙකුගේ වැඩ කිරීමට ඇති බවය. එය තේරුම් ගත් විදේශිකයා සිනහවක්පාමින් සපත්තු මහන ඉඳිකටුව පෙන්වමින් අමතර ඉඳිකටුවක් තියෙනවාදැයි ඇසීය. එය නොතේරුණු සපත්තු මහන්නා එතැන සිටි අයෙක් මේ වගේ ඉඳිකටුවක් තියෙනවාද කියලයි අහන්නේ යැයි පැවසීය. 


“ඔව් ඔව් තියනවා” යැයි පැවසූ හෙතෙම එය විදේශිකයාට පෙන්විය. නූලක් ඉල්ලාගත් විදේශිකයාට වාඩිවීමට කුඩා බංකුවක් ද ලැබිණි. විදේශිකයා තම ඉරුණු සපත්තුව මසන්නට පටන් ගත්තේ සැවොම පුදුමයෙන් බලා සිටියදීය. සපත්තුව මසා නිමකළ විදේශිකයා ගාණ කීයදැයි විමසීය. ඔළුව කැසූ සපත්තු මහන්නා හන්ඩ්‍රඞ් රුපීස් යැයි පැවසීය. රුපියල් සීය වෙනුවට දෙසීයක්ම ඔහු අත තැබූ විදේශිකයා ස්තුති කර පිටව යනු දක්නට ලැබිණි.
බොරැල්ල නගරයේදී සිදුවූවකි. 

 



අදහස් (5)

තමාම සපත්තුව මසාගත් සුද්දා සපතේරුවාට 200ක් දීලා

justin Tuesday, 15 October 2019 05:47 AM

ඒ රටවල අධ්‍යාපන ක්‍රමය එහෙමයි. හැම ජීවන කුසලතවක්ම දෙනවා. විදුලි වැඩ පයිප්ප වැඩ ආදී හැම දැනුමක්ම ඔවුන්ට ලබා දීල තියෙන්නේ ... අපේ රටේ සල්ලි නැහැ ඕවට වියදම් කරන්න. ඡන්ද තියන්න සල්ලි ඕනනේ. නැත්නම් 225 දෙනා පව්නේ.

:       0       316

හිනා. Wednesday, 16 October 2019 12:40 AM

සුද්දාගෙන් රුපියල් සීයක් ගැනීම අශිෂ්ටයි.අපි ඉන්න රටවල නම් මෙහෙම වෙලාවට සල්ලි ගන්නෙ නෑ."මම වැඩක් කලේ නෑනෙ.සල්ලි එපා"කියනවා.

:       1       27

Bamunuarachchi Wednesday, 16 October 2019 04:51 AM

ජනාදිපතිලා මාලිගා වගේ දේවල් ගන්නවානම්, ඇමතියෝ මන්ත්‍රිලා වැටුප් දීමනා ගන්නවානම් සපතේරුවා රු 200 ගැනීම ගැන පුදුම වෙන්න එපා.

:       35       19

priyantha Wednesday, 16 October 2019 08:28 AM

ඒ මනුස්සයා කරන්නේ තමන්ගේ රැකියාව. ඉඳි කට්ට දුන්නා. නුල් දුන්නා. ඉතින් සල්ලි කීයක් හරි ගත්තට වැරද්දක් නෑ.

:       0       55

lalithm Thursday, 17 October 2019 02:35 AM

බමුණාගේ තරම පෙනුණා කළ ප්‍රකාශයෙන්... දේශපාලුවෙක් වෙන්න ඕනෙම සුදුසුකම - අනුන්ගේ වැඩවලින් තමා හම්බ කිරීම බව දන්නවා.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site