IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තනියම කසිප්පු පෙරන්න ගිහින් ගමටම වනවෙලා

ගමේ හිතවතුන්ට හොරා කැලෑ රොදකට රිංගා  කාටත් හොරා තනිවම කසිප්පු පෙරා පානය කිරීමට පුරුදුවී සිටි පුද්ගලයකු ගෝඩා බැරලයක් පිපිරි පිලිස්සුම් තුවාල ලැබීමෙන් පසුව තම ගම්මුන්ගේ සහයෙන් රෝහල් ගතවූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.


ගමේ අයකුගෙන් දැනගත් අන්දමට සිද්ධිය මෙසේය. 


එය තරමක් පිටිසර ගම්මානයකි. 


මත්පැන් පානයට පුරුදුවී සිටි තරුණයකු කාටත් හොරා ගම් ආසන්නයේ පිහිටි වන ලැහැබකට රිංගා කසිප්පු පෙරා පානය කරන්නට වූයේ නීතියට ඇති බිය මෙන්ම සිද්ධිය ආරංචි වුවහොත්  තම හිතවතුන්ටද ඉන් කොටසක්  දෙන්නට වන බව  දන්නා නිසාය. 


සුපුරුදු පරිදි කසිප්පු වඩියක් පෙරෙන්නට සිතු ඔහු අවශ්‍ය කළමනාද රැගෙන කැලෑ රොදට  රිංගුවේ ගමේ කිසිවකුටත් ඇස නොගැටෙන පරිද්දෙනි. 


කල් යල් බලා රෑ බෝවෙද්දී ගෝඩා බැරලයට ගිනි තැබූ ඔහු ඒ අසලම වාඩිවී විමසිල්ලෙන්  සිටියේ එහි පදම එනතුරුය. කරුමයකට මෙන් මහ හඬක් නංවමින් කසිප්පු බැරලය පුපුරා ගියේ එහි වාෂ්පයෙන් ඔහුගේ සිරුරේ දෑත් දෙපා ඇතුළු ස්ථාන රැසක් පුළුස්සා දමමිනි. 


නොසිතූ මොහොතක වූ සිද්ධියෙන් දැඩි වේදනාවට පත් හෙතෙම මර හඬ තලමින් ගම දෙසට දිව ගියේ තම දිවි ගලවා ගන්නට ආධාර ඉල්ලමිනි. 


දැඩි වේදනාව මැද්දේම සිද්ධිය විස්තර කළ හෙතෙම එය රහසක් ලෙස තබා ගෙන තමා වහාම රෝහල වෙත රැගෙන ගොස් දිවි බේරා දෙන්නැයි කන්නලව් කළේ පොලිසියට අසු වුවහොත් ඇති වන විපාකය පිළිස්සුම් තුවාලයටත් වඩා වේදනාවක් බව දන්නා නිසාය. 


කෙසේ වෙතත් තම හිතවතාට අනුකම්පා කළ ගමේ තරුණ කැල පිරිස ඔහු වහාම රෝහලට රැගෙන ගියේ තම මිතුරා වෙනුවෙන් තවත් බොරු හතට අටක්ද ගොතා ගෙනය. 

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

තනියම කසිප්පු පෙරන්න ගිහින් ගමටම වනවෙලා

පිටබැද්දර ජයා Monday, 15 August 2016 10:11 AM

කන බොන මිනිස්සුනම් ඉතින් බෙදා හදාගෙන මිසක් බදා ගෙන කන්නේ (බ)

:       0       0

අබය Monday, 15 August 2016 01:11 AM

මීටපස්සෙවත් කන බොන වෙලාවට යාලුවොත් මතක් කරගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site