අගනුවරට ආසන්න උපනගරයක පදිංචි මේ අඹුසැමි යුවළ සේවය කළේ සමුපකාරයට සම්බන්ධ ආයතනයක. පසුගියදා අලූත් අවුරුද්දට ගේ අස්පස් කොට සායම් ගෑ ඔවුහු පාර දිගට වූ තාප්පයෙහි තමාට අයත් කොටස ද පිළිසකර කිරීමට සූදානම් කළහ.
ඔවුන්ට මෙය කළ නොහැකි නිසා දුර බැහැර ජීවත් වූ බිරිඳගේ ඥාතියකු වූ සායම් බාස් කෙනකුට වැඬේ පැවරීය.
”මෙම තාප්ප කෑල්ලෙ සායම් ගාන්න. අපි වැඩට ගිහිං සවස එන්නෙ. තීන්ත මදි වුණොත් කඩෙන් ගෙන්න ගන්න. අපි කඬේට කියල යන්නම්” කී ඔවුහු තීන්ත කඩයේ නම ද කියා වැඩට ගියහ.
සවස ගෙදර ආ ඔවුන්ට දකින්නට ලැබුණේ තමාට අයත් කොටසේ පමණක් නොව ගෙවල් තුනක් දිගට විහිදී තාප්පයේ මුළුමනින්ම තීන්ත ආලේප කර ඇති බවකි.
”එළිය පැත්තෙ නම් දිගටම ගෑවා. ඒත් ඇතුළු පැතිවල ගානවට ගෙවල්වල කට්ටිය එච්චර කැමති වුණේ නැහැ” ඥාතියා කීමෙන් මේ ජෝඩුවට තරු පෙනුනලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
තීන්ත ගාන්න ආ මාමා අනුන්ගේ තාප්පවලත් තීන්ත ගාලා
ජයතිස්ස Wednesday, 10 April 2013 10:39 AM
මාමගේ ගම කොහෙද දන්නෙ නැහැ නේද? (නි)
සමන්ත Wednesday, 10 April 2013 03:30 PM
මාමට දොස් කියලා වැඩක් නැහැ (නි)
චින්තක Thursday, 11 April 2013 12:06 PM
සෙන්තිල් නියම මෝඩයෙක් (ස)
ජෙෆ් Sunday, 14 April 2013 03:10 PM
අපේ අල්ලපු ගෙදර කට්ටිය තින්ත බාස් කෙනක්ව හොයනවා. ඔය මාමගේ දුරකතන අංකය දෙනවද? (නි)
ජෙෆ් Sunday, 14 April 2013 03:16 PM
සෙන්තිල්, ඔයාලගේ අය රටේ තීන්ත ගාන්න ඇවිත් මතක නැද්ද තීන්ත නා ගත්තා? (නි)
ක්‍රිෂ් Wednesday, 10 April 2013 11:05 AM
වරද කාගේද ? (නි)
සමන් Wednesday, 10 April 2013 11:27 PM
අල්ලපු ගෙදර අයියා තීන්ත ගාන්න බාස් කෙනෙක් හොයනවා, ඔය මාමා ඉන්න තැනක් දන්නවා නම් මටත් කියන්න :) (නි)
දයා අලහකෝන් Wednesday, 10 April 2013 11:33 AM
අනේ මන්දා මාමත් බලපුවම එක්තරා වර්ගයක හද මාමෙක් තමයි.(නදී)
සුමාරා Thursday, 11 April 2013 01:03 PM
තීන්ත ගාන්න නියම එක්කෙනා .... (නි)
නලින්ද Friday, 12 April 2013 04:42 AM
සෙන්තිල්ද දන්නෙ නැහැ මේ තීන්ත ගාපු කෙනා... (නි)
ප්‍රසාද් Friday, 12 April 2013 04:44 AM
සෙන්තිල් මහ මෝඩයෙක්. (නි)
සනත් Thursday, 11 April 2013 06:54 AM
සෙන්තිල්ලා දන්නෙ තමිල්නාඩුවෙන් එන පුස් වීරයින්ගෙ බයිස්කෝප් බලලා විසිල් ගහන්න විතරක් නිසා මේවා දන්නෙ නැහැ. (නි)
සනත් Wednesday, 10 April 2013 06:34 PM
උබ ලොකු පිනක් කරගෙන තියන්නේ.(නදී)
දිසානායක Wednesday, 10 April 2013 06:48 PM
ඔය වගේ එක්කෙනෙක් අපි ලගත් හිටියා. තින්ත ගාන්න කියලා එලියට ගිහින් එනකොට ටයිල් අල්ලපු බිත්ති වලත් තින්ත ගාලා තිබුනා .(නදී)
ප්‍රගීත් Thursday, 11 April 2013 09:03 AM
සෙන්තිල්ලා දන්නෙ නැති වුණාට මේ රටේ මහා වැව් දාගැබ් කරලා සංස්කෘතියක් ගොඩ නැංවූයේ සිංහල වීරයො තමයි. (නි)
වරුණ Wednesday, 10 April 2013 07:55 AM
ගාන්න ඕනෑ ප්‍රමාණය නොපෙන්වීමේ වරද කාගේද? (නි)
හේරත් Thursday, 11 April 2013 09:12 AM
මේ මාමා හොඳ මාමා. මුනේ දැලි ගෑවේ නැහැනේ... (නි)
සම්පත් Wednesday, 10 April 2013 01:48 PM
නියම කතාව... (නි)
සෙන්තිල් Wednesday, 10 April 2013 07:38 PM
ඕක ඉතින් පුදුමයක් නෙමෙයිනේ. සිංහලයා මොඩයා කැවුම් කන්න ශූරයා.(නදී)
කසුන් ධර්මවංශ Thursday, 11 April 2013 09:24 AM
සනත් හරියටම හරි. සෙන්තිල්ලා දන්නේ ඔච්චර තමයි (නි)
දිසානායක Wednesday, 10 April 2013 08:37 AM
අපේ මාමලා ඔක්කොම ඔය වගේ. තීන්ත ගාන්නෙම අනුන්ගේ තාප්ප වල. (නි)
සරත් Wednesday, 10 April 2013 08:37 AM
දින දෙක තුනකින් ආවා නම් කොහෙන් නතර වෙලා තියේවිද මන්දා. (නි)
චමිපා Friday, 12 April 2013 09:25 PM
ඉතින් ඒ අයගෙන් සල්ලි ටිකක් ඉල්ලා ගන්නකො තීන්ට වලට ගිය ව්යදම කියලා.(නදී)
ආනන්ද ආර් Thursday, 11 April 2013 05:56 PM
ඔය මාමා එවන්න බැරිද අපේ අල්ලපු ගෙදර තාප්පේ තීන්ත ගාවගන්න. අපේ ගෙදර තාප්පෙත් පරණ පාටයි. (නි)
අශාන් Wednesday, 10 April 2013 02:36 PM
අපේ ගෙදර තාාප්පෙත් තීන්ත ගාන්න එක්කෙනෙක් හොයනවා , ඔය මාමා ඉන්න තැනක් දන්නවනම් මටත් කියන්න :) (ස)