(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වසර තුන හමාරක් තිස්සේ පෙම්බස් දොඩමින් අනාගත ජීවිතයකට අඩිතාලම් දැමූ දුරකතන පෙම්වතිය සොයා නිවසට ආ විට ඇය තම වයසත් ඉක්මවා ගිය පුතුන් දෙදෙනෙකුගේ මවක බව දැනගන්නට ලැබීමෙන් වික්ෂිප්ත වූ රජරට පෙදෙසේ තරුණයෙකු තම දෙමාපියන් ඇතුළු නෑදෑහිතවතුන් සමඟ හැඬූ කදුළින් යුතුව ආපසු ගිය බව මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
ආරක්ෂක අංශයේ රැකියාවක නිරත තම පුතුගේ මිතුරකු නිවසට ආ අවස්ථාවේ ඔහුගේ දුරකතනයේ තිබූ අංකයක් සොරා ගත් මේ දෙදරු මව, වරින් වර එම දුරකතන අංකයට කතාකරමින් පුතුගේ මිතුරාගේ ඥාතියෙකු සමඟ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.
මේ සම්බන්ධය දැඩි පෙමක් බවට පත්වෙද්දී ඇය තමන්ගේ ඡායාරූපයක් කියා තම පුතුගේ බිරියගේ ඡායාරූපයක් පෙම්වතාට යවා ඇත. එය දැකීමෙන් පසු මේ තරුණයා තම දුරකතන පෙම ගැන දෙමාපිය වැඩිහිටියන් ද දැනුම්වත් කරනු ලැබ ඇති අතර සුදුසු අවස්ථාවක ගොස් මනාලිය බලා විවාහය තීන්දු කරගන්නට වැඩිහිටියන් කතිකා කරගෙන තිබේ.
මේ වනවිට දුරකතනයෙන් පෙම්බස් දෙඩීමට අමතරව දෙදෙනා ලිපි මඟින් ද තොරතුරු හුවමාරු කරගෙන තිබූ නිසා ඇගේ ලිපිනය ද මේ පෙම්වතා අතටපත්ව තිබිණි. ඉකුත් දිනක වෙනත් ගමනක් යන අතරදී මේ පෙම්වතියගේ නිවසට ගොඩවැදී යන්නට තරුණයාගේ වැඩිහිටියෝ තීරණය කළහ. ඒ බව මේ පෙම්වතා පෙම්වතියට දැනුම් දුන් අවස්ථාවේ ඇය ඊට එකහෙළා විරෝධය පළකර ඇත්තේ තමන් මේ බව තවමත් අම්මාටවත් කියා නැති බව කියමිනි.
නමුත් දෙමාපියන්ගේ තීරණයට විරුද්ධ විය නොහැකි වූ තරුණයා මේ ගමනට එක් වූයේය. ඇගේ ගමට ආ පිරිස තැපැල්කන්තෝරුවෙන් ලිපිනය පෙන්වා නිවසට යන පාර ඇසූ විට, “මේ අර පුතාගේ අම්මාගේ ලිපිනයනේ” කියා පාර කියද්දී පෙම්වතාට හීන්දාඩිය දැම්මේය.
වැඩිහිටියන්ට ද ඇතිවුයේ ගැටලුවකි. නිවසටම ගොස් ඇත්ත නැත්ත දැන ගැනීම සුදුසු බව තීරණය කර පිරිස නිවස සොයා ගියේය. දුරකතනයෙන් එවූ ඡායාරූපයේ සඳහන් තරුණිය නිවසේ වූවාය. මේ පිරිස ඇගේ නම කියා විමසුවේය. ඒ අපේ මහත්තයාගේ අම්මා. මේ දැන් හදිසියේ මිනුවන්ගොඩට ගිහින් එන්න ගියා ඇය කීවාය.
තමන් කිසියම් වංචාකාරී කාන්තාවකගේ රැවටීමකට අසුව ඇති බව තරුණයාට තේරුම් ගියේය. වැඩිහිටියන් ද මේ බව තේරුම් ගත්හ. කරුණු කාරණා කතාකරද්දී “අනේ ඔව් මහත්තයාගේ අම්මා නිතරම කා එක්කද කතාකරනවා නම් අපිත් දැනගෙන හිටියා. මෙහෙම මගේ ෆොටෝ එකත් යවලා කියලා නම් දැනගෙන හිටියේ නැහැ” ලේලිය කිව්වාය.
ලේලිය මෙන්ම දුරකතන පෙම්වතා ද මේ අපූරු පෙම්වතියට ඇමතුම් ගත්තත් ප්‍රතිචාරයක් නොවීය. කළ හැකි දෙයක් නොවූ තැන මේ පිරිස ආපසු පිටව ගියේ නීතිමය පියවරක් පසුව ගන්නා අදහස ඇතිවය. මේ දෙදරු වියපත් මව තවමත් නිවසට පැමිණ නැති නිසා ඇය සොයන්නට පුතුන් ද වෙහෙසෙමින් සිටින බව ද දැන ගන්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ හැම කාන්තාවක්ම තරුණ වියේ ඉටු කරගන්න බැරි දේවල් මධ්‍යම වියේදී ඉටු කරගන්න ගියා නම් අද රටේ දික්කසාද ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් තියේවි. තමන්ගේ හැඟීම් පාලනය කර ගන්න බැරි නම් විවාහයකට මව් තනතුරට කොහෙත්ම සුදුසු නැහැ. අඩු ගානේ දුවෙකුටවත් තමන්ගේ පෙම්වතාව අඳුන්වා දෙන්න පුලුවන්ද මෙහෙම අම්මෙකුට? (ර)
ඇතමෙක් සමාජගත කරන්න හදන තුට්ටු දෙකේ නව ලිබරල් මතවාදවලට වඩා වෙනස් අයුරින් තම අදහස බොහෝ දුරට සමබරතාවකින් යුතුව කීම ගැන බෙන්තර මහේෂ් මහතා වෙත තුති පුදමි. (නි)
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
ළමයි තිදෙනෙකුගේ මවක් නම් පෙම් බස් දොඩා ආදරය කළා නම් , ළමයි සිටිනා පළපුරුදු කෙනෙකු නිසා විවාහ වන්න , නැතිනම් දිගටම පෙම් කරන්න , යහපතක් මිසක අයහපතක් නොවේ (බ)
ඉනෝකාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
ආදරේ කරන්න වයසක් කොහෙද? ලින් මැඩියෝ වගේ නේ හිතන්නේ ඉතින්. (ර)
තමන්ගේ කව්රුහරි මෙහෙම වැඩක් කල දවසටත් ඔය මානසික අවපීඩන කතාව නිදහසට කාරණාවක් වේවිද ? (ර)
බෙන්තර මහේෂ් හිතන විදියට හිතන්න ගියොත් ස්ත්‍රී දුෂකයන්ටත් මානසික අවපීඩන තත්වය මත නිදහස් ලැබේවිද මන්දා. ලජ්ජා නැති කමයි මානසික අවපිඩනයයි මහේෂ්ට පැටලිලා ද කොහෙද. (ර)
දුල්මි සහෝදරිය, ඔබට යම්කිසි දවසක මෙසේ නොවේවායි ප්‍රාර්ථනා නොකරන නමුදු යම්හෙයකින් හෝ වුවහොත් ඔබතුමිය දැමූ අදහස දින වකවානුද සමඟ මතක තබාගන්න. මන්ද සාංකාව මානසික අවපීඩනය වැනි තත්ත්වයන් යනු එයට ගොදුරුවන්නා මිසම වෙනත් අයට තම අභිමතය පරිදි විස්තර කළ හැකි දෙයක් නොවන බැවිනි. (නි)
මනුෂ්‍යයන්ගේ හැම අශිලාචාර පැවැත්මක්ම මානසික ලෙඩක් ආදේශ කරන්න ගියොත් හොඳට හිටීවි. (ම)
නාකි විසේ ගෙටත් උසේ කියන්නේ නිකමටද අප්පා? කරගන්න දෙයක් තමන්ගේ වයසට ගැළපෙන විදියට කරගත්තා නම් තව මොකෝ. තමන්ගේ දරුවන්ගේ නම්බුව ගැනවත් හිතුවද මේ වයසක උන්දෑ? (නි)
මේ දෙදරු වියපත් මව නිවසට ඇවිල්ලා ගෙදර උදවියට මුහුණ දෙන්නේ කෙසේද...? තරුණ වියේ නොසංසිඳුන ආශාවක්, හිත තුළ පැලපදියම් වෙලා, වියපත් වයසේදී හරි එය ඉටුකර ගන්නට හිතන්න ඇති. මෙවැනි අයට බැන වැදී, අපහාස නොවකර හොඳ මානසික වෛද්‍යරයෙකුට පෙන්වීමයි කළයුත්තේ (නි)
අද කාලයේ සමහර ගෙවල් වල ඉන්නේ අම්මලා නෙමෙයි නළඟන සමාන බවලතුන්. මේ කතාවේ පුතාගේ මිතුරා මේ කාන්තාවගෙන් බේරුන එක තමයි පුදුමේ. මේවා අද කාලයේ කලබල වියයුතු දේවල් නෙමෙයි කියලා සමහර උදවියට හිතේවි. නමුත් අම්මා කෙනෙකුගේ කල්ක්‍රියාව හැම කාලෙටම අදාළ ලෙස නම්බුකාර විය යුතුයි. (නි)
නාකි විසේ ගෙටත් උසේ කියා කිවුවාට මේ අම්මා හිතන්න ඇති, ඔක්කොම මල් කඩනවා මම කැඩුවොත් මොකද කියලා. අවුරුදු 3ක් 4 ක් ගියානේ මේ තරුණයාට හොයලා බලන්න. අම්මා හුදකලාවේ තනිවුණ කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
මේ මවගේ සැමියා ඇය සමග නැති බව පැහැදිලියි. ඒ වගේම අයගේ දරුවන්ගෙන් ඇයට නිසි පරිදි සැලකිල්ලක් ලැබී නෑ, ඒකට හේතුව මේ වාණිජ සමාජ ක්‍රමය තුළ මිනිසුන් සබඳතා අමතක කර මුදල් පසුපස හඹා යන ආර්ථිකයක් නිර්මාණය කිරීම. ඇයට ගරහනවා වෙනුවට සමස්ත සමාජ ක්‍රමය විද්‍යාත්මක විවේචනයකට ලක්කොට සත්‍යය තෝරාගන්න. (ර)
යුරෝපිය රටවල නම් මෙය සාමාන්‍ය දෙයක්. සමහර සල්ලිකාර ආච්චිලා 25 කොල්ලන් බඳිනවා .එම කොල්ලන්ට කියන්නේ ටෝයි බෝයිලා කියලා. (ර)
බෙන්තර මහේෂ් සාධාරනව හිතනවා. ආදරේට වයසක් නැහැ. නමුත් මෙතන මට පෙනෙන වරද කසාද නොබැඳපු පිරිමි ළමයෙක්ගේ ජීවිතේ එක්ක කරපු සෙල්ලම සහ තමුන්ගේ වයසට ගැළපෙන කෙනෙකුට කතානොකිරීමයි (නි)
දැන් මේ වගේ කන්තාවකටත් අනුකම්පා කරනවා. නමුත් සැමියාත් නැතිව චරිතයත් රැක ගෙන දරුවන් හදා ගන්නා කාන්තාවනුත් මේරටේ ඉන්නවා. ඒ නිසා මෙහෙම බවලතුන්ට අනුකම්පා කිරීමේ රඟ තේරෙන්නේ තමන්ගේ තරුණ පුතෙකු මෙහෙම උගුලකට අහු වුන දාට තමයි. (ර)
ගිහාන්, අවංකවම මම ඒක ඒ වගේ වෙලාවක එහෙම නොහිතන්න පුළුවන්, හැබැයි ඇත්තම කතාව ඒක. චාරු, ඔය මන් දැම්ම පළවෙනි අදහසත් බලන්න (බ)