තංගල්ල ප්‍රදේශයේ එක්තරා ගම් පියසක ජීවත් වන කුඩා පවුලකි. පියා වැඩ කරන්නේ රාජ්‍ය ආයතනයක ලිපිකාරයකු ලෙසය. මවද එලෙසම රාජ්‍ය ආයතනයක සේවය කරන අතර මොවුනට පුතකු සහ දියණියන් දෙදෙනෙකි. ඒ අතුරින් කුඩාම දියණියට රාත්‍රී යාමයේ බරපතළ ලෙස උණ රෝගය වැළඳුණු බැවින් පියා ඇය ආරෝග්‍යශාලාවක් වෙතට ගෙන යන ලදී. එහිදී වෛද්‍යවරයා පියාගෙන් දරුවාගේ නම සහ වයස ඇසු කළ පියාට එය අමතක විය. දියණිය වෙත හැරුණු පියා “ කියන්න කියන්න” කියා කී විට නමයි වයසයි කීවේලු. එවිටම දොස්තර මහතා “තාත්තට දරුවගේ නම වයස අමතක වීම ඉතා කණගාටුදායක. එබැවින් ‘සම්මා සතියෙන්’ නිතර වැඩ කරන්නැයි” පැවසීලු.
(වලස්මුල්ල තිලක් මනම්පේරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පවුලේ ඔක්කොම එකොළොස් දෙනෙක්. අපේ දෙමව්පියෝ කොහොම නම්, ගම්, උපන්දින මතක තියාගෙන හිටියද මන්දා. (නි)
නම අමතක වෙන එක නම් හරි නෑ. වයස නම් ගොඩක් අයට පැටලෙනවා. අපේ ගෙදරත් පුතයි දුවල දෙන්නයි. පුතා 8, දුවල දෙන්නා 5,3....මම ඉන්න රටේ හැම වෙලේම බෙහෙත් ගණන් ගියාම උපන්දිනේ අහනවා බබාලාගේ. මගේ මහත්තයාට මේක හැම වෙලේම වරදිනවා. දැන් දැන් යන්න කලින් මගෙන් අහලා මතක තියාගෙන යන්න උත්සාහ කරනවා.(බ)
මේක වෙන්න පුළුවන්. දරුවෙකු අසනීප වුනාම මවට පියාට සිහිය විකල්වෙන්න පුළුවන්. හොඳින් දන්නා දේවල් පවා අමතක වෙන්න පුළුවන් (හේ)
හදිසියට අමතක වෙන්න ඇති (නි)
දැන් ඉන්න තාත්තලා බොහෝ දෙනෙකුට දරුවන්ගේ දේවල් අමතක වුණාට අර ඉංග්‍රීසි පත්තරෙයි,බෝතලෙයි,අනියම් කෙනාවයි හොඳට මතකයි. (ම)
ජර්මනියේ රජයේ සේවකයෙක් වෙන්න නම් විශ්ව විද්‍යාලයක රාජ්‍ය සේවය පාඨමාලාව හදාරා උපාධියක් තිබිය යුතුය. ලංකාවේ අවශ්‍ය වන්නේ අපොස සාපෙළ සහ දේශපාලන අනුග්‍රහය පමණි. ඉතින් මෙය පුදුමයට කරුණක් නොවේ. ලංකාවට අාවහම රාජ්‍ය ආයතන වලින් වැඩක් කරගන්න ගිහින් රස්තියාදු වෙනකොට මතක් වෙන්නේ මේ ගොල්ලන්ගෙ දෙමවුපියෝ. ඉතින් මොනවා කරන්නද ඉවසගෙන ඉඳලා වැඩේ කරගෙන යනවා (නි)
සම්මා සතිය කියන්නේ ශීලය ශීලය හැටියට දැකීම, විනය විනය හැටියට දැකීම. මේ අවස්ථාවට කියන්නේ යෝනිසෝමනසිකාරය හෙවත් එළඹ සිටි සිහියෙන් වැඩකිරීම කියලා නේද? දන්නා කෙනෙක් ලියන්න (නි)
අපේ අම්මාට වයස 82යි. දරුවෝ 8දෙනයි. හැම ළමයාගේම නම, වයස පමණක් නොව ඉපදුන රෝහල, ඉපදුන වෙලාව පවා අද වෙනතුරුත් නිවැරදිව කීමට පවා පුළුවන්. අපට අමතක වුන දේවල් පවා ඇයට හොදින් මතකයි. පුදුමයි ! (හේ)
බොහෝ රජයේ ලිපිකරුවන්ට කිසිම දෙයක් මතක නැහැ. නමුත් මොණරා ඉන්න කොළ කිහිපයක් පෙන්නුවා නම් ඔක්කොම මතක්වෙනවා (නි)
ද සිල්වා බෙර්ලින්, ඔය කතාවට විශ්‍රාමික රජයේ සේවකයෙක් වශයෙන් මම විරෝධතාවය පානවා. මොකද ඔය වැඩ කරන අය මගේ රාජකාරි ජීවිතයේදී දැකලා තියනවා, එ්ත් හැමෝම නොවෙයි. මුලික හේතුව ඇයි දෙන්නේ. නොදී වැඩ කරගන්න බැරි නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තියන බව අමතක කරන්න එපා. අපේ ලංකාව තාම දියුණු රටවල තත්වයට නැහැ තමා. මමත් ඔය වැඩ කරගන්න මාස 6 ක් බලා හිටියා. මෙයට මුලික හේතුව දේශපාලනය වෙනස් වෙනකොට රජයේ සේවය වෙනස්වීමයි. (නි)
ජනහිත මහත්තයෝ අපි ලංකාවට නිවාඩු යන්නේ සතියකට ,දෙකකට,මාසයකට හෝ ඒ කිට්ටු කාලයකට පමණයි... ඉතින් වැඩක් කරගන්න මාස හයක් යනවා නම් මොනර කොළ පෙන්නලා හරි කරගන්නට එපායැ...නේද? (ම)
රාග, ද්වේශ හෝ මෝහ වලින් තොරව සිහිය පවත්වා ගැනීම සම්මා සතිය ලෙස මා අසා ඇත. (බ)
මම කිවුවේ මෙතන තියන දේශපාලනමය ආකල්පයයි. ගිය අවුරුද්දේ සිදුවූ දේශපාල වෙනස් වීම නිසා සිදුවූ අමාත්‍ය මාරුවෙන් රජයේ සේවකයන්ට තීරණ ගන්න බැරිව මාස කීපයක් ඉන්න වුණා. ඒ අය උන්නේ මොනවද කරන්නේ දන්නේ නැතිව වගේම තමන්ගේ අමාත්‍ය වරයා කවුද කියල කල් ගත කරන්න වුණා . හොදම උදහැරණය තමයි එක ඇමති කෙනෙක් අත්සන් කරපු කොලය බෙදුවේ වෙනත් ඇමති කෙනෙක්. (බ)
අද වෙන දේවල් වල හැටියට මේවත් මොනවද?