(ජේ.ඒ.එල්.ජයසිංහ)
ඇය හසලක ප්‍රදේශයේ තරුණ කතකි. විදේශීය රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී හදිසියේම ලංකාවට පැමිණියේ තම පවුලේ සමීපතම ලේ ඥාතියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමටය.
කටුනායක ගුවන් තොටුපළින් බැස තම ගම් ප්‍රදේශයවූ හසලකට යෑමට ඇය වාහනයකින් ගුවන් තොටුපළේ සිට පිටත්ව ආවේ මහනුවර දෙසටය. මහනුවර නගරයට ආසන්න කුඩා නගරයක වාහනය නැවැත්වූ මෙම තරුණ කත හදිසියේ පැමිණියේ නගරයේ ස්ථානයක තිබූ රූපලාවන්‍ය මධ්‍යස්ථානයකටය.
ඇය රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු රූපලාවන්‍ය ශිල්පිනියට කතාකොට නංගී මට ඉක්මනට පේෂල් එකක් දාලා, හෙයාර් ස්ටයිල් එකක් කරන්නැයි පැවසුවාය. මුදල කීය වුනත් කමක් නැහැ මගේ වැඬේ ඉක්මනට කර දෙන්නැයි ඇය රූපලාවන්‍ය ශිල්පිනියට ඇවිලිටි කළාය. බැලූ බැල්මට විදේශීය රටක සිට පැමිණෙන කාන්තාවක් බව දැනගත් රූපලාවන්‍ය ශිල්පිනිය අක්කා ඇයි හදිසි මේක හොඳට කරන්න ඕනේ. ඔයා කොහේ ඉඳලද ආවේ. කොහේද යන්නේ යැයි කාන්තාවගෙන් විමසුවාය.
එවිට එම කාන්තාව පිළිතුරු දුන්නේ මෙසේය. මම එන්නේ අහවල් රටේ ඉඳලා. හරිම ටයඞ් නංගී. මට මළ ගෙදරක යන්න තියෙනවා. එහේට හොඳට යන්න එපායැ. ඒ නිසා හෙයාර් ස්ටයිල් එකයි පේෂල් එකයි හොඳට කරන්න.
රූපලාවන්‍ය ශිල්පිනිය මවිත වුවත් ඒ පිළිබඳව තම සේවා දායිකාවට නොපෙන්වා අක්කා කාගෙද මළ ගෙදර යැයි කාන්තාවගෙන් විමසීමක් කළාය.
එවිට කාන්තාව එක්වරම රූපලාවන්‍ය ශිල්පිනියට පිළිතුරු දෙමින් “නංගී මගේ තාත්තා මැරිලා ඉන්නේ එයාගෙ මළගෙදරටයි මේ යන්නෙ” යැයි පැවසුවාය. රූපලාවන්‍ය ශිල්පිනිය පුදුමයට පත් වුවාය. ඇය යළිත් තම සේවාදායිකාව අමතා “අනේ අක්කේ ඔයාට දුක නැද්ද.. මැරිලා ඉන්නේ ඔයාගේ තාත්තා නේදැයි විමසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපලාවන්‍යය යනු අපුරු කලාවකි.නුතනයේ එයින් කෙතරම් විස්මිත දේවල් කරනු ලබනවාද..?ගැහැනුන් පමණක් නොව පිරිමින්ද මේකප් දමති. අනුන්ගේ සමච්චලයට බඳුන් නොවී,තැනට සුදුසු පරිදි මෙම අගනා කලාවෙන් අපේ ලලනාවන් ප්‍රයෝජනයක් ගන්නේ නම් කිසිවෙක් කිසිවක් නොකියනු ඇත.(හේ)
නිශාන්ත, ලස්සන වුණාට කමක් නැහැ. නමුත් තමන්ගේ තාත්තා මිනීපෙට්ටියේ ඉන්නකොටත් මුලින්ම යන්නේ සැලෝන් නම් අන්න එතන ප්‍රශ්නයක් (නි)
මට නම් නිතිකාගේ කතාවේ ඊර්ෂ්‍යාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. අකුරු විතරක් කියවන්න පුරුදුවෙලා මදි. කියන අදහස හරියට තේරුම් ගන්නත් හැකිවිය යුතුයි නිශාන්ත. (නි)
මම නම් රූපලාවන්‍ය කටයුතු ගැන ලොකු උනන්දුවක් දක්වනවා. පිළිවෙලට පිරිසිදුවට ලස්සනට ඉන්න එක වැදගත් කාන්තාවකගේ යුතුකම හා වගකීම බව මම හිතනවා. (නි)
කලකට පෙර ලංකාවේ හදිසි අනතුරකින් මියගිය දේශපාලකයකුගේ මළගෙදර බිරිඳ සහ දුව සරසන්න ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙක් නැවතිලා හිටියා මතක නැද්ද? (නි)
සුජිත්, ඔයා දන්නේ කොහොමද හම්බවෙන්නේ සොච්චමක් කියලා? ඔයා දන්නවද අද කාලේ ගන්න ගණන්? ආයෙත් බඳින එකක් නම් නැහැ. (නි)
මේ කාන්තාව එයාගෙ දරුවන්ට දෙන ආදර්ශය කුමක්ද? (නි)
අද සමාජයේ බොහෝ දෙනා මෙවන් හිස් දේවල් වලින් බැහැරව ඇති බව අදහස් වලින් පෙනෙනවා (නි)
සිරිවර්ධන, මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. තාත්තා මැරුණු බව දැනගත් පසු තාත්තා බලන්න කලින් සැලෝන් ගිය එකේ වරදයි කියන්නේ. අපේ පාඨකයො අකුරු කියවනවා විතරයි. තේරුම් ගන්නේ නැහැ මොකක්ද කියන දේ කියලා. (නි)
අද කාලේ කාන්තාවන් වැඩිපුරම වියදම් කරන්නේ රූපලාවන්‍ය කටයුතු වලට (නි)
මෙවන් සිදුවීම් ගැන ඇත්තටම කණගාටුයි (නි)
මම වුනත් ලස්සනට ඇඳුම් අඳින්න විවිධ විලාසිතා කරන්න අඳින්න රූපලාවන්‍ය කටයුතු ආදියට හරිම කැමතියි මොකද අපි ලස්සන කෙල්ලෝ නිසා. ඒ නිසා මම නම් විලාසිතාවලට තදින්ම ප්‍රිය කරනවා. මට විශේෂයක් නැහැ. (ර)
මෙවන් කාන්තාවන් ගැන කණගාටුවෙනවා හැර අපි වෙන මොනවා කරන්නද? (නි)
මම නම් වැරද්දක් කියන්නේ නැහැ. පිටරට ඉදල යනකොට ඇදපලුදු කියන කොටසක් තමයි ලංකාවේ ඉන්නෙම. (ර)
මහසෙන්ගේ අදහස වැදගත්. (නි)
වෙළඳ දැන්වීම් නිසා අනාථ වූ පිරිසෙන් එක් අයෙක්! (නි)
මේවා දකින්න මේ තාත්තා ජීවතුන් අතර නොසිටි එකමයි හොඳ (නි)
අයියෝ ඕක මොකක්ද? අම්මා තාත්තා පණපිටින් බලුකූඩුවේ දාන දුවලා ඉන්න රටක් මේක. (නි)
වී. සිරිවර්ධන වගේ කට්ටිය තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නෙ අද කාලේ හැටියට. මේ වගේ රූපලාවන්‍ය කටයුතු පිළිබඳව තමන්ගේ අදහස විවෘතව කියන්න ඇයි අද කාලේ හැමෝම බොරුවට පැකිළෙන්නේ කියන ගැටලුව තමයි මට තියෙන්නේ. (නි)
අනේ හැබෑට! ඇයට තමන්ගේ පියා ගැන ආදරයක් නැද්ද? (නි)
එක කාන්තාවකගේ අම්මගේ අවසන් කටයුතු දවසේ අඳින්න එයාටයි දුවටයි සුදු ඇඳුම් දෙකක් ගෙනත් දෙන්න කියලා හිතවත් කාන්තාවකට කිව්වම ඒ කාන්තාව එකම මාදිලියේ අම්මටයි දුවටයි ගැළපෙන සයිස් වලින් ගෙනත් දුන්නා. දෙන්නටම එකම මොස්තරේ ඇඳුම් ගෙනාවා කියල ඒ කාන්තාවට බැනලා දැන් මුහුණ බලන්නේ නැති තරහාකාරයෝ වෙලයි ඉන්නේ. (නි)
අනේ ඉතින් අද තියෙන්නේ අබුද්දස්ස කාලයක්කේ! (නි)
මම නම් මෙය දකින්නේ පුහු අහංකාරය සහ මෝඩකම සමඟ එම කාන්තාවගේ තිබෙන තමාට වැඩිය කෙනෙක් නැහැ කියා සිතන නූගත් මෝඩ සිතුවිල්ල. ඒ වගේම පිටරට යනවා කියන්නේ මහා ලොකු දෙයක් කියලා හිතලා අන් අයට පුරාජේරු පෙන්වන එක. නුවණ තියන කාන්තාවක් නම් ඔවැනි දේවල් කරන්නේ නැහැ. (නි)
අපේ අයටත් හරි උනන්දුවක්නේ තියෙන්නේ මේ ගැන (නි)
මෙතන මියගියේ ඇයගේ තාත්තා. සමහරු මෙතන හැසිරෙන්නේ එයාලගේ තාත්තා මැරුනා වගේනේ හරියට. (නි)
රූප ලාවන්‍ය කටයුත්තකට පාරිභෝගිකයෙකු අපි ළගට ආවාම අපේ කාර්යභාරය තමයි ඒ කටයුත්ත හොඳින් ඉටු කරලා දෙන එක. එතකොට ඒ කෙනාගේ පුද්ගලික දේවල් අපිට අදාළ නැහැ. පාරිභෝගිකයන්ගේ පුද්ගලික දේවල් පුද්ගලික ජීවිතයට ඇඟිලි නොගහා ඒ කටයුත්ත හැකිතාක් විශ්වසනීය ලෙස උපරිම සාර්ථක අයුරින් ඉටු කරලා දීම අපේ වගකීම. මේ තරුණිය රූප ලාවන්‍ය කටයුතු සඳහා යොමු වීම මම වරදක් කියලා දකින්නේ නැහැ. කෙනෙක් මැරුණහම එම්බාම් කිරීමත් වැරදියි එහෙම නම්. අනිත්‍යතාව සංකේතවත් කරන්න එහෙම නම් මළ මිනිය එම්බාම් නොකර තියෙන්න ඕනෑ. නමුත් කවුරුවත් කාගෙවත් මළ ගෙදරකදී එහෙම කරනවා අපි දැකලා නැහැ. (ර)
සුජිත්, ඔයා කරුණාකරලා මාලකගේ අදහස කියවා තේරුම් ගන්න (නි)
සමහරු මෙතනට කරන්නේම කටින් බොරුවට බතල කොළ හිටවන එකයි. ගෙදර තමන්ගේ තාත්තා ලෙඩ ඇඳේ වේදනාවෙන් මරහඬ තලද්දි එයාගේ දරුවෝ සුචරිතය ගැන දේශනා පවත්වනවා. මෙන්න මේ විදිහේ දෙපිටකාට්ටු චරිත තියෙන සුදු රෙදි පොරවාගත් රෑ ඩැනියෙල් දවල් මිගෙල්ලා අපේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. මම නම් කවදාවත් මතුපිටින් බලලා කෙනෙකුගේ හොඳවත් නරකවත් දකින්න උත්සුක වෙන්නේ නැහැ. (නි)
දැන් මේ වගේ දේවල් සාමන්‍ය දෙයක්.(හේ)
විදේශීය රටක ගෘහ සේවිකාවක්නේ. මෙතන අධ්‍යාපනයෙත් සම්බන්ධයක් තියෙනවා. නූගත් අය රත්තරන් මාල වලලු දාලා, ෆේෂල් කරලා මුහුණ හමගහලා හරි කමක් නැහැ කැපිලා පේන්න දඟලනවා. නමුත් උගත් උසස් රැකියා කරන බොහෝ දෙනා පිරිසිදුව පිළිවෙලට ඉන්නවා විනා පුහු ආභරණ, ආලේපන වලට යනවා අඩුයි. (නි)
අනේ හැබෑට මෙහෙමත් දරුවෝ? (නි)
තාත්තා පෙට්ටියේ. දුව සැලෝන් එකේ. ඒකද අද අපේ සංස්කෘතිය? (නි)
ඒක ඉතින් එයාට ප්‍රශ්නයක් නැත්නම් එක අතකට අපි මොකටද මෙච්චර මේ ගැන කරදර වෙන්නේ? වාද කරන්නේ? (නි)
සුජිත් නිශාන්තගේ මොලේ ටිකක් කචල් වාගේ. දන්නා දේටත් නොදන්නා දේටත් හොට දාන එකමයි වැඩේ. (බ)
අපේ අය හරිම කැමතියි කාගේ හරි අඩුපාඩුවක්, වැරැද්දක් අල්ලාගෙන, පුළුවන් තරම් දොස් කියන්න. සමහරවිට වසර කීපයක් තම ප්‍රියයන්ගෙන් වෙන්වී විදේශ රටක ගෘහසේවිකාවක ලෙස මානසික පීඩාකාරී රැකියාවක නියුතු ඒ කාන්තාව, නැවත මව්රටට පැමිණ තම මව, සහෝදර සහෝදරියන්, සමහරවිට ඇයගේ පෙම්වතා හෝ සැමියා දැකීමට ලැබෙන ප්‍රීතිය නිසා, පියාගේ වියෝව යම් ප්‍රමාණයකට යටපත් වෙන්න ඇති. (නි)
මේ වගේ වැඩකට නැති දරුවන් ගැන විස්තර පත්තරේ දාන්න එපා (අ)
හැමෝම එහෙම නැහැ බණ්ඩාර. මම දන්නා ගොඩක් අය ඉන්නවා අවුරුදු විසි ගණන් පිටරට ඉඳලත් ඉතාම හොදට සිංහල කතාකරන අය. ඔහොම වෙන්නේ නූගත්කම හෝ පුහු අහංකාරකම නිසා. පිටරටවල ඉන්නවා ලංකාවේ කොළඹ ළමයින්ට වඩා තමන්ගේ දේවල් වලට ආදරේ කරන ළමයි (නි)
පිය සෙනෙහස හඳුනන සැබෑ සංවේදී මිනිසුන් තවමත් අප අතර සිටින බව පළව ඇති අදහස් ගොන්නෙන් දකින්නට ලැබීම සතුටට කරුණකි. කණගාටුවට කරුණ නිශාන්ත සහ සුජිත් වැනි මානසික ලෙඩුන්ද මේ අතර දකින්නට ලැබීමයි. අහෝ රටකට ගිය කල!!! (නි)
කාන්තාව තමන්ගේ රුව ගැන සැළකිලිමත් විය යුතුවේ. එය විවාදයට කරුණක් නොවේ. සත්‍ය වශයෙන්ම පැහැපත්, රුවැති කාන්තාව මම ලස්සන යැයි පාරම් බාන්නේද නැත. මෙහි එන රූපලාවන්‍ය ශිල්පිනිය පවා විමතියට පත්වෙද්දී සුජිත්, නිශාන්ත වැනි අය මෙහි අදහස් දමන සංවේදී බවලතුන්ට ගරහමින් සිටී. මෙම කතාවේ එන ගැහැණිය සහ සුජිත්, නිශාන්ත වැන්නවුන් එකම වල්ලේ පොල් බව කිවයුතුය. (නි)
රුව අලංකරණය මේ වනවිට ලොව පුරාම ජනපි‍්‍රයත්වය දිනාගත් විෂයයකි. මේනිසා ඉන් බිහිවන රැකියා අවස්ථාද බොහොමයක් ඇත. මිනිසුන්ගේ සිත්වල කැපීපෙනීමේ ආශාව පවතිනතාක් කල් රූපලාවන්‍යයට සමාජයේ හොඳ ඉල්ලුමක් පවතී. (නි)
එස් .එන් .හේවගේ,ඇයි ඔබ මෙහි අදහස් දාන අයගේ ලස්සන ගැන වද වෙන්නේ..? මෙහි පලවෙන කතාවකට උචිත ලෙස අප අදහසක් පල කලාම ඇති. (ර)
සමාජවාදය යනු රූපලාවන්‍යයට විරුද්ධ දෙයක් නොවේ. එසේම රූපලාවන්‍යය ධනවාදයේ නිර්මාණයක්ද නොවේ. රූපලාවන්‍ය කර්මාන්තයක් ඈත අතීතයේ සිටම පැවතිණි. ධනවාදය අනෙකුත් සියලු දේ මෙන්ම එය මිනිසුන් සූරාකෑමේ මාර්ගයක්ද කරගෙන තිබේ. (නි)
ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය යහපත් සෞඛ්‍යයටත්, සුන්දර රූපයටත් බාධාවකි. (නි)
මේ දේ විදේශ ගත අයට පමණක් නෙවේ, අපේ ලංකාවේ ජීවත්වෙන උගතුන් විසින්ද (බුද්ධිමතුන් නොවේ ) කරනු ලබන දෙයකි, මා දන්නා එක උගත් කාන්තාවක් තම නැන්දනිය මිය ගිය මොහොතේ මළගෙදර කටයුතු සදහා ඇදුම් පැළදුම් සහ ආබරණ තෝරන්න මහන්සි වුන සිද්ධිය මතක් වේ.. (බ)
මළ ගෙදරකදී වුණත් කවුරුත් ලස්සනට ඉන්නකොට ලෝකය ලස්සනයි. විශේෂයෙන්ම ගැහැණුන් ලස්සනට ඉන්න එක හොඳයි. (නි)
නිශා මදු හා පත්මි, ස්මිත්, එකම වල්ලේ කුරුවල් වූ පොල් වගේ නේද මීමනගේ? (නි)
මෝඞකමට බේත් නැත. (නි)
මඩු වලිගෙන් තලන්න ඕනෑ මේ වගේ ගැහැණු අයට (නි)
ඔන්න අදකාලේ කුලකාන්තාවෝ හැසිරෙන විදිය (ම)
අම්මෙක් තාත්තෙක් ගැන තෙතමනයක් නැති මෙන් ගැහැණූ මොනවට මෙලොව උපන්නාද?(ම)
මළගෙදරකට යනවිට අප කාටත් සිහියට නැඟෙන්නේ ජීවිතේ අනිත්‍යබවයි. මෙම කතාවේ එන කාන්තාව පියාගේ මළගමට මෙලෙස ගිහින් තිබෙන්නේ ඉහත පාඨක බවතුන් දක්වා ඇති කාරණා නිසා වියහැකියි. තැනේ හැටියට ඇණේ ගහන්නට දැනගත්තා නම් අපි ඔක්කොම ගොඩ. (නි)
පුහු අහංකාරය,හිස් බව,කැපී පෙනීමට තිබෙන නොනිමි ආසාව,නුගත් කම පෙන්වන ගැහැණියක් විලසටයි මම මෙය දකින්නේ.තැනට සුදුසු පරිදි හැසිරීමට නොදත් අපේ කාලයේ ගැහැණියක්.මෙවැනි කෝලම් දැකීමට පියා ජීවතුන් අතර නැති වීමත් එක අතකට වාසනාවක්. (බ)
රොෂාන්, පිරිමි අපි කාන්තාවන්ගේ දේවල් වලට පැටළෙන්න ඕනෑ නැහැ නේද....? (නි)
පිට රට යන සියල්ලෝම එහෙම වෙන්නේ නෑ නේද. ඒ එක එක්කෙනාගේ තියෙන ගතිය තමයි.ඒවා රට ගිය ආවා කියලා වෙනස් වෙන්නේ නෑ. නෑති බැරි කමටත් රට ගිහින් ගුණ ධර්ම එතුව ජීවත් වෙන අය ඉන්නවා.(හේ)
දසමස කුසේ හොවා ඇති දැඩි කරගත් අම්මා මෙන්ම මහත් කැපවීමක් කර හදාවඩා ගත් පියෙකුට කරන අවමානය හද කම්පා කරවන්නකි. අද සමාජය ගුණදම් වලින් කොතරම් පිරිහී ඇද්ද? මෙම කාන්තාව කළ දේ සාධාරණීකරණය කරන පිරිසක් බිහිවී තිබීම ඊටත් වඩා හද කම්පාකරවන්නකි. (නි)
ඒක එයාගේ කැමැත්තනේ. (නි)
මෙහි කිසි වැරැද්දක් මා දකින්නෙම නෑ,,මේක සුළු දෙයක් නේ්,,(හේ)
දක්ෂ කෙටි කතා රචකයකුට අලංකාර මාතෘකාවක්! (ම)
මල ගෙදරට එන කට්ටියට පෙන්න වෙන්න ඕනේ හද වැඩ වෙන්න ඇත්තේ ඔය ලොකු ලොකු නොනලත් මල ගෙවල් වලට එන්නේ පියරු බබ්බු වාගේ. අව් කන්නාඩි එහෙම දාලා. (ර)
නොදන්නාකමට පිටරට හැම රටම එකවගෙයි කියලා මෙරට අය හිතුවාට එහෙම නැහැ. මැදපෙරදිග, නෝර්වේ, ජපානය, එංගලන්තය වැනි රටවල ජීවිත ගෙවෙන හැටි මුළුමනින්ම වෙනස්. තමන්ගේ තාත්තා මැරුණහම ඒ ආවේගය එන්නෙ නැතුව රූපලාවන්‍යාගාරෙට මුලින් යන කාන්තා රත්න තමයි අද බිහිවෙලා ඉන්නේ. (නි)
තමන්ගේ ළමයා එක්ක පැයක් ගතකරන්න වෙලාවක් නැති කාන්තාවෝ රූපලාවන්‍යාගාර ඇතුළේ පෝලිමේ ඉදලා පැය ගණන් ඒ ඒ වැඩ වලට වැය කරනවා. ඒකයි මම නිතරම කියන්නේ දරුවෙකු වැදු පළියට හැමෝම අම්මලා නෙමෙයි කියලා. කසාද බැන්ඳ පළියට හැමෝම හොඳ භාර්යාවෝ නෙමෙයි කියලා (නි)
ලස්සන වෙන එක වරදක් නෙමෙයි. නමුත් ඒකටත් වෙලාවක් කලාවක් තිබිය යුතුයි. තාත්තා මැරිලා පෙට්ටියේ ඉන්නකොට ඒක නොදැක හැඩවෙන්න යන්න පුළුවන් නම්.... අනේ මන්දා? (නි)
මනුස්සයෙකුට හිතක් කියලා දෙයක් තියෙනවා නම් තමන්ව පුංචි කාලේ ඉඳලා දුක් මහන්සියෙන් දහදුක් විඳලා හදපු තාත්තා මියගියවිට රූපලාවන්‍යගාර වලට යන්න හිතක් පහළ වෙනවද? (නි)
අශික, ඔයාගෙ අහිංසක තාත්තා හරි අම්මා හරි මියගියාමත් ඒක බලන්න යන්නත් කලින් මේකප් කරගන්න දුවනවද? ඒකත් සුළු දෙයක්ද ඔයාට? අයියෝ ලංකාව පිරිහෙන තරමක්. අද කාලේ ඉන්න ගැහැණු තමයි රට කන්නේ. සල්ලියි ලස්ස්නයි විතරයි හැමදේටම මුල් කරගන්නේ (නි)
අද රට පුරාම ඉන්නේ මේ වගේ ගැහැණු. ළමයට කන්න නොදී හරි ෆේෂල් කරගන්න යන අම්මලා ඉන්නේ (නි)
සැමියා දරුවන් පන්ති යවන්න දුන් සල්ලි වලින් ෆේෂල් කරගෙන ඒක නිසා රණ්ඩු වෙලා පොලිසි ගිය කාන්තාවක් අපේ ගමේ ඉන්නවා. (නි)
උදේ සිට රෑ වනතුරු නාලිකා වල පෙන්වන්නේ රූපලාවන්‍ය කරගන්න හැටි. ගැහැණු මේවට අහුවෙලා අතේ තියෙන පිච්චිය නාස්ති කරනවා. ඉඳහිට සල්ලි ඇත්නම් කළාට කමක් නැහැ. අද බහුතරය මේවා කරන්නේ කැපීපෙනෙන්න. නොකා නොබී සුදු වෙන්න දඟලනවා. ඒ සල්ලි වලින් කෑවා නම් මීටවඩා ලස්සන වෙනවා (නි)
අදහසක් දාන්නත් බයයි.ඇයි අදහස් දාන අයගේ ලස්සන බලන කට්ටියකුත් මෙතන ඉන්නවානේ.මා ඉන්න රටේ නම්.මරණ ගෙවල් වලට යන සියලු දෙනාම පිළිවෙලකට තමයි යන්නේ.හැබැයි පියාගේ මරණෙට යන්න විච්චුරන ඕනේ නැහැ. (බ)
බණ්ඩාර ඔය දන්නේ නැද්ද පිටරට කියන්නේ දිවය ලෝකෙට තමයි. ඒක තේරෙන්නේ දිවය ලෝකේ ගිය අයට විතරයි. (ර)
අනේ මෙහෙමත් දරුවෝ! (නි)
තාත්තගේ එම්බාම් එක කරපු මල් ශාලාවටම ගිහින් ඔය ෆේෂල් එක හොඳට කරගන්න තිබුනනේ (නි)
මම ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා අනිත් අයට පෙන්වන්න ඒ විදිහට යන්න හිතන්න ඇති. (නි)
අනේ මෙහෙමත් විකාර? කොහොමත් අද ලෝකේ හැටි මෙහෙමයි. මාත් ඉන්නේ විදේශයක. මගේ දරුවෝ මෙහෙ ඉගෙනගන්නේ. නමුත් මගේ දරුවෝ දෙන්නටම හොඳට සිංහල පුළුවන්. මොකද අපි කතා කරන්නේ සිංහලෙන්. අනේ අපේ මිනිසුන්ට ගිය කල! මං හිතන්නේ තව කාලයක් යනකොට අපේ සිංහලකම නැතිවෙලා යාවි. (නි)
ජිවිතයේ අනියත බව අවබෝදකොටගත් ගැහැනියක් කවදාවත් තමන්ගේ තාත්ත මැරුණම රුපලාවන්නය මද්යස්ඨාන ගානේ දුවන්නේ නැහැ , සියලු සංස්කාර දරමයෝ අනියත්තයි ඒ නිසාම මගේ පියාට අද උන දේ හෙට මටත් වෙනවාමයි ඒ නිසා අපරමදව පිනක් දහමක් කරගත යුතුයි නේද කිඅලානේ කල්පනා කරන්නේ. (ර)
මෙයාට කන්න දෙන්න උගන්වන්න මේ තාත්තා මොනතරම් දහදුක් විඳින්න ඇද්ද? මේ දුවට ඒ තාත්තා පෙට්ටියක ඉන්නකොට ෆේෂල් කරන්න යන්න හිතෙන්නේ කොහොමද? මව්පිය සෙනෙහස අඳුනන්නේ නැති මෙවැනි අය අද වැහිවැහැලා. වැඩේ කියන්නේ අශිකට ඒක සුළු දෙයක්ලු. (නි)
සංජීව, ඔබේ කතාව හරියටම හරි. (නි)
නිතිකා හරි. ෆේෂල් කරන්න යන සල්ලි වලින් හොඳට පෝෂ්‍යදායි දේවල් කෑවා නම් ඊට වඩා ප්‍රතිඵල තියෙනවා. දවසින් දෙකෙන් සුදු වුණ කට්ටියට මොකද වෙන්නේ කියලා පේන්නේ තව අවුරුදු ගානක් ගියාමයි. ඔය තායිලන්තය වගේ රටවල තහනම් කරපු රසදිය අඩංගු ආලේපන අපේ නිලියො එහෙන් කුණුකොල්ලෙට අරගෙන නමක් ගමක් නැති ඩප්පි වල දාලා රු. 5000 ට මෙහෙ විකුණනවා. (නි)
එක්කෙනාට එක්කෙනා නොපරදින්න සල්ලි ගෙවලා රූපලාවන්‍ය ගැන එක එක නාලිකා වල යන බොරු මට නම් බලන්න අප්‍රසන්නයි. (නි)
මගේ නෑනා නඩත්තු ගන්න උසාවි ගිහින් එන ගමන් මුලින්ම යන්නේ සැලෝන් එකට. ඒක අපි විතරක් නෙමෙයි ත්‍රිවිලර් එකේ ළමයා පවා දන්නවා සහ හිනාවෙනවා. ඒකට සෑහෙන ගණනක් වැයකරලා ඉතුරු සල්ලි තමයි මාසයක් ළමයි දෙන්නගේ වියදම් වලට තියාගන්නේ. මාසෙ අන්තිමට කඩේට ණයයි. (නි)
මේ ඔක්කොම අයගේ අදහස් අඩු වැඩියෙන් තැනට ගැළපෙනවා. එ්ත් ....මේකප් දාගෙන තාත්තගේ මළගමට එන දුව අනුමානයක් නැහැ, ඉන්න රටේ භාෂාවෙන් අඬන්න ගිහින් මළගෙදරට එන මිනිස්සුත් හිනස්සනවා (නි)
ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියා කියන්නේ මෙයා සල්ලි ඇති පවුලක කෙනෙක් නෙමෙයි කියන එකනේ. අනේ අර දුප්පත් තාත්තා මොන වෙහෙසක් ගන්න ඇද්ද මෙයාලව ලොකු මහත් කරන්න. ඒ තාත්තා මැරුණහම මෙයාට තාත්තව බලන්න කලින් මතක් වෙන්නේ ෆේෂල් එකකට යන්න. මොනතරම් කාන්තාවෝ රළු වෙලාද? (නි)
සංසාරේ! මෙහෙමත් ගැහැණු? මෝඩකමට කොයින්ද බෙහෙත් කිවුවලු. කොළඹ හතේ කාන්තාවක්වත් තමන්ගේ තාත්ත මැරුණහම මේ වගේ විකාර කරනවා කියලා විශ්වාස කරන්න බැහැ. ඒ තාත්තාගේ හුස්ම ටික යන්නත් ඇත්තේ දුවගේ විකාර දැකලම එපාවෙලා වෙන්න ඇති. අනේ සංසාරේ මේ වගේ නොහොබිනා දුවෙක් නම් ඒ තාත්තා කවදාවත් පතන එකක් නැහැ (නි)
මේ වගේ අය ඇති තරම් හොයා ගන්න පුළුවන්.(හේ)
අපි එයාගේ පුද්ගලික කැමැත්ත ගැන මෙච්චර වදවෙන්න අවශ්‍ය නැහැ (නි)
පද්මිණිගේ තාත්තා මියගිහින් ඉන්නවා කියලා පණිවුඩය ආවහම ඔයත් යන්නේ ඉස්සෙල්ලාම රූපලාවන්‍යාගාරයකටද? පද්මිණි වගේ අය අද වැහිවැහැලා. හිතේ තෙතමනයක් නැහැ. බාහිර දේ ගැන විතරයි සැළකිල්ල. (නි)
මේ කාන්තාව ගැන වගේම ආශිකා, පද්මිණි ගැනත් හරිම කණගාටුයි. මෙයාලගේ දෙමව්යන් ජීවතුන් අතර නම් සිතාගන්න ඔබ මියගිය පුවත දැනගත් විගස මේ දෙන්නා කරන්නෙත් හැඩවෙන්න යන එකයි කියලා. සමහර කාන්තාවන්ට බැන්නට පවු නැහැ කියලා හිතෙන්නේ මේවා දකිනකොටයි. (නි)
ජයන්ති, ඔයාගේ නෑනා අායෙත් කසාද බඳින්න අදහසක් නැද්ද? නැහැ, මම නිකමට වගේ ඇහුවේ. දරුවන්ට කන්න බොන්න අඳින්න පාසල් යවන්න ලොකු මුදලුකුත් ඕනෑ වෙනවානේ. අනික ඊටවඩා ලොකු මුදලක් එයාගේ රූපලාවන්‍ය කටයුතු සඳහා වැය වෙනවානේ. ඉතින් ඔය සියල්ල අර වගේ සොච්චම් නඩත්තු මුදලකින් කොහොම කරගන්නද නේද? පව් හිතනකොටත් දුකයි මට නම්. මම නිකමට මේ ඇහුවේ. වරදවා වටහා ගන්න නම් හිතන්න එපා. (නි)
ජයන්ති, මම දන්න ගුරුවරියක් ඉන්නවා. සැමියට නඩුදාලා නඩත්තු ගන්නවා. එයත් ඒකෙන් බාගයක්ම වැය කරන්නේ සුදුවෙන්න, කොණ්ඩෙ කෙලින් කරන්න, ෆේෂල් කරන්න සහ ඇහිබැම හදාගන්න වගේ දේවල් වලට. එයා උයන්නේ නැහැ. සැමදාම කඩෙන් කන්නේ. (නි)
විදේශ රටක සේවයට ගිය බොහොමයක් සිංහල කාන්තාවන්ට ,තමන්ගේ මව් බස කියවෙනේ නැහැ. තමන්ගේ අම්ම තාත්තා අමතක වෙනවා, ලංකාවට අවාම රගපානව හරියට දිවිය ලෝකෙන් අවාවගේ . (ර)
අදහස් බැලූවිට බහුතරය නිවැරදි මාර්ගයේ යන බව පෙනේ (නි)
පිට බද්දර ජයා මහත්මයටනම් මේක හොද නිව්ස් එකක් වේවි. සම්මාන සහිතව විස්තර කරන්න. (ර)
ඔසී, එයාගේ පුද්ගලික කැමැත්ත තමයි. අපි එයාට ගහන්න නඩු දාන්න ගියේ නැහැ. නමුත් සමාජයක් හැදෙන්නෙ කොහොමද මෙහෙම වුණාම. එයාගෙ දරුවො පවා ආදර්ශෙට ගන්නේ මේක තමයි හරි ක්‍රමය කියලා. අන්තිමට කියනවා දරුවො දෙමව්පියො ගැන බලන්නේ නැහැ. බලු කූඩුවෙ දැම්මා කියලා. මේවා වෙනඑක වළක්වන්නයි මේවට පහර ගහන්නේ අදහස් වලින්. (නි)
අනේ මෙහෙමත් ගැහැණු. තාත්තා පෙට්ටියේ. දුව සැලෝන් එකේ. (නි)
අනේ නිතිකා, ඔයා බොරුවට සුදු අයට ඊර්ෂ්‍යා කරන්න හදන්න එපා. ටිකක් හැඩට වැඩට පේෂල් එකක් රීබොන්ඩ් එකක් කරලා රූපලාවන්‍ය කළාම මොකද වෙන්නේ? ඔයා කැතයි කියලා අනික් අය පළිද? (නි)
අපෝ! අපේ පැත්තෙත් ඉන්නවා 50 පැනපු එක්කෙනෙක්. හැමදාම සැලෝන් යනවා. හැබැයි එයාට නම් සල්ලි තියෙනවා. හොඳ රැකියාවක් කරනවා (නි)