බස්නාහිර පළාතේ උප නගරයක් ආශ‍්‍රිත ප‍්‍රධානපෙළේ පාසලකි. සිසුන් සඳහා සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් බෙදා දෙන දිනයේ දීර්ඝ නොපැමිධෑමක් ඇති සිසුන්ට මව හෝ පියා කැඳවාගෙන එන ලෙසට දැනුම් දී තිබිණි.
එක් තරුණ පියකු පුතා සමඟ එහි පැමිණ පුතා අසනීපයෙන් සිටි බව පැවසුවේ කඳුළු සලමිනි. සිසුවාට අයැදුම්පත ලැබිණි. මොහොතකින් එහි දිව ආ පන්ති භාර ගුරුවරයා ‘‘සර්, අරයා එක්ක ආවෙ තාත්ත නෙමෙයි ටවුමෙ ත‍්‍රීවීල්කාරයෙක්. අන්න ගේට්ටුව ගාව ගනුදෙනුව බේරගන්න බැරුව රණ්ඩු වෙනවා’’ කීවේය.
විදුහල්පතිට හිනා ගියේය. ‘‘කමක් නෑ. මේව කොහොමටවත් නොදී බැහැනේ. අපිත් රැුවටුණු විදියට ඉඳිමු’’. විදුහල්පති පවසන විටම එතැනට දිව ආ එම පාසල් සිසුවා ඉරී පොඩිවී ගිය සුදු කමිසය ද පෙන්වමින් ‘‘සර් මට මිනිහෙක් ගේට්ටුව ළඟදි ගැහුවා’’යි පන්ති භාර ගුරුවරයාට කිවේ අඬමිනි.
එය අසා සිටි විදුහල්පතිවරයා ‘‘කමක් නෑ. ඒ තමුන්ගේ අනියම් තාත්තනෙ’’ කී විට සිසුවා පන්ති බාර ගුරුවරයා දෙස හොරැුහින් බලා ඉවතට ගියේ පොඩි වී ගිය කමිසය සකස් කර ගනිමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉනොකාගේ ළමයට නම් ඉල්ලුම් පත්තරය වහාම ලැබෙයි (නි)
මගේ මල්ලිත් ඔයවගේ දෙයක් කරලා ඒ වෙලාවෙම අහුවුණා (නි)
සුනිමල්, එහෙම වෙන්නේ කොහොමද? (නි)
මගේ පාසල් කාලයේදී මමත් මෙහෙම දෙයක් කරලා බේරුනා. අසුවුණේ නැහැ. මේවා ළමා කාලයේ කරනා දේවල්. එතරම් ගණන් ගතයුතු නැහැ (නි)
විදුහල්පතිගේ බුද්ධිමත් බව අපටත් ආදර්ශයක්. (නි)
දැන්ම ඉඳලම මෙහෙම හොර කළාම ලොකු වෙනකොට මොනවා නොකරයිද? (නි)
මේවා ඒ තරම් ගණන් ගන්න හොඳ නැහැ. විදුහල්පතිතුමාත් හොඳ අවබෝධයක් ඇති මහත්තයෙක්. මේවා කොල්ලෝ කොලුකමට කරන ඒවා (නි)
සාමාන්‍ය පෙළට ඔහොමනම් උසස් පෙළ ඇඩ්මිෂන් එක ගන්න මොන විප්ලවයක් කරයි ද දන්නේ නෑ (බ)
දැන් කාලේ ඇහැට කනට පෙනෙන කාන්තාවක් විදුහල්පති සමඟ හෝටලේකට රිංගුවාම ලෙහෙසියෙන්ම ළමයාට ඉල්ලුම් පත්‍රය ලැබෙයි. (බ)
තාත්ත මුදලට ගත්ත එකත් රජයේ අය වැය වගේය (බ)
ඊයේ පෙරේදා අම්මා කෙනෙකුත් සල්ලිවලට අරන් වංචනික විවාහයක් කරගෙන තිබුනේ විධායක නිලධාරියෙකුත්. (බ)
ඔය මොනවද? මා උසස්පෙල ඉගෙනුම් කරන අවදියේ දිනක් පන්තියේ මිතුරන් කිහිපදෙනෙකු විස්කි බී හසුවුනා. විනය පාලක නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන් පිළිවෙලින් ගුටි කන විට සිදුවීම මුලසිට අගටම හෙලිවුනා. පාසැලට විස්කි බෝතලය රැගෙන පැමිනි සිසුවා පවසා ඇත්තේ "සර්, මම පාසැලට එන මගදී කෙනෙක් පිහියක් පෙන්වා මා බයකොට විස්කි බෝතලය බෑගයට දැමූබව"යි. එය ඇසූ සර්ගේ කේන්තිය විගසින් නැති වී ගොස් මුහුනේ පහල වූ සිනහව නවතාගත නොහැකිව වහා විදුහල්පති හමුවීමට ගියාලු. (ර)
අනේ අනේ සුලෝචන බටහිර රටවල් වල ඉන්න අයට ලංකාවේ ඉල්ලුම් පත්තර මොනවාටද? අනේ මෙහෙමත් විහිළු. (බ)
අනේ මෙහෙමත් ළමයි? (නි)
මේ වාගේ සිදුවීම් මම නම් දැකලා තියෙන්නේ සමහර චිත්‍රපටිවලයි .දැන් ඇත්තටමත් මෙහෙම දේවල් වෙනවාද? ගනු දෙනුව බේරගන්න මේ සිසුවාට කොහෙන්ද දන්නේ නැහැ මුදල් ලැබුනේ..(ම)
විභාග ප්‍රතිඵල ආවහම පෙනෙයි තාත්තාගේ අගය (නි)