පුතාගේ නිවසේ කාමරයක් තමන්ට අවශ්‍ය බව කියා දෙදිනක් තිස්සේ පොල් ගසකට නැග උපවාසයේ යෙදුණු නවදරු පියකු පොල් ගසෙන් බස්සවා පිටත් කරන්නට දිවුලපිටිය පොලිසිය පියවර ගනු ලැබීය.

රට පුරා සැරසරමින් එදිනෙදා ජීවිකාව ගෙන යන නවදරු පියෙකි. නිතරම දරුවන්ට කරදරකාරී ලෙස හැසිරෙන මේ පියා තම නිවෙස්වෙත වැද්දා ගන්නට දරුවන් කැමතිද නැත. මේ පියා නිවසක මුරකරු ලෙසද කටයුතු කරමින් සිටියේය.
මේ අතර පුත්‍රයකු කුඩා බිම් කඩක නිවසක් තනාගෙන අනුන්ට බරක් නොවී දිවි ගෙවා ගෙන යන්නේ බාල නැගණියගේද අනාගතය සුරක්ෂිත කරමිනි. බාල දියණිය පුතුගේ නිවසේ සිටීම ගැන පියා කැමති නැත. ඇය පියා සමග යන්නට කැමතිද නැත. මේ නිසා පියා යෝජනාවක් කළේය. ඒ පුතුගේ කුඩා නිවසේ කාමරයක් තමන්ට පදිංචිවීමට දෙන ලෙසය.
ඔහුගේ ක්‍රියා කලාපයන් ගැන හොඳින් තේරුම් ගෙන සිටිය පුතා එයට එකඟ වූයේ නැත. ඉන් කෝපයට පත් පියා සිය යතුරු පැදියෙන් පුතාගේ නිවසට අසලට ගියේය. යතුරුපැදිය පාර අයිනේ නැවතු පියා පුතුගේ නිවස අසල පොල් ගසකට නැග්ගේ නිවසේ කාමරයක් දෙන පොරොන්දුව දෙනතුරු ඉන් නොබසින බව පවසමිනි.
පියාගේ මේ යෝජනාවට කිසිසේත්ම එකඟ නොවන බව පුතා කියද්දී අසල්වැසියන්ද සිටියේ පුතුගේ සහායටය. ඒ පියාගේ හැසිරීම ගැන හොඳින් දන්නා බැවිනි. දෙදිනක් තිස්සේ ඔහු ගස මුදුනේය. මේ බව පොලිසියට පැමිණිලි කෙරුණේ මේ අතරය. පොලිසිය පැමිණියේය. පොලිසියේ නියෝගයෙන් පියා ගසෙන් බැස්සේ පරාජය පිළිගනිමිනි. පොලිසියට කැඳවාගෙන ගිය පියාට තරයේ අවවාද ලබන්ට සිදුවිය. පුතුටත් කුඩා දරුවන්ටත් නිදහසේ ඉන්නට ඉඩ දෙන ලෙසත් එසේ නොවුනහොත් තදින් ක්‍රියා කරන්නට සිදුවන බවටත් පොලිසිය පැවසීමෙන් පසු දරුවන්ට කරදර නොකරන බවට පොරොන්දුවන්ට පියාට සිදුවිය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
2025 ඔක්තෝබර් මස 08
1710
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
තාත්තා පුතාට එරෙහිව පොල්ගහේ උපවාසයක