ඔහු දකුණු පළාතේ ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකි. අලූතෙන් තනන නිවෙසට යකඩ බඩු ගත්තේ නගරයේ හිතවත් වෙළෙඳ සලකිනි. ඔහු එන හැම දිනකම වෙළෙඳ සල් හිමියා විශේෂ තේ සංග‍්‍රහයක් සූදානම් කිරීම සිරිතක් විය. ඔහු එදිනද ආවේ අලූත් රියැදුරකු සමගය. තේ සංග‍්‍රහය සූදානම් කළද තේ බීමත් සමඟ දුම්වැටියක් දල්වා ගැනීම ඔහුගේ සිරිතක් හෙයින් තමා ළඟ දුම් වැටි නොවූ නිසා තරමක් එහා කඩයකට ගියේය. දුම්වැටියක් මිලදී ගැනීමටය. මේ අතරතුර තේ සංග‍්‍රහය දුටු රියැදුරා එය තමාට සූදානම් කළ එකකැයි සිතා සියල්ල කා බී වාහනයට ගියේ මුදලාලිටත් ඒ බව නොකියාය. මුදලිලා ව්‍යාපාරිකයා සමඟ තේ බොමු කියා එතැනට යන විට සියල්ල කා බී අවසන් කොට තිබුණෙන් ඔහුට තරු පෙනුණාලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
තේ සංග‍්‍රහයට රැගෙන ගිය රියැදුරා කා බී පැන ගිහිල්ලා
සෙනෙරත් Tuesday, 09 October 2012 12:33 PM
තේ බිව්වත් සිගරට් එකනම් අනුමත කරන්නේ නෑ , ව්‍යාපරිකයගේ සල්ලි ඔක්කොම වියදම් කරන්න වේවි පිළිකාවක් හැදුනොත් , දුම්පානය නවත්වන්න (ස)
මනම්පේරි Friday, 12 October 2012 09:37 AM
අවුලක් නෑ කාලනේ පැනලා ගියේ .අපේ අය කාල ශේප් එකේ මාරු වෙන්න දක්ෂයිනේ (ස)
චන්ද්‍රසිරි Tuesday, 09 October 2012 12:40 PM
ඔහොම වැරදීම් වෙනවා (ස)
නිලානි දම්මිකා - මුන්දලම Tuesday, 09 October 2012 01:30 PM
දුම්පානය ශරීර සුවසෙතට හානිකර බැවින් මෙවැනි අත්වැරදීම් මගින් දඩුවම් ලැබීම යහපත්ය. (නි)
යොහාන් Tuesday, 09 October 2012 02:57 PM
රියදුරා තැනක හැසිරෙන්න දන්නේ නෑ (ස)
මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 09 October 2012 02:59 PM
මේක බොරු කතාවක්.රියදුරු අලුත් කෙනෙක් නම් එයා කොහොමද දන්නේ මේ තේ සංග්‍රහය තමාට කියල. ඒ කඩේ වෙන කව්රුත් හිටියේ නැද්ද ? (ස)
සිල්වා Tuesday, 09 October 2012 02:59 PM
ව්‍යාපාරිකයා රියදුරාට කන්න නොදී එක්කන් ඇවිත් තියෙන්නේ (ස)
ආනන්ද Wednesday, 10 October 2012 02:04 PM
රියදුරන් ගැනමයි මේ කතා දෙකම. හැබැයි ඇති වරදකුත් නැහැ. රියදුරු අසුනෙ ඉඳ ගන්න ලංකාවෙ බොහෝ අය ගෝත්‍රික ලක්ෂන පෙන්වනවා.ඒක සමහර විට අපේ ජම්ම ගති වෙන්න ඇති.(ස)
නිරාන් Wednesday, 10 October 2012 09:05 AM
අනේ මෙහෙමත් වැඩ? (නි)
කපිල Wednesday, 10 October 2012 09:07 AM
දුම්පානයේ ආදීනව, තේ නැත. ලෙඩ ලැබෙනු ඇත.(ස)
සරත් Tuesday, 09 October 2012 10:38 AM
නොදන්න කමට ඔහොම වෙනවනේ . අනික කාගේ හරි කුස පිරුනනේ ...(ස)
වරුණ Tuesday, 09 October 2012 10:40 AM
ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නේ . සමහරු අනුන්ගේ මගුල් ගෙවල්වල ගිහිල්ලා කාලා බීලා ගුටිකාලා යන්නේ (ස)
දිනේෂ් සෞදි Tuesday, 09 October 2012 11:43 AM
සතුටුවෙන්න පුළුවං කාරණයක්... මොකද කාගෙ හරි බඩ පිරුණනේ.. ඒක ලොකු පිණක්..!(නු)
දයා, සෞදියේ සිට Tuesday, 09 October 2012 11:59 AM
රියදුරු අලුත්නේ .මුදලාලි හා හාම්පුතා වැදගත් අය නිසා වැදගත් අය නිසා සතුටින් බුක්තිවිදලා පින් දිදී යන්න ඇති (ස)