ණයකරුවන්ගෙන් මුදල් අයකර ගැනීමට වෙළෙඳසල් හිිමියා යෙදු උපාය සාර්ථක වූ රසවත් පුවතකි.
සිද්ධිය මෙසේය,
එය නගරයට ආසන්න ගමකට පිවිසෙන මාර්ගය අසල පිහිටි එළවළු සහ පලතුරු වෙළෙඳසලකි. අයිිතිකරු ගමේ වැඩි දෙනාගේ හිතවතෙකි. ඒ නිසාම බොහෝ දෙනෙක් ණය ගනුදෙනුවට පුරුදුව සිටියහ.
ටික දිනක් ගත වන විට ගත් ණය ආපසු ගෙවීම අඩුවන්නට සිදුවිය. ණය මුදල් ඉල්ලා සිටන විට කලින් තිබූ හිතවත්කම්ද පඵදු විය. මේ ගැන කදිම උපායක් යෙදු කඩ හිමියා,
”මට මේ කඬේ තවදුරටත් කරගෙන යාමට නොහැකිවී ඇත්තේ පහත සඳහන් ණයකරුවෝ ගත් ණය නොගෙවන නිසාය” යනුවෙන් විශාල දැන්වීමක් ලියා වෙළෙඳසල ඉදිරිපිට තැබීය.
ගත් ණය දහස් ගණනේ සිට සිය ගණන් දක්වා අනු පිළිවෙළින් ණයකරුවන්ගේ නම් ඉදිරියේ සඳහන්ව තිබිණ. මෙය එහි යන එන්නන්ගේ අවධානයට ලක්විය.
පසුදින වන විට දැන්වීමේ තිබූ නම් කීපයක්ම මැකී ගොස් තිබුණේ ඔවුන් ගත් ණය ගෙවා, නම දැන්වීමෙන් ඉවත් කරගෙන තිබූ නිසාය. තව ඉතිරිව ඇත්්තේ නම් කීපයක් පමණි. තමාගේ උපාය සාර්ථක වීම ගැන වෙළෙඳසල් හිමියා උදම් ඇනුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ ඇයි නය ගාත්තානම ගෙවන්න ඕන නැත්නම් වෙළෙදාම් කරගෙන යන්නේ කොහොමද කඩේ වහන්න තමා කොහොමත් වෙන්නේ (අ)
මුදලාලිගේ නියම මොළේ (දිල්)
ටිකිරි මොළේ(දිල්)
කොහොමත් මුදලාලිලා කපටි වැඩ දන්නවනේ...!!(දිල්)
ණයටදිමෙන් බේරෙන්න. අද මුදලට හෙට නයට යනුවෙන් විශාල දැන්වීමක් ලියා වෙළෙඳසල ඉදිරිපිට තබන්න. (අ)
නියමයි (අ)
ණයට කනවා බොනවා එත් ණය ඉල්ලුවහම මුහුණ ඇඹුල් වෙනවා.ඒ ගැන මතකත් නැහැ.(අ)
ණය ගෙවපු එක පුදුමයි. මොකද අපේ අයියලාට දැන්වීම් පුවරුවේ නම දැම්මට ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවයැ. (අ)
අපි ඔක්කොම රජවරු ඔක්කොම සිටුවරු හැබැයි තුන් සිංහලයම නය කරුවෝ.(නදී)
අද අත්පිට හෙට නයට කියා බෝර්ඩ් එකක් ගහන්න.නීච නය ලැයිස්තුවද හොඳ නමුත් සමහරු තරහ විය හැක. (අ)
මං කඩයක් දාපු දවසට '' නයට දීම අද නොවේ හෙට '' කියලයි බෝඩ් එක දමන්නේ...!! හොදයි නේද ? (නදී)
නරකමත් නැ උපාය.එත් නැවත මේ අය වෙළද සැලට එයිද කියා සැකයක් තියනවා.අපේ අය මොන දේ කරත් ඒවා තව අයෙක් දැන ගන්නවාට බොහොම අකමැතියිනේ.(දී)
ණයට ඉල්ලීමෙන් වැලකි සිටි ඔබට අපගේ ප්‍රණාමය......! (අ)
ව්‍යාපාරයක් කරන මේ හිත වතාගේ හිත හොඳ වැඩි නිසා ණයට බඩු , මුට්ටු දෙනවා , නමුත් ඒවා කලට වෙලාවට ගෙවන්නේ නැතිව කට්ටි පැන, පැන ඉන්න අයට හොඳ පාඩමක් (අ)
කපටි කම නැතිනම් වෙළදාමක් කරන්න අමාරුයි
දශක 3කත තුනකට පමණපෙර රත්මලාන ගොළුමඩම හන්දියේ මුදලාලි කෙනෙක් හිටියා . ඔහුගේ දැන්වීම මෙසේය .නීච නය ලැයිස්තුව ලබන සතියේ පිටවේ .දෙවන දැන්වීම නීච නය ලැයිස්තුව හෙට දවල් පිටවේ .තෙවන දැන්වීම නීච නය ලැයිස්තුව අද පිටවේ .අවසාන දැන්වීම මෙන්න නීච නය ලැයිස්තුව . නමුත් එහි නම් ඇති නමුත් කිසිවකුට සොයාගත නොහැක .එහි ඇත්තේ නම්වල කොටස් පමණි . (අ)
මුදලාලි හරි. එයාගේ නය සල්ලිත් ලැබෙයි. හැබැයි එයාට හතුරෝ වැඩිවෙන එක විතරයි වෙන්නේ.(නදී)