IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ණය මුදල ගනිද්දී බල්ලා අත සපා කාලා

තම මිතුරකු අතමාරුවට ඉල්ලා  ගත් ණය මුදලක් ආපසු ලබාගනු පිණිස ඔහුගේ නිවෙසට ගොස් මුදල ලබා ගැනීමට අත දිගු කරද්දී මිතුරාගේ නිවසේ ඇති කරන බල්ලෙකු පැමිණ මුදල්ද සමග මිතුරාගේ අත සපා කෑ බව කියවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

ඔවුහු ගජ මිතුරෝය. පසුගිය දිනෙක හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති වී එක් මිතුරකු එය පිරිමසා ගත්තේ අනෙක් මිතුරාගෙන් එම මුදල අතමාරුවට ඉල්ලා ගනිමිනි. දින කීපයකට පසුවත් අතමාරුවට ගත් මුදල නොලැබුණු නිසා මුදල් දුන් මිතුරා අනෙක් මිතුරා සොයාගෙන ගියේ එම මුදල් ඉල්ලා ගැනීමේ අටියෙනි.

විවේකයක් නොලද නිසා මුදල ගෙනවිත් දීම අතපසු වූ බව පැවැසූ මිතුරා නිවෙස තුළට ගොස් එම මුදල ගෙනවිත් තම මිතුරා අත තැබුවේ ඔහුට බොහෝ සේ ස්තුති කරමිනි.

කෙසේ වෙතත් මිතුරාගෙන් මුදල් අතට ගන්නවාත් සමග අතට පැන්නේ දැවැන්ත කලූ බල්ලෙකි.

මුදල් ගොන්නත් සමග මිතුරාගේ අත සපා කෑ බල්ලා යළිත් මහ හඬින් බුරන්නට වූයේ මිතුරා තව තවත් භීතියට පත් කරමිනි.

”අපේ බල්ලා කැමැති නෑ ගෙදර කිසිම දෙයක් පිට අයට දෙනවට” ඒකයි ඔය හැපුවේ යැයි මිතුරාගේ බිරිඳ ඇඟටපතට නොදැනී පැවසුවේ බල්ලා පිළිබඳ වර්ණනාවක්ද කරමිනි.

කෙසේ වෙතත් මිතුරාට මුදල් ණයට දුන් ඔහුට දැන් දින කීපයකට වරක් රෝහලට ගොස් පිස්සු බලූ රෝගය වැළක්වීමට දෙන එන්නත් ලබාගන්නට සිදුව ඇත.



අදහස් (0)

ණය මුදල ගනිද්දී බල්ලා අත සපා කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1209 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site