තම කොන්දේ ආබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් වෛද්‍යවරයකු හමුවීමට රෝහලකට ගියේය. රෝගීහු විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණ සිටියහ. තම වාරය පැමිණි පසු රෝගියා වෛද්‍යවරයා හමුවිය.

“වාඩිවෙන්න” යැයි අතින් සංඥා කළ වෛද්‍යවරයා, “මොකක්ද අමාරුව” යනුවෙන් විමසීය.
“ඩොක්ටර් මගේ කොන්ද රිදෙනවා” රෝගියා පැවසීය.
රෝගියා දෙස බැලූ වෛද්‍යවරයා, “දැන් මට කතා කළේ ඩොක්ටර් කියලනේ. එහෙනම් ලෙඩෙත් ඉංග්‍රීසියෙන්ම කියන්න” යැයි පැවසීය.
එවිට රෝගියා “මම ඉංග්‍රීසි දන්නේ නැහැනේ” යැයි පැවසූ විට වෛද්‍යවරයා කීවේ, “ඩොක්ටර් කියන්නේ ඉංග්‍රීසි වචනයක්නේ. සිංහලෙන් කියන්නේ දොස්තර මහත්තයා, එහෙම නැත්නම් වෛද්‍යතුමා කියලයි. එහෙම කතා කරලා සිංහලෙන් ලෙඬේ විස්තර කරන්න.
පුළුවන්නේ. එහෙම නේද” යනුවෙන් විමසීය.
එවිට රෝගියා, “වෛද්‍යතුමා, දැනට සති දෙකක ඉඳලා මගේ කොන්ද රිදෙනවා” යැයි පැවසීය. වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කර බෙහෙත් ලියාදුන්නේය.
“බොහොම ස්තුතියි. වෛද්‍යතුමා” යනුවෙන් පැවසූ රෝගියා පිටව ගියේ “වෙනදා නම් ඩොක්ටර් ඔහොම කතා කරලා නැහැ” යැයි තමාටම කියා ගනිමිනි.
ප්‍රාදේශීය රෝහලක සිදුවීමකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම සත්‍ය සිදුවීමක් නම්, මේ දොස්තර මාන්නේ අධික, ඒ වුනත් හීනමානය තියෙන අනුන්ව පහත් කොට සලකන මන්ද මානසිකත්වයක් තියෙන උන්මන්තකයෙක්.
මෙයාට අමතන්න තිබුණේ ලංකාවේ සම්මත ක්‍රමයට "වෙද මහත්තයෝ" කියලා, එ්ක බටහිර වෙදාලට ලොකු නම්බුවක්... ඒ මොකෝ ලක්රටේ වෙදකම අවුරුදු 5,000 කට වඩා පැරණියිනේ...
දොස්තර ඔයාට ලෙඩක් තියෙනවා. ඒකට කියන්නේ අධි මාන්නය කියලා. දරුණු ලෙඩක්. ඔයා ඉස්සෙල්ලම බෙහෙත් ගන්න, ලෙඩ්ඩුන්ට කියලා මහත්තයා කියලා කියෝගන්න ලැජ්ජා නැද්ද. ඒ මිනිස්සු එන්නේ අපහසුතාවට පත්වෙලා. එවැනි මිනිසුන් ලවා තමන්ට මහත්තයා කියලා කියාගන්න හිතෙන්නේ තමන්ගේ ඇති මානසික දුර්වලතාවයකට.