ඥාතියකු ආරූඪ වීමෙන් ආවේශ වූ ආතුරයකු මල් බුලත් තට්ටුවකට මතුරමින් සිටි කපු මහතකුට පොල් මලකින් පන්න පන්නා පහරදුන් බව කියවෙන පුවතක් වියලූවේ ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
එය වියලූවේ පිටිසර ගමකි. ගම්මුන්ට වැළදෙන බොහෝ රෝගාබාධ වලදී මේ ගම්මු නගරයේ රෝහලකට ආවේ බොහෝ කලාතුරකිනි.
ඕනෑම රෝගයක් වැළදෙන්නේ යකුන්ගෙන් බව විශ්වාස කරන ඔවුහු ගමේ අයකු රෝගී වූ විට ගුරකු ගෙන්වා නූලක් දැමීම රෝගයට නිසි ප‍්‍රතිකාරය යැයි විශ්වාස කළහ.
පසුගිය දිනෙක ගමේ තරුණයකු රෝගාතුර විය. ඔහුගේ විරෝධතාව මැද්දේම නිවසේ වැඩිහිටියෝ ගුරකු ගෙන්වා ගුරුකමක් සූදානම් කළහ.
දුම්මල තට්ටුවෙන් නඟින දුමින් ඉහ මොළ රත්වූ තරුණයා බොහෝ වේලාවක් ඉවසමින් සිටියදී ඔහුටත් නොදැකීම රතු කට්ට පැන්නේය.
උණ රෝගය පැත්තකින් තැබූ තරුණයා මල් බුලත් තට්ටුවේ තිබු පොල් මලක් අතට ගෙන ගුරාට හොඳ හැටි තැලූවේය. බැරි තැන ඔහු සරමත් ඇඳ ඇඳ කඩුල්ල පැත්තේ හිටපන් උඹට හත් වරුවක් යන්න කලින් හොද වැඩක් කරන්නම් යනුවෙන් පාරමි බාමිනි.
ගුරාටවත් ගුරාට පහරදුන් තරුණයාටත් තවමත් ඉහෙන් බහින රෝගයක් නැතැයි ප‍්‍රදේශවාසීහූ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නොපෙනෙන ලෝකය කියලා වීඩියෝ එකක් යූ ටියුබ් එකේ මම බැලුවා. ඒකේ කපුවා ගැහැණු කෙනෙකුට දෑත් බදලා පොල් මලකින් ගහනවා. පොල්මලේ කෑලි වීසි වෙනවා. ඇයට රිදුන බවක් නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒක බලනකොට නම් මොකක්හරි සත්‍යයක් තියෙනවා කියලා මටත් හිතුනා. (නි)
බොහොම හොඳයි. අන්ධ විශ්වාස වල ඉන්න අයට මේක හොඳ පාඩමක් (නි)
කපුවන්ට මානසික ගැටළුවක් තියෙනවා .ඒගොල්ල එක දන්නේ නැහැ. මේක අන්ධ විස්වාසයක් . පසුගිය කාලේ කපුවන් කරපු වැඩ පත්තරවලින් බලන්න .එතකොට තේරෙයි .(ස)
හොර කපුවෙක් වෙන්න ඇති.(දිල්)
එඩිතර තරුණයෙක් මමත් නම් ඔය වගේ විකාර වලට කැමති නැහැ (ස)
ඉස්සර මිනිස්සු අතර කතාවක් තිබුන කැපුවට හෙන හතයි කියල. ඒ මඟුල් කැපුවට. දැන් වත් ගමේ මිනිස්සුන්ගේ ඇස අැරුන නම් ලොකු දෙයක්. තරුණයාට ජය වේවා! ගමම හදපන් පුතේ. (ස)
හොද ආරම්භයක්. (ස)
නියම තරුණයෙක්! (ස)
මේවා දැන් දැන් මුළු රටේම සිදුවෙමින් යන්න පටන් අරගෙන (නි)