පසුගිය ජනාධිපතිවරණ දිනයේ කද්දුව ප්‍රදේශයේ ඡන්ද දායක පිරිසක් ඡන්දය දැමීමට යාම සඳහා තම ත්‍රිරෝද රථයට නැග්ගේ කලබලයෙනි. මව පියා දුවත් හා පුතෙක් එහි වූහ.

‘ඡන්ද කාඞ් පත් ටික ගත්තාදැයි පියා විමසූ විට බිරිඳ පුතාට කීවේ එය මේස රෙද්ද යට ඇති නිසා වහාම රැගෙන එන ලෙසටය. දිග ලියුම් කවරයක දමා තිබූ ඡන්ද කාඞ්පත් ගෙනා පසු කවරය තුළට එබී බැලූ මව “හරි යං” කීවාය.
සිවුදෙනාම ඡන්ද මධ්‍යස්ථානයට ගිය විට පෝලිම් වැට ඇතත් කිසිවකු නොවූයෙන් කඩිනමින් ඉදිරියට ගිය පියා ඡන්ද කාඞ්පත් නිලධාරියාට දුන්නේද කලබලයෙනි. එය අතට ගත් නිලධාරියා විමතියට පත්ව මේවා විදුලි බල මණ්ඩලයට ගිහින් දීලා ඡන්ද කාඞ්පත් අපට දෙන්න කීවේ සිනාසෙමිනි. ඡන්ද කාඞ්පත් වෙනුවට ඔවුන් ගෙනැවිත් තිබුණේ විදුලි බිල්පත් කිහිපයකි.
මෙය දුටු සහකාර ස්ථානාධිපතිවරයා “කාඞ් නැතිවුණාට කමක් නෑ. ඡන්දය දෙන්න පුළුවනි” කීවත් පියා සිය බිිරිඳට බැණ වදිමින් දිවගොස් ත්‍රිරෝද රථයට නැග්ගේ’ මං ඉක්මනට කාඞ් ටික අරගෙන එන්නං” කියමින්ලු.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපතිවරණයේදී විදුලි බිලෙන් ඡන්දෙ දාන්න ගිහින්