දකුණු පළාතේ අධ්‍යාපන හා විනෝද චාරිකා බස් ව්‍යාපාරයක සේවය කරන තරුණ රියැදුරෙකි. ඉතා ජැන්ඩියට හඳින පළඳින ඔහු චාරිකා ගමන්වලදී රිය පදවන්නේ ද හොඳින් හැඳ පැළඳ මනාව හිස පීරා ගැනීමෙන් පසුවය.
පසුගිය දා එබඳු චාරිකාවකදී උදේ පාන්දර මනාව සූදානම් ව තෙල් ගා හිස පීරා සිටි රියදුරා දුටු වැඩිහිටියකු තමන්ට තමාට ද හිසේ ආලේප කිරීමට පොල් තෙල් පොඞ්ඩක් ඉල්ලා සිටියේය.
ඒ වන විට උදේ කෑම කමින් සිටි ඔහු තම සේවකයාට කීවේ මගේ සීට් එකේ පැත්තක බෑග් එකේ තෙල් එකක් ඇති. ඒක මේ අංකල්ට දෙන්න කියාය.
කෑම කා අවසානයේ බසයට නගින්නට ගිය ඔහු දුටුයේ තම බසයේ ඉදිරිපස පෙට්ටියේ වූ කුඩා බ්‍රේක් ඔයිල් බෝතලයක් චාරිකාවේ නිරත අයගේ අතින් අතට යන බවය. පොල් තෙල් යැයි සිතා කීප දෙනකුම හිසේ ආලේප කර ඇත්තේ බ්‍රේක් ඔයිල් බව දුටු ඔහුට දෙවියන් සිහිවුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්රේක් ඔයිල්වල ගඳ ඕනෑම කෙනෙකුට දැනෙනවා නේද? (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඔළුවයි, නහයයි දෙකම තිබිල නැහැ මට පෙනෙන විදියට.(නදී)
දැන් පිරිමි ළමයි කොන්ඩේ හදන්න ගන්නේ එක එක ජාති වල ජෙල් වර්ග තියෙනවා.ඉතින් ඔවුන් හිතන්න ඇති ඒවගේ එකක් කියල. (ස)
මම දන්නා රියදුරු සහායකයෙක් ඉන්නවා එන්ජිමට බ්රේක් ඔයිල් දාපු. වාහන හිමිකරුට මුළු එන්ජිමම අලුත්වැඩියා කරන්න වුණා. (නි)
මටත් අතීතය මතක් වෙන සිද්දියක් මේක. එවකට තිබුන පෙට්‍රල්, භූමිතෙල් බලයෙන් වැඩකරන ටැක්ටරයක්. තරමක් නූගත් කොලුවෙක් ආසාවෙන් වාහනය පිසදානවා හෝදනවා. රියදුරු උපදෙස් දුන්නා මලේ ඕකට බොනට් එක ඇරලා රේඩියේටරයට වතුර දාපන් කියලා. වතුර පනිට්ටු කීපයක්ම ගෙනිච්ච බව දුටු රියදුරා බලන්න ආවා. අයියේ මේක දාපුවම පිරෙනවා කීවා. බලපුවම පැට්‍රල්,බූමිතෙල් ටැංකි සේරටම වතුරෙන් පුරවලා.(නදී)
නියම බේතක් තමයි මේ බ්‍රරේක් ඔයිල් කියන්නේ (නි)
බස් හදිසි අනතුරු වැඩිවෙන්න හේතුව මේකද. බ්රේක් ඔයිල් ඔලුවේ ගෑවම බ්රේක් ගහන්න අමතක වෙනවා.(නදී)
දයා ඕක උනේ දවල් ද ? (නදී)
මට හිනායන්න එනවා. (නි)
නිකන් දෙනවා නම් සබ්නුත් කනවා කියනවනේ.(නදී)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ මේවට වෙන්න ඇති නේද? (නි)
මේක කියවන කොට මට පරණ කතාවක් මතක් උනා. . මේක උනේ 1986 වගේ කාලේ කතරගම ගම් උදාව දී. මම වැඩකරපු ආයතනක සයිට් එකක් තිබුනා. එ්කේ කලේ බර උපකරණ කුලියට දීපු එක. ඉතින් රියදුරු කීපදෙනෙක් සමග වැඩ මුලික කෙනෙක් යවනවා නේ. ඉතින් ඒ දිනවල බුත්තල මාර්ගය හදනවා. එයාලා එහෙ තමා ඉන්නේ වැසිකිලි නැහැ. තාවකාලික ඒවා තමා. දිනක් පාන්දර 5 ට වගේ අපේ වැඩ මුලිකට යන්න ඕනේ වෙලා. රියදුරු මහතෙක්ට කියලා වතුර එකක් ගේන්න කියලා. එයාල වතුර තියා ගත්තේ හිස් තෙල් බුලි වල දන්නවා ඇතිනේ. ලීටර 5 හේ සුදු ඒවා. ඉතින් මේ මනුස්සයත් ගෙනත් දුන්න වැරදිලා තෙල් බුලියක් වතුර කියලා. කරුවල නිසා වැඩ මුලිකත් එ්ක පාවිච්චි කලා. දැන් ඔහු ඉන්නේ ඉතාලි රටේ තාමත් හමු උනාම අපි ඒ ගැන මතක් කරලා හිනා වෙනවා (නදී)
අනේ මන්දා මිනිස්සුන්ටත් හැදිලා තියෙන පිස්සුවක්? (නි)