IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ජේත්තුවෙන්න ගිහින් අපූරු තෙලක් ගාලා

දකුණු පළාතේ අධ්‍යාපන හා විනෝද චාරිකා බස් ව්‍යාපාරයක සේවය කරන තරුණ රියැදුරෙකි. ඉතා ජැන්ඩියට හඳින පළඳින ඔහු චාරිකා ගමන්වලදී රිය පදවන්නේ ද හොඳින් හැඳ පැළඳ මනාව හිස පීරා ගැනීමෙන් පසුවය.

පසුගිය දා එබඳු චාරිකාවකදී උදේ පාන්දර මනාව සූදානම් ව තෙල් ගා හිස පීරා සිටි රියදුරා දුටු වැඩිහිටියකු තමන්ට තමාට ද හිසේ ආලේප කිරීමට පොල් තෙල් පොඞ්ඩක් ඉල්ලා සිටියේය.

ඒ වන විට උදේ කෑම කමින් සිටි ඔහු තම සේවකයාට කීවේ මගේ සීට් එකේ පැත්තක බෑග් එකේ තෙල් එකක් ඇති. ඒක මේ අංකල්ට දෙන්න කියාය.

කෑම කා අවසානයේ බසයට නගින්නට ගිය ඔහු දුටුයේ තම බසයේ ඉදිරිපස පෙට්ටියේ වූ කුඩා බ්‍රේක් ඔයිල් බෝතලයක් චාරිකාවේ නිරත අයගේ අතින් අතට යන බවය. පොල් තෙල් යැයි සිතා කීප දෙනකුම හිසේ ආලේප කර ඇත්තේ බ්‍රේක් ඔයිල් බව දුටු ඔහුට දෙවියන් සිහිවුණාලූ.



අදහස් (0)

ජේත්තුවෙන්න ගිහින් අපූරු තෙලක් ගාලා

කුමාර Monday, 19 May 2014 10:23 AM

බ්‍රේක් ඔයිල්වල ගඳ ඕනෑම කෙනෙකුට දැනෙනවා නේද? (නදී)

:       0       0

දයාන් Monday, 19 May 2014 05:14 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කුමාරි Monday, 19 May 2014 10:38 AM

ඔළුවයි, නහයයි දෙකම තිබිල නැහැ මට පෙනෙන විදියට.(නදී)

:       0       0

අශෝකා Tuesday, 20 May 2014 02:10 AM

දැන් පිරිමි ළමයි කොන්ඩේ හදන්න ගන්නේ එක එක ජාති වල ජෙල් වර්ග තියෙනවා.ඉතින් ඔවුන් හිතන්න ඇති ඒවගේ එකක් කියල. (ස)

:       0       0

සුමනසේකර Monday, 19 May 2014 11:01 AM

මම දන්නා රියදුරු සහායකයෙක් ඉන්නවා එන්ජිමට බ්රේක් ඔයිල් දාපු. වාහන හිමිකරුට මුළු එන්ජිමම අලුත්වැඩියා කරන්න වුණා. (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 19 May 2014 11:37 AM

මටත් අතීතය මතක් වෙන සිද්දියක් මේක. එවකට තිබුන පෙට්‍රල්, භූමිතෙල් බලයෙන් වැඩකරන ටැක්ටරයක්. තරමක් නූගත් කොලුවෙක් ආසාවෙන් වාහනය පිසදානවා හෝදනවා. රියදුරු උපදෙස් දුන්නා මලේ ඕකට බොනට් එක ඇරලා රේඩියේටරයට වතුර දාපන් කියලා. වතුර පනිට්ටු කීපයක්ම ගෙනිච්ච බව දුටු රියදුරා බලන්න ආවා. අයියේ මේක දාපුවම පිරෙනවා කීවා. බලපුවම පැට්‍රල්,බූමිතෙල් ටැංකි සේරටම වතුරෙන් පුරවලා.(නදී)

:       0       0

සන්ජය Wednesday, 21 May 2014 06:20 PM

නියම බේතක් තමයි මේ බ්‍රරේක් ඔයිල් කියන්නේ (නි)

:       0       0

සරත් බංඩාර Tuesday, 20 May 2014 03:02 PM

බස් හදිසි අනතුරු වැඩිවෙන්න හේතුව මේකද. බ්රේක් ඔයිල් ඔලුවේ ගෑවම බ්රේක් ගහන්න අමතක වෙනවා.(නදී)

:       0       0

චන්ඩි Monday, 19 May 2014 12:42 PM

දයා ඕක උනේ දවල් ද ? (නදී)

:       0       0

නයනකාන්ත Monday, 19 May 2014 07:14 PM

මට හිනායන්න එනවා. (නි)

:       0       0

කලීල් Monday, 19 May 2014 02:01 PM

නිකන් දෙනවා නම් සබ්නුත් කනවා කියනවනේ.(නදී)

:       0       0

පහන්දී Tuesday, 20 May 2014 05:12 PM

කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ මේවට වෙන්න ඇති නේද? (නි)

:       0       0

ලියනගේ Monday, 19 May 2014 03:59 PM

මේක කියවන කොට මට පරණ කතාවක් මතක් උනා. . මේක උනේ 1986 වගේ කාලේ කතරගම ගම් උදාව දී. මම වැඩකරපු ආයතනක සයිට් එකක් තිබුනා. එ්කේ කලේ බර උපකරණ කුලියට දීපු එක. ඉතින් රියදුරු කීපදෙනෙක් සමග වැඩ මුලික කෙනෙක් යවනවා නේ. ඉතින් ඒ දිනවල බුත්තල මාර්ගය හදනවා. එයාලා එහෙ තමා ඉන්නේ වැසිකිලි නැහැ. තාවකාලික ඒවා තමා. දිනක් පාන්දර 5 ට වගේ අපේ වැඩ මුලිකට යන්න ඕනේ වෙලා. රියදුරු මහතෙක්ට කියලා වතුර එකක් ගේන්න කියලා. එයාල වතුර තියා ගත්තේ හිස් තෙල් බුලි වල දන්නවා ඇතිනේ. ලීටර 5 හේ සුදු ඒවා. ඉතින් මේ මනුස්සයත් ගෙනත් දුන්න වැරදිලා තෙල් බුලියක් වතුර කියලා. කරුවල නිසා වැඩ මුලිකත් එ්ක පාවිච්චි කලා. දැන් ඔහු ඉන්නේ ඉතාලි රටේ තාමත් හමු උනාම අපි ඒ ගැන මතක් කරලා හිනා වෙනවා (නදී)

:       0       0

නෙත්මි Tuesday, 20 May 2014 06:43 PM

අනේ මන්දා මිනිස්සුන්ටත් හැදිලා තියෙන පිස්සුවක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 619 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site