පළාත් සභා මැතිවරණයේදී අසන්නට ලැබුණු අපූරු සිදුවීමකි මේ,
මෙම ඡන්දදායකයාගේ අභිමතය වූයේ තම ප‍්‍රදේශයට උදව් කරන විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකුට තම මනාපය ලබාදීමටය. මේ අතර ගමට පැමිණි තවත් පක්‍ෂයක අපේක්‍ෂිකාවකි. ඇයගේ හැඟුම්බර කතාවට අප ඡන්දදායකයාගේ නෙතගට කඳුළු ද ඉනීය. මැතිවරණ දිනයේදී ඔහු තම චන්දය ප‍්‍රකාශ කොට තම සේවා ස්ථානයට පැමිණ සේවයේ යෙදෙන්නට විය. මිතුරන් ඔහුව වටකරගෙන ඡන්දය දුන්නේ කාටදැයි විමසූහ.
‘‘මම ඇත්තම කියන්නම්. මම මනාප දුන්නේ දෙන්නටයි. විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂක මහත්තයෙක් අපට ඒ කාලේ ඉඳන්ම උදව් කරනවානේ. ඒ හින්දා එයාගේ අංකෙට කතිරයක් ගැහුවා. තවත් පක්ෂෙක නෝනා කෙනෙක් අපේ වත්ත පැත්තේ ආවානේ. එයාගේ කතාවට මට හරියට දුක හිතුණා. මම එයාටත් මනාපයක් ගැහුවා” ඔහු පැවැසීය.
මිතුරන් උඩබිම බැලූහ. එක් මිතුරෙක් ඔහු අමතා.
”උඹ මනාපෙ ගහලා තියෙන්නේ පක්‍ෂ දෙකක දෙන්නෙකුටනේ. ‘‘එහෙම කොහොමද ගහන්නේ?” යනුවෙන් ඇසීය. ”හොඳයි උඹ කතිරෙ ගහපු පක්ෂේ ලකුණ මොකක්ද? අලිය ද බුලත් කොළේ ද සීනුව ද නැත්නම් ගිනි සිළුව ද යනුවෙන් තවත් මිතුරෙක් විමසීය. එවිට ඡන්දය ප‍්‍රකාශ කර පැමිණි මිතුරා පැවසුවේ මම ඒවට ගැහුවේ නැහැ. මම කතිරෙ ගැහුවේ මම කැමති දෙන්නට විතරයි” යනුවෙනි. ”ඒකත් එහෙනම් ප‍්‍රතික්ෂේපිත ඡන්දයක්’’ මිතුරෙක් පවසද්දී සියල්ලෝම සිනාසෙන්නට පටන් ගත්හ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඡන්දය දා මනාපය පක්‍ෂ දෙකකට දීලා