(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
එක්තරා පක්ෂයක ආධාරකරුවෝ පිරිසක් අත් පති‍්‍රකාද රැගෙන ගෙන් ගෙට පා ගමනින් ගියහ. ඔවුහු ප‍්‍රදේශයේ සුනාමි නිවාස ඉදිකළ ගම්මානයකට පැමිණියහ. එහි නිවැසියන් පිරිසක් කෑ මොර දෙනු ඇසී පැමිණි කාරණය මදකට අමතක කොට පිරිස ඒ ගැන විමසිලිමත්වන්නට විය. කෑගැසූ පිරිසගේ නිවසට විශාල සර්පයකු ඇදෙනු දුටු බවත් ඒ නිසා ඔවුන් බියපත්ව සිටින අයුරුත් ඡන්ද පති‍්‍රකා බෙදමින් පැමිණි පිරිසට අවබෝධ විය.
එහි කණ්ඩායම් නායකයාගේ විධානයට අනුව ලී කැබලි අතට ගත් තරුණ පිරිස සර්පයා සොයන්නට පටන් ගත්හ. අසළ තිබූ ලී දර කොටන් තොගයක් එතැනින් පැත්තකට ඇද බැලූ විට තරමක් විශාල පොළඟකු සිටිනු දුටුවේය.
පොළඟා අල්ලා ගත් පිරිස පොළඟා නොමරා මල්ලකට දමාගෙන යාබද වන ලැහැබකට අත් ඇරියහ. යළිත් ඡන්ද පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස සර්පයා සිටි නිවස අසළට පැමිණියහ. ඔවුන්ගේ ඊළඟ පියවර වූයේ තම පක්ෂය දිනවීම සඳහා නිවැසියන් හමුවී අත් පති‍්‍රකා බෙදීමය.
සර්පයා කැලයට අත්හැර පිරිස ආපසු එනතුරු ගෙදර සිටි අය පෙරමග බලා සිටියහ. දරුවන් කීප දෙනෙකු පාරේ සිටි අතර වැඩිහිටියෝ ගෙයි එළිපත්ත මත බලා සිටියහ. දරුවන් කතා බහ කළේ එම අවස්ථාවේදීය.
”පොළඟා අල්ලලා දුන්නාට අපි නම් ඔයාලට ඡන්දේ දෙන්නේ නැහැ.” යැයි කීමෙන් අත්පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස පුදුමයට පත්වූහ.
මේක ඒ ගෙදර මහවුන්ගේ අදහසක්. එයාලා අනිත් පක්ෂයට වැඩ. අපි ඒ ගෙදරින් ඡන්දේ ඉල්ලූවෙත් නැහැනෙ. උපකාරයක් කරලා අපට ලැබුණ පිළිතුර යැයි පති‍්‍රකා බෙදීමේ ගමනට එක්වූ පිරිස ප‍්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැතුම්, අමතක කරන්න එපා අනිත් පැති වලට වඩා තවමත් එහි මිනිසුන් කරුණා ගුණයෙන් ඉහළින් ඉන්නේ කියලා (නි)
පැතුම්, කවද ඉදන්ද ඔහේ පේන කියන්න ඉගෙන ගත්තේ. (ම)
මේ හොඳ කණ්ඩායම කුමන ලාංඡනයේ අයද දන්නෙ නැහැ (නි)
වැඩිහිටියන්ට තිබුණ පක්ෂය අමතක කරලා අඩුම තරමින් ඒ අය කරපු දෙයට ස්තුති කරන්න.. අපේ සමහර අය කලගුණ සලකන්නේ මේ විදිහට නේද? (ම)
මහා ගුණමකු බයියෝ ඉන්න ගෙදරක් ...නැත්නම් මුනටම මෙහෙම කියනවයි ..(අ)
දේශපාලන වශයෙන් අසරණ වෙන සමහර දේශපාලුවෝ එක එක සතා පිට උඩින් බලයට එන්න හදනවා. (හේ)
80 දශකයේ මැතිවරණ සමයක හොරණ ආසන්න අතුරු පාරක ලංගම විධායක නිලධාරියෙකු ගෙදරට ගෙනගොස් බැස්ස වීමට ගිය "පාස් බස් " එකක් වෙලකට පෙරලුනා. මේ සිද්ධිය ඉහල නිලධාරීන් දැන ගැනීමට පෙර ලංගම දොඹකරයක් සොයා සියලුදෙනාම ගියා. ටිකකින් එතනින් යන්න ආපු ඡන්ද අපේක්ෂකයෙක් හා ඔහුගේ සහචරයින් විශාල කණ්ඩායමක් මෙය දැකලා තමන් මහජන දේපොළ වලට සලකන හැටි පෙන්වන්න මේ බසය (දොර දෙකේ ලේලන්ඩ් එකක් ) අතින් ඔසොවලා පාරට අරන් දුන්නා . (බ)
මහා පුදුම මිනිස්සු කට්ටියක් වෙන්න ඕනෑ. ඔය වගේ අය ඡන්දෙ දෙන්නෙත්, ඒවගේම අයට මිසක් හොඳ මනුස්සයෙකුට නොවෙයි. (නි)
මේක සුවර් එකටම වෙන්න ඇත්තේ බෙන්තර ගඟෙන් එහාපැත්තෙ. මොකද ඒ මිනිස්සු තමයි කළගුණ ඉක්මනින් අමතක කරන්නේ (නදී)
මේක ඉතින් ලංකාවනේ! (නි)