(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
එක්තරා පක්ෂයක ආධාරකරුවෝ පිරිසක් අත් පති‍්‍රකාද රැගෙන ගෙන් ගෙට පා ගමනින් ගියහ. ඔවුහු ප‍්‍රදේශයේ සුනාමි නිවාස ඉදිකළ ගම්මානයකට පැමිණියහ. එහි නිවැසියන් පිරිසක් කෑ මොර දෙනු ඇසී පැමිණි කාරණය මදකට අමතක කොට පිරිස ඒ ගැන විමසිලිමත්වන්නට විය. කෑගැසූ පිරිසගේ නිවසට විශාල සර්පයකු ඇදෙනු දුටු බවත් ඒ නිසා ඔවුන් බියපත්ව සිටින අයුරුත් ඡන්ද පති‍්‍රකා බෙදමින් පැමිණි පිරිසට අවබෝධ විය.
එහි කණ්ඩායම් නායකයාගේ විධානයට අනුව ලී කැබලි අතට ගත් තරුණ පිරිස සර්පයා සොයන්නට පටන් ගත්හ. අසළ තිබූ ලී දර කොටන් තොගයක් එතැනින් පැත්තකට ඇද බැලූ විට තරමක් විශාල පොළඟකු සිටිනු දුටුවේය.
පොළඟා අල්ලා ගත් පිරිස පොළඟා නොමරා මල්ලකට දමාගෙන යාබද වන ලැහැබකට අත් ඇරියහ. යළිත් ඡන්ද පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස සර්පයා සිටි නිවස අසළට පැමිණියහ. ඔවුන්ගේ ඊළඟ පියවර වූයේ තම පක්ෂය දිනවීම සඳහා නිවැසියන් හමුවී අත් පති‍්‍රකා බෙදීමය.
සර්පයා කැලයට අත්හැර පිරිස ආපසු එනතුරු ගෙදර සිටි අය පෙරමග බලා සිටියහ. දරුවන් කීප දෙනෙකු පාරේ සිටි අතර වැඩිහිටියෝ ගෙයි එළිපත්ත මත බලා සිටියහ. දරුවන් කතා බහ කළේ එම අවස්ථාවේදීය.
”පොළඟා අල්ලලා දුන්නාට අපි නම් ඔයාලට ඡන්දේ දෙන්නේ නැහැ.” යැයි කීමෙන් අත්පති‍්‍රකා බෙදමින් ගමන් කළ පිරිස පුදුමයට පත්වූහ.
මේක ඒ ගෙදර මහවුන්ගේ අදහසක්. එයාලා අනිත් පක්ෂයට වැඩ. අපි ඒ ගෙදරින් ඡන්දේ ඉල්ලූවෙත් නැහැනෙ. උපකාරයක් කරලා අපට ලැබුණ පිළිතුර යැයි පති‍්‍රකා බෙදීමේ ගමනට එක්වූ පිරිස ප‍්‍රකාශ කළහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඡන්දය ගන්න පොළඟකුත් අල්ලලා
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 21 July 2015 07:32 AM
පැතුම්, අමතක කරන්න එපා අනිත් පැති වලට වඩා තවමත් එහි මිනිසුන් කරුණා ගුණයෙන් ඉහළින් ඉන්නේ කියලා (නි)
අජිත් Tuesday, 21 July 2015 11:28 AM
පැතුම්, කවද ඉදන්ද ඔහේ පේන කියන්න ඉගෙන ගත්තේ. (ම)
කුරුප්පු Monday, 20 July 2015 01:59 PM
මේ හොඳ කණ්ඩායම කුමන ලාංඡනයේ අයද දන්නෙ නැහැ (නි)
රෙජි-සිඩ්නි Monday, 20 July 2015 06:09 AM
වැඩිහිටියන්ට තිබුණ පක්ෂය අමතක කරලා අඩුම තරමින් ඒ අය කරපු දෙයට ස්තුති කරන්න.. අපේ සමහර අය කලගුණ සලකන්නේ මේ විදිහට නේද? (ම)
බණ්ඩා Tuesday, 21 July 2015 01:20 PM
මහා ගුණමකු බයියෝ ඉන්න ගෙදරක් ...නැත්නම් මුනටම මෙහෙම කියනවයි ..(අ)
නන්දලාල් Wednesday, 22 July 2015 12:51 PM
දේශපාලන වශයෙන් අසරණ වෙන සමහර දේශපාලුවෝ එක එක සතා පිට උඩින් බලයට එන්න හදනවා. (හේ)
සෑම් Monday, 20 July 2015 07:27 AM
80 දශකයේ මැතිවරණ සමයක හොරණ ආසන්න අතුරු පාරක ලංගම විධායක නිලධාරියෙකු ගෙදරට ගෙනගොස් බැස්ස වීමට ගිය "පාස් බස් " එකක් වෙලකට පෙරලුනා. මේ සිද්ධිය ඉහල නිලධාරීන් දැන ගැනීමට පෙර ලංගම දොඹකරයක් සොයා සියලුදෙනාම ගියා. ටිකකින් එතනින් යන්න ආපු ඡන්ද අපේක්ෂකයෙක් හා ඔහුගේ සහචරයින් විශාල කණ්ඩායමක් මෙය දැකලා තමන් මහජන දේපොළ වලට සලකන හැටි පෙන්වන්න මේ බසය (දොර දෙකේ ලේලන්ඩ් එකක් ) අතින් ඔසොවලා පාරට අරන් දුන්නා . (බ)
චාමික Tuesday, 21 July 2015 12:58 AM
මහා පුදුම මිනිස්සු කට්ටියක් වෙන්න ඕනෑ. ඔය වගේ අය ඡන්දෙ දෙන්නෙත්, ඒවගේම අයට මිසක් හොඳ මනුස්සයෙකුට නොවෙයි. (නි)
හප්පාවන පැතුම් Tuesday, 21 July 2015 07:03 AM
මේක සුවර් එකටම වෙන්න ඇත්තේ බෙන්තර ගඟෙන් එහාපැත්තෙ. මොකද ඒ මිනිස්සු තමයි කළගුණ ඉක්මනින් අමතක කරන්නේ (නදී)
ලංකා Wednesday, 22 July 2015 12:19 AM
මේක ඉතින් ලංකාවනේ! (නි)