සබරගමුව පළාතේ පිටිසර ගම්මානයක ජීවත්වූ මේ ඡන්ද දායකයා කුඩා කාලයේ සිට ඉගෙනීමට කැමැත්තක් නොදක්වා පාසලෙන් කට්ටිපැන ගිය අයෙකි. වියපත් වුවද අකුරු කියවීම ලිවීම නොදත් ඔහු මේ දක්වා පැවති කිසිම මැතිවරණයකදී ඡන්දය භාවිත කළේද නැත.
එහෙත් පසුගියදා තම නිවසේ නැවතීමට ආ ඥාති බෑණා කෙනකු කිසියම් දේශපාලන පක්ෂයකට තදින් වැඩ කළ නිසා ඔහුගේ උපදෙස් පරිදි ඡන්දය දැමීමට ගියේය.
ආපසු නිවසට පැමිණි පසු ඡන්දය දැමීම හරියට කළා දැයි බෑණා විමසූවිට ඔහු කීවේ ”මගේ අයිඩින්ටි එක බලල ඡන්ද කොළේ දීපු ගමන් නෝන කෙනෙක් ඇඟිල්ලෙ තීන්ත ගෑව. ඉතින් පුරුදු විදියට මම බෑණ කියපු ලකුණ ඉස්සරහ මගේ ඇඟිලි අස්සන ගැහුවා” කියාය.
කලබලයට පත් බෑණා මේ පිළිබඳව මැතිවරණ නිලධාරියකුගෙන් විමසූ විට ඇඟිලි ලකුණු හරි හරියට කොටුවෙ තිබ්බ නම් ඒක වලංගුයි කීවිට ඔහුට කිසියම් සතුටක් දැනුණලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි! (නි)
බැණාගෙ කීමට හෝ වේවා එතුමා සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිසිලෙස පාවිච්චි කිරීම ඉතා අගයකොට සැළකිය යුතුය. (නි)