හම්බන්තොට ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී කාන්තා වැසිකිළියකට නොදැනුවත්කමින් හදිසියට ගිය ඡුන්ද ගණන් කිරීමේ නිලධාරියකුට සිය අවශ්‍යතාව ඉටුකර දොර ඇරගෙන එළියට පැමිණි පසු කාන්තාවන් එහි සිටිනු දැක දෙලොව රත්වීය.
වටපිට බලා හෙමින් සීරුවේ එළියට පැමිණි ඔහු දොරේ ගසා ඇති කාන්තා වැසිකිළිය යන නාම පුවරුව දැක නිලධාරියා එතනින් මාරු වූයේ ලජ්ජා සහගත විලාසයෙනි.
කාන්තා වැසිකිළියේ දොර තරමක් අඩවල් වී තිබිණි. ඉහළ මාලයේ සිට වේගයෙන් පැමිණි ටයි පැළද ගත් මහත්තයෙක් එක්වරම කාන්තා වැසිකිළිය තුළට ගියේය. ටික වේලාවක් ගතවිය. මහත්තයා එළියට පැමිණියේ ද නැත. තවත් කාන්තාවන් තිදෙනෙක් සිය අවශ්‍යතාවයන් සඳහා වැසිකිළියට ගියෝය.
ප‍්‍රධාන දොරෙන් ඇතුළු වූ පසු වැසිකිළි කිහිපයක් මෙහි තිබේ. එක් වැසිකිළියක් වසා තිබෙන නිසා අනෙක් වැසිකිලිවලට කාන්තාවන් ගොස් එළියට පැමිණිය ද මහත්තයා තවමත් පැමිණියේ නැත. තවත් කාන්තාවන් කිහිප දෙනෙක්ම ප‍්‍රධාන දොරෙන් වැසිකිළියට ගිය අතර එක්වරම ඇතුළේ සිටි මහත්තයා දොර ඇර එළියට බසින විට දෙවියන් සිහිවුණි. දඩි බිඩි ගා ගෙන ප‍්‍රධාන දොරෙන් එළියට පැමිණි ඔහු නාම පුවරුව හිමින් සීරුවේ කියවා යළි උඩු මහළට ගියේ ආපස්ස නොබලාමය.
මේ සියල්ල හොඳින් මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය කර ගැනීමට හැකි වූයේ මැතිවරණ කටයුතු වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට කාන්තා වැසිකිළිය ඉදිරිපිටම මාධ්‍ය කුටිය තනා තිබීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා වෙන්න දෙයක් නැහැ. ඕක කවුරුත් නොකරන දෙයක් නම් තමයි ලජ්ජා වෙන්න ඕනි. අනික හදිසි වුනාම සුදු කළු බලන්න වෙලාවක් නැහැ.(නදී)
හදිස්සියට පවු නෑ (ම)
දවස් දෙකක් විතර රෑ තිස්සේ නිදිමරාගෙන කරන රාජකාරියක් නිසා නිදිමතටයි හදිසියටයි ඔය වගේ දෙයක් වෙන එක සාමාන්‍ය දෙයක් නේද?(හේ)
මේ වගේ දේවල් හදිසියට සිද්ධ වෙනවා.(හේ)
මේ වගේ දේවල්වලදී මාධ්‍යවෙදීන්ට අපහස කරන්න එපා. (අ)
ඕක පුදුමයක් නෙවෙයිනේ ඔය පුරවරයේ බවලතුන් සම්බන්ධ අලකලංචි නැති තැනක් තියනවාද ? අඩු ගානේ ඒ ගොල්ලන්ට අදාළ වැසිකිලියක් නිසා හරි ජංජාලයක් වෙනවා. (නදී)
මාධ්‍යවේදීන්ට නියම තැන ලබා දී ඇත. (ම)
පශ්චාත් මැතිවරණ වාර්තා.....කදිමයි (අ)
වාර්තාව: විශේෂ වැසිකිලි වාර්තාකරු මැතිවරණ 2015 විසිනි (බ)
ඔහොම වෙනවා ඔලුවේ එකක් තියාගෙනනේ යන්නේ .ඒවා ගනන්ගන්න එපා (බ)
ඔයවාගේ වැරදි කාටද සිද්ද වෙන්නේ නැත්තේ නේද? අනික ඔය වාගේ දේවල් වැඩි වෙලා තද කර ගෙන ඉන්න බැහැනේ.(ම)
හදිසියට මේවගේ අතපසුවීම් කාටත් වෙන්න පුළුවන් සමහරු හදිසියට කෝච්චියේ කාන්තාවන්ට පමණි කියල ගහල තියන පෙට්ටි වලත් නැගපු අවස්ථා ඕන තරම් තියෙන්නේ (අ)
මාධ්‍යවේදීන්ට සලකා ඇති ආකාරය පිළිබඳව මගේ බලවත් කණගාටුව!(නදී)
වැරදිනම් කාටත් වෙනවා මෙතන තියෙන ප්‍රස්නේ අකුරු කියවගන්න බැරි නිලදාරීන් මැතිවරණ කටයුතු වලට යොදාගැනීමයි (ම)